කුරුණෑගල මුත්තෙට්ටුගලදී පොලිස් කොස්තාපල්වරයින් දෙදෙනෙකු පැහැරගත් මැර පිරිසක් අද අළුයම බඩගමුව රක්ෂිතයේ ඉන් එක් අයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
අනිත් කොස්තාපල්වරයා පන බේරාගෙන ඇති බවද වාර්ථා වෙයි.
මාර්ග සෝදිසියේ යෙදී සිටි මෙම දෙදෙනා අද අලුයම තුනට පමණ පැහැරගන්නට ඇතැයිද එසේ කරන්නට ඇත්තේ සන්නද්ධ පාතාල කල්ලියක් විය හැකි බවට පොලිසිය සැක කරයි.
දෙදෙනාගේම නිල ඇදුම් ගලවා ඇති බවද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පොලිස් මහත්වරු නිකම් ටි 56 එකක් සෙල්ලමට වගේ අරගෙන යන්න කෝ අනේ. (ස)
අනේ අපේ රටට ගිය කලක්. (ස)
ත්‍රස්තවාදය විනාශ කළා කිව්වට ඔය තියෙන්නේ වයඹ පැත්තෙත් ?ඕකත් එල්ටීටීඊ එකේ වැඩක් වෙන්න ඇති. (නි)
අනිවාර්යයෙන් මේක සෙල්ලම් පිස්තෝලයක්.... (නි)
ලුම්බිණි, මේවා කොටින්ට කරන්න බැරිද? (නි)
අලුයම 3 ටත් මාර්ග සෝදිසි කරනවද අපේ කොස්තාපල්වරුන්? බල්ලන්නකෝ සේවයට තියෙන කැපකිරීම. (නි)
මාර්ග බාධක සෝදිසියට හමුදාවම යෙදෙවුවා නම් තමයි රටේ අාරක්ෂාවත් තව තර වෙන්නේ. (නි)
එක සිද්ධියකින් සමස්තය විවේචනය කිරීම තමා අපේ රටේ බහුතරයක් කරන දේ.අපරාධකරුවන් කීදෙනෙක් පොලිසිය ඇල්ලුවද. ඒවත් කළේ මේ රටේ තමයි.මේ අයත් හෙට අනිද්දම කොටුවෙනවා. (නි)
වැරදි දෙයක්වත් කරන්න ගිහින් මෙහෙම වුණාද දන්නෙත් නැහැ. (නි)
මේ හැම දේකටම වන්දි ගෙවන්නේ රැයක් දවාලක් වැස්ස අව්වක් නැතුව රාජකාරියේ යෙදන රණවිරුවන්. සමහරුන්ගේ අදහස් කියවන විට කණගාටුවක් ඇතිවෙනවා. (ස)
ඇයි අපේ සමහර අය පොලිසියෙ ටික දෙනෙක් කරන වැරදි වලට මුළු පොලිසියටම දොස් කියන්නෙ. අපි රෑට නිදාගනිද්දි ඔවුන් නිදි නැතිව අපේ ආරක්ෂාවට රාත්‍රියේදි කොච්චර නම් සේවයක් කරනවද? (ස)
මම බන්දුල. මගේ නමින් වෙන බන්දුල කෙනෙක් අදහස් දාලා. කරුණාකර රැවටෙන්න එපා. (ස)
අනේ බන්දුල...නොදුටු මොක්පුර.(නදී)
සමන් කියනදේම මටත් හිතුණා. (ස)
ස්වාධින පොලිස් කොමිසමක් යටතේ කිසිදු දේශපාලන බලපෑමකින් තොරව සිය රාජකාරිය කිරීමට පොලිස් නිලධාරියාට ඉඩ ප්‍රස්ථාව ලැබෙනකල් මේ දේවල් නොවැලැක්විය හැකිය. මෙය ඉතා කණගාටුදායකය. (ස)
අනේ මමත් බන්දුල. (ස)
රෑ තුනට කෙලින් පාරවල් වල 50/70 ට වැඩියෙන් ගියාම අල්ලලා දඩ අදායම වැඩි කරන්න. මේවයින් රජයට වඩා අදායම ලැබෙන්නේ ඉන්න රාළහාමිලට. මාර්ග වේග සීමා වෙනස් කළ යුතු වෙනවා. (ස)
මේ සිදුවිමට සම්බන්ධ ලොකු කතාවක් තියෙන්න පුලුවන්. (ස)
අද සමාජයේ විවිධ මට්ටම් වල මිනිස්සුන්ගේ මානසික පිරිහීම කොච්චරද කියලා පේනවා මේ දාන අදහස් වලින්. මහජන නියෝජිතයන්ට බනින හැමෝම එකක් තේරුම් ගන්න ඕනෑ.ඒ තමයි ඒ අයව එතෙන්ට යැව්වේ අපිම කියන එක. පොලිසිය කරන්නෙත් රටට සුළු පටු සේවාවක් නෙමෙයි. අද පොලිසිය නැත්තම් මේ රටේ කිසිම ගැහැණු ළමයෙකුට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් තියෙයි (නි)
පොලිස් නිලධාරිරෙකු මරා දමලා කියන්නේ මහා බර පතල අපරාධයක් (දී)
වරදක් කරන කොට පොලිස් නිලධාරින්වත් පෙන්නේ නැහැ බේරෙන්න තමයි හදන්නේ (දී)
වැරදි දෙකයි (දී)
ආයුධ නැතිව හිස් අතින් වාහන පරික්ෂාවේ මෙම දෙදෙනා යෙදීම පිළිගත නොහැක.කෙසේ වෙතත් මියගිය කෙනාට නිවන් සුව ! (ස)
මෙහෙමත් රටක් පොලිස් නිලධාරීන් මරා දමන්න තරම් (දී)
අව නිතියට ඉඩ නොදෙමු ජිවිත පරදුවට තබා රට බේරා ගනිමු (දී)
මේ දේ සැලසුම් කරලා කල දෙයක් මොකද පැහැරගෙන නිරුවත් කරලා මරා දමලා තියෙන්නේ (දී)
අහිංසක නිලධාරියෙක් නිවන් සුව ඔබට (දී)
මේ සම්භන්දව ඉක්මනින් කටයුතු කරන්න නැතිනම් අපේ රටට හොද නැහැ (දී)
නීතියට එල්ල කල විශාල මරු පහරක් (දී)
අදහස් ප්‍රකාශ කරපු සියලුම දෙනාම කවදාහරි කවුරුහරි යහපත් සමාජයක් හදනතුරු බලාගෙන ඉන්නවා. ඒ වගේ තත්වයන් තුල මෙවැනි සිදුවීම් තවත් එක සිදුවීමක් විතරයි. අරන් බලන්න දිනපතා පත්තරයක්. මුල් පිටුවේ වාර්තා වලින් වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ නරක දේවල් කනගාටු වියයුතු දේවල් පිලිබඳ පුවත්. අපේ ආගම් ශාස්තෘවරු කියල තියෙන්නේ තම තමන් තනි තනිවම හැදෙන්න. හැකිනම් තවත් අයත් පුළුවන් තරමකට හදන්න උත්සාහ කරන්න කියලයි. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන විධියට මිනිස්ස්සුන්ගේ වයස අවුරුදු දහය පමණ වෙනකන් අඩුවීමට සහ සත්තු සර්පයන් වගේ හැඩගැසීමට ටිකින් ටික යොමුවෙමින් ඉන්න බවයි පෙනෙන්නේ. (දී)
පොලිසියට අත තිබ්බ හැමෝටම අත්වෙන අනිවාර්ය ඉරණම මේ කට්ටියටත් මේ සතිය ඇතුළත ලැබෙන බව මට ඉර හඳ වගේ විශ්වාසයි.මිනීමැරුම් නඩුවක තීන්දුව දෙන්න අවුරුදු 20ක් යන ඉතාමත් කාර්යක්ෂම අධිකරණ පද්ධතියක් තියෙන මේ රටේ මේ සිදුවීමට වගකිවයුත්තන් උසාවි ගානේ රස්තියාදු නොකරවන එක කාගේත් වගකීමක්. (නි)
නීතිය රකින රණවිරුවෙකි මේ නීතිගරු... මානව හිමිකම් රැකුනොත් වෙයි නිතර මරු... දේශපාලනෙන් දෙන්නෙත් පොලිසියට පොලු.... ලොකුවුන් නැතත් පොඩි නිල දරුවන්ය මරු... (නි)
එතකොට දැන් සන්නද්ධ පාතාල කල්ලිද රට පාලනය කරන්නේ? (නදී)
මැර කල්ලි සහමුලින්ම නැතිකර රටම එක නීතියකට පාලනය කරමු (නි)
මේක උතුරේ වුණා නම් කොටි තමයි. (නි)
මොකද මේ? සෙල්ලම් පිස්තෝලයකින්ද වෙඩි තියලා තියෙන්නෙ? ඉක්මනට මේ අයව සඟවපු අවි එහෙම ඇතොත් සොයන්න ගෙනියන්න (නි)
මේ සතිය ඇතුළත මැර කණ්ඩායම ආයුධ පෙන්වන්න අරගෙන යයි කියලා මම හිතනවා. (නි)
පොලිස් දෙපාර්තමේන්තුව අපකීර්තියට පත් කරන අදහසින් දෙන්නා විසින්ම වෙඩිතියාගත්තා වෙන්නත් බැරි නැහැ, අද කාලේ වෙන දේවල් දිහා බලනකොට. මොකද ලංකාවේ දැන් පාතාල කල්ලි හෝ සාමාජිකයෝ හෝ නැහැ. (නි)
"එතකොට දැන් සන්නද්ධ පාතාල කල්ලිද රට පාලනය කරන්නේ? " ඔබ මෙපමණ කල් කොහෙද හිටියේ? (නි)
ඇයි මෑතක සිට ලංකාවේ මෙවැනි සිදුවිම් වැඩි? කවුද වගකියන්න ඕනෑ? (නි)
දෛනිකව සිදුවන අපරාධ අතරින් තවත් එක සිදුවීමක් පමණක් වේවි. (නි)
අනේ බන්දුල, ඔය මානසිකත්වය හොඳ ගල් ගුහා යුගයට (නි)
මොනවා රත්නායක? මැර කල්ලි සහමුලින්ම නැති කරන්න? එහෙම නම් ඉතින් ප්‍රාදේශීය සභා ඔක්කොම අහෝසි කරන්න සිද්ධ වෙයි! (නි)
පොලිසියේ මහත්වරු පතලෙනුත් පගා ගහන්න යන්න ඇති. ඒකයි එහෙම කරලා තියෙන්නේ ...අනික නිතිය හරියට කරානම් එහෙම වෙන්නේ නැහැනේ.(නදී)
අවනීතිය රජකරන සමාජයේ මේකත් සාමාන්‍ය එක් සිද්ධියක් පමණි. (නි)
පාතාලයට සැලියුට් ගහන, කිරිපොවන, පාතාලයෙන් යැපෙන පොලිසියක් නම් අපිට ඕනෑ නැහැ කියන්න තමයි මට ඕනෑ. (නි)
