IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


කඳසුරිඳුන්ට පිදූ රන් තැටිය ගැන අහන්න අංගොඩ ලොක්කාගේ බිරිය කැඳවයි

(ඉන්දිකා රාමනායක)

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට  පවුම් 38 ක රන් තැටියක් පූජාකිරීම සම්බන්ධයෙන් ප‍්‍රධාන පේලේ මත්කුඩු ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන  ඉන්දියාවේ දී මියගිය අංගොඩ ලොක්කාගේ බිරියගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව කොළඹ අපරාධ කොට්ඨාසය  ආරංචි මාර්ග පවසයි.

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ තිබු පවුම් 38 ක රන් තැටියක් අතුරුදන් වී ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව මෙම ප්‍රශ්න කිරීම සිදුකිරීමට නියමිතය.

අංගොඩ ලොක්කාගේ බිරිය විසින් 2019 ජුලි මස කතරගම පෙරහැරට පැවති අවස්ථාවක මෙම රන් තැටිය රුහුණු මහතා කතරගම දේවාලයට පූජා කර ඇති බවට විමර්ශන තොරතුරු හෙළිවි ඇතැයි ද පොලිසිය කියයි. 

එම තොරතුරුවල සත්‍ය අසත්‍ය බව හෙළි කර ගැනීම සදහා ඇය මෙලෙස කැඳවා ඇති උසස් පොලිස් නිලධාරියකු පැවසීය

කොලොන්න ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වු මෙම කාන්තාවට කොළඹ අපරාධ කොට්ඨාසයට හමුවට පැමිණෙන ලෙසට දැනුම් දුන් බව උසස් පොලිස් නිලධාරියා කීය..

මෙම කාන්තාව පවුම් 38 ක් බර රන් තැටියක් දේවාලයට පුජා කළේ කුමණ හේතුවක් මත ද යන්න හෙළි කර ගැනීම සදහා පොලිසිය ප‍්‍රශ්න කිරීමට නියමිතව ඇත.

මෙම රන් තැටිය මීට වසර ට පමණ කාලය සිට අතුරුදන්ව ඇති බවත් , ඒ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත්තේ මීට සති දෙකකට පමණ ඉහතදී බවද පොලිිස් ආරංචි මාර්ග කියයි.

මේ සම්බන්ධයෙන් පොලිස්පති සී.ඞී වික‍්‍රමරත්න මහතා වෙත ලැබුණු තොරතුරකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජනක් නන්දන මහතාගේ අධීක්ෂණය යටතේ, නියෝජ්‍ය අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා මහතා ගේ ප‍්‍රධානාත්වයෙන් පොලිස් කණ්ඩායමක් කතරගමට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

 



අදහස් (18)

කඳසුරිඳුන්ට පිදූ රන් තැටිය ගැන අහන්න අංගොඩ ලොක්කාගේ බිරිය කැඳවයි

sampath Sunday, 07 November 2021 11:12 PM

සෑම කෙනෙකුටම තමන් කැමති ආගමක් විශ්වාසයක් ඇදහීම මුලීක අයිතිවාසිකමක්. දැන් මේක මහ හතර බීරි කතාවක් පුජා කරපු මනුස්සයාගෙන් අහනවා මොකටද පුජා කලේ කියලා.

:       4       22

Prabha Sunday, 07 November 2021 11:53 PM

එතකොට වෙලේසුදා එක්ක කතරගම ගිය කට්ටියගෙන් ප්‍රශ්න කරන්නේ නැද්ද.?

:       2       20

Neranjan Monday, 08 November 2021 12:22 AM

අම්මෝ... වීරසේකර ඇමතිතුමාගෙ උපදෙස් වෙන්න ඇති. තැටිය නැතිවෙනකම් ඉඳල කට උත්තර ගන්න එන්න කියන්න ඇත්තෙ. එක රටක් එක නීතියක් කියලා කියන්නෙ මේකටද දන්නෙ නෑ..

:       2       19

මහසෙන් Monday, 08 November 2021 12:45 AM

අවුරුද්ද කට පෙර නැතිවෙලා. දැනුයි හොයන්නේ. ඒ අස්සේ දේවාලයට පූජා කරපු කෙනාගෙනුත් අහනවා. තව කොහොම දේවල් වෙලා ඇති ? කියන්න තියෙන්නේ "දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ" කියලා තමා.

:       1       13

ගමේ එකාලා Monday, 08 November 2021 01:29 AM

මත් පොවලා විනාශ කරපු ජීවිත ගැන දන්න හින්දා අවසානයේ දෙවියන්ට වටිනා රන් තැටියක් පූජා කරලා හරි පව් වලින් බේරෙන්ඩ පුලුවන් කියලා හිතන්ඩ ඇති .

:       0       22

dewadase Monday, 08 November 2021 03:38 AM

රන් තැටියක් දේවාලයට පුජා කළේ කුමණ හේතුවක් මත ද යන්න හෙළි කර ගන්න දෙයක් නැහැ කඳසුරිඳුන් නුත් ඕක දන්නවා. කුඩු ගහන්න රත්කරගත් තැටියක් අවශ්‍ය වෙනවා.

