වාර්ෂික ගිවිසුම පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී පෙරේදා (03) රාත‍්‍රි පැවැති සාකච්ඡවට සහභාගි වී පිටව යන අතරවාරයේදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ වේග පන්දුයවන්නකු වන ලසිත් මාලිංග මාධ්‍යවේදීන්ට ප‍්‍රතිචාර දැක්වූ ආකාරය අන්තර්ජාතික මට්ටමේ ක‍්‍රීඩකයකුට තරම් නොවන මට්ටමක පැවතුණි.
මාධ්‍යවේදීන් සාකච්ඡවේදී සිදුවූ දේ පිළිබඳව ලසිත් මාලිංගගෙන් විමසා සිටි අවස්ථාවේදී ලසිත් මාලිංග පවසා ඇත්තේ ‘මොන ගිවිසුමක් ද අපිට ඩිනර් එකක් තිබුණා, ඒකට ගියා’යනුවෙනි.
මාලිංග දෙසට කැමරාව යොමු කළ මාධ්‍යවේදීන් වෙත ද අප‍්‍රසාදය පළ කළ මෙම ක‍්‍රිකට් ක‍්‍රීඩකයා ඔවුන්ගෙන් විමසා සිටියේ ‘මොකද මගේ මුහුණ දැකලා නැද්ද’ කියාය.
ලසිත් මාලිංග, ශ්‍රී ලංකා ක‍්‍රිකට් වාර්ෂික ගිවිසුමේ ඉහළම කාණ්ඩයට ඇතුළත්ව සිටින ක‍්‍රීඩකයකු වන නමුත් ඔහු ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටීම නිසා කොන්ත‍්‍රාත් මුදලින් 60% ප‍්‍රමාණයක් පමණක් හිමිවේ. ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් අතරින් මුදල් ගෙවන විදේශිය තරගාවලි වැඩිම ප‍්‍රමාණයකට සහභාගි වන ක‍්‍රීඩකයා ද මාලිංග වේ.
ටෙස්ට් සහ එක්දින පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස්, හිටපු නායක කුමාර් සංගක්කාර සහ විස්සයි20 නායක දිනේෂ් චන්දිමාල් මාධ්‍යවේදීන්ට මෙහිදී ඉතාමත් සුහදශිලි ලෙසත් මහත්වරු ලෙසත් ප‍්‍රතිචාර දැක්වූහ.
එහිදී සංගක්කාර පවසා ඇත්තේ තමන් ගොඩක් වෙහෙසට පත්ව සිටින බවත් ගිවිසුම පිළිබඳව ප‍්‍රශ්නයක් තිබූ බවත් ඒ පිළිබඳව සාකච්ඡ කිරීමට තමන් ගිය බවත්ය.
‘‘ඇතුළේ කථා කරපු දේවල් මට එළියෙ කියන්න බෑ, නමුත් ගිවිසුම පිළිබඳ ප‍්‍රශ්නයක් තිබුණා එය විසදා ගැනීමට ගියා’’ යැයි ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිංග මල්ලි බැලුමේ හුලන් වැඩි උනාම නිකම්ම පිපිරෙනවා (දී)
මාලිංග ලක්ෂ 20 ක් ගන්නවාද ලක්ෂ 40 ගන්නවාද (දී)
උද්දච්ච කම මිසක් වෙන මොකද්ද (දී)
මිනිස්සු මාලිංග ගැන තියලා තිබ්බ ප්‍රසාදය නැතිම උනා (දී)
මෝඩකම ප්‍රදර්ශනය කිරීමක් (ස)
