IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිසට යළිත් වරෙන්තු

 

(පුෂ්පකුමාර ජයරත්න )

කුරුණෑගල නගරාධිපති ඇතුළු පස්දෙනා පොලිසිය මගින් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට අසමත් වීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන ලද කරුණු සැළකිල්ලට ගත් කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස අද (10)  නැවත වරෙන්තු නිකුත් කළේය.

කුරුණෑගල ඉපැරැණි රාජසභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති ඇතුළු පස්දෙනා චෝදනා ලැබ සිටිති.

නගරාධිපති ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස වැඩබලන පොලිස්පති මගින් කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා වෙත මහේස්ත්‍රාත්වරයා මෙලෙස අද (10) නැවත වරෙන්තු නිකුත් කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා එම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා සමඟ නාගරික කොමසාරිස්, ප්‍රධාන නාගරික ඉංජිනේරු, අනවසර ඉදිකිරීම් ඉවත් කරන නිලධාරියා සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කරන කුරුණෑගල විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ආර්.ඩී.කුලතුංග මහතා වෙත නියම කරන්නැයි මහේස්ත්‍රාත් වැඩබලන පොලිස්පති වෙත නියෝගයක් නිකුත් කළේය.

එම නියෝගය ක්‍රියාත්මක කරවීම සඳහා එම නියෝගයේ පිටපත් වැඩබලන පොලිස්පතිවරයා මාර්ගයෙන් වයඹ පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට, කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට, කුරුණෑගල කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට සහ කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වෙත යවන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

කුරුණෑගල විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් අධිකරණ නියෝගය පැහැර හරිමින් කුරුණෑගල නගරාධිපති ඇතුළු පස්දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අසමත් වීමෙන් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙසට වැඩබලන පොලිස්පති කුරුණෑගල විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති වෙත නියෝගයක් නිකුත් කරන්නැයි රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මීට අමතරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න කළ තවත් ඉල්ලීමකට අනුව පොලිස් අත්අඩංගුවට පත් නොවී අධිකරණය මඟ හරිමින් සිටින කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිස රටෙන් පිටවීම වළක්වාලමින් රජයේ ආගමන හා විගමන පාලකවරයාට ද මහේස්ත්‍රාත් විසින් තහනම් නියෝගයක් නිකුත් කළේය.

අධිකරණය මඟින් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබියදීත් ඉතා පහසුවෙන් අත්අඩංගුවට ගත හැකි නගරාධිපති ඇතුළු පිරිස මෙතෙක් අත්අඩංගුවට ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කුරුණෑගල විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ඇතුළු පොලීසිය ඉතා නිර්දය ලෙස විවේචනයට ලක් කළේය.



අදහස් (8)

කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිසට යළිත් වරෙන්තු

සෑම් Monday, 10 August 2020 09:11 AM

උසාවියට අයිතියක් නෑ ඔය නඩුව අහන්න. කරපු වැඩේට ජනතා කැමැත්ත දීලා ඉවරයි. වෙන කෙනෙක් ගේ නඩුවක් අහන්න ඔය වෙලාවේ.

:       1       0

dilan Monday, 10 August 2020 09:39 AM

මම හිතන්නෙ පොලිසිය තාම කල්පනා කරනවා ඇති රෝම කූපයකටවත් අත නොතියා අත් අඩංගුවට ගන්න විදියක් ගැන. එක රටක් එක නීතියක්...ජය වේවා!

:       0       41

මෝ Monday, 10 August 2020 10:30 AM

ජනාදිපති තුමනි, සිදුවෙන්නේ මෙය නම් රටේ ජනතාවට නීතියේ හෝ පොලිසියෙන් පිලිසරනක් නැත. මේ ගැන සොයා බලන්න වහාම. මහ ඡන්දෙදි අඩුගානෙ ආසන 10ක් වත් ඔබට අහිමි කලා මේ සිද්දිය

:       0       7

Kamal. Monday, 10 August 2020 01:28 PM

පොලිසියේ වරද, ඇයි පොලිසියට මේ අය අත්අඩංගුවට ගන්න බැරි.

:       0       0

Keppetipola Monday, 10 August 2020 01:30 PM

නීතිපති දෙපාර්තමේන්තුව රටේ නීතිය අරක්ක්‍ෂා කරමින් කාටත් එකසේ නීතිය ක්‍රියාත්මක කිරීම​ රටේ ජනතාවගේ බලා පොරොත්තුවයි. නව පාර්ලිමෙන්තුවට නැවතත් පත්වූ තවමත් උසාවියේ නඩු තිබෙන දූෂිත මන්ත්‍රීවරුන්ට නීතිය හරිහැටි ක්‍රියාත්මක වනවාද කියා නීති ගරුක සියලු ජනයා ඉතා විමසිල්ලෙන් බලා සිටී.

:       0       0

Champa Monday, 10 August 2020 01:56 PM

අධිකරණයට පුළුවන් මේ විදිහට පොලිසිය සහ දේශපාලකයන් එකතු වෙලා නීතිය අවනීතිය වෙන එක නවත්තන්න. නගරාධිපතිව අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කර තිබියදීත් කුරුණෑගල විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති අධිකරණ නියෝගය නොසලකා හැර අධිකරණය අවමානයට ලක් කරනවා නම්, කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්තුමාට ඊලඟට නියෝගයක් නිකුත් කරන්න පුළුවන් කුරුණෑගල විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිව අත්අඩංගුවට ගන්න කියලා.

:       0       7

විජිත් Monday, 10 August 2020 02:32 PM

පොලිස්පතිතුමනි, ඔබ වැනි කොන්ද පණ නැති, ඒක පාක්ෂික බත් බැලයින්ට පඩි ගෙවන්නේ රටේ මහජනතාවගේ බදු මුදල්වලින් බව අහලා නැතිද? අහලා නැතිනම් දැන්වත් දැනගන්න. ඔබ ඔබ ගැන ලැජ්ජාවිය යුතුයි. ඔබේ පවුලේ සැම ඔබ ගැන ලජ්ජා වියයුතුයි. ආණ්ඩුවට කඩේගිය නරුමයින් අල්ලලා උසාවියට පමුණුවන්න බැරි ඔබේ කුරුණෑගල පොලිසියේත් සිටින්නේ සොක්කෝ ටිකක් පමණයි. දුප්පත් අහිංසකයින්ට උඩ පැනපැන තලන චණ්ඩි පොලිසිය නැට්ට කොහේදෝ ගහගෙනලු.. වෙන රටක නම් පොලිස්පති ඉල්ලලා අස්වෙලා. එ්ත් අපේ රටේ පොලිස්පති අස්වෙලා මොනවා කරන්නද..? පරණ රස්සාව හොරපොල් කඩන්න ගස් බඩගාන්න වේවි... ඒවා ඔබට හුරුපුරුදු වැඩ බව අපි දන්නවා. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේම සිටි දුර්වලම පොලිස්පතිනේ. ඔබ වැන්නන් සුදුසු බයියන්ට පමණයි..!!!

:       0       7

විජිත් Monday, 10 August 2020 02:44 PM

"ගරු ස්වාමීනි, මේ අය කරලා තියෙන්නේ ඉහළින් ආ අණක්, පිළිපැදීමක් පමණයි. මාලදිවයින්කාර අරක්කු මුදලාලි මේ අයට දැනුම් දීලා තියෙනවා. බුවනෙකබාහු රජතුමාගේ අන්තපුරය, රටේ ලොක්කෙකුගේ අන්තපුරය බවට පරිවර්තනය කොට ප්‍රතිසංස්කරණය කරන්න කියලා. ඉතින් ස්වාමීනි, දැන් ඒ වැඩ කටයුතු අවසන් වේගෙන යනවා. ඒ මිසක් මෙතන කිසි වැරැද්දක් වෙලා නැහැ..

:       0       22

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇල්ල පස්සර මාර්ගයට ගස් කඩා වැටේ: ගමනාගමනයට බාධා
2024 නොවැම්බර් මස 28 40 0

දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ඇල්ල පස්සර මාර්ගයේ 17 වෙනි කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේදී මාර්ගයට තැනින් තැන විශාල ගස් රැසක් කඩා වැටීම හේතුවෙන් අද (28) දහ


අග්‍රාමාත්‍යවරිය විදෙස් තානාපතිවරුන් හමුවෙයි
2024 නොවැම්බර් මස 28 473 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ රටවල් කිහිපයක තානාපතිවරු අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත්විණි.


විභාග තව දින තුනක් ඉදිරියට කල් දමයි
2024 නොවැම්බර් මස 28 549 0

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි,


‘‘සුළි කුණාටුව තවම අවසන් නෑ‘‘
2024 නොවැම්බර් මස 28 1091 0

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රීකුණාමලයට කිලෝ මිටර් 100ක් ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


ගංවතුරට අසු වූ උතුර
2024 නොවැම්බර් මස 28 739 0

සුලිකුණාටු සහිත අධික වර්ෂාව මේ වනවිට මුලතිව් දෙසට වර්ධනය වී ඇති අතර මුලතිව් වට්ටුවාක්කල් පාලම සහිත ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු ද තාවකාලිකව නැවති


රුපියල් මිලියන 205,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් අද
2024 නොවැම්බර් මස 28 718 0

රුපියල් මිලියන දෙලක්ෂ පන් දහසක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙන්දේසියක් අද (28) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 566 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 770 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2158 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site