පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරඟයේ මුල් දිනය අවසානයේ දී බීමතින් නිරුවතින් සිටි ඕස්ට්‍රේලියා ජාතික ඇලෙක්සැන්ඩර් නම් පුද්ගලයකුට මහනුවර මහේස්ත්‍රාත් ශානක කලංසූරිය මහතා සතියක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.
රුපියල් තුන් දහසක දඩ ද නියම විය.
ප්‍රසිද්ධ ස්ථානයක බීමතින් හැසිරීම සහ මහජන පිළිකුලක් ඇතිවන පරිදි නිරුවතින් සිටීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා නගා තිබිණි.
සැකකාර ඇලෙක්සැන්ඩර් ඕස්ට්‍රේලියාවේ බීන්ස්ලන්තයේ පදිංචිකරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පිටබැද්දර ජයාට ඕස්ට්‍රේලියාවත් එක්ක පුදුම තරහක්නේ තියෙන්නේ. (නි)
උපන් ඇඳුම ඒ තරමටම වැරදිද? (නි)
මම හිතන්නේ එයා පාවිච්චි කරලා තියෙනේ පල්ලෙකැලේ පැත්තේ තියන ගහේ බඩුද කොහෙද. එකයි පිස්සු වැටිලා දුවලා තියෙන්නේ. අපේ අයට නම් ඕවා පුරුදුයිනේ. ඕකම තමයි අපේ අය එහෙ ගියාමත් කරන්නේ. (නි)
හැබැයි ඉතින් ජනතා මුදල් කොල්ල කන්නේ නැතිව, අහිංසක මිනිස්සු මරන්නේ නැතිව මෙහෙම කළත්, ඒකෙ එච්චර වරදක් මම නම් දකින්නේ නෑ (ම)
මේ ගැන වැඩිය කලබල වෙන්න එපා. කවුද දන්නේ අර ආකිමිඩිස් වගේ අලුතෙන් මොනවා හරි හොයාගත්ත කෙනෙක්ද කියල.(ම)
ඒ කෙනා එක දවසක් නිරුවතින් දුවලා. අපේ සමහර අය හැමදාම දුවන්නේ එහෙමනේ (නි)
එයාට අපේ දේශගුණයට ආසා හිතෙන්න ඇති. එහෙම නැත්නම් අපේ රටේ රස්නය වැඩියි වගේ දැනෙන්න ඇති. (නි)
පහුගිය කාලේ රජ කුමරෙකුත් ඔහොම දුවලා තියනවා ලාස්වේගාස් වල. ඕක මෙහාට නම් එච්චර ගණන් ගතයුතු දෙයක් නොවෙයි. ජනතාවට තිබුනේ නොදැක්කා වාගේ ඉන්නනේ. (නි)
බලනකොට එහේ අයත් මෙහෙ අය වගේමනේ! මොකද අපේ සමහරුන්ටත් ඔය ලෙඩේම තියෙනවනේ (නි)
බෝල් ගාර්ඩ් එකවත් නැද්ද ? (බ)
බලනකොට කොහෙත් එකයි. වෙනසක් නැහැ. (නි)
ඔහුට සතුට දරාගන්න බැරිවෙන්න ඇති. අපි ඔහුට අනුකම්පා කරමු (නි)
අපි දන්නේ නැතිවුණාට මේ සිද්ධියේ මීටවඩා වෙනස් දෙයක් ඇති. සමහරවිට මේ පුද්ගලයා කා එක්ක හරි කෝටි ගණනක ඔට්ටුවක් අල්ලලාද දන්නේ නැහැ නිරුවතින් දුවන්නම් කියලා. සතියක් හිරේ හිටියම මොකද ඔට්ටුව දිනලා නම්. (නි)
පිටබැද්දර ජයා ඔබට වැරදිලා. අර ලෝක පුජිත මුරලිට අපේ රටේ ක්‍රිකට් බලධාරීන් කිව්ව කතා වලට ඕස්ට්‍රේලියන් කාරයා හිතන්න ඇති ලංකාවේ ජීවත් වෙන්න ඕනා ඇඳුම් නැතිව තමයි කියලා.. මොකද, ඇඳුම් ඇන්දට ලෝකෙට තමන්ගේ නිරුවත පේන්න කතාකරන මිනිස්සු ඉන්න රටේ ඒ විදිහට තමයි ජීවත් වෙන්න ඕන කියල ඕස්ට්‍රේලියන් කාරයා හිතන්න ඇති. (බ)
අපේ ද්‍රවිඩ සහෝදරයින් ආදර්ශයට අරන් වගේ ඒගොල්ලෝ හෙළුවෙන් දිව්වේ රෙෆුජී තත්වය ඉල්ලලා (බ)
මේ වගේ තුට්ටු දෙකක් වටින්නේ නැති මිනිස්සුද අප්පා ඔය කියන රටේ ඉන්නේ ? ලංකාවේ මිනිස්සු යන විදියට මමනම් හිතුවෙම ඒ රට තවුතිසාව වගේ ඇති කියල (බ)
හම සුදු වුනාට, ජාතිය ඕස්ට්‍රේලියන් වුනාට, ගෝත්‍රික ජන්ම ගතිය අරින්න බැහැ. (බ)