බලන්න අනිත් ක්‍රීඩකයෝ තමන්ගේ නම්බුව තියාගෙන හිටියා (දී)
හෝටලයකට ගියානම් ඉවරයිනේ (දී)
මාලිංග හැසිරිච්ච විදිහනම් අන්තිම කැතයි (දී)
ඕකනේ බැරි, මිනිස්සු ඉස්සරහා වීරයා වෙන්න ගිහිල්ලා නිකං නම කතාකර ගත්තා (දී)
ක්රිකට්....සල්ලි.....කලබ්.....කෙල්ලො (ස)
හරිම කැතැයි , මෙයාල ජීවිතාන්තය තෙක්ම ක්‍රිකට් තහනමකට ලක්කර යුතුයි . (ස)
මෝඩ කම තිබුණට පෙන්වන්න එපා . උඩ පැන්නොත් බිම වැටේවි (ස)
අයියෝ මාලිංග (දී)
මීට පස්සේ මම මාලිංග පන්දු යවන කොට චැනල් එක මාරු කරනවා (දී)
සල්ලි කියන්නේ හැම දෙයක්ම නොවන බව මතක තියා ගන්න. ඉහලට යන්න යන්න නිහතමානී වෙන්න. කවදහරි ඉතිරි වෙන්නෙ තමන්ගෙ හොද නම මිසක් සල්ලි නම්බු නාම නෙවෙයි. මෙවන් හැසිරීම රූපවාහිනියෙන් දැකීමෙන් කලකිරුණා. (ස)
සල්ලි.....සල්ලි.....සල්ලි..... සියල්ල සල්ලි වලට යටයි (දී)
මාලිංගගේ හැසිරීම නිසා ලංකාවේ ක්‍රිකට් නාමයම කතා උනා (දී)
මම ඔය වීඩියෝ එක දැක්කා. මාලිංගගේ හැසිරීම සාධාරනයි. එයාලට මාධ්‍යයට කථා කරන එක තහනම් කරලා තියෙන්නේ. වැරදි දෙයක් කියවුනොත් අමාරුවේ වැටෙන්න පුළුවන්. (නි)
මෙතෙන්ට මොකටද ආවේ රෑට කන්න (දී)
එදා අර්ජුන මාලිංගට කොන්ඩේ කපලා සෙල්ලම් කරන්න කිව්වේ ඕක තමා. කොහෙද ඉරිසියාව කියල හැමෝම බන්නනේ. ක‍්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක‍්‍රිඩාවක් එකේ ගරුත්වය අද සල්ලි වලට යටවෙලා. (දී)
මාලිංගගේ රංගනය නියමයි (දී)
අපි දැක්කා මාලිංගගේ හැසිරීම අන්තිමයි (දී)
අමතක කරන්න එපා මෙයාගේ ගම (ස)
රටේ තැනක් ඇති වෙනකොට එයාම ඒ තැන නැති කර ගන්නවා (දී)
මාලිංග ඔයිට වඩා හැසිරෙන්න ඉගෙන ගන්න (දී)
එයාගේ කොන්ඩෙත් මැටි පාට වෙලා තියෙන්නේ මොළයේ මොකක්හරි අවුලක් නිසාද දන්නෙ නැහැ. (නි)
මහත්මයෙක් වෙන්න හැමෝටම බැහැ. (නි)
විද්‍යා දදාති විනයං... (නි)
මාලිංගට විනය පරීක්ෂණයක් තියන්නම ඕනේ (දී)
මාලිංගට ගැන පුරාජේරු කියවපු අයට හොද වැඩේ. (නි)
මතක නැද්ද දන්නෙ නැහැ 2012 ලෝක කුසලානයේදී ද්‍රෝනිගෙන් කාපු කෑම? (නි)
හැමදේටම වැඩිය වටින්නේ උගත්කමයි කියලා දැන් තමයි තේරෙන්නේ. (නි)
අයියෝ මාලිංග කාල එන්න එපායෑ ගදරින් එනකොට (දී)
මෙහෙම විනයක් නැති අය අපිට වැඩක් නැහැ. (නි)
ක්රිකට් ගැහුවට සමාජයත් සමග ගණුදෙනු කරන ආකාරයත් දැනගත යුතුයි. (නි)
මාලිංග මොකද උනේ එක පාරටම (දී)
කූඩැල්ලෝ මෙට්ටේ තිබ්බම ඔහොම වෙනවා (ස)
මේකෙන් පිළිබිඹු වන්නේ ඔහුගේ බුද්ධියේ තරමයි. (නි)
මහත්වරුන්ගේ ක්‍රීඩාය රැකුනේ මහත්වරු නිසයි. ඒත් ඒක නැති වෙන්නේ මේ අය නිසයි (ස)
මොකටද ඒ මාලිංගට කේන්ති ගිහින් තියෙන්නේ (දී)
පාලක මණ්ඩලයට නැතිවට වැඩ (දී)
අඩු කළේ දිය සෙලවේ (ස)
කාට කියන්නද මේ අව නඩුව (දී)
මාලිංග මොනවාද මේ කරන වැඩ (දී)
වචන වලින් හිතා ගන්න පුළුවන් (ස)
කණ්ඩායමට මොන සේවයක් කළත් ඔයාගේ හැසිරීම නම් අන්තිමයි. (නි)
මේක මම හිතන්නේ මාලිංග හැදුණු වැඩුණු පරිසරයේ වැරැද්දක් (නි)
මාලිංගට මොකද ඒ එකපාරටම උනේ, හොදට හිනා වේවි එලියට අවානේ (දී)
අන්තිම කැතයි මෙයාගේ හැසිරීම නම්. (නි)
මොනවා උනත් වැඩේ වැරදි (දී)
මේ වගේ අයව දේවත්වයෙන් අදහන මෝඩයෝ රැළකුත් ලංකාවේ ඉන්නවනේ. (නි)
බෝලේ දාන්න හයිය තිබුණට මොළේ නැති අය කියන දේවල් එච්චර ගණන් ගන්න එපා. (නි)
මුල අමතක වුණහම මෙහෙම වෙනවා. (නි)
මොන විකාරයක්ද මේ (දී)
වීරයෝ කියලා හිතන්ද මේ වගේ කෑගහන්නේ (ස)
මාලිංග මිනිස්සු ඉස්සරහා ඔය විදිහට හැසිරෙන්න එපා. ජීවිතේට දත් වලින් බත් කන්න වෙන්නේ නැහැ (දී)
මහත්මයා සෞත්තු වෙලා (දී)
මාලිංග මොකද කෑගහන්නේ (දී)
ආවේ මොකටද ගෙදරට වෙලා ඉන්න තිබ්බානේ (දී)
ලසිත් ඔබට දෙවි පිහිටයි (දී)
කට පියන් ඉන්නකම් මොඩයත් පණ්ඩිතයෙක්ලු කියලා කියමනක් තියෙනවනේ (ස)
හැසිරිච්ච කැත විතරක් (දී)
කොහොමත් මෙයාගේ වැඩ අනිත් අයට වඩා අමුතුයි තමයි මුල ඉඳලම (ස)
මාලිංග ඔබ දක්ෂ, මිනිස්සු ආදරය කරන කෙනෙක්. මොකටද ඔය විදිහට හැසිරෙන්නේ, බලන්න ඒ හැසිරිච්ච කැත. (දී)
මේ වගේ අය ජාතික කණ්ඩායමෙන් ඉවත් කරන්නයි තියෙන්නේ. (නි)
මාලිංග, ඔයාගේ අතීතය මතක තියාගෙන වැඩකරන්න. (නි)
මෙයාලට මොනවා හරි වුණාම තමයි මීඩියා මතක් වෙනනේ (ස)
මාලිංගගේ ඒ හැසිරීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ (දී)
අපිට මේ ලැබෙන රු 15000 න් ඔක්කොම කර ගන්නවා. මේ මිනිස්සුන්ට ලක්ෂ 20 දීලත් ඒක මදි කියනවා (දී)
සල්ලි තිබුනට වැඩක් නැහැ, මනුස්ස කම නැතිව (දී)
"උඩඟුකම විනාශයට මුල වේ " පැරණ ප්‍රස්ථා පිරුලක් (ස)
මාලිංග ඔය විදිහට හැසිරෙන්න එපා, කැතයි (දී)
එයා අවේ රාත්‍රී ආහාරය ගන්නලු. (දී)
නිහතමානීව සමාජයේ හැසිරෙන්න ඉගෙනගන්න. ඔබ නිවැරදි මාර්ගයට මෙම සිදුවීම හරහා හෝ යොමුවේවි කියල හිතනව. (ස)
පුදුමවෙන්න දෙයක් නැහැ . (ස)
මාලිංගට ඕනදේ වෙලා නැහැ වගේ (දී)
හැමදාම නත්තල් නැහැ. ඉන්දින් සල්ලී වලට ඔච්චර උද්දච්ච වෙන්න එපා. මොලෙ නැතත් නොපෙන්වා ඉන්න උත්සාහා කරන්න. (ස)
ජනමතය ප්‍රදර්ශනය කරනවා (නි)
මෙයා සහභාගි වෙන තරගයක්වත් බලන්න ආසාවක් නැහැ දැන්නම්. (නි)
කවදාහරි ඔයාටම ඔයා ගැන දුක හිතෙයි මාලිංග. (නි)
කොහොමත් එයාගේ ඔලුව ටිකක් වැඩියි තමයි. (නි)
ක්‍රිඩාව හරියට පුහුණු කළා නම් මෙහෙම වෙන්න නැහැ (දී)
කණ්ඩායමෙන් ඉවත් කළා නම් එයා හැදිලා එයි. (නි)
නිහතමානීව සමාජයේ හැසිරෙන්න බැරිද? (දී)
දක්ෂකම වගේම සමාජයේ හැසිරෙන්න ඉගෙන ගන්න ඕනේ (දී)
මේ පිලිබදව විනය ක්‍රියාමාර්ග ගත යුතුයි (දී)
මෙයා ඉපදුනු වෙලාවේ රන් කිරි කට ගෑවේ රත්තරන් හැන්දකින්ද දන්නෙ නැහැ (නි)
ලසිත් මාලින්ගට බනින හැමොම තමන්ට ඔය දේ උනානම් මොකද කරන්නෙ කියල හිතුවනම් හොදයි. (දී)
ලසිත් මාලිංගට බනින හැමෝම තමන්ට ඔය දේ වුණා නම් මොකද කරන්නෙ කියලා හිතුවා නම් හොදයි. මම නම් කියන්නෙ එයා බනින එක සාධාරනයි. (නි)
මේ හැමදේම මුදල් නිසාද? (දී)
කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගේ. (නි)
බජාර් එකේ චණ්ඩි වගේ කතා කරන එක ගැන ලැජ්ජයි. (නි)
මම ෆේස් බුක් එකෙනුත් මෙයාව අයින් කළා. (නි)
හරිම කැතයි කතාකරපු විදිය නම්. එයා හිතාගෙන ඉන්නේ අනෙක් කට්ටිය සෙල්ලම් කරන්න දන්නෙ නැහැ කියලයි. (නි)
මාලිංග පුලුවන්නම් කොල්ලෝ ටිකක් මැද්දට ඇවිත් ඔය වගේ කියලා බලන්නකෝ (දී)
ආරේ ගති නෑරේ... (නි)
මටනම් මාලිංග සෙල්ලම් කරන තරඟයක්වත් බලන්නේ නැහැ (දී)
මාලිංග. හිතාගෙන ඉන්නේ අපි කවුරු කියලාද (දී)
ගුණයක් නැතිකම (දී)