:       2       14

C.Kapukotuwa Monday, 08 November 2021 08:20 AM

මෙම කාන්තාව පවුම් 38 ක් බර රන් තැටියක් දේවාලයට පුජා කලේ කාටවත් නොලැබුන තරමේ දේවාර්ශීවාදය ලබා ගන්න. පොලීසියට මේකවත් තේරෙන්නේ නැද්ද. අනිත් එක ඒක නැතිවීම ගැන දෙයියන්ටවත් ගායක් නැත්නම් පොලිසියට ඇති රුදාව මොකක්ද?

:       1       16

sharm warn Monday, 08 November 2021 09:01 AM

ඔක්කොම හොඳ ව්‍යාපාරිකයෝ එහෙම තමයි .සාධාරණව උපයපු මුදලින් දෙවියන් පවා සතුටු කරවනවා .බල තල අතට ගත්ත අයත් එහෙමයි .දෙයියන්ට කියනවා අනේ අපි අහිස්නකයි .අපිව පරිස්සමින් බලා ගන්න .ඔබතුමාලට රත්තරනින් පුදන්නම් කියලා .හැබැයි දෙයියෝ අහනවද කියලා නම් දන්නේ නැහැ

:       0       14

mahinda Monday, 08 November 2021 10:00 AM

ඔයිට වඩ නරකද දෙවියන්ව රහස් පොලිසියට කැඳවලා පාතල අපරාධ කාරයකු සමග කුලුපග වීම හා ඉතා වටිනාකමකින් යුතු තැටියක් බාරගැනීම ගැන ප්‍රශ්න කළා නම්...

:       1       39

ලුම්බිණි Monday, 08 November 2021 11:19 AM

රන් තැටියක් දේවාලයට පූජා කළේ කුමණ හේතුවකටද කියලා හොයනවාට වඩා වැදගත් මේක නැති වුනේ කොහොමද කියලා හොයන එක නේද? පේන විදියට වරදකරුවා වෙන්න යන්නේ පූජාව කළ කෙනා වගෙයි...

:       1       20

Dhanushka Monday, 08 November 2021 11:20 AM

අංගොඩ ලොක්කාගේ බිරිය විසින් හෝ වෙන කවුරුන් විසින් හෝ කවර හෝ අරමුණකින් රන් තැටියක් පූජා කිරීම වරදක් නොවේ... දැන් ප්‍රශ්නය මේ රන්තැටිය නැතිවීම ගැනයි. ඒක හොයන්න. පූජා කළේ මන්ද යන කාරණාව අදාළම නැහැ. ලංකාවේ පොලිසිය විහිළු සපයන්න නම් ශූරයි.

:       1       20

hemantha Monday, 08 November 2021 01:50 PM

කැකිල්ලේ රජු මතක් උනා

:       0       6

[email protected] Monday, 08 November 2021 01:54 PM

තේරෙනවනේ දෙවිියොත් අපරාධකාරයොත් අතර සහ සම්බන්ධය. හරයට දේ්ශපාලකයොයි පිරිත් නූල් බඳින උන්නාන්සෙලත් වගෙයි

:       0       8

wimal Monday, 08 November 2021 02:29 PM

අංගොඩ ලොක්කා හොඳ වැඩත් කරලා තියනවා වගේ .එත් බේරෙන්න බැරි උනා

:       0       3

විපරමා Monday, 08 November 2021 04:47 PM

වැඩේ කියන්නේ කටුගෙයි වටිනා පුරාවස්තු වලට වෙච්ච් දේ ගැන අහන්ඩ කෙනෙක් ඇත්තෙම නැහැනේ. ඒ කාලේ හිටියා කියන නාගරික සංවර්දන ඇමතිවත් දන්නෙත් නැති ලූ..?

:       0       0

පිටරැටියා Monday, 08 November 2021 06:55 PM

ඔය රන්තැටිය කාටවත් නොදී එයට වැයවූ මුදල් නැතිබැරි අහිංසක දුප්පත් මහජනතාවගේ යහපතට යෙදෙව්වා නම් ඔවුන් පින් දෙනවා...

:       0       4

මරා Tuesday, 09 November 2021 04:45 PM

අර ඩේසී ආච්චිට මැණික් මල්ලක් දුන්නා වගේ මේකත් ඩේසි අච්චිටම දුන්නද දන්නේ නෑ.. අලුත් මුණුබුරන්ට බෙදන්න කියලා....

:       0       0

jagath Tuesday, 09 November 2021 09:39 PM

පණිවිඩකරුට වෙඩි තැබීම...සාමාන්‍ය....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 23 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 232 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 313 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 67 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 402 0

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


ජනපති වතිකාන තානාපති කාර්යාලයට ගොස් සොව පළ කරයි
2025 අප්‍රේල් මස 24 172 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) දහවල් වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 720 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 357 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 503 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site