(කාංචන කුමාර ආරියදාස)
මිනිස් පරිභෝජනයට නුසුදුසු බව කියන ආනයනික බී ලූනු සහ අර්ථාපල් තොගයක් සිය බාරයට ගත් බව දඹුල්ල සෞඛ්‍ය අංශ පවසයි.
යුක්තිය මෙහෙයුමට සමගාමවීම පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක් දී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබද ගබඩාවල තිබී මෙම ලූනු සහ අල තොගය සොයාගෙන ඇත.
පසුව පොලිසිය දඹුල්ල මහ නගර සභා සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂක යොයාන් අබේවික්‍රම මහතා ඇතුළු කණ්ඩායමක් පැමිණ එම ගබඩා පරික්ෂාවට ලක් කළේය.
පොලිස් බාරයට ගත් පැළවී ඇති අර්තාපල් අල සහ ලොකු ලූනු තොග සීල් තබා ඒවායේ කොටස් රස පරීක්ෂකවරයා වෙත යවා පරිභෝජනයට සුදුසු තත්ත්වයේ පවතීදැයි සොයා බැලීමට අවශ්‍ය පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සඳහන් කළේය.
පැළවී කොළපැහැගැන්වී ඇති අර්ථාපල් අල පිළිකාකාරක සහිත අර්තාපල් අල බවත් ඒවා අනුභව කිරීම සිදු නොකළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂක යොහාන් අබේවික්‍රම මහතා කියා සිටියේය.
විදේශ රට වලින් අර්ථ අපල් අල සහ ලොකු ලූණු ගෙන්වන ගබඩා සංකීර්ණ මෙන්ම කන්ටේනර් රථයක් පරික්ෂා කිරීමේ මෙහෙයුමක් දඹුල්ල මූලස්ථාන පොලිසිය දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව දඹුල්ල නගර ආසන්නයේ අද පෙරවරුවේ සිදු කළේය.
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කන්න හොඳ නැති අල සහ ලූනු දඹුල්ලෙන් සොයාගනී
චාන්දනී Tuesday, 02 January 2024 03:32 PM
ඉතින් ඔය නගර සභාවට බැරිද ඔය අල ලූනු සිටුවීමට කටයුතු කරන්න. එහෙම වුනොත් හොද වගාවක් කරන්න පුළුවන්. ඕවා විනාශ කලා කියලා ප්‍රතිඵලයක් නැහැ .එහෙම බැරිනම් කෘෂිකර්ම හෝ ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවීන්ට වගාව බෙදාහැරීම කරන්න පැලවුනු අර්තාපල් වලින් අස්වැන්න ගන්න පුළුවන්
Kumar Tuesday, 02 January 2024 10:30 PM
කැලිෆෝනියාවේ, පැළ වූ ළූණු අනුභව කිරීම සුදුසු යැයි විශ්වාස කෙරේ. පැළවෙන ළූණු අපිම කනවා. කෙසේ වෙතත්, අර්තාපල් සම්බන්ධයෙන් ගත් කල, ඒවා සමට යටින් කොළ පැහැති නම්, එම අර්තාපල් ඉවත් කරනු ලැබේ. ඒවා විෂ සහිත යැයි සැලකේ.
Nandana Wednesday, 03 January 2024 10:22 AM
ඔව කුනුවෙලා විනාස වෙන එකම හොදයි.