IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


කිරිඇල්ලගෙන් රනිල්ට ප්‍රශ්නයක්

 

(සුජිත් හේවාජුලිගේ)

අලුතින් පිහිටුවීමට යන සර්වපාක්ෂික ආණ්ඩුව ක්‍රියාත්මක වන කාල සීමාව අනෙක් සෑම දේටම පෙර  මුලින්ම රටට හෙළි කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

ජනාධිපතිවරයා බොහෝ කරුණු කතා කළද තවමත් ඒ ගැන අදහසක් පළ කර නැතැයි හෙතෙම සඳහන් කළේය.

ඕනෑම පක්ෂයකට සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා කෙටි කාලයකට සහයෝගය ලබාදිය හැකි වුවත් දීර්ඝ කාලයක් සඳහා එසේ කටයුතු කළ නොහැකි බව පෙන්වා දෙන කිරිඇල්ල මහතා සියලු දේ කළ හැක්කේ  පක්ෂයේ අනන්‍යතාවය ආරක්ෂා කෙරෙන පදනම තුළ  පමණක් බවද ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවසාන කාලයේදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් මාස හයක් වැනි කෙටි කාලයකට පිහිටුවීමට එකඟවූ බවත්  පොදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කර රට යථා තත්වයට පත්කර ගැනීමෙන් පසු ඒ කාලසීමාව ඇතුළතදී   මැතිවරණයකට යෑමට  එහිදී තීරණය කෙරුණු බවත් මන්ත්‍රීවරයා පැවැසීය.

වර්තමාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමග තව වසර තුනකට ඡන්දයක් නොපැවැත්වෙන බවට ප්‍රකාශ කර ඇති හෙයින් ඒ පදනම යටතේ සර්ව සර්වපාක්ෂික රජය  ක්‍රියාත්මක වන කාල සීමාව පිළිබඳව බරපතළ සැකයක් මතු වන බව හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.



අදහස් (8)

කිරිඇල්ලගෙන් රනිල්ට ප්‍රශ්නයක්

මහේෂා Monday, 08 August 2022 10:46 AM

අනේ මනුස්සයෝ... මේ රටටම කෙළවෙච්චි වෙලාවක්... මේ වෙලාවේ වත් දේශපාලනේ න්‍යාය පත්‍රයේ පැත්තකින් තියලා රට වෙනුවෙන් යමක් කරන්න හිතාගන්න. පැහැදිලිවම මේ රටේ රාජපක්ෂ පරපුර විතරක් දේශපාලනේ ඉන්න ඔක්කොම ‍රටට ණයයි. තමුන් කියලා වෙනසක් නෑ. කරපු කෙහෙල්මලක් නැහැනේ... කළා නම් රට හිඟමනට වැටෙන්නේ නැහැනේ... දැන්වත් මේ අවුරුදු 2ක් වැඩක් කරලා රට බේරගෙන ඊළඟ ඡන්දෙට යන්න. තමුන්ටත් දැන් 75ක් නේද?

:       21       11

ravin Monday, 08 August 2022 10:57 AM

එතකොට මධ්‍යම අධිවේගයෙන් ගන්න පුළුවන් ගණන සකසා ගන්න පුළුවන්ද?

:       5       9

මොට්ටපාල Monday, 08 August 2022 10:57 AM

රටට හෙන ගැහුවාම මට මොකෝ...? මට ඕනෑ කොහොමින් කොහොම හරි මගේ සාක්කුවට වාසියක් විතරයි කියලද මේ කියන්නේ..?

:       9       8

janaka Monday, 08 August 2022 11:06 AM

වැදගත් දෙයක් ගැන කිව්වමද කොහේද?

:       5       12

podi hamine Monday, 08 August 2022 12:36 PM

කාලෝචිත ඉල්ලීමක්... ජනතාව ඉල්ලන්නේ ඡන්දයක් තියලා සුදුසු පාලනයක් ඇතිකර ගන්න අවස්ථාවක් මිස පරණ කැඳ හැලිය රත්කිරීම නොවේ.

:       4       24

fairoos Monday, 08 August 2022 01:02 PM

පොහොට්ටුවේ අයට කොහොමහරි තව අවුරුදු 2ක් රට කන්න වුණේ...

:       3       15

BamunuarachchiTuesday, 09 August 2022 09:27 AM

ඇයි 2014-2020 දක්වා රටත් කාලා අපේ ගම්මිරිස් කර්මානත්යත් කෑවා මදිද?

:       0       0

Anjana imanka Tuesday, 09 August 2022 05:24 PM

මේ වගේ දේශපාලකයන් සිටින තාක් අපි සංවර්ධනය වෙමින් සිටින රටක් තමා.ආන්ඩුවෙ කාලසීමාව හොයන්න පෙර ඔබ වත්කම් සොයාගත් හැටි රටට හෙලි කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 74 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මල්ලීගේ පොලු පහරින් අයියා මරුට
2024 නොවැම්බර් මස 15 288 0

ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් දුර දිග ගොස් මල්ලි එල්ල කළ පොලු පහරින් අයියා මියගොස් ඇති බව සාලියවැව පොලිසිය අද(15) පැවසිය.


දිගාමඩුල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 451 0

2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු


අවසර නැතිව සැප රියෙන් ඡන්ද ගණින තැනට ගිහින් කුඩුවේ
2024 නොවැම්බර් මස 15 1301 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්


ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 2832 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මඩකලපුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට
2024 නොවැම්බර් මස 15 972 0

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 257 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 579 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1697 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site