පළාත් සභාවක් විසිරුවා හැරීමෙන් පසුව එහි ප්‍රධානියා වශයෙන් ආණ්ඩුකාරවරයාට මැතිවරණ කටයුතුවල නිරතවීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත්, එවැනි දැඩි අවශ්‍යතාවයක් ඇතිනම් සිය ධූරයෙන් ඉවත්වී විය යුතු බවත්“ කැෆේ සංවිධානය දකුණු පළාත් ආණ්ඩුකාරවරිය කුමාරි බාලසූරිය මහත්මිය වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇත.
“දකුණු පළාතේ දී ආණ්ඩුවට හයෙන් පහක් ලැබෙනවා“ මැයෙන් දිනමිණ පුවත්පතේ ප්‍රභාත් විතානාච්චි සමග පැවැත්වූ පුවත්පත් සාකච්ඡාව සම්බන්ධයෙන් කැෆේ සංවිධානයේ දැඩි අවධානය යොමුවී ඇති බව පවසන කැෆේ සංවිධානය, දකුණු පළාතේ ආණ්ඩුකාරවරිය වශයෙන් කටයුතු කරමින් එම පළාතේ මැතිවරණයක් පැවැත්වෙන අතරතුර එක්සත් ජනතා සන්ධානයේ මැතිවරණ කටයුතු සදහා සෘජු හා වක්‍ර සහායක් ලැබෙන කටයුතුවල නිරතවීම පිළිබද කැෆේ සංවිධානයේ දැඩි කනස්සල්ල පළ කර ඇත.
දේශපාලන කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ වයඹ ආණ්ඩුකාරවරයාට එරෙහිව චෝදනා එල්ල කිරීමෙන් පසුව ඔවුන් එම කටයුතුවලින් ඉවත් වූ බව සදහන් කරන කැෆේ සංවිධානය එවැනි මින් ඉදිරියට හෝ මැතිවරණ කටයුතු සදහා සහභාගි නොවීමට වග බලා ගන්නා මෙන් දකුණු පළාත් ආණ්ඩුකාරවරියගෙන් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාල කියන්නේ බාල නිසා වෙන්න ඇති.(නධී)
මෙයාගේ නමේ හැටියට එපැයි වැඩකරන්න.(නදී)
කැෆේ එකද එයාව පත් කරේ එතකොට.(නදී)
නමින් බාල උනත් වැඩ වලින් ආණ්ඩු කරන කෙනෙක් නිසා ඕනෙම දෙයක් කරන්න බලය තියෙනවා කියල හිතෙනවා ඇති.(නදී)
අනේ ලජ්ජා නැති හැටි. රෙදි ඇදගෙනද ඔහොම වැඩ කරන්නේ.(නදී)
කවදද මෙයා බාල නැති වැඩක් කලේ? (නදී)
මේවා කිසිවෙකුට පාලනය කල නොහැකි තත්වය පත්ව ඇත.(නදී)
අද බලය ලබාගැනීම සඳහාත් මනාපය ලබා ගැනීම සඳහාත් හැමෝම කරන්නේ බාල වැඩ.(නදී)
බාලසුරියගේ බාල වැඩේ.(නදී)
එයාට ලැච්ජා හිතේවි ! (අ)
බාල වැඩක්, දකුණේ සමහරක් ගේ බාල වැඩ මොනවා කරන්නද? (නදී)