( පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා වන තුෂාර සංජීව විතාරණගේ පාලන කාලයේදී වැරැදි සිදු කර ඇත්දැයි සෙවීම සඳහා වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාගේ නියමයෙන් පත් කරන ලද ඒක පුද්ගල පරීක්ෂණ කොමිසම නිකුත් කර ඇති වාර්තාවට අනුව විතාරණ මහතාට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා 18 කින් චෝදනා 11 කටම ඔහු වැරැදිකරු බවට තීන්දු කර ඇත.
ඒ අනුව එම පරීක්ෂණ කොමිසම විසින් ලබාදී ඇති නිගමනවලට අනුව තුෂාර සංජීව විතාරණ මහතා 2022.12.31 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධූරයෙන් හා සභික ධූරයෙන් පහ කළ අයකු වශයෙන් සැලකිය යුතු බවට නියම කරමින් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක්ද ඊයෙ (8) නිකුත් කළේය.
තුෂාර සංජීව විතාරණ මහතාට එරෙහිව ලැබී තිබු පැමිණිලි සැලකිල්ලට ගෙන වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ නියමයෙන් හිටපු මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම පරීක්ෂණ කොමිසමේ කටයුතු 2022.12.09 වන දින සිට ආරම්භ කරනු ලැබීය.
මෙම කොමිසම හමුවේ වයඹ පළාතේ හිටපු ආණ්ඩුකාරවරුන් වන පේෂල ජයරත්න සහ ඒ.ජේ.එම්.මුසම්මිල් මහත්වරුන්ද සාක්ෂි ලබාදී ඇත.
මහ නගර සභා ආඥා පනත යටතේ 2020 වසරේ අයවැය සම්පාදන හා බලාත්මක කිරීමේ නියෝගවල විධිවිධාන ක්‍රියාත්මක වීම හේතුකොටගෙන තුෂාර සංජීව විතාරණ මහතා 2022.12.31 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වූවාසේ සලකන බවද එම ගැසට් නිවේදනයෙහි සඳහන්වේ.
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ
නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.
’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව
ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.
මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කුරුණෑගල හිටපු නගරාධිපති චෝදනා 11කට වැරදිකරුවේ
ගමේ එකාලා Tuesday, 09 May 2023 02:20 PM
ඔය නගරාධිපතියා ගැන කියලා වැඩක් නැහැ .එතනෝල් ජොනීයටම හරියන එකෙක්.
SURATHALA Tuesday, 09 May 2023 02:54 PM
ජොනිය දැන් ඔබට සැපද?
swene Tuesday, 09 May 2023 03:23 PM
වැරදි විශාල ප්‍රමාණයක් කරලා තීරණය කරලා තිබේනම්, කොහොමත් සති කිහිපයකින් අහිමිවන නගරාධිපති කමින් සහ සභිකත්වයෙන් ඉවත් කිරීම පමණක් ප්‍රමාණවත්ද ?
swene Tuesday, 09 May 2023 03:27 PM
වැරදි විශාල ප්‍රමාණයක් කරලා කියල තීරණය කරලා තිබේනම්, අනිවාර්යයෙන්ම සති කිහිපයකින් අහිමිවන නගරාධිපති කමින් සහ සභිකත්වයෙන් ඉවත් කිරීම පමණක්ප්‍රමාණවත්ද ?
පැරකුම්Wednesday, 10 May 2023 03:01 AM
අපේ රටේ දේශපාලුවෝ කරන වැරදිවලට කවද්ද දඩුවම් කලේ
fairoos Tuesday, 09 May 2023 04:18 PM
එහෙනම් ඊළඟ ඡන්දෙන් පාර්ලිමේන්තු එවපු...
Upali Tuesday, 09 May 2023 05:46 PM
මෙයාව මුලින්ම මානසික වෛද්‍යවරයකුට පෙන්නන්න. අර පරණ ඉදිකිරීම්නුත් කැඩුවේ මෙයානේ. අරක්කු ජොනියාගේ ගෝලයෙක්නේ. ඇහේ ඉඳලා හමගහන්න ඕනෑ.
Buddika Tuesday, 09 May 2023 06:26 PM
ඒ වුණාට ජොනියාගේ කාලේ උසාවියෙන් මෙයාව නිදොස්කොට නිදහස් කරලා ඉදිරි පළාත් පාලන ඡන්දෙදී නගරාධිපති අපේක්ෂකත්වයත් මෙයාට දේවි...
Peduru Wednesday, 10 May 2023 04:45 AM
කල වැරදිවලට නීතියෙන් කටයූතු කල යූතුයි. ඵසේ නොමැතිව තනතුරෙන් ඉල්ලා අස්වැන්නේ සැලකීමට මේවා අම්ම අප්පගේ බූදලය නොවෙයි.කුරුණෑගල ජනතාවෙනී ඔබ නිදිද?
Eng.Senaka Sinhalage Wednesday, 10 May 2023 09:56 AM
අපගේ නීතියට මෙම කොමිසමේ තීරනය ක්‍රියාත්මක කිරීමටනම් වහාම ඔහුට උසාවිය හරහා නඩුවක් ගොනුකර ඔහු වැරදි කරුවකු කල යුතුය නැතිනම් මේ ප්‍රයත්නයට යෙදූ මිලියන ගානේ මුදල් අපතේ යනු නියතය. එයද අපගේ අහිංසක ජනතාවගේ බදු සල්ලි නිසා ගරු ලේකම් කමල් මහතානනි මෙය ඔබගේ අනිවාර්ය යුතුකමකි. !!
Kumara Welikala Wednesday, 10 May 2023 11:01 AM
මොනවද මේ කියන්නෙ . ඔය කොමිටිය දාපු ආන්ඩුකාරයත් 11 දෙනා පැහැරගෙන යාමේ චෝදනා වලට හිරේ යාමට නියමිත කෙනෙක් .