
(බිමල් ශයාමන් ජයසිංහ සහ බුද්ධික කුමාරසිරි)
පනාගොඩ මැදමණ්ඩිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියාරච්චි මහතා අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය සඳහන් කරයි.
තුවාල ලද වැල්ලවාය හුවමාවෙල, තිවැල් කඳුර පදිංචි 65 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහල වෙත ඇතුලත් කර ඇත.
මන්ත්‍රීවරයා මෝටර් රථය පදවාගෙන පැමිණෙමින් සිටියදී මාර්ගය හරහා මාරු වෙමින් සිටි පදිකයාගේ ඇඟේ ගැටීමෙන් තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කරයි.
රිය අනතුරක් සිදුකර පදිකයකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.
50 හැවිරිදි මන්ත්‍රීවරයා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd