17 හැවිරිදි දැරියකගේ කළු කුමාර දිෂ්ඨිය ඉවත් කිරීම සඳහා ඇගේ ඇඟේ තෙල් ගා දෙහි කපන්නට ගිය කපුවා කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා විසින් ලබන 07 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
පොල්ගස් ඕවිට සියඹලාගොඩ ජෑම් ගස් හන්දියේ චන්ද්‍රසිරි පෙරේරා (51) එම කපුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුලුවනිනම් ඔය ගුරුකම් වලින් එකක් දාල පොලිසියේ මහත්තුරු ටික මෝහනය කරලා පැනලා යන්න. එහෙම කරලා පෙන්නුවොත් මමත් ලංකාවට ආවහම කපුවා ලඟට එනවා ගුරුකමක් කරවගන්න. (නි)
නෙත් එෆ්.එම්. රේඩියෝ නාලිකාවෙන් හොර දේවාල හොර කපුවො ගැන ඔප්පුකරලා පෙන්නලා දීලා තියෙද්දී තමන්ගේ ආත්ම ගරුත්වය,මුදල් හා කාලය නැතිකරගන්න එපා. ඔබ අදහන ආගම අනුව හරියට ජිවත් වෙන්න. ඔබට එන ප්‍රශ්නඔබලාගේ ආත්ම ශක්තියෙන් විසදාගන්න පුළුවන්. (නි)
මට අදහගන්න බැහැ තවම මේ වගේ දේවල් විශ්වාස කරන මිනිස්සු අපේ රටේ ඉන්නවා කියලා. (නි)
දැන් ඉතින් මොනවා කරන්ඩ ද ?(අ)
මෙවැනි කපුවන් කපෝති කර දැමිය යුතුය. නොසන්ඩාල දේවාලයේ පාදඩ කපු මහතා කපෝති.(නදී)
අමිල මට හිතෙන්නේ කපුවා සුරය දාන්න ගිහින් තමයි පොලිසියන් අල්ලාගෙන ගිහින් තියෙන්නේ.(නදී)
කපුවා සමග කපුවා ලගට ඒ ළමයව එක්කගෙන ගිය අයව හිරේ දාන්න ඕනෑ (නි)
තෙල් ගාන්න ගියේ කෙහේද දන්නේ නැහැ.(නදී)
කපුවා කිවුවෙ නැද්ද සුරයක් දාන්න ඕනෑ කියලා? (නි)
අපරාදේ කපුවා ලඟට ගියේ... තෙල් ගාලා දිෂ්ටිය ඉවත් කරගන්න තිබුනා මසාජ් සෙන්ටර් එකකට ගියා නම්... (නි)
කපුවන්ට නරක කාලයක් (නි)
විස්තර මදි (නි)
කපුවට දෙහියි ගලුයි මාරු වෙලා වගේ. (නදී)
මේ යන විදියට තව ටික කාලෙකින් රටේ මිනිස්සුන්ගෙන් බාගයක් හිරේ ඉඳීවි (නි)
මේ වගේ පහත් ගති ඇති කපුවා ගැන වෙටහීමක් නැති පුදුම මෝඩ දෙමවුපියෝ. ඔය දෙන්නට උසාවියෙන් දඬුවම් ලබා දෙන්න ඕනෑ දරුවාගෙ ආරක්ෂාව සම්බන්දයෙන් වගකීම පැහැර හැරිම සම්බන්ධව. (නි)
කපුවා කපෝති.(නදී)
මේ කපුවව නෙමෙයි හිරගෙට යවන්න තිබුනේ ඒ ළමයගේ දෙමවිපියන්වයි. තමුන්ගේ දරුවන්ව අනවශ්‍ය තැන්වලට ගෙන ගියාට.(නදී)
ඊළඟ සැරේ හැඳුනුම්පතේ වයස බලලා ඇතුලට ගන්න. (නි)
ඉතින් ඔය දෙහි කැපිල්ල කරන්න ඇත්තේ දෙමව්පියන්ගේ අවසරය සහ කැමැත්ත ඇතුවනේ. කොහොමද එයා උසාවි ගියේ. (නි)
රිමාන්ඩ් කරන පිරිසට පුනරුත්තාපන වැඩ සටහනක් ක්‍රියාත්මක කළා නම් මේගොල්ලන්ගේ වැරදි වගේම මානසික අසහනයත් හදන්න පුළුවන් බොහෝ දුරකට. නැත්නම් එලියට අවාට පස්සෙත් මේවා අහන්න ලැබෙනවා (නි)
කපුවාගේ නම දැම්ම එක හොඳා කාටත් දැනගන්න (නි)