මෙයා හිතාගෙන ඉන්නේ එයාට විතරයි ක්‍රිකට් ගහන්න පුළුවං කියලා.. කණ්ඩායමෙන් එලියට දැම්මනම් ඉවරයි.!(නු)
සාමාන්‍යෙයෙන් මනුස්සයෙක් මාලිංග කියපු වචන කියන්නේ තරහකරුවන්ට.. අපිත් මේ අය අසාර්ථක වෙන වෙලාවට මොකුත් කියන්නේ නැහැනේ... ඒකට වෙන්නැති ඔය වගේ කතාකරන්නේ..!(නු)
මුල මතක නැති උනාම ඔහොම ඉක්මනට වැටෙනවා..!(නු)
සල්ලි පස්සෙම යන්න එපා, මනුස්ස කම තියා ගන්න (දී)
මාලිංග මිනිස්සුන්ට බනින කැත. (දී)
මුල අමතක කරන අය..!(නු)
එයා හින්දා තමයි අපිට හුගක් දේවල් නැතිවුණේ. (නි)
අපේ රට ගැන හිතලා වැඩ කරන්න..!(නු)
මාලිංගට උපරිම දඩුවම් දෙන තෙක් ජනතාව අවදියෙන්..!(නු)
විනයගරුක යහපත් ක්‍රීඩකයන් බිහිකිරීමට අඩිතාලම දමන්නේ පාසල තුලිනුයි. (නි)
මොකද මේ මාලිංග කවදාවත් නැතුව් කේන්ති ගිහිල් ලා (දී)
දැන් ඉතින් වෙලා තියෙන්නේ අර ඇටිකෙහෙල් කාපු උගුඩුවාට වුණ දේ තමයි. (නි)
තවුද කියලා තිබුණා.. මෙයාගේ ගම ගැන.. මාලිංග වගේ මිනිසුන් නිසා රත්ගමට ගරහන්න එපා.. මීටවඩා හොද පන්දුයවන්නන් රත්ගමින් බිහිවුණා. ඩි.එල්.එස්. ද සිල්වා වගේ අය.. අවාසනාවකට එයා නැතිවුණා.. රත්ගම මිනිස්සු කවදාවත් ජාතිය පාවා දීලා නැහැ.. (නු)
ආපෝ! ඔලුව ඉමිදිලා නේද? (නි)
මාලිංග මහත්තයෙක් විදිහට හැසිරෙන්න දන්නේ නැද්ද (දී)
ඒ මනුස්සයාට මොකාක් හරි අසාධාරණයක් වෙන්න ඇති කේන්ති යන්න (දී)
ආරේ ගුණ නෑරේ! (නි)
ඉංග්‍රීසියෙන් ප්‍රශ්නයක් ඇහුවා නම් ඉවරනේ. (නි)
ලැජ්ජයි. දක්ෂකම තිබුනට මොලේ කළදක් නැති බව පෙන්නු මෙවන් ක්‍රීඩකයන් ගැන අපි හදවතින්ම කනගාටු වෙමු.. ගමේ ක්‍රිකට් ගහල අද ලෝකෙම ප්‍රසිද්ද වෙලා ඉන්නේ ඇයි කියන එක මෙයාලට අමතක වෙනව සල්ලි ,වාහන තව තව දේවල් හම්බෙද්දී.. හැබැයි ඔවා ඔක්කොම තාවකාලිකයි කියන එක මතක තිය ගන්න.(නදී)
ඔයා ගැන ගමේ මිනිස්සුන්ගෙන් ඇහුවොත් ඇත්ත කියයි. (නි)
අමතක කරන්න එපා මෙයාගේ ගම.(දී)
ඔබ ඔය තත්ත්වයට ගෙනෙන්න මාධ්‍ය ඉටුකළ මෙහෙම අපමණයි. (නි)
අයි.පී.එල්. , දේශපාලනය නිසා වෙලා තියෙන දේ තමා ඔය. ලක්ෂ 40ත් මදි කියනකොට ලැජ්ජයි. අපිට නම් අවුරුද්දටම ඇති. ලැජ්ජයි ලැජ්ජයි... අපේ රට ගැන හිතලා වැඩ කරන්න..! (නි)
කේන්ති යන්නේ අවංක අයට. (නි)