පොලිසියට මෙසේ වේ නම් අපට කෙසේ වේද?මාර්ග සෝදිසියක් ආයුධ නොමැතිව කරාද? ඔය තියෙන තුවක්කු අරගන යන්ට තහනම්ද අඩු ගානේ ආත්මාරක්ශාවටවත් ?(නදී)
මැර කල්ලි තමා දැන් රට පාලනය කරන්නේ! (නදී)
පොලිස්පතිතුමනි, මේ ගැන පුළුල් පරීක්ෂණයක් කරන්න (නි)
පොලීසියෙ කෙනෙක් ඝාතනය කරලා බේරිලා ඉන්නවා බොරු. දැන්ම සැඟවූ ආයුධ හොයන්න යන්න සූදානම් වෙන්න. (නදී)
සෙල්ලම් පොලිස් ද දන්නේ නැහැ. හිටියේ අහරේ වගේ. අනේ රටකට ගිය කල.(නදී)
පොලිස් පති ඔබට තුවක්කු දීල තියෙන්නේ අල්මාරි වල දමා දුම් අල්ලන්නද ? (ස)
මොන අපහාස කළත් අයුධ පෙන්වන්න එක්ක යන්න ඇල්ලුවොත්. නැත්තම් සාමාන්‍ය මිනිසුන්ට දරුණු පලවිපාක විඳින්න වෙනවා මේ අයගෙන්. උතුරේ මේක වුණා නම් කොටි තමයි අනිවාරයෙන්ම.(නි)
බන්දුල නම් මොන ජාතියේ මනුස්සයෙක්ද කියලා හිතාගන්න බැහැ (නි)
පොලිසිය ඇයි මෙහෙම දෙයක් වෙනතුරු ක්‍රියාමාර්ගයක් නොගත්තේ? (නි)
මොනවද මේ වෙන්නේ? (නි)
අනේ මේ, කැත කතා කියන්න එපා බන්දුල. නිකන් ගෙදර හිටි මැරයක් නෙමෙයි,රට වෙනුවන් සේවයක් කරන්න ගිය කෙනෙක්. අද වෙනතුරු මැරුන පොලිසියේ කට්ටිය පොලිස් දෙපාර්තමේන්තුව අපකීර්තියට පත් කරපු කට්ටිය නෙමෙයි, හොඳට රාජකාරි කළ කට්ටිය (නි)
පොලිසියට මොකද වුණේ? මට නම් හිතාගන්නත් බැහැ. කොටුව දුම්රිය පොළේදී එදා දාපු සෙල්ලම් දාන්න බැරි වෙලා වගේ. (නි)
දැන්වත් අපක්ෂපාතීව රාජකාරිය කරමු. එහෙම නොවුණොත් ඉදිරිය එතරම් සුභ නැතිවේවි (නි)
පොලිස් කොස්තාපල්වරයින් දෙදෙනෙකු පැහැරගත් මැර පිරිසක් ඉන් එක් අයෙකුට වෙඩි තබා ඝාතනය කරන්න තරම් බලපුලුවන්කාරකමක් ලබාගත්තේ කොහොමද? ලංකාවේ දේශපාලනයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සිට ඇමතිතුමන්ලා දක්වා බහුතරය මැරවරයෝ. කුඩු මුදලාලිලා සක්‍රිය දේශපාලනයේ යෙදී සිටිනවා. ඉතින් කොහොමද නීතිගරුක සමාජයක් ගොඩනඟන්නේ? (නි)
මේ මැර කල්ලි වල බොහෝ පිරිසකට රටේ ඉන්න දේශපාලඥයෙක්ගේ හෝ බොහෝ දෙනෙකුගේ සම්බන්ධකම සහ ආශීර්වාදය තිබෙනවා. එනිසා මේගොල්ලෝ කිසිම බයක් සැකක් නැතුව ආයුධ ළඟ තියාගෙන සක්මන් කරනවා. හිතුන ඕනෑම දෙයක් කරලා බොහොම නිදහසේ කල්ගෙවනවා. කියන්න බොහොම කණගාටුයි මහජන නියෝජිතයින්ගෙන් වැඩි පිරිසක් මැරවරයෝ (නි)