(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළකරන බව දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගර් මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ පානදුර තල්පිටිය එක්සත් ජාතික පක්ෂ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වෙමිනි.
තවදුරටත් අදහස් දැක්වූ කරුණා අම්මාන් මහතා මෙසේ දේ පැවසීය.
අපි අපේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අගය කළ යුතුයි.ඔහුට විතරයි රට ආපසු ගොඩනඟන්න පුළුවන්. හැමෝම අතීතය දන්නවා. හිටපු ජනාධිපතිවරයා සෑම ක්ෂේත්‍රයක්ම විනාශ කළා.
හැබැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වැඩ භාර ගත්තට පස්සේ තමයි අපි හොඳ තත්ත්වයකට ඇවිත් ඉන්නේ. විශේෂයෙන්ම උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාව ඔහුට ඡන්දය ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඒක ගැන කිසිම ගැටළුවක් නැහැ.සියලුම ජනතාව ජනාධිපතිවරයාට සහාය ලබා දෙන්න සූදානමින් ඉන්නවා .ඒකයි මමත් ඔහුට සහයෝගය දක්වන්නේ අපේ පක්ෂයත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබා දෙනවා
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කරුණාගේ සහාය රනිල්ට
charun Wednesday, 19 June 2024 09:49 PM
තමන්ගේ නරක කලදසාව ආවම තමන් ගන්නෙම වැරදි තීන්දු කියලා තමන්ම දන්නේ නැහැ, නොවැම්බර් මාසෙන් පස්සේ තමන්ටම තේරෙයි තමන් ගත්ත වැරදි තීන්දුව
Prabha Wednesday, 19 June 2024 10:29 PM
ඔව් ඔව් අපිට අතීතය හොඳට මතකයි.අපෙන් 99 බේරිලා ගිය එක ගැන අදටත් දුක් වෙනවා
Achini Thursday, 20 June 2024 12:10 AM
අඩේ බලන් කෝ ඒකෙත් හැටි.හොරුන්ටම ගිය රටක් නේ
Manjula Bandara Thursday, 20 June 2024 12:18 AM
මහනායක උන්නාන්සේලා මැරිලද. මේ වගේ භික්සූ ඝාතකයෙක්ට එරෙහිව අධිකරණයට යන්න පණ නැද්ද....ඔය මහනායක කම් හොදයි ....
කුකුල් චමින්ද Thursday, 20 June 2024 01:11 AM
අරන්තලාවේ භික්ෂු ඝාතනය, නිරායුධ පොලිස් භටයින් 600ක් ඝාතනය වැනි ත්‍රස්තවාදී ක්‍රියාන්විත්වලට නායකත්වය දුන්, කව්රුත් හොඳින් දන්නා කරුණා අම්මාන් SLFP එකේ උප සභාපතිවෙලා, නියෝජ්‍ය ඇමතිකමකුත් දැරුවා. එතකොට මොකක්ද ජෙප්පන්ට ප්‍රජාතන්ත්‍ර වෙලා සාධාරණ සහ නීත්‍යනුකුලව රාජ්‍ය පාලනය කරන්න තියෙන බාදාව ???
chandima Thursday, 20 June 2024 01:18 AM
එහෙනම් රනිල් තුනෙන් දෙකක් ගනීවි නේද ?
Dayan Thursday, 20 June 2024 08:50 AM
යහපත. වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ සහය රනිල් වික්‍රමසිංහටත්.
සුපුන් චාමර Thursday, 20 June 2024 09:01 AM
මුගේ අතින් අපේ සිංහල කොල්ලො කී දෙනෙක් මරල ඇතිද. හරිම හරි ආණ්ඩුවක් ආපු දවසට මෙයාලාට නිසි දඩුවම් ලැබිය යුතුමයි.
Perera Thursday, 20 June 2024 09:55 AM
දළඳා මාලිගාවට බෝම්බ ගහන්න සලස්වපු එකා.පොලිසියේ 600 ක් මරවපු එකා.කෝ මේ රටේ මිනිස්සු බුදිද ?
Chandima Thursday, 20 June 2024 11:28 AM
කරන්න දෙයක් නැ පව් මිනිහෙකුගේ නරක කාලේ උදා වුණාම නරක යාලුවෝ එකතු වෙනවා
පිටරැටියා Friday, 21 June 2024 12:38 AM
මිනීමරු මස්වැද්දෙක්, මහින්දගේ කාලේ හොර පාස්පෝට් එකක් හදලා දීලා එන්ගලන්තයට ආවා...