
(හේමන්ත ද සිල්වා, සුසිල් ප්රියන්ත සහ තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම ඓතිහාසික කන්දේ විහාරයේදී අලියකු පහරදීමෙන් සංචාරක මඟ පෙන්වන්නකු අද ( 26) දහවල් මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අහුංගල්ල මිද්දරමුල්ලේ පදිංචි පේයාහන්දි ප්රියශාන් සිල්වා නමැති 34 හැවිරිදි අයෙකි.
අහුංගල්ලේ ප්රකට සංචාරක හෝටලයක නැවතී සිටි විදෙස් සංචාරකයන් දෙදෙනකු සමග වෑන් රථයකින් මෙම සංචාරක මඟ පෙන්වන්නා අද දහවල් ( 26 ) අලුත්ගම ඓතිහාසික කන්ද විහාරයට ගොස් තිබේ.
එහිදී කන්දේ විහාරයේ කුමාරි නමැති ඇතින්නට සංචාරකයන් දෙදෙනා සමඟ කොමඩු වැනි පලතුරු කෑමට ලබා දී තිබේ.
එහිදී මෙම ඇතින්න සංචාරක මඟපෙන්වන්නාට පහරදී ඇති බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd