කිලෝ ග්‍රෑමයක ආනයන කිරිපිටි බද්ද රුපියල් රුපියල් 25කින් වැඩි කළ බව රජය කියයි.
මේ අනුව අනුව රුපියල් 57ක් වූ කිරිපිටි බද්ද දැන් රුපියල් 82කි.
ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි මිල අඩු වී ඇතත් කිරිපිටි සමාගම් මෙම වාසිය පාරිභෝගිකයාට මෙතෙක් ලබා දී නැත.
කිලෝ ග්‍රෑමයක ආනයන කිරිපිටි බද්ද රුපියල් රුපියල් 25කින් වැඩි කළ බව රජය කියයි.
මේ අනුව අනුව රුපියල් 57ක් වූ කිරිපිටි බද්ද දැන් රුපියල් 82කි.
ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි මිල අඩු වී ඇතත් කිරිපිටි සමාගම් මෙම වාසිය පාරිභෝගිකයාට මෙතෙක් ලබා දී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට අනිද්දාට මවු කිරි වලට බද්දක් ගහවි. ඊට පස්සේ වැසිකිලි බද්ද , කසාද බද්ද, දරු බද්ද ..අනේ එත් ඉතින් කමක් නැහැ, අපේ තුමා ලා ටික සුවසේ ඉන්නවානේ. (ස)
අනේ දෙවියනේ! (නි)
ඊයේ පාන් පිටි. අද කිරි පිටි. දවස් 2ක් සතියක් හැමෝම කතාකරයි. පාර්ලිමේන්තුවේත් කතා කරයි.ඉන්පසු අමතක වෙයි. (නි)
මේ විදියට ලගදීම හරකුන්ටත් බදු ගහයිද? (නදී)
සන්තොශය් ආසාවේ බෑ. කවදද අනේ මිල වැඩි කරන්නේ ? (නදී)
දුප්පත් මිනිහාගේ ළමයෙකුට බොන්න කිරි ටිකක් ගන්න විදිහක් නැහැ.මේක වෙන්න ඇති ආසියාවේ ආශ්චර්යය. (නි)
මම දන්නවා ලඛිත... "හොඳ වෙලාවට උදේට තේ විතරක් බොන්නෙ" (ස)
කෝ මේ ලංකා තිලක් තුමා ? දේශපාලක ප්‍රශ්නයකදී නම් මල්ලත් අරගෙන සංවාද මණ්ඩපයට දුවගෙන එනවා. මේ වගේ ජාතික ව්‍යසනයකදී පැත්ත පළාතේ නැහැ. (නදී)
කරුණාකරලා කිරි පිටි ග්‍රෑම් 400 කිරි පිටි පැකට් එකක් රු.2000 ක් වැනි මිලකට වැඩි කරන්න, මෙහෙම ටික ටික වැඩිකලාට දේශප්‍රේමයෙන් උදම් වී සිටින අපේ ඇගට දැනෙන්නේ නැහැ. අපිට බදු මිල ප්‍රශ්නයක් නොවෙයි. අපි දැන් ආශ්චර්යයෙන් මත් වෙලා ඉන්නේ. මොකද ලැම්බෝර්හිනි ,ඉහල පැලැන්තියේ බලු කෑම මේවගේ බදු ඉවත් කරලනේ තිබෙන්නේ. සුබ අනාගතයක්! (නදී)
දේශීය ගොවියා ආරක්ෂා කරන්න සහල්, අල, බී ලුණු වැනි දේවල් වල ආනයන බද්ද වැඩි කරනවා. කිරිපිටි බද්ද වැඩි කරලා තියෙන්නේ මොන එකකටද? (නි)
කමක් නැහැ ලම්බෝගිනි ලාබයි පුන්නක්කුත් ලාබයි (නදී)
මිනිසුන්ට මතක නැති වෙනවා ඡන්දෙදි. ඹ්වා නැත්නම් මෙහෙම වෙනවද ? (නදි)
දැන් කිරිපිටි මිල වැඩි කරන්නේ නැතිව කොහොමද ඊළඟ මැතිවරණය ලං වෙනකොට මිල බස්සන්නේ ? (නදී)
ඉතාම සාධාරණ වැඩක්. අපි සැමදා ඔබ සමගයි. (නදී)
මේක ජාතන්තර කුමන්ත්‍රණයක්. වහාම විමල් ඇමතිතුමාට කියන්න ඕන උපවාසයක් කරන්න කියල මේකට විරුද්දව.(නදී)
කමක් නැහැ...එන චන්දෙදි මිනිස්සු යහපත් ප්‍රතිචාර දක්වාවි..(ස)
අහිංසා, අපි අරන් තියන මුදල් වලට දැන් කියන්නේ "ණය" කියලා නොවෙයි. ඒවා "ණය ආධාර " . ඒ මොකද අපිට කව්රුවත්ම "ආධාර" ඒ කියන්නේ ආපසු ගෙවිය යුතු නැති මුදල් හෝ ද්‍රව්‍ය දෙන්නේ නැහැ. මීට ඉහත කාල වලදී ඒවායින් බොහොමයක් ලැබුණේ අපි ධනවාදී හෝ අධිරාජ්‍යවාදී කියා තරහා කරගත් රටවලින්. චීනෙන් සහ ඉන්දියාවෙන් ලැබෙන ණය සහ පොලිය ගෙවන්නත් ඒ අය අපිට නැවතත් ගිනි පොලියට ණය දෙනවා. (ස)
රට හරක් ගෙ කිරි අපිට මොකටද? (ස)
කිරිපිටි මිල වැඩිකළා කියා මේ අය කෑගැහුවට ඔබතුමාලා ගණන් ගන්න එපා. ඔය කිරි පිටි මිල,පාන් මිල වැඩි කරලා,පාසල් ටිකත් වහල දැම්මට කමක් නැහැ.මැතිවරණ කාලෙටත් අපට හොඳට කෑම,බීම දෙන නිසා අපි මෙවරත් අපේ මනාපය ඔබතුමාලටමයි. අපි එහෙමයි.
කමක් නැහැ යුද්දේ ඉවර කලානේ. අපේ රටේ ඉන්න හරක් ටික බැලුවම ඒ අයගෙන් කිරි දොවල මුළු ලෝකෙටම දෙන්න පුළුවනි. එත් අපි බොන්නේ පිට රටින් එන පිටිකිරි. ඒකේ කිසිම ගුණයක් නැහැ, මිලත් වැඩියි. මගේ රටට දෙවියන්ගේ පිහිටයි. (ස)
කමක් නැහැ. අපි පුලුවන් හැටියකට විඳගන්නන්කෝ... (නි)
ඊළඟට දරු බද්දක් ගහවිද දන්නේ නැහැ. එක ළමයෙකුට වැඩියෙන් ඉන්න පවුල් ටික අල්ල ගෙන (නදී)
කොච්චර කොමෙන්ට් දැම්මත් ඔච්ච්චරයි. කොහොම හරි හයිලන්ඩ් පිටි එකත් වැඩි කරාවී ඉල්ලුමට සපයන්න බැහැ කියලා. ඉන්න තරම් තුමාලා සැප විදිනවනේ, ආස්චර්යය තමියි මේ (නදී)
කමක් නැහැ ලම්බෝගිනිය දුවන්නේ කිරි පිටි වලින් නෙවෙයිනෙ (නදී)
මෙය හොඳ දෙයක්.(නදී)
ඇයි කිරිපිටි විතරක්. අල ලුණු පරිප්පු, අත්‍යාවශ්‍ය බෙහෙත්, ළදරු ආහාර, පාන් , බනිස් , විලි වසා ගන්න ඇඳුම් , ඉපදෙන විට ගහන බද්ද, උපයන විට ගහන බද්ද , මැරෙන කොට ගහන බද්ද ආදී මේ හැම දෙයක්ම ක්‍රියාත්මක කරන්න මේ ගංවතුර ආපදා කාලය තරම් ගැලපෙන අවස්තාවක් ආයෙත් එන්නේ නැහැ. (නදී)
මිනීමරු ප්‍රබකරන්ට වුනත් යම් කිසි ප්‍රතිපත්තියක කියල දෙයක් තිබුනා.(නදී)
අනේ,,, අම්මේ....... කිරි බොන්න බැරිවෙයි කියල අදහස් දමල තියන බබාලා ටික ගැන හිතන කොට මට දුකේ....... බෑ...... තනි ඇහැට ඇඩෙනවා (නදී) ...
මට නම් කිරි කීය වුනත් කමක් නැහැ. කොලොස්ටෝරෝල් වැඩි නිසා මම කිරි බොන්නේ නැහැ. (නදී)
අද ඉදල කිරිපිටි බැහැ ඊයේ ඉදල පිටි බැහැ. දෙයියනේ කිරි පිටි මිල වැඩි කරලා මාස කීයද ? අපිට වහ දීල මරල දාන්න. කොහොමද ගන්න පඩියෙන් ජීවත් වෙන්නේ කියලා මේවා කරන නරුමයන්ට තේරෙන්නේ නැද්ද (නදී)
ඇත්තටම අපේ රටේ ජනතාවට කොන්ද පණ නැහැ කියලයි මට හිතෙන්නේ.කෙලින් තීරණයක් අරගන්න කාලය හරි (නි)
ඊයේ පාන් මිලට කෑ ගැහැව්වා අද කිරිපිටි මිලට කැ ගහනවා හෙට මොකුත් මතක නැහැ අනිද්දා ගිහින් එයාලාටම කතිරේ ගහනවා. අනේ අපි වගේ මෝඩයෝ ටිකක්.(නදී)
කිරිපිටි මිළ අඩුකරන්න...........(නදී)
කව්ද කියන්නේ රටේ දරුවන්ගෙන් 45% මන්දපෝෂණයෙන් පෙළෙනවා කියල.රටේ ගැබිණි මව් වරුන්ගෙන් 40% රක්ත හීනතාවයෙන් පෙළෙනවා කියල. (නදී)
ඉදිරියේදී ලංකාවත් ඉතියෝපියාවක්,සෝමාලියාවක්,බංගලිදේශසයක්, උගන්ඩාවක්,සුවාසිලන්තයක් වෙනවා දකින්න අපි කැමති නැහැ.(නදී)
ඉදිරියේදී ඇදන් යන ඇදුම ගලවන් දුවන කාලයක් වුදා වෙයිද මාර්කෝස් පාලනය කල පිලිපීනයේ වගේ. (නදී)
අපිව නොමරම මරනවා. (නදී)
දැන් බඩු මිල වැඩි කරන්නේ මැච් එකට කලින්. වැඩි වෙලාවක් එතකොට ඒක ඔලුවේ තියෙන්නේ නැහැනේ. මැච් එක පටන් ගත්තහම සේරම අමතක වෙනවා. පහුවදාට කතා කරන්නේ පිටි මිල ගැන නෙමෙයි මැච් එක ගැන. කොහොමද අපේ පාලකයන්ගේ ක්‍රම වල ලබා ඇති දියුණුව (නදී)
යුද්දේ ඉවර කරපු නිසා දැන් අපිට මොනවා කලත් කමක් නැ, නේද තුෂාර. පොඩ්ඩක් බලන්න අතගාලා (නදී)
අයියෝ අපිත් ඉවරයි බබාලත් ඉවරයි.(නදී)
අධිවේගී මාර්ග,ගුවන් තොටුපොළවල්,වරායවල් තියෙන්නේ තව මොනවද ඉල්ලන්නේ? (නදී)
මගේ පඩියෙන් දෙමව්පියන්ටයි පව්ලටයි දරුවන්ටයි සලකලා ගෙවල් කුලී ගෙව්වහම ගොඩාක් සල්ලි ඉතුරු වෙනවා .කැමති තරමක් බදු ගහන්න. (නදී)
දිනකට කොටි ගණනක් වියදම් කරන අපේ ආදරණීය පාලකයන් වෙනුවෙන් අපි කිරි නොබී උනත් ඉන්නම්.(නදී)
මැති ඇමති වරු එකසිය ගානක් නඩත්තු කරන්න ඔය මුදල කොහොමවත් ප්‍රමාණවත් වෙන්නේ නැහැනේ..(ස)
අනේ අපිට වස වල මිල අඩු කරලා දෙන්න. (ස)
හුරේ ....අද මැච් එක දින්නට පස්සේ එන්න තිබුන නිවුස් එකක් කලින් ඇවිත්..(නදී)
තවත් සාඩම්බර ක්‍රියාවක් (නදී)
ලංකාව තුල කිරි ගොවියන් වැඩිකර ප්‍රමිතියකට එළකිරි බෝතල් සෑම වෙළද සලකින් සාදාරන මිලකට ගන්න පුළුවන් ආකාරයකට සකස් කළා නම් ඔය පිටිකිරි වලට ඕන බද්දක් ගහ ගන්න කියන්න තිබ්බා. කොහෙද අපේ මිනිස්සුත් ඔය පිටිකිරි වීදුරුව නොබිවොත් මැරෙනවා වාගේනේ කටයුතු කරන්නේ. ලෝකේ මැරෙනකන් කිරි බොන එකම සත මිනිසා....චිහ්... හරිම ලැජ්ජයි.....(නදී)
