(පුෂ්පකුමාර ජයරත්න සහ රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
මිනීමැරුම් චෝදනාවකට වරදකරු කර වසර 10 ක සිර දඩුවමකට යටත් කරනු ලැබූ කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පැට්‍රික් කරුණාසිංහ මහතා සහ ඔහුගේ සොයුරා අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුවකට අනුව එම සියලු චෝදනා වලින් නිදොස්කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මාපා බණඩාර මහතා අද (21) නියම කළේය.
වසර 1999 දෙසැම්බර් මස 15 දින හෝ ඊට ආසන්න දිනකදී මාවතගම මැතිවරණ කොට්ඨාසයේ මතව ප්‍රදේශයේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ රැස්වීමකට වෙඩි තබා පක්ෂ ආධාරකරුවන් තිදෙනෙකුට බරපතළ තුවාල සිදුකළ බවට හිටපු සභාපතිවරයා සහ ඔහුගේ සොහොයුරාට එරෙහිව නීතිපතිවරයා විසින් කුරුණෑගල මහාධිකරණයේ නඩු පවරා තිබිණි.
හිටපු සභාපතිවරයා සහ ඔහුගේ සොහොයුරා වන ප්‍රියන්ත කරුණාසිංහ යන අය එම නඩුවේ 1,3,4,5,6 සහ 10 යන චෝදනා වලට වරදකරුවන් කරමින් එවකට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විසින් තීන්දුවක් ලබා දුන්නාය.
වරදකරුවන් කල දෙදෙනාට වසර 10 බැගින් සිරදඬුවම් නියම වූ අතර එක් චෝදනාවකට රුපියල් දස දහස බැගින් රුපියල් හැට දහසක දඩ මුදලක් ද නියම කෙරිණි.
හිටපු සභාපතිවරයා විසින් අභියාචනාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කල අතර අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් විසින් එය සලකා බලා වරදකරුවන් කිරීමේ නියෝගය ඉවත් කරන බව 2020.11.16 දින ප්‍රකාශ කරන ලදී.
අභියාචනාධිකරණයේදී විත්ති පාර්ශවය වෙනුවෙන් කාලිංග ඉන්ද්‍රතිස්ස සහ නලින් ලද්දුවහෙට්ටි යන ජනාධිපති නීතිඥවරුන් පෙනී සිටි අතර කුරුණෑගල මහාධිකරණයේ දී උපාලි ජයමාන්න සහ ඒ.එස්.එම්. ජලීස් යන නීතිඥවරුන් පෙනී සිටියහ.
නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගය ලබා දෙන විට හිටපු සභාපතිවරයා සහ ඔහුගේ සොහොයුරා වසර තුනකට අධික කාලයක් සිර දඩුවම් ලබා තිබිණ.
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ
වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.
දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා
නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.
සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කුරුණෑගල ප්‍රා.සබේ හිටපු සභාපති සිරදඬුවමින් නිදොස් කොට නිදහස්
Nuwan Thursday, 21 January 2021 07:43 AM
අපේ අලි සබ්‍රි මහත්තයා කාර්ය ශූර නිලධාරියෙක්නේ.. ඒකනේ මේ ඉක්මණටම නඩුහබ පැත්තකට දාලා හිරේ ඉන්න අය එළියට ගන්නේ. අපේ සර් විද්‍යානුකූලව තමයි එතුමාව තෝරලා තියෙන්නේ.
NuwanThursday, 21 January 2021 12:44 PM
මොලේ නැති අයගේ ප්‍රතිශතය 2% මට්ටමේ තියෙන එක ලොකු දෙයක්...!!!
Rata Perata Thursday, 21 January 2021 07:44 AM
තමුන්ගේ මිනිස්සු හරි ඉක්මණට නිදහස් වෙනවා. රෙස්පෙක්ට් සර්..
Sunil Thursday, 21 January 2021 08:14 AM
අපේ හිටනුතුමාගේ කාලෙවත් මෙච්චර දේවල් වුණේ නැහැ. තව අවුරුදු 04ක් තියෙනවා. මොනවායින් මොනවා වේවිද?
Hafeel Thursday, 21 January 2021 08:22 AM
මෙහෙම ගියොත් තව කෙටිකාලයකින් අධිකරණ පද්ධතිය අහෝසි කරලා, ඊළඟ අයවැයේදී විශාල මුදල් ඉතුරු කරන්නත් පුළුවන්. එ්කත් ආඩම්බරයි.
fairoos Thursday, 21 January 2021 09:14 AM
නියමයි සර් ඔහොම යං...
Pasad Thursday, 21 January 2021 10:00 AM
ඔබට සතුටුයිද දැන්..?
අජිත් Thursday, 21 January 2021 10:03 AM
දැන් මිනීමරුවන්, හොරුන් එළියට එනවා. හොඳ අය ඇතුළට යනවා. මාර නීතිය නැවිල්ලක්... රටම ඉවරයි
sisira kumara Thursday, 21 January 2021 10:03 AM
පොහොට්ටුවේ නඩු ඔක්කොම එකම දවසේ අහලා ඔක්කොම එකපාර නිදොස්කොට නිදහස් කළානම් ඉවරයිනේ..
chandanaThursday, 21 January 2021 11:10 AM
ඔබ හරියටම හරි... පොහොට්ටුවට කඩේ යන අය මේවායේදී නිශ්ශබ්දයි. එයාලා හැමදාම මිථ්‍යාවයි, බොරුවයි අදහන තමන්ගේ පක්ෂයේ අය මොන වැරැද්ද කළත් නොදැක්කා සේ ඉන්න පිරිසක්...
අප්පුවා Thursday, 21 January 2021 10:09 AM
ඒ කියන්නේ එයාටම වෙඩි තියාගෙනවත්ද?
ana Thursday, 21 January 2021 10:42 AM
බලේ බලේ 2/3 ක ජනබලේ....
ජයන්ත මිලානො Thursday, 21 January 2021 10:45 AM
මේ දේවල් වලින් එක යහපත් දෙයක් ඉගෙන ගන්නවා නම් මහජනතාවට තියෙනවා. මින්පස්සේ කිසිම දේශපාලකයෙකුගේ ආධාරකරුවකු නොවී, ඡන්දෙ දීලා ගෙදර එන්න තියෙන්නේ...
sena Thursday, 21 January 2021 10:47 AM
මට නම් කරකවලා අහහැරියා වගේ... මෙලෝ දෙයක් හිතාගන්න බැහැ.. මිනීමැරුම් චෝදනාවලදී කොච්චර නම් වැරැදි සිද්ද වෙලා තියෙනවාද?
Ruhunu Thursday, 21 January 2021 11:03 AM
බලමු පොල් කඩපු මිනිහට දෙන දඬුවම මොකක්ද කියලා..?
RD Thursday, 21 January 2021 11:06 AM
නිරපරාදේ හිරේ හිටියට වන්දි ගෙවන්න වුණා.
Upul Thursday, 21 January 2021 11:08 AM
වඳුරාට දැලි පිහිය අහුවුණාම වුණෙත් මේකම තමයි. තව ටික දවසක් ඔහොම ඇදගෙන යාවි...!!!
PrasadThursday, 21 January 2021 12:39 PM
කවුද වඳුරා..?
UpulThursday, 21 January 2021 01:46 PM
අපේ සර් තමයි... වෙන කවුද?
banda Thursday, 21 January 2021 11:12 AM
ඔයාලට ඕනෑ කෙනෙක් නිදහස් කරන්න.. ඕනෑ කෙනෙක් ඇතුළට දාන්න.. අපිට මොකෝ...?
කපුරු හාමි Thursday, 21 January 2021 11:23 AM
මරුනේ, එකම රටක නීතිය දෙවිදියක්....
vajira Thursday, 21 January 2021 01:55 PM
කුරුණෑගල පුදුම මං පහරන්නෝනේ ඉන්නේ... ඩෝසර් කරනවා, ගස් කපනවා... ඕවා තමයි සෞභාග්‍යය...!!!
විජිත් Thursday, 21 January 2021 06:10 PM
ඕක පුදුමවෙන්න දෙයක් නොවෙයි. මැදමුලනින් පැරෂුට් එකෙන් ආව "ලෝක හොරා" නියෝජනය කරන්නෙත් කුරුණෑගල ප්‍රදේශයනේ... හොරාට හොරු එකතුවෙනවා. ඔය අය කුරුණෑගල නැත්තටම නැතිකරනවා. කුරුණෑගල නගරයේ තියෙන විශාල කළුගල දැනටමත් හොර චීනාට විකුණලාද දන්නේ නැහැ. දවසක චීන්නු ඇවිල්ලා ඔය ගලට බෝර දාන්න ලැහැස්ති වුනොත් පුදුම වෙන්න එපා.
sharm warn Friday, 22 January 2021 04:13 AM
ඉතින් අනේ... කුරුණෑගල කියන්නේ අගමැතිව ආයෙත් බලේට ගෙන්නපු කොටස... මෙහෙම කළගුණ නොසලකා කොහොමද? පුදුමාකාර ලෙස සතුටුයි. සර් ඔහොම කරගෙන යන්න.
Prasad Friday, 22 January 2021 04:53 AM
කුරුණෑගල ඉන්න තරමක් ඉන්නේ මී හරක්, හොරු... ඒකනේ කට්ටිය ගමට මාරු වුණේ...
Perera Saturday, 23 January 2021 07:11 PM
මට මතක් වෙන්නේ අර සිංදුව... මේ රටේ මිනිස්සු.. තනිකර කෙළින්නේ පිස්සු..