නොච්චියාගම හල්මිල්ලකුලම වැවේ සිටි කිඹිල් පැටියෙක් සඳුදා අලුයම පැය පහක් නොච්චියාගම පොලිසියේ අපරාධ අංශයට වී සිටියේය.
අලුයම තුනට පමණ කිඹුලා එහි ආ බවත්, ඒ සමගම එහි සිටි පොලිසිය ඉවත් වූ බවත් වාර්තා වේ.
පොලිසියේ ඉල්ලීමක් අනුව වනජීවී නිලධරයන් පැමිණ කිඹුල් පැටියා විල්පත්තු වනෝද්‍යානයට මුදා හැරියේය.
හල්මිල්ලකුලම වැව පිහිටියේ පොලිසියට මීටර 400ක් පමණ දුරිනි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැමිණිල්ලක් දාන්න ආ කිඹුලා පැය 5ක් හිටියත් එක පොලිස් නිලධාරියෙක් ඇවිල්ලා නැහැනේ. අනේ මන්දා මෙහෙමත් පොලිසි...! (නි)
දැන් ඉතින් අර කතාවෙන් පසුව අපරාද මර්ධන සහ සොයන හැමතැනටම කිඹුල්ලු එන්න පටන් ගනීවි. (ර)
මු නම් අනිවාර්යෙන්ම මැටි ගිලින එකෙක් වෙන්නනම ඕනි. (ර)
සමහර විට ඌටත් කොහෙන් හරි අසාධාරණයක් වෙලා ඇති ..? (ර)
යන්න තිබුනේ දියවන්නාව පැත්තේ .(අ)
ආරක්ෂා කල යුතු සත්වයෙක්. අති භයානකයි එත් පාරිසරික තුළනය සඳහා මෙම සත්වයින් අවශ්‍යයි. (අ)
අපි මේ කිඹුල් නිලධාරිතුමාට අපි නමක් දාමුෙ"කපිල\" කියලා. කපිල කියන්නේ කිඹුලාට. එස්. අයි. කපිල. පොලිසියේ මහතුන්ට අපහාසයට නෙවෙයි කිව්වේ. විහිළුවක් කළේ.(හේ)
කොහොම ආවද දන්නේ නෑ.(හේ)
පැය 5ක් වැඩ කළාට කවුද මෙයාට පඩි ගෙවන්නේ. (නි)
පුදුමයි කිඹුල් පැටියව රිමාන්ඩ් නොකළ එක (නි)
හාෙද පැටියා. (අ)
ඌට පැමිණිල්ලක් කරන්න තිබුනද දන්නෙ නැහැනේ (නි)
සමහර යුග වල, ඇතැම් පොලිස් ස්ථානවල පැය 5 නොවෙයි මුළු සේවා කාලය තුළම වැයික්කියට අරක්ගත් කිඹුල්ලු හිටපු බව රහසක් නොවේ. එවැනි කිඹුල්ලු තම සහෝදර පොලිස් නිලධාරීන්වත් හපා කෑ අවස්ථා නොතිබුනා නොවේ. මේවා බොහෝවිට සිදුවුණේ ජනතා විරෝධී පාලකයින් බලයේ සිටි අවස්ථාවල. (නි)
පැටියාගේ තරම මෙච්චර නම් පැටියාගේ අම්මා කොච්චර ලොකු සතෙක් වෙන්න පුලුවන්ද? (නි)
හරිහැටි නීතිය ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට පාඩමක් කියාදෙන්නද කිඹුල් පැටියා ආවේ? කිඹුල් පැටියාට ජය! (නි)
කිබුල වුණත් දන්නවා. හොයාගෙන එන්න ඇත්තේ අපරාධ කරමින් යහමින් මඩිය තරකරගන්නා අර බඩ ලොකු පොලිස් රාළහාමි මාමලා ඉන්නවද කියලා බලන්න වෙන්න ඇති (නි)
මොන පැටියෙක්ද අප්පේ මේ? මුගේ සයිස් එක... (නි)
කැරලි මර්දන ඒකකය ජල බවුසර ගෙනල්ලා නැද්ද කිඹුලා මර්දනය කරන්න (නි)
ඌ වතුර ප්රශ්නය ගැන කියන්න ආවාද කියන්නත් බැහැ (නි)
අනේ මෙහෙමත් පොලිස් නිලදරුවෝ! අවි ආයුධ නොමැතිව පොලිසියට ආපු කිඹුල් පැටියාට බයවෙලාද? මේ පැටියා ආවේ පැමිණිල්ලක් කරන්නවත්ද කියලා හොයල බැලුවද? (නි)