බම්බලපිටියේ කෝටිපති රෙදිපිළි ව්‍යාපාරික මොහොමඩ් ශකීබ් සුලෙයිමාන් පැහැරගනු ලැබූ දිනයේම මරා දමා රුපියල් දෙකෝටියේ කප්පම ඉල්ලන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
මාවනැල්ලේ හෙම්මාතගම පාරක් අයිනේ තිබී ඔහුගේ සිරුර සොයාගන්නා විට සිරුර බෙහෝ සෙයින් නරක් වී තිබීම අනුව පැහැරගත් දිනයේම ඔහු මරා දමා ඇතැයි සිතිය හැකි බවත් මාවනැල්ලේ මාර්ග ආදී ස්ථාන හොඳට හුරු පුරුදු අයකු මේ සම්බන්ධයෙන් වැදගත් තොරතුරු දන්නවා විය හැකි බවත් පොලිසිය අනුමාන කරයි.
අපරාධකරුවන් සොයා ගැනීමට බම්බලපිටිය අවට සියලු පොලිසිවල අපරාධ පරීක්ෂක හා ස්ථානාධිපතිවරු අද (25) විශේෂ සාකච්ඡාවකට කැඳවනු ලැබ සිටිති.
ව්‍යාපාරිකයාගේ ඉනේ හා බඩේ තුවාල ඇති බවත් ඔහු ඇඳ සිටි කලිසම පහළටම ඇද තිබූ බවත් කලිසම යටින් පිජාමා කොට කලිසමක් ඇඳ සිටි බවත් එයද පහළට ඇද තිබූ බවත් පොලිසිය කියයි. ජනනේන්ද්‍රියට සම්බන්ධ ඇතැම් අවයව ඉදිමී තිබූ බවත් පොලිසිය පවසයි.
මෙම ව්‍යාපාරිකයා පැහැරගත් ස්ථානයේ ලේ පැල්ලම් විසිරී තිබිණි.
එයින් පැහැර ගනිද්දීම ඔහු මැරයන්ගේ ප්‍රහාරයට ලක්වී ඇති බව පෙනෙන බවත් කප්පම් ඉල්ලන විට ඔහු ජීවතුන් අතර නොසිටි බවට බොහෝ දුරට විශ්වාස කළ හැකි බවත් මෙතෙක් කළ පරීක්ෂණ වලින් හෙළිවෙතියි පොලිසියේ උසස් නිලධරයෙක් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහත්තයට අායෙත් රට බාරදෙමු. පාතාලය ඉවරකරන්න මේ යහපාලනේට බෑ (බ)
දැන් ඉතින් නායකකාරකාදීන් කියාවි, මෙම අපරාධය පිළිකුළින් යුතුව හෙළාදකිනවා කියලා. එච්චර තමයි ඉතින් (නි)
රණසිංහ, බොරු කියන්න එපා. ඔයා පසුගිය රජයේ වහලෙක් වගෙයි (නි)
අනේ මන්දා මේතරම් ම්ලේච්ඡ තිරිසන් මිනිසුන් බිහිවුණේ කොහොමද කියලා මේ ධර්මද්වීපයේ? (නි)
දැන් මේකටත් ආණ්ඩුව වගකියන්න ඕනෑ කියලා සමහරු කියයිද දන්නෙ නැහැ (නි)
මේ රජය පත්වුණාට පසු සිවිල් ජනතාව අතර තිබෙන ගිනිඅවි අත්අඩංගුවට ගන්න කිසිම වැඩපිළිවෙලක් හරියට කළේ නැහැ. අපි කලින් රජයට හැමදාම බැන බැන ඉන්න එකේ වාසිය ගන්නේ මේ ආණ්ඩුව. ජනතාවට ජීවත්වන්න පරිසරයක් ඉක්මනට හදනවා නම් හොඳයි. (නි)
මම නම් හිතන්නේ මේක පුද්ගලික පළිගැනීමක් කියායි (නි)
ටෙක්සාස් ලංකාවට වඩා හොඳ වගේ (බ)
පැහැර ගත් තැනත් ලේ පල්ලම් නම් තවත් මොන කතාද (බ)
මම හිතන්නෙ මේක කරලා තියෙන්නේ කප්පම් ගන්න නොවේ, වෙනත් පළිගැනීමක් නිසා. කප්පම් ගැනීමට වගේ පෙන්වන්න (පරීක්ෂණ නොමඟ යවන්න) බොරුවට කප්පම් ඉල්ලලා කෝල් කරලා ඇති. (නි)
අද ලංකාව පාතලයින්ගේ පාරාදීසයක් වෙලා. යහපාලන ආණ්ඩුවේ පම්පෝරි කතාව විතරයිලු යහපාලනය පටන්ගත්තේ රට හිටිය පාතාලයෝ ලංකාවට ගෙනල්ලා (ම)
සමහරුන්ගේ අදහස් වලට හිනාත් යනවා. මොන ආණ්ඩුව තිබුනත් පුද්ගලික මිනීමැරුම් නවත්තන්න බැහැ. මේකට යහපාලනය අල්ලගන්න අයත් ඉන්නවා. සුදු වෑන් ඒ කාලේ කරපු දෙයක්. මේකයි ඒවායි සංසදනය කරන්න බැහැ (නි)
දුක තමයි.(හේ)
පොලිසියේ අතේ තමයි දැන් වැඩේ තියෙන්නේ.(හේ)