හොද වෙලාවට ක්‍රිකට් කණ්ඩායමට ආවේ. (නි)
ඔහුව නිවැරදි මගට යොමුකළ යුතුමයි. (නි)
මාලිංග එයාගේ උද්දච්චකමත්,නැහැදිච්චකමත් ලෝකයට පෙන්නුවා. මාධ්‍යවේදින් කියන්නේ ජනතාව වෙනුවෙන් ජනතාවට යමක් දෙන්න කෑපවෙච්ච අයයි. මෝඩයා උද්දච්චයි කියලා කියමනක් තියෙනවානේ. හෑබෑයි ඉදිරියටත් ඔහොම වුණොත් ලංකාවේ මොනතෑනකින් හරි වේග පන්දු යවන මල්ලි කෙනෙක් මතුවුණොත් ඔයාටත් වෙන්නේ හැමදාම බෝල අල්ලා අල්ලා ඉන්න විතරමයි. එදාට මිනිස්සු මේ ලියපුවා බලලා හරි වරද හදාගන්න. (නි)
හැසිරීම නම් හරිම දුර්වලයි. විනය පියවරක් ගතයුතුමයි. (නි)
අඩුගාණේ කතා කරන්නවත් ඉගෙනගෙන නැහැනේ. (නි)
මෙයා ඩුබායි ඇවිදිල්ලත් අපේ කොල්ලන්ට සැර දැම්මා. (නි)
කූඩැල්ලාව මෙට්ටේ උඩ තියන්න බැහැ කියනවනේ. (නි)
පේනවා නේද වදගත් පාසැල්වලට ගිය වැදගත් කොල්ලෝ හැසිරෙන විදිහ. ඒ වෙනස අපි හොදට දැක්කා. සංගා සහ මාලිංගගෙන්. නුඹට කවදා හෝ මේ ගැන පසුතැවීමට සිදුවේ.(නදී)
මාධ්‍ය වලට ඔහොම තමයි උත්තර දෙන්න ඕනේ. ඒ ගොල්ලෝ දුමින්ද ආපු වෙලාවේ ආවරණය කළේ වෙන විදියකට. ප්‍රශ්ණ මොනවත් ඇහුවේ නැහැ. බාගෙට ආවරණය කළේ. දෙකම එයාගේ ඒවනේ.(නදී)
නියමයි! මාලිංග නියමයි! (නි)
ඔය මොනවා වුණත් අපේ රටේ අය උඩින් තියාගෙන ඉන්නේ මෙයාලවමනේ. (නි)
මාලිංග එයාගේ උද්දච්චකමත්,නැහැදිච්චකමත් ලෝකයට පෙන්නුවා. (නි)
සල්ලි කියන්නේ හැම දෙයක්ම නොවන බව මතක තියා ගන්න. ඉහළට යන්න යන්න නිහතමානී වෙන්න. කවදාහරි ඉතිරි වෙන්නෙ තමන්ගෙ හොද නම මිසක් සල්ලි නම්බු නාම නෙමෙයි. ඔබගේ හැසිරීම රූපවාහිනියෙන් දැකීමෙන් කලකිරුණා. (නි)
මාලිංග කණ්ඩායමේ තැන නැති කර ගන්නයි හදන්නේ (දී)
ක්රිකට් කණ්ඩායමටම අපහාසයක් (දී)
මොනවා වෙලාද මේ? (දී)
හැමෝම බනින්නෙ මාලිංග කියපු වචන ටිකක් අල්ලාගෙන. ටිකක් හිතල බලන්න. අපිත් අවස්ථානුකූලව ඒ වගේ වචන පාවිච්චි කරන්නෙ නැද්ද? අනිත් දේ තමයි මූනට කැමරාවක් හරි මයික් එකක් හරි දික්කලාම කාටද කේන්ති නොයන්නෙ. (නි)
දැකපු හොඳම යෝකර් පන්දු යවන්නෙක්, ඒ වගේම අතිම පණ්ඩිතයෙක්. (නි)
අහෝ මාලිංග! (නි)
කෑම ගෙදරින් අරන් ආවානම් ඉවරයිනේ (දී)
මාලිංගගේ හැසිරීම අන්තිමයි (දී)
