(පුෂ්පකුමාර ජයරත්න)
කොරෝනා වයිරසය ආසාධනය වූ බවට සැක කරන රෝගීන් පරීක්ෂාව සඳහා අවශ්‍ය පී.සී.ආර්. යන්ත්‍රයක් නොතිබීම හේතුවෙන් ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ යන්ත්‍රයක් නිර්මාණය කිරීමට කුරුණෑගල රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් සමත්වී ඇත.
රෝහලේ වෙනත් ප්‍රතිකාර ඒකකයක රෝගීන් පරීක්ෂාවට තිබෙන යන්ත්‍රයක අවශ්‍ය කොටස් එකලස් කර නව පී.සී.ආර්. යන්ත්‍රය නිර්මාණය කිරීමට රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් සමත් වී තිබේ.
මෙසේ සකස් කරන ලද යන්ත්‍රයේ නියම පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රයක පෙන්වන කාර්යක්ෂමතාවය නොතිබුණද දිනකදී එමඟින් නිවැරැදි පී.සී.ආර්. පරීක්ෂණ 10 ක පමණ සංඛ්‍යාවක් කරගත හැකි බවද කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළු වන සැක සහිත රෝගීන් සංඛ්‍යාව අනුව එම පරීක්ෂණ සංඛ්‍යාව දිනකට හොඳටම ප්‍රමාණවත් බවද කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.
කොරෝනා වයිරසය රට තුළ පැතිර ගිය මුල් අවධියේදී කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් වූ සැක සහිත රෝගීන් පරීක්ෂාවට පොල් පර්යේෂණ ආයතනයේ පාවිච්චියට ගනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රයක් කුරුණෑගල ශික්ෂණ රෝහලට ලැබුණද එය ආපසු ලබාදීමට සිදුවීම හේතුවෙන් රෝගීන් පරීක්ෂාව බරපතළ ගැටළුවක් වී තිබූ බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය.
පොල් පර්යේෂණායතනයෙන් ලබාදී තිබූ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වෙනම ඒකකයක් පවා සකසා තිබූ බවද ඒ අනුව එහි සකස් කරන ලද නව යන්ත්‍රය පිහිටුවා ලබන සඳුදා (19) දින සිට අවශ්‍ය පී.සී.ආර්. පරීක්ෂණ රෝහලේදීම සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇති බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය.
කුරුණෑගල ශික්ෂණ රෝහලට පීසීආර් පරීක්ෂණ යන්ත්‍රයක් නොතීබීම හේතුවෙන් සැක සහිත රෝගීන්ගේ සෙම පටල මහනුවර මහ රෝහලට හෝ කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය වෙත යවා පරීක්ෂා කර බැලීමට සිදුවූ අතර ඒ සඳහා එම ආයතන වලින් ලබා දුන් සේවාව ඉහළින්ම අගය කරන බවද නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කැඳන්ගමුව මහතා පැවසීය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කුරුණැගල රෝහලෙන් පී.සී.ආර්. යන්ත්‍රයක් සාදාගනී
Nuwan Saturday, 17 October 2020 08:14 AM
ලංකාව ගිලගෙන ඉන්න චීනාගෙන් රට විකුණලා දුන්නාට සල්ලි ලැබුණා නේද කෝටි ගණන් ... නමුත් චීනාගේ වයිරසේට බෙහෙත් කරන්න, පරීක්ෂණ කරන්න සල්ලි නැහැ. කොහේද මේ සල්ලි යන්නේ?
BamunuarachchiSunday, 18 October 2020 07:54 AM
දන්නා මගුලක් කතා කරන්න හලෝ.. ජෙප්පන්ගේ මානසිකත්වයෙන් මිදී ඉන්නේ 3%.. ඒ තුන රටම කන්න හදනවා."කොහේද මේ සල්ලි යන්නේ?" ගඟට කපන ඉනි කොහෙද යන්නේ කියලා ඇසුවාම දීපු උත්තර තමයි දෙන්න වෙන්නේ...
janahitha UAE Saturday, 17 October 2020 10:20 AM
සර්ට මගේ ආචාරය.
විමල් Saturday, 17 October 2020 11:19 AM
අයියෝ දවසට 10යි. ඉන්දියාව දවසට ලක්ෂ 100ක් චෙක් කරනවා.
Corona bahirawa Saturday, 17 October 2020 11:16 PM
කොරෝනා මර්ධනයට, ජනතාවගෙන් සල්ලි එකතුකලා ඒවාට මොකද වුනේ.
සමීර Sunday, 18 October 2020 05:13 AM
ආඩම්බර වෙන්න නෙමෙයි. ලැජ්ජා වෙන්නයි ඕනේ... මෙහෙම වැඩ කරනවට. අවශ්‍ය පහසුකම් සපයන්න වෙන්කරපු මුදල් ගසාකද්දී මේ වගේ අටවාගෙන කරන වැඩවලින් රෝගීන්ගේ වාර්තා එක්ක සෙල්ලම් කරනවට. නිරවද්‍යතාව ගැන කොහොමද විශ්වාස කරන්නේ...?