ඒ කියන්නේ දැන් නම් සමාගම් කොහොමත් කිරිපිටි මිල අඩු කරන එකක් නෑ. එයාලා කියයි බද්ද වැඩිඋන හින්දා මිල අඩුකිරීම කෙසේ වෙතත්, මිල වැඩි කරන්න වෙයි කියලා. පිටිකිරි බොන එක නවත්තලා නැවුම් එළකිරි බොන්න කියලා මාත් පටන් ගත්තා. ඒත් ඒවායේ පැකට්ටුවක් රුපියල් 200 විතර වෙනවා. දින තුනකට විතර සැහෙනවා. එතකොට මාසෙකට රුපියල් 2000 ක් විතර යනවා ඒකට විතරක්. ඒත් ඉතිං රුපියල් 2500 න් ජිවත් වෙන අපි කොහොමද රුපියල් 2000 ක් ම කිරි වලට වැය කරන්නේ? (නදී)
කමක් නෑ. යුද්දෙ ඉවර කලානේ. (නදී)
විමල් ඇමති තුමාගේ පක්ෂය ඉල්ලුවේ කිරිපිටි වැඩි කරන්ඩ කියලද.? අනේ ඇමති තුමෝ ආයිනම් අනන් මනන් ඉල්ලන්ඩ එපා. (නදී)
දියුණු රටවල් කිරිබිම දැන් නතර කරලා තියෙන්නේ. කෝපි එකට දියර කිරි මේස හැන්දක් වගේ කලවම් කරන්නේ; පොල් කිරි අති ජනප්‍රිය වේගෙන යනවා. (නදී)
මේවට වග කියන්න ඕනේ අපිම තමා. අපේ රටේ මෙච්චර කිරි තියද්දි අපි පිටරටින් එන කිසිම ගුණයක් නැති කිරි බොන්න පුරුදු වෙලා. අපි නිකන් හරි ලංකාවේ හදන පැලවත්තේ හයිලන්ඩ් වගේ කිරි වලට නැඹුරු උනොත් ඔය පිට රටින් ගේන කිරි මිල නිකන්ම අඩු වෙනවා. (නදී)
අපිට ලේ දෙන්න පුළුවන්, අපිට මොලේ දෙන්න බැහැනේ. (නදී)
මට නම් කමක් නෑ. මොකෝ මමනම් මගේ ළමුන්ට කිරිපිටි දුන්නේ නෑ. මවු කිරි ඉවර උනාම අපි කන කෑම පුරුදු කළා. අපි කිරි බොන්නේ නැහැ (නදී)
කිරිබොන එක විතරක් නොවෙයි තව කොච්චර දේවල් නවත්වන්න පුලුවන්ද එතකොට අපිට ආයේ දඩයම් යුගයටම යන්න පුළුවන් ! (නදී)
වස වල මිල පාලනය කර දෙන්න (නදී)
ලංකාවේ අපට ලෝකේ දේවල් වලට රටේ දේවල්වලට මුහුණ දෙන්න වෙන්නේ දුප්පත් අපිට ලැබෙන සොච්චමෙන්. මේ ලියන්නේ හරිම හිතේ දුකෙන්. උදේ තේ විතරක් බිල බඩගිනි නිවාගන්න අපිට කිරි පිටි වල මිල මේ ආකාරයට වැඩි වෙන කොට අපිට හිතෙන දේ දන්නවද? (නදී)
බද්ද වැඩි කරව්වේ යුද වියදම් වැඩි නිසා ද? (නදී)
ලංකාවේ මොනම පක්ෂයක හෝ දේශපාලකයෙකුගෙන් අහන්නකො " කිරිපිටිවල මිළ කියද ? " කියලා. හරි ගාන කව්රුවත් දන්නේ නැහැ. (නදී)
අසරණ මිනිස්සුන්ට කන්න බොන්න බැරි කාලයක් උදාවෙන්නේ. මැති ඇමතිවරු එකසිය ගානට. (ස)
කවුද උපදෙස් දෙන කෙනා? ඊළඟ ආණ්ඩුව එනතුරු බලන් ඉන්න කෙනෙක් වෙන්න ඕන. ආණ්ඩුව මේ තරම්ම ආර්ථික අහේනියක ඉන්නවා නම් ලේකම් ගැන විමල් කියන කතාව බොරු නෙමේ. (ස)
කිරි පිටි සමාගම් වල එකාධිපති වාදය දැක දැක තාමත් එවුන්ටම කඹුරන රටක් ලෝකේ තවත් නැතුව ඇති. කවද මේ අපේ රට හැදේවිද? දේශීය සමාගම් වල නිෂ්පාදන ඉහල නංවන්නේ නැතුව පිටරට සමාගම් පෝසත් කරන හැටි දැක්කම පුදුමාකාර දුකක් දැනෙන්නේ. (ස)
ඔය බද්ද වැඩිකළේ ..රටේ සෝබනය වැඩිකරන්න ....චිනාගෙන් ..සහ වෙනත් ණය දෙන ආයතන වලින් ගත්ත ණය වල ..පොලිය ගෙවන්න. ණය නෙවෙයි ..පොලිය. එතකොට ණය ගෙවන්න වෙන්නේ ඔබගේත් මගෙත් නූපන් පරම්පරාවල අහිංසකයන්ට. ඕක තමයි අපේ රටේ ඉන්න සහෝදර ජනතාවට නොපෙනෙන සුන්දර ආශ්චර්ය. කිරි බොන්න බැරි නම් වස බීපල්ලා, කියන දවස වැඩි ඈතක නැහැ වගේ. (ස)
කමක් නෑ යුද්දේ දිනුවා නේ. (ස)
මෙන්න අපිට ගංවතුර සහනාධාරයක් ! අනේ පින් සිද්ධ වෙච්චාවේ! (ස)