රටේ දේශපාලන බල අරගලයක් පැහැදිලිව දකින්නට ඇති නිසා ලංකාවේ අඛණ්ඩව දේශපාලනයේ නිරත වීමට තීරණය කළ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික කුමාර් ගුණරත්නම් මහතා කීවේය.
විවිධ අඩුපාඩු මධ්‍යයේ වුව ද පක්ෂය නගා සිටුවීමට තමන් කැපවෙන බවත්, ඕනෑම අභියෝගයකට මුහුණ දෙමින් දේශපාලන ගමනක් යෑමට බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදාවත් නැතුව කොහේ ඉඳලා ආ කෙනෙක්ද මේ? (නි)
මෙයා තමයි විජේවීරගේ බොඩි ගාර්ඩ් (නදී)
මට කරුණාකරලා පැහැදිලිකරනවද පෙරටුගාමී පක්ෂයේ ජාතික ගැටලුව ගැන ප්‍රතිපත්තිය මොකක්ද කියලා.(දිල්)
රට අවුල් කරන්න නම් එපා. (දිල්)
යුගයේ අවශ්‍යතාවය ඔබයි .අපි නොදන්නා ධනපති දේශපාලනය (දිල්)
ඉස්සෙල්ල තමන්ගේ සහ පවුලේ අයගේ ඔස්ට්‍රේලියා පුරවැසිකම අවලංගු කරගෙන එන්න. දොන් සිමන් දෙකක් බැහැ. (දිල්)
මොහුට ද්විත්ව පුරවැසිකම තිබෙනවද / එසේ නම් එය ලැබුනේ කවදාද ? කරුණාකර අපිට හෙළි කරන්න. (ර)
මේක මහා පුදුම වැඩක්, සංචාරක විසා වලින් ඇවිත් ආණ්ඩුව විවේචනය කරනවා, මට පුලුවන්ද මේ විදිහට ජපානේ ඉන්න ගමන් ජපන් ආණ්ඩුව විවේචනය කරන්න ? (ර)
ඔබතුමා අපිට කියනවද ද්විත්ව පුරවැසිකම ඔය තරම් ඉක්මනට ගත්ත ක්‍රමවේදය මොකද්ද කියලා ? (හේ)
දැන්ද ලංකාවේ පීඩිත පන්තිය මතක්වුණේ? (නි)
මේ වගේ දේශ ද්‍රෝහියෙකුට ද්විත්ව පුරවැසි කම දෙන්න ඕන හින්දලු කඩිමුඩියේ ද්විත්ව පුරවැසි වැඩ පිළිවෙල පසුගිය 31වෙනිදා ආරම්භ කලේ. (නදී)
මොළය තියෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා ඇත්ත (නි)
ඕස්ට්‍රේලියාවේ නම් ඔය සෙල්ලම් දාන්නේ කොහෙද? (නි)
අනේ ඉතින්! මේ රට ගැන බොරු කියලා ධනේශ්වර රටකට ගිය කෙනෙක් කියන දේවල් විශ්වාස කරන්න අපිට තවම අං ඇවිල්ලා නැහැ. (නි)
ලැජ්ජා නැද්ද මේ වැඩ? ප්‍රතිපත්තියක් ඇති කෙනෙකුට කරන්න පුළුවන් දේවල්ද මේවා? (නි)
පොතේ විදිහට ලාංකීය විප්ලවය කරන්න සදන්නන් මේ සැරසෙන්නේ දැන් ඉතාමත් සාර්ථක ලෙස ජනතාවත් සමග ඉදිරි ගමනක යෙදෙන ජ.වි.පෙ. ගමනට හරස් වී, වෙනත් පාර්ශවයක උවමනාව දැනුවත්ව හෝ නොදැනුවතව ඉටුකිරීමටද? මේ පක්ෂයේ බිහිවීමම වැරදියි. ජ.වි.පෙ අනන්තවත් වැරදියි. ඒත් කිසිවිටෙකත් එය තීරණාත්මක ලෙස රටේ පීඩිත පංතියේ විමුක්තියේ දිශාවෙන් අපගමනය වී ඇතැයි කියන්නට බැහැ. එළියට බැස කළයුතුව තිබුනේ මේ රටේ විවිධ ක්ෂේත‍්‍රවල ඉන්න පිරිස් වලට පොදු වේදිකාවක් සදා ජනතා ව්‍යාපාරයක් හදන එක මිස පීඩිත ජනයා බෙදන්න තවත් පක්ෂයක් හදන එක නෙමෙයි. එය කිසිදා සමාව නොදිය හැකි බරපතල වරදකි. (නි)
ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ලංකාව ගැන කියූ දේවල් වල හැටියට ලැජ්ජා නැතුව ආයෙත් ගෙන්වා ගත්තේ මොකටද? (නි)
අපි දන්නවා ඔය ආ කාරණාව. (නි)
අපි හැමදේම දන්නවා මහත්තයෝ (නි)
ප්‍රතිපත්තිමය නොගැලපීම් අපිට තිබෙනවා. ඒත් රටේ මිනිහෙක්නේ. තේජවන්ත මනුස්සයෙක්. මිස්ටර් ප්‍රභාකරන්ලා ඉන්නවා නම් මෙයාට ඉන්න බැරි මොකද? එයාලා කියන දේ හරි. හරි පාරේ යන්න මිතුරනි. නැවත වරද්දාගැනීම් නොකරන්න. ඔබත් මේ රටේ මිනිසෙකි. (නි)
රැවටනන පරම්පරාව දැන් ලංකාවේ නැහැ. හිටපු දිහාවටම ගිහින් හොඳින් ඉන්න (නි)
බලමුකෝ එයා යන ගමන! (නි)
විජාතික පුරවැසිභාවය අතහැරලා දරුවන් බිරිය සමඟ ලංකාවට එන්න. දරුවන්ට ලංකාවේ ඉගෙනුම ලැබීමට සළස්වන්න අපේ දරුවන් සමඟ. එහෙම වුණොත් ඔබට දිගු ගමනක් යන්න ලැබේවි. අපි ජාති බේදයකින් තොරව සහයෝගය දෙනවා. (නි)
කෙනෙක්ව,,විශේෂයෙන් පවතින අධම දේශපාලන,සමාජ යථාර්තය අභියෝගයට ලක් කරන කෙනෙක් පිටුවහල් කිරීමේ,එහෙමත් නෙත්නම් මර්දනය කිරීමේ අවස්ථාව තෝරන්නේ පාලකයින් ,,,,නමුත් ,යම් ඉතිහාසමය අවස්ථාවක ඔහුට නැවත එන්නට දේශපාලන අවස්ථාවක් විවර වුනොත් එක තීන්දු කරන්නේ පාලකයන් නෙවේ,,,කුමාර්ගේ ආගමනයට අදාල යථාර්ථයත් එ්කයි ,,ඔවුන් මේ සංකීර්ණ මොහොත උපායශීලිව තෝරාගන්නවා,ඔහු මේ නිශ්චිත මොහොතේ ලංකාව සතුව ඉන්න තියුණුම, බුද්ධිමත්ම,දේශපාලන ක්‍රියාකාරිකය,ඔවුන් තේරුම් ගන්න ලාංකීය සමාජය සමත් වී නැති බව කණගාටුවක් ඔහුට නගන අවලාද බොහොමයක් පදනම් විරහිත ඒවා,ඔහු දක්වන දේශපාලන අදහස ප්‍රබල එකක්,විවේචන පදනම් වෙන්න