නිතිය නමන්නේ, වැරදි කරුවා නිවැරදි කරුවා කරන්න සහ නිවැරදි කරුවා නිවැරදි කරන්න. එහෙම නැත්නම් පොලිසියට අපරාධකරුවෙක් අල්ලන්න බැරිකම නොමැත. (හේ)
ටෙලිනාට්‍ය වල පාතාලයේ දස්කම්, දරුවන් කිඩ්නැප් කරන කප්පම් කල්ලි, මෙහෙම රටක්. කතිරය ගහල පිස්සු නඩයකට රට දීපු කරුමය ගෙවපියව්. දවසකට ජනගහනයෙන් කීයක් මැරෙනවද මේ අවුරුදු දෙකට? (ම)
මිනිසෙක් මරා තවත් මිනිසෙක් ජීවත්වෙන්නේ, ඉර හඳ පවතිනතුරු ජීවත්වෙන්නද? (නි)
යහ පාලනය කෝ (බ)
මේක වෙනත් අරමුණකින් කළ දෙයක්ද? නැත්නම් මොකද කප්පමත් නොගෙනම මරලා තියෙන්නෙ. (නි)
පසුගිය ආණ්ඩුව විසින් කරපු දෙයක් කියලා දැන් කියන්න බැරිද දන්නෙ නැහැ ඇතැමුන්ට (නි)
අද ලංකාව පාතලයින්ගේ පාරාදීසයක් වෙලා. යහපාලන ආණ්ඩුවේ පම්පෝරි කතාව විතරයි. මෙවැනි අපරාධ වලට වැට බඳින්න තාම බැරිවුණා. (නි)
මොහුගේම ව්‍යාපරයට හවුල්කරුවෙක් මියගිය පුද්ගලයාට ලක්ෂ 500ක් දෙන්න තිබෙන බව ඊයේ පළවී තිබුනා. එම පුද්ගලයා දැන් රටින් පිටවෙලාද කියා සොයාබැලිය යුතුයි යැයි සිතනවා (නි)
'කප්පම් ඉල්ලන විට ඔහු ජීවතුන් අතර නොසිටි බවට බොහෝදුරට විශ්වාස කළ හැකි බවත්' මේවා පොලිසියේ නොහැකියාවට කියන කතා කියලයි මහජනයා වන අපි නම් සිතන්නේ. මම නම් කියන්නේ මෙය බේරගන්න පොලිසියට හොඳටම අවස්ථාව තිබුනු බවයි (නි)
අනේ හරිම පවු! මොනවද මේ ලංකාවට වෙන්නේ? (නි)
පොලිස්පතිතුමනි, අපි තරයේ හෙළාදකිනවා මෙවැනි කුරිරු ඝාතන. ඔබ මාධ්‍ය තුළ කතාකළ විදියෙන් අපි හිතනවා ඔබ මෙවැනි අලුගෝසුවන්ට සමාවක් නොදෙන බව. අපි බලා සිටිනවා ඔබගේ දක්ෂකම (නි)
දැන් සුදු වෑන් සංස්කෘතිය කාගේද? පැහැරගෙන යාම් තිබුණේ ඉස්සරනේ. දැන් වෙන ඒවාට මොනවද කියන්නේ? (නි)
නීතිය නැමීම කෙසේවෙතත් සාමාන්‍ය සිවිල් නීතියත් අගාධයටම ගිහින් ඉවරයි වගේ
දැන්නම් ගෝඨාභය මහත්තයාගේ අගය ගොඩක් දැනෙනවා (නි)
ප්‍රියාන්, දැන් සිදුවෙන පැහැරගැනීම් සඳහාත් වෑන් සහ කාර් තමා භාවිතා වෙන්නේ. ඒවා "සුදුපාට" නැහැ. එ්කයි වෙනස.
පියා ලක්ෂ 50 ඔත්තුකරුවන්ට තෑගි වශයන් දෙන්න තීරණය නොකර, කප්පම්කරුවන්ට දෙකෝටියේ කප්පම දුන්නා නම් අද සමහරවිට මෙයා ජීවතුන් අතර ඇති නේද? (නි)
අනේ දෙවියනේ අහිංසක තරුණ ජීවිතය! (නි)
මෙවන් දේවල් දකින්න තරම් අපි පවුකාර වුණේ ඇයි? (නි)
වැඩේ පෞද්ගලික කෝන්තරයක් වගේ පෙනෙන්නේ. හැබැයි මෙතන අයගේ කතාව ගෝඨාගේ කාලේ මොකුත් වුණේ නැහැ, මේ පාතාලේ අය හිටියේ නැහැ වගේ තමා. මොනවාහරි වුණාම හැමෝටම බනින එක තමා වැඩේ. අනික සියලු නරක දේවල් නැති කරලා නැහැ පහුගිය වසර දහයේදී. ඒවා දොළපිදේනි දීලා පෝෂණය කිරීමක් තමා වෙලා තියෙන්නේ. (නි)
අපි වෙනසක් කියා හිතුව දේවල් අද අපටම විඳගන්න වෙලා. මට දුක අපේ ළමයින්ගේ අනාගතය ගැන (නි)
හර්ෂ, ඔයා කියන කාලේ පැහැරගෙනයාමක් සිදුවුණා නම් වුණේ පාතාලේ අය පැහැරගෙනයාමක්. ඒ කාලේ වුණ අනිත් දේවලුත් සමහරවිට ඔයා කියන විදියට පෞද්ගලික කෝන්තර වෙන්න පුළුවන් නේද? (නි)
දැන් තමා තේරෙන්නේ අපි වෙනසකට කියලා කළ දේ වැරදියි කියලා. පුදුම දේවල් තමා අහන්න වෙලා තියෙන්නේ (නි)