කිලිනොච්චිය ඇතුළු උතුරේ කඳවුරු පිහිටි සාමාන්‍ය වැසියන්ගේ ඉඩම් මුල් පදිංචිකරුවනට භාර දෙන ලෙස බල කරමින් දෙමළ ජාතික සන්ධානය කිලිනොච්චි නගරයේ අද උද්ඝෝෂණයක් පැවැත්වීය.
සාමාන්‍ය වැසියනට ආරක්ෂක වෙතින් එල්ල වෙතියි කියන බාධා අවසන් කරන ලෙස ද දෙමළ ජාතික සන්ධානය කියයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන්, උතුරු පළාත් මන්ත්‍රී එම් කේ ශිවාජලිංගම්, උතුරු පළාත් අධ්‍යාපන ඇමැති පී කුරුකුල රාජා, කෘෂිකර්ම ඇමැති පී අයිදරනේෂන් මහත්වරු ද විරෝධයට එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයනි, දැන්වත් දේශපාලන බල ලෝභය අත්හැරැ රට ගැන සිතවු. ඒකීය බව කියමින් මේ සිදුවන්නේ අනාගත සිංහලයාට බිම් අඟලක් හෝ ඉතිරි නොවීමයි. (ස)
කඳවුර බිම දෙන්න කියන අය පොඩ්ඩක් හිතුවද එහෙම දුන්නොත් වෙන දේ ..බෝම්බ පුරවාගත් ලොරි දෙක තුනක් ළඟ ළඟ පුපුරද්දී , දවස ගානේ මිනිස්සු බුරුතු පිටින් මැරෙද්දී තේරෙයි මොකද්ද වුනේ කියල ත්‍රස්තවාදීන් බලන් ඉන්නේ රට කැලි කරන්න අවස්ථාවක් එනකන් .රටේ සිටින දමිළ අයටත් සිංහල අයටත් හොදින් ඉගෙන ගත්තොත් රටේ ඔනෑම තනතුරක් දරන්න පුළුවන් රටේ ඕනෑම තැනක ගෙයක් හදාගෙන සතුටින් සාමයෙන් ඉන්නත් පුළුවන් මීට වඩා වෙන මොන නිදහසක්ද? දමිළ මිතුරෝ මටත් ඉන්නව රගුත් මගේ හොඳ යාලුවෙක් අපි ළඟ ජාතිබේද නැ. (ස)
සාමාන්‍ය වැසියන්ට අයිති ඉඩම් නම් ඒ අයට දුන්නම මොකද්ද තියෙන ප්‍රශ්නය?(දිල්)
අපිටත් තියෙනව ඉල්ල්ලීමක්, උතුරෙන් පන්නපු සිංහල හා මුස්ලිම් පවුල් වලට හිටපු තැන්වලම පදිංචි වෙන්න දෙන්න කියන එක. දෙමළ සන්ධානෙ එකට කැමති වෙයිද? කවදාවත් නෑ. අනිත් එක රටේ ආරක්ශාවට ගන්න ඕනෙ තීරන අනිවාරයෙන්ම ගන්න ඕනෙ, ඒක මොඩිටවත්, ඔබාමටවත්, ටී.එන්.ඒ. එකටවත් පාලනය කරන්න දෙන්න බෑ. (ස)
ප්‍රභාකරන්ගෙන් නම් ඕව ඉල්ලන ගියේ නෑ.. (ස)
පද්මිණි මාත් කැමති හැමෝම සමගියෙන් ඉන්නවා නම් තමයි. (ස)
කොටි නායකයො සමාන්‍ය ජනතාව පලාතකටවත් එන්න නොදී ඉඩ කඩම් අල්ලගෙන හිටපු කාලේ ඕවා නැහැ නේද? මෙයාලගෙ බලාපොරොත්තුව අායිත් එහෙම කරගෙන වැජඹෙන්න. සාමාන්‍ය මිනිස්සු ගැන අනුකම්පාවක් නෙවෙයි. (ස)
මට කියල බිම් අඟලක් නැහැ. මමත් උද්ඝෝෂණය කරන්න ඕනේ. කව්ද එන්නේ?(දිල්)
නිමල් ලාලිත, මේ වෙලාවේ විපක්ෂය බලන්නේ එකෙන් කොහොමද ආණ්ඩුව පෙරලන්න උදව්වක් කරගන්නේ කියලයි. කලින් උනත් රටගැන හිතල වැඩ කරනම්, කතා කරනම් යුද්ධෙන් පස්සේ අපේ රටට මෙහෙම වෙන්නේ නැහැ.(දිල්)
මෙවැනි ඉඩම් ප්‍රශ්න උතුරට සිමා වෙච්ච දෙයක් පමණක් නෙමෙයි. නමුත් උතුරේ තිබෙන සුළු ප්‍රශ්නයක් උනත් ජාත්‍යන්තරයේ මහා බරපතල ලෙස සාකච්ඡාවට ලක්වෙන අවදියක, රජයෙන් කල යුත්තේ ඔවුන්ට අසාධාරණයක් සිදුවී ඇතිනම් එයට සාධාරණ විසඳුමක් ලබා දීමට කටයුතු කිරීමයි. බොහෝ දුරට ජාත්‍යන්තරයට අපේ රටේ සමහර ප්‍රශ්නවලට ඇඟිලි ගහන්ට ඉඩ ප්‍රශ්තාව ලැබෙන්නේ අපේ සම හරක් නිලධාරීන්ගේ, බලධාරීන්ගේ මෝඩ අන්තනෝමතික ක්‍රියාවන් නිසයි. (නදී)
අහිංසක ජනතාව රවට්ටලා දේශපාලනඥයෝ ඔවුන්ගේ පටු අරමුණු ඉෂ්ට කර ගන්න තමයි මේවා කරන්නේ. දෙමල ජාතික සන්දානෙට ඕනේ රජය අපහසුතාවයට පත් කරලා ජාත්‍යන්තර ඊලාම් හිතවාදීන්ගේ හිත දිනා ගන්න. අහිංසක දෙමල ජනතාව මේවට රැවටෙන්න නරකයි.(නදී)
මේ අයට ඊලමත් ලියා දෙන්න වෙයිද දන්නේ නැහැ .(නදී)
උතුරේ අපිටත් දකුණේ අයටත් තියන ප්‍රධාන ප්‍රශ්නය දරා ගන්න බැරි ජීවන වියදම. මේගොල්ලෝ අපි වෙනුවෙන් කතා කරන්නේ නැත්තේ මොකද ඒවා ගැන ? (අ)
ජනතාවගේ ඉඩම් ආපසු ලබාදිය යුතුයි කැම්ප් වලට ඕන තරම් රජයේ ඉඩම් තියෙන්නේ (අ)
ලැජ්ජ නැති හැටි. (අ)
දෙමළ ජාතික සන්ධානය වලියක්ම තමයි ඉල්ලනේ. රුකඩ සල්ලඩ කරලා තමයි විසදන්න වෙන්නේ. (අ)
ඉල්ලන් කන්න නේද යන්නේ (අ)
මේ උද්ඝෝෂණය එදා ප්‍රභාකරන් හිටි අවස්ථාවේ කළා නම් ලැබෙන දේ මොනවද කියලා අදහාගන්නත් බැරිවෙයි (නි)
ඒ ගමන මොනවද මේ කරන්නේ? (නි)
අනේ මන්දා! කලකෝලාහල නොකර හැමෝම සමගියෙන් ඉන්නවා නම් තමයි අපි කැමති (නි)
නවී පිල්ලෙලයි,බෙදුම්වාදියොයි,එන්.ජී.ඕ.කාරයොයි නම් කියන්නෙ රටේ මානව හිමිකම් කඩ වෙලා කියල.ප්‍රජාතන්ත්‍රවාදී රටක රටේ ජාතියේ ආරක්‍ෂාව වෙනුවෙන්( මේ කෑ ගහන අයත් ඇතුළුව)පිහිටුවා තිබෙන ආරක්‍ෂක කඳවුරු ඉවත් කරන්න කියල උද්ඝෝෂණ කරන්නත් මානව නිදහසක් තියනව නම් තව මොනවද ඉල්ලන්නෙ. (ස)
කොටි ඕවයේ පදිංචි වෙලා හිටපු කාලෙනේ ඉල්ලන්න තිබුනේ. (නදී)