ඕන එහි දේශපාලන අඩංගුවට මිසක් මේ මාද්‍ය ඔස්සේ ඔහු සම්බන්ධව නගන අසත්‍ය කරුණු ඔස්සේ නෙවේ,සරසවි සිසුන් කීප දෙනෙක් කමෙන්ට් දක්වා තිබ්බ,,,ඔවුන් නොදන්නවා ඇති අද ඔබ ලබන නිදහස් අද්‍යාපනය ඔබට ලැබිල තියෙන්නේ ව්‍යාපාරය කරපු අඛණ්ඩ අරගල වල ප්‍රතිපලයක් විදියට බව,කුමාර් ශිෂ්‍ය ව්‍යාපාරයට දේශපාලන නායකත්වක් දුන්න දැවැන්තයෙක් ,,ඔහු නොවන්නට අනුරලා,විජිතල අද ලාංකීය දේශපාලනයේ ඉන්න විදියක් නැත (බ)
හොද දක්ෂ කෙනෙක් .(හේ)
හඳට ඉනිමං බඳිනවා (බ)
එදත් සිංහලයා දෙපිල බෙදිලා ඇන කොටාගෙන 30 අවුරුද්දක් කොටි රජ කළා. අදත් සිංහලයා දෙපිල බෙදිලා අනකොටාගන්න හදනවා. නැවතත් කොටි නැගිටින එක ස්ථීරයි. චන්ද්‍රිකා බල ලෝබයෙන් වියරු වැටිලා. (බ)
ඔබේ දරුවන් පිටරට අධ්‍යාපනය ලබනවා නේද? මෙහෙ දරුවන්ට තිබෙන ටිකත් නැතිකරන්න එපා.ඔබේ ප්‍රතිපත්ති නිසා සරසවියේදී බැටකෑ කට්ටිය අපි. ඔහු ඕස්ට්‍රේලියාවට ගොස් පැවසූ දේ දැන් අමතකද අපේ බලධාරීන්ට? (නි)
අපිව රවටන්න නම් ලැබෙන්නේ නැහැ හොඳේ (නි)
ජනතාවටත් රටටත් වෑරදි පාරක් පෙන්වන අයට කිසිම පෙළගෑස්මක් කරන්න ඉඩතියන්න එපා. අපේ තරුණ පරපුර ඒ වගේ අයගෙන් ඈත්කර තබමු. එයාලගේ දරුවො විදේශ වල ඉගෙනගන්නකොට අපෙ තරුණයිගෙ ජීවිත මෙහේ වැනසෙනවා. (නි)
ඔහු කියන දේ හරි. (හේ)
දෙවි පිහිටයි! (නි)
මේ මනුස්සය ඕස්ට්‍රේලියානු රජයෙන් සතිපතා දෙන ඩෝල් එකන් ජීවත්වෙන මනුස්සයෙක්. කොහොමද දැන් ලංකාවට ආවේ මෙන්න නියම කොටි (නදී)
මෙයාට එයාගේ දිගු ගමන යන්න ලේ සහ මළමිනී අත්‍යවශ්‍යයි. ඒ නිසා මොහුගෙන් ප්‍රවේසම් වෙයල්ලා. (නදී)
2004 දී ගොඩ නගපු සමාජ යථාර්තය නැවත සමාජ ගත කිරීම තමයි අද වෙන්න ඕනේ. ජය වේවා (නදී)
මෙයා ඕස්ට්‍රේලියාවේ ඉඳල ලංකාවට එන්න කලින් ද්විත්ව පුරවැසිකම දෙන්න ලැහැස්ති කලේ මෙයාව කඩේ යවල ඡන්ද කඩන්න තමයි. නමුත් බුද්දිමත් ජනතාව රවට්ටන්න මෙයාට බෑ (නදී)
සරනාගත වීසා මතින් ඔස්ට්‍රේලියන් පුරවෑසි බව ලෑබු අවස්තාවාදියෙක් කතාකරයි...කටෙන්ද? (නදී)
ඔබ ඕස්ට්‍රේලියාවේ සිට ඔබේ ගමන මෙච්චර කාලයක් හදාගෙන හිටියා වගේ එහේම ඉන්න. මෙහෙ ඇවිල්ලා අපේ රටේ ගමන අවුල් කරන්න එපා. (නි)
තමන්ගේ ඇත්ත නමින් ජනතාව ඉදිරියේ පෙනීසිටින්න නොහැකි කෙනා අපි කොහොමද විශ්වාස කරන්නේ. (නි)
ද්විත්ව පුරවැසිබාවය අරගෙනම වැඩේ පටන්ගනිමු. (නි)
බඩගින්නේ පාරට වැටුනත් අපි නම් මේ වගේ අයට ඇහුම්කම් දෙන්නේ නැහැ. (නි)
දැන් එකපාරටම එයාට ද්විත්ව පුරවැසිකම පහළ වුණාද දේශපාලනයේ යෙදෙන්න පුළුවන් වෙන්න? (නි)
අපි ලංකාවට සංචාරක වීසා මත ආවොත් දේශපාලනය කරන්න ඉඩ දෙනවාද? (නි)
මේ පාර සංචාරක වීසා ලබාගෙන ආවේ ඇයි කියලා අපිට හිතාගන්න බැහැ (නි)
කරුණාකර ඔය දේශපාලනය ඕස්ට්‍රේලියාවේම ඉඳගෙනම කරගන්නකෝ. (නි)
අපි සරසවියේ ඉන්න කාලයේ කළ ටික හොඳටම ඇති. දැන් ඇවිල්ලා අපේ දරුවන්ගේ අනාගතය කන්න එපා (නි)
එයාගේ ළමයි ඕස්ට්‍රේලියාවේ නේද අධ්‍යාපනය ලබන්නේ? අපේ දරුවනේ, රැවටෙන්න නම් එපා. (නි)
එහෙම ගිය කෙනෙක් කොහොමද ආපසු ලංකාවට එන්නේ? සංචාරක වීසා එකකින් කොහොමද දේශපාලනය කරන්නේ? (නි)
කරුණාකර සරසවි සිසුන්ට තමන්ගේ ඉගෙනීමේ කටයුතු බාධා නැතුව කරගෙන යන්න දෙන්න. ඔබේ දරුවන් පිටරට අධ්‍යාපනය ලබනවා නේද? මෙහෙ දරුවන්ට තිබෙන ටිකත් නැතිකරන්න නම් එපා.ඔබේ ප්‍රතිපත්ති නිසා සරසවියේදී බැටකෑ කට්ටිය අපි. (නි)
කාලෙකට පස්සේ අහපු හොඳ කතාවක්. සුබ අනාගතයක්...! (නි)
ඔබ මේ වතාවේ ආවේ ඇයි කියලා අපි දන්නවා. නිකම් රටේ මිනිස්සු රවටන්න එපා. (නි)
කුමාර් මහත්තයා මේ කියන වමේ කතාව හරි කියමුකො. අපි කැමතියි පොඩ්ඩක් හුස්ම ටිකක් අරගන්න, පොඩ්ඩක් හරි ප්‍රගතිශීලී ආණ්ඩුවක් ගෙනල්ලා. ඒක ටික කලකට වෙන්න පුලුවන් වුණත් කම්කරුවාට සහ ගොවියාට එක දිගටම ඔබතුමාලා කියන විදියට දුක්කරදර වලට මුහුණ දෙන්න ගියාම අමාරු වෙනවා. (නි)
සංචරක වීසා තියාගෙන මෙහෙම මාධ්‍යයට කතාකරන්න පුලුවන්ද? මෙතැන සැඟවුණ දෙයක් තියෙනවා කියලයි අපිට හිතෙන්නේ. කවුද මේ වගේ අයට ලංකාවට එන්න වීසා දුන්නේ? (නි)
අතීතය හාරන්නේ නැතුව, ඔබගේ අනාගත සැළසුම් කියන්න.අතීතයේ ඔබ කළ දේ ජනතාවට හොඳට මතකයි. අද ජනතාව බුද්ධිමත්. ඔවුන්ට අවශ්‍ය රටට හොඳ අනාගතයක් මිස හරයක් නැති කතා නොවෙයි. දැන්වත් රටට ප්‍රායෝගික සැළසුමක් ගෙනෙන්න. (නි)
