පාසල් සිසුන්ගේ පෝෂණ නැංවීම සඳහා කිරි වීදුරුවක් දීමේ වැඩපිළිවෙලකට අවශ්‍ය ප්‍රතිපාදන දීමට සිය අමාත්‍යංශය සූදානම් බව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කියයි.
මේ සඳහා එම ප්‍රදේශයේම කිරි ගොවියන්ගේ නිෂ්පාදන යොදා ගත යුතු බවද ඇමැති පවසයි.
පෞද්ගලික සමාගම් කිරි මිලට නොගන්නේ නම් කිරි ගොවියා රැක ගැනීමට මෙවැනි පියවරක් ගතයුතු බව ඇමැති සඳහන් කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම වටිනා යෝජනාවක්. මෙය කිරි ගොවියා රැකීමක් පමණක් නොව ශ්‍රී ලංකාවේ අනාගතය ගොඩනැගීමට දමන අඩිතාලමද වෙයි. අතීතයේදී පස්ගෝරස වල රස බැලූ සිංහලයා මේ වන විට කිරි පරිභෝජනයෙන් ඈත් වී සිටී. අපගේ ජාතිය ගොඩනැගීමට මෙය අගනා ක්‍රියාවකි. ලංකාවේ සෑම පශු වෛද්‍ය කොට්ඨාශයකම සත්ත්ව පාලන සමිති ගොඩනගා ඒ මගින් මෙය ක්‍රියාවට නැගිය හැකිය.
පිටි මිල වැඩි වෙනවා. කිරි පාරේ හලනවා. මොන රටක් ද මේ.
ඉස්සරත් දුන්නා... ඒ කොළඹට කිරි.. ගමට කැකිරි.....මේ පාර ගම්පහට කිරි අනෙත් පලාත්වලට කැකිරි වේවිද මන්දා...
නියම අදහස...
ප්‍රමිතියට දෙයි කියලා තමයි බය ,(ස)
ප්‍රේමදාස ජනාධිපතිතුමත් මීට අවුරුසු 20කට කලින් කරපු දෙයක්.
අදාල ප්‍රදේශයේ ප්‍රශ්ණයක් තියනවානම් විෂය භාර ඇමතිතුමාට දැන්විය යුතුයි.
ආනයනික කිරිපිටි බද්ද ඉහළ දමා එම ආදායම මිල්කෝ ආයතනය දියුණු කරන්න යොදා ගත්තා නම් හොදයි
රටේ හැම පාසලක ළමයින්ටම කිරි වීදුරුවක් දෙන්න
මේවා නිකන් යලට මහට ගේන යෝජනා. ඊට පස්සේ බලමුකෝ මේකෙ කොහෙන් කොහෙන් නවතීද කියලා... අන්තිමේදි ළමයින්ට මොනවා ලැබෙයි දන්නෑ...මැද ඉන්න පිරිසකගේ අතමිට සරු වෙයි... ගොවියටත් නෑ, ළමයින්ටත් නෑ. අපි දන්නේ නැද්ද,
රජයේ ආයතන හැම එකකටම ලබා දෙන්න...(ස)
කාලෙකට පස්සේ........(ස)
අදහස නම් අගය කල යුතුයි ..රජයේ කාර්යාල , ත්‍රිවිධ හමුදාවටත් කිරි වීදුරුවක් දුන්නොත් වැඩේ තවත් සාර්ථක වේවි.
හොඳ අදහසක් ...අඩිතාලම ඉක්මනට දාන්න....
බලමුකෝ එකෙනුත් කීයක් හරි ගන්න...........
අන්න වැඩේ... හැබැයි හරි විදියට කරන්න. හරි ප්‍රමිතියට බලන්න. හරි පාරට යමු
ඔබ ළමයින්ගේ ‘කිරි පියායි‘
හැබැයි හරි විදියට කරන්න. හරි ප්‍රමිතියට බලන්න
අතීසාරයට අඹුඩ ගැසීමකි
කිරි පාරවල් දිගේ හලාගෙන යන්නේ නැතුව එහෙමවත් දෙයක් කරනවනම් හොඳයි... (ස)
පුත්ගලික සමාගම් කව්ද කියා රටටම කියන්න. ජනතාව ඔවුන් වර්ජනය කරන බව සහතිකයි.
ඇමති තුමා ඔබ හරි..
අනේ දෙයියනේ අපේ ළමයි මෙච්චර කල් ඔය කිරි වීදුරුව බලාගෙන හිටියේ නෑ නේ...හැම දෙයකටම රජය මැදිහත් වෙනව වගේ පුද්ගලික අංශයට බල කරන්න නිෂ්පාදනය වැඩි කරන ලෙසට. මෙය හොද විසදුමක් නොවේ.ආනයනික කිරි වලට ආදේශනයක් කල නොහැකිද?
මෙන්න වැඩ ඔබ තුමාට ජය ශ්රී.....
නියමයි මහත්තයෝ , අන්න එහෙම ඉමු, මට හිතෙන්නේ ඔයගොල්ලන්ට ඇත්තටම කිරි ගොවීන් ගැන දුක හිතෙනවා වගේ (ස)
අවශ්‍ය ප්‍රතිපාදන වීදුරුවක් 20/=යි.
අවශ්‍ය ප්‍රතිපාදන වීදුරුවක් 20/=යි.
කතාවට සීමා නොවී වැඩෙත් උනොත් අයෙත් මහපාරේ කිරිහලන්න ඕන වෙන එකක් නෑ
හැබැයි මෙ පිංතුරයේ දෙපැත්තෙන් පවුසි ඇමතියි බන්දුල ගුණවර්ධන ඇමතියි ඉන්න නිසා වැඩේ සාර්ථක වෙයිද දන්නෑ.