IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘කම්කරු කොංග්‍රසේ නම් දුන් හැටි වැරදියි‘

ලංකා කම්කරු කොංග්‍රසය විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ සහ ස්වාධීන යන දෙයාකාරයටම නාමයෝජනා පත්‍ර බාරදීම නීතියට පටහැනි බවත්, එබැවින් කම්කරු කොංග්‍රසයේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා ජනතා පෙරමුණ අද (6) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.

ජනතා පෙරමුණේ ලේකම් ආනන්දන් මෝහන්දාස් මහතා විසින් ගොනු කැරුණු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම් ආරුමුගම් තොන්ඩමන් ,මහනුවර, බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීහු, මැතිවරණ කොමසාරිස්, නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

එම පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වන්නේ ලංකා කම්කරු කොංග්‍රසය එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට තරගවදින අතර බදුල්ල හා මහනුවර දිස්ත්‍රික්කයන් හි ස්වාධිනව  මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වීම මැතිවරණ පනත උල්ලංඝනය කිරීමක් වන බැවින් දෙයාකාරයටම ඉදිරිපත් වූ ලංකා කම්කරු කොංග්‍රසයේ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කරන්නැයි මැතිවරණ කොමසාරිස්ට නියෝග කරන්නැයි පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.



අදහස් (0)

‘කම්කරු කොංග්‍රසේ නම් දුන් හැටි වැරදියි‘

මීනා Thursday, 06 August 2015 03:39 PM

මුස්ලිම් කොංග්‍රසයත් එහෙම නේද? එහෙනම් එකත් ප්‍රතික්ෂේප වේවි. මහින්ද දිනාවී. (බ)

:       0       0

ඡයා Thursday, 06 August 2015 01:06 PM

ඉතින් ඕකමනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මුස්ලිම් කොන්ග්‍රස් එකත් කරලා තියෙන්නේ. දන්නා විදිහට ටි.එන්.ඒ එකත් කරලා තියනවා. තාම යුඑන්පි එකේ පක්ෂ සාමාජිකත්වය තහනම් නොකළ හිටපු ලේකම් සන්දාන ජාතික ලයිස්තුවේ. (නදී)

:       0       0

ුදමින්ද Friday, 07 August 2015 03:34 AM

17 වෙනිදට නිසි තැන ලැබේවි (නදී)

:       0       0

විභූති Friday, 07 August 2015 03:39 AM

හොඳයි අපි බලමුකෝ සිද්ධවෙන දේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5252 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මහනුවරිනුත් දෙවන මනාපයෙන් සජිත් ඉදිරියෙන්
2024 සැප්තැම්බර් මස 22 111 0

මහනුවර දිස්ත්‍රිකයේ දෙවන මනාපයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 1168ක් ඉදිරියෙන් සිටියි.


කුරුණෑගල දෙවන මනාපය මෙන්න
2024 සැප්තැම්බර් මස 22 226 0

කුරුණැගල දිස්ත්‍රික්කයේ දෙවන මනාප ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා දෙවන මානාපය 6408ක් ලබා ගත් අතර සජිත් ප්‍රේමදාස මහතා මනා


බදුල්ලේ දෙවන මනාප ප්‍රතිඵල
2024 සැප්තැම්බර් මස 22 324 0

බදුල්ල දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද 1313කින් ජයගෙන තිබෙනවා


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 2884 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 2808 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16498 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 81 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 261 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 133 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site