ප්‍රවේශම් වෙයල්ලා මිනිසුනේ! (නි)
මෙහෙම කෙනෙක් කිසිම දේශපාලන දර්ශනයක් ඉදිරියට ගෙනයන්න සුදුසු නැතිබවයි මම නම් හිතන්නේ (නි)
ඔහු ඕස්ට්‍රේලියාවට ගොස් පැවසූ දේ දැන් අමතකද අපෙ බලධාරීන්ට? (නි)
ඔවු ඉතින්, දිගු ගමනක් තමයි. (නි)
එයා ගියපාර කී දේවල් වලින් මුළු ලොවම හෙල්ලුනා. ඇයි මේ වගේ කෙනෙකුට එන්න අවසර දුන්නේ? (නි)
අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හදන කවුරුන් වුවත් මට නම් අරහං... (නි)
බලමු එයා මොකක්ද කරන්න හදන්නේ කියලා (නි)
ආපු ටිකට කටින් පිටවුණ දේවල් අනුව අපිට තේරෙනවා මොකටද ඡන්දෙ කිට්ටුව ආවේ කියලා. (නි)
අපේ සරසවි ළමයින් ටික ගැන මට ඇත්තටම බයයි (නි)
කවුරුන් කෙසේ කිවුවත් මොහු තමා ජවිපෙ පසුගිය කාලයේ නිවැරදි චිත්‍රය. සමහරු කැමති වුණත් සමහරු අකමැති වුණත් එම උඩුගම් බලා යන නව දුෂ්කර ගමන ඇරඹිය යුතුය. (නි)
කවුද මෙයාට එකතුවෙන්නේ.(හේ)
ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන දේ ගනිමින් සමාජවාදය ගැන කතා කරනවා. මොන විහිළුවක්ද මේ ? (නි)
ලංකාවේ පුරවැසිභාවය නැත්නම් ක්‍රියාකාරී දේශපාලනය කරන්න පුලුවන්ද? කොහොමද හිටිගමන් එහෙම බලයක් ලැබුනේ? (නි)
ඇවිල්ලා, අපේ රටේ ගිනි ගෙඩියක් අවුළුවා ආපසු යන්න නම් එපා (නි)
මොහු එසේ නම් නැවත ලංකාවට පැමිණ ඇත. මාධ්‍ය සාකච්ඡා තැබීමට මෙතුමාට පමණක් හැකිද? අනෙක් සියලු දෙනා ජාත්‍යන්තර කුමන්ත්‍රණ කිරීමට ලංකාවට පැමිණෙන සංචාරකයන් ලෙස හැඳින්වීම හරිද? (නි)
බෙහෝ සිදුවීම් වලට හේතුව දැන් පැහැදිලිය. දැනට වසරකට පමණ පෙර මොහු ලංකාවෙන් ගිය හේතුව අපි දනිමු. දෛවයේ සරදම් යනු මේවාය (නි)
ඔය වගේ මිනිස්සු එක්ක අපිට නම් කිසිම ගමනක් නැහැ. (නි)
ධනවාදී ආර්ථිකයකින් දීමනා ලබාගෙන යැපෙමින්ද මේ අපිට සමාජවාදය පෙන්වන්න එන්නේ? (නි)
මොහුගේ ආරක්ෂාව ගැන ඔය කියන තරම් ප්‍රශ්නයක් තිබුනා නම් පදිංචියට රුසියාව හෝ කියුබාව තෝරා නොගෙන ධනවාදී ඔස්ට්‍රේලියාව තෝරාගත්තේ ඇයි? (නි)