පසුගිය කාලයේ පාර්ලිමේන්තුවට කෝප් කමිටු වාර්තා තිහකට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් වුව ද ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත් බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා අද පැවසීය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝප් කමිටු වාර්තාව නීතිපතිවරයාට ඉදිරිපත් කර නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනටමත් උපදෙස් දී ඇතැයි ද රංගේ බණ්ඩාර මහතා කීවේය.
වත්මන් ආණ්ඩුව වැරදිකරුවන් ආරක්ෂා නොකරන බව ද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක යකාගේ වැඩක්නේ. දැන් ඇමතිලා ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ අපට. මේවා හමස් මල්ලෙන් එළියට ගන්න තමයි අපි ඔබලා පාර්ලිමේන්තු යැව්වේ.
දැන් යහපාලනේ නිසා මේවයින් වැඩක් ගන්න පුළුවන්. ගිනිතපින්න වගේ දේකට කෝප් වාර්තා සුදුසුයි කියලයි මට හිතෙන්නේ (නි)