මෙයා ඉගෙන ගත්ත ඉස්කෝලේ මොකක්ද? (නි)
අර අපේ අහවල් ඇමතිතුමාටත් මේ වගේම කේන්ති යනවා. (නි)
අනේ මින්පස්සේවත් හැදෙන්න බලන්න. නිකන් බොරුවට දෙමවුපියොත් බැනුම් අහනවා මේවයෙන්. (නි)
ඇයි මෙයාට දෙමවුපියන් මිනිස්සුන්ට කතා කරන හැටි උගන්වලා නැත්තේ? (නි)
සමහර ඇමතිලා බනින විදියට මේක මොකක්ද? (නි)
ඒ දවස් වල වගේමයි, හැමදාම ඉල්ලගෙනමයි කන්නේ. (නි)
මාලිංගගේ කතාව කොහොමද (දී)
මොනවාද මේ වැඩ (දී)
සනත් අයියා ඔයාත් අයිපිඑල් ගැහුවා නේද (අ)
ගාල්ලේ පැත්තේ ඉස්කෝලයක්ලු නේද? (නි)
වැඩි දෙනා අදහස් පළකරන්නේ අනවබෝධයෙන්. (නි)
ලක්ෂ 40 කියන්නේ මේ රටේ බහුතරයකගේ මුළු ජිවිත කාලෙටම හම්බකරන්න බැරිතරම් මුදලක්. එහෙවු එකේ මෙයාල සල්ලි පස්සේ මෙතරම් පන්නන්නේ තණ්හාව නිසයි. මට හිතෙන්නේ මේ යන පිළිවෙළට මෙයාලා අපේ අවසන් තරග සියල්ල මුදලට පාවා දෙන්න ඇති. අනිවාර්යයෙන්ම. නැත්නම් කොහොමද සමහරුන්ගේ දුර්වලම පන්දු යැවීම 20/20 හා 50/50 හැම තරගයකදීම අවසන් තරගයකදී වෙන්නේ, නේද? (නි)
මාලිංග මොනවා කරත් ඊලඟ මැච් එකේ විකට් 5 ක් ගත්ත ගමන් එයා ආයෙමත් වීරයෙක් වෙනවා. අපේ මිනිස්සුන්ට කිසි දෙයක් මතක හිටින්නේ නෑ (ස)
උඩ බලාගෙන කෙල ගහගන්න එපා. වචනයක් අල්ලගෙන මඩේ දාදා හෝදනවා. බලන්න ඔහුගේ පසුගිය දක්ෂතා (ස)
පිස්සු ....... කියල තමයි අපිටනම් හිතුනේ, හැමදාම තරුවක් වෙන්නේ නැහැ. සල්ලි කියන්නේ හැමෙද්ම නෙමෙයි. හිතේ තිබුණ ප්‍රසාදය බින්දුවටම බැස්සුවා (ස)
සමහරුන්ට ඇත්ත තිත්තලු. හැබැයි හැසිරීම දැක්කහම තිත්ත ඇත්ත තේරුම්ගන්න පුලුවන්. (නි)
මාලිංග ලජ්ජා නැහැ නේද, තමන් මේ ගමන ආරම්භ කල හැටි මතකද (දී)
මෝඩ කම
සල්ලි වැඩියෙන් ලැබෙද්දී එයාලා හිතන්නේ එයාලා විතරයි ලොක්කෝ කියලා. (නි)
මොකද්ද කියන්නේ ඉතින් මේ වැඩවලට (දී)
කාටද කියන්නේ... ඔක්කොම ඉවසන්න පුළුවන් මිනිහා කතා කරන හැටි තමයි ඉවසන්න බැරි (දී)
කේන්ති යන්නේ උගත්කමක් නැති කට්ටියට මිසක් අවංක අයට නෙමෙයි. (නි)
කටුස්සාගේ කරේ රත්තරන් බැන්දහම ඔහොම වෙනවා යාළුවනේ. (නි)
මාලිංගට ඔයාලා එයාගේ පාඩුවේ ඉන්න දෙන්න. (නි)
මිනිස්සුන්ට එක එක "මූඩ්ස්" තියෙනවා. (නි)