IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


කෝප් කමිටුවෙන් ගෑස් සමාගමට නියෝගයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දෛනිකව බෙදන  ගෑස් සිලින්ඩරවලින් සියයට  60 ක් අධික ජන ඝනත්වයක්  සහ විකල්ප බලශක්ති ප්‍රභවයන්  සීමා සහිතව පවතින  කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවලට බෙදා හැරීමට කටයුතු කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් කමිටුව) ලිට්‍රෝ සමාගමේ ප්‍රධානීන්ට අද (20)නියෝග කළේය.

එසේම ගෑස් බෙදා හැරීමට  අදාල  නිවැරදි තොරතුරු වෙබ් අඩවියේ සහ ජංගම දුරකථන යෙදවුමක පළ කිරීමටත්, විසිහතර පැය පුරා ක්ෂණික ඇමතුම් අංක හරහා තොරතුරු ලබා දීමටත්  කෝප් කමිටුව නිර්දේශ කර ඇත.

රක්ෂණ සංස්ථාවේ සංචිතවලින් මේ මොහොතේ යම් මූල්‍ය ශක්තියක් ලබා දීමට ඇති හැකියාව සොයා බලා පියවර ගැනීමටත් නිර්දේශ කළේය.

කෝප් කමිටුව හි එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  අද රැස්විය.

ලිට්‍රෝ  ගෑස් බෙදා හැරීම කඩිනම් කිරීම ඇතුළු කාරණා පිළිබද විමර්ශනය කිරීමේ අවශ්‍යතාව  පාර්ලිමේන්තුවේදී  ඊයේ (19) සාකච්ඡා විය.  මේ අනුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා  ලිට්‍රෝ ගෑස් ලංකා  සමා‍ගමේ ප්‍රධානීහු කෝප් කමිටුව හමුවට මෙසේ කැඳවනු ලැබූහ.

ඉන්දියානු ණය පහසුකම යටතේ ලැබෙන ඇ.ඩො. මිලියන 120 න් ඉදිරි මාස තුනේදී ගෑස් සැපයුම ලබා දිය හැකි බවද මෙහිදී අනාවරණය කෙරිණ.

අධික ජනගනත්වයක් පවතින කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජීවත්වන ජනතාවට  ඉදිරි සතියේ දී ගෑස්  බෙදා හරින ලෙසටද  කමිටුව උපදෙස්  දුන්නේය.

ගෑස් සිලින්ඩර ලක්ෂ 35ක හිගයක් රටේ පවතින බවත් දැනට පැමිණ ඇති නැව් දෙකෙන්  දිනකට ගෑස් සිලින්ඩර 80,000 බැගින් දිවයින පුරා සිටින ප්‍රධාන නියෝජිතයන් 42 ක් සහ අනෙකුත් උප නියෝජිතයන් හරහා  බෙදා හැරීමේ කටයුතු සිදුකරන බවත් ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා පැවසීය.

අයහපත් කාලගුණය නිසා මුතුරාජවෙලදී බෝයාව සම්බන්ධ කිරීමට අපහසු බැවින් කොළඹ වරායට නෞකාව රැගෙවිත් ගෑස් ගොඩබෑමට සිදුවූ බව පැවසූ සභාපතිවරයා  ඒ  හේතුවෙන් යම් ප්‍රමාදයක් සිදු වූ බවද සඳහන් කළේය

එහෙත් නැවත සාමාන්‍ය පරිදි ගෑස් ගොඩ බෑමට ඉදිරියේදී  හැකිවනු ඇති බව  ලිට්‍රෝ සභාපතිවරයා  වැඩිදුරටත් පැවසීය.

හැකිතාක් කඩිනමින් ගෑස් බෙදා හැරීමේ අවශ්‍යතාව කෝප් සභාපතිවරයා අවධාරණය කළේය



අදහස් (1)

කෝප් කමිටුවෙන් ගෑස් සමාගමට නියෝගයක්

ධම්මිකා දෙල්ගොඩ Friday, 20 May 2022 07:57 PM

එතකොට ලාෆ් ගෑස් සමාගමට මොකද කරන්නේ... ඇයි ඔවුන් ගැන නොසොයා ඉන්නේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 106 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි


වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 430 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 1204 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 2704 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 345 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 180 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26733 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18874 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 649 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1865 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site