බුදුන් වහන්සේගේ කේෂ ධාතු තැන්පත් කළ කරඬුවකින් ආසිරි ගන්වා ලීමට යැයි කියමින් කලවානේ බෝධි පුජාවකදී දෙදෙනකුගෙන් ලබා ගත් රන් මාලද සමඟ හිමි නමක් බව කියන පුද්ගලයකු ආගිය අතක් නැතැයි බලංගොඩ පොලීසියට පැමිණිලි ලැබී ඇත.
පැවිදි නම් කිහිපයකින් පෙනී සිටිතියි කියන මෙම පුද්ගලයාට තම මවගේ මාලය හා රුපියල් අටදහසක් දුන් බව බලන්ගොඩ සරත් නන්ද සිරි මහතා පොලීසියට පැමිණිලි කැර ඇත.
කලවාන කුකුළේ ජී ජේ චමින්ද මහතාගේ රන් මාලයද වංචා කැර ඇත.තවත් කිහිප දෙනකුගේම රන් මාල ද මෙම පුද්ගලයා විසින් රැගෙන ගොස් ඇතැත් ලැජ්ජාව නිසා පොලීසියට පැමිණිලි කැර නැතැයි දැනගන්නට ඇත.
බලන්ගොඩ වැඩබලන පොලීස් පරීක්ෂක සනත් කුමාර හා අපරාධ අංශයේ ස්ථානාධිපති ෂෙල්ටන් උඩුවක යන මහත්වරු වැඩි දුර පරීක්ෂණ මෙහෙයවති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම දැන් ඉන්න අය දන්නේ නැද්ද හමුරුවරුන්ට මුදල් ඇල්ලීම අකැපයි කියලා. අනික වැඩි තණ්හාව සේරට මුල්වෙලා තියෙන්නේ. අපි කොහොමද ජාතිවාදී නෙමෙයි කියන්නේ ? අපේ රජයෙන්ම තමයි මිනිසුන්ව ජාතිවාදී ආගම්වාදී කරලා තියෙන්නේ. සුද්දට ඕනේ උනේ අපිව කොටවල එයාලගේ බලය රැකගන්න. ඉතින් අපේ පාලකයෝ තමන්ගේ ගොස්තරේ පිරෙනවා නම් රටට හෙන ගැහුවත් කමක් නැහැ කියලා ඉන්නවා. බොරුද බලන්න අපේ උප්පැන්න සහතිකේ අරගන්න. එතන ජාතිය කියන එකට ශ්‍රීලංකා කියලා දැම්මම මදිද? වෙන කිසිම රටක ආගම උප්පන්නයේ දාල නැහැ.. ආගම කියන දේ අපිට කැමති විදියට පිළිගන්න පුළුවන්, බෞද්ධ හෝ ක්‍රිස්තියානි හෝ මුස්ලිම් හෝ හින්දු විය හැකියි..සෙල්ලිපියක් විතර උප්පැන්නයක් තියෙනවා ජාති, ආගම සේරම කොටවන්න. (ස)
හැම ආගමකම මෙහෙම අය ඉන්නවා (නි)
බුදු දහම තුල මිනිස්සුන්ගේ මාල ආශීර්වාද කරන වැඩ ගෑවිලාවත් නැහැ. ඒවා තිබෙන්නේ හින්දු කෝවිල්වල මිනිසුන්ගෙන් කියක් හරි හම්බ කර ගන්ට . නමින් බෞද්ධ යයි කියා ගන්න අය දුවන්නේ හින්දු වතාවත් පිටුපස. මිත්‍යා දෘෂ්ටිය තිබෙන තුරු ඔයිට වැඩිය දේවල් සිදුවෙන්ට පුළුවනි.(නදී)
අයියෝ මගේ රත්තරන්.(නදී)
මම හිතන්නේ මොන තරාතිරමක හිටියත් ජන්ම ගති ඉස්මතු වෙනවා.(නදී)
මෙහි අදහස් ලියන විමල් කියන පුද්ගලයා කවදාවත් සත්‍ය නොදකින අයෙක්. (ස)
සිවුරක් දාගත් එක් අයෙක් කළ වැඩකට ලක්ෂ ගණනක් සිල්වත් හාමුදුරුවන්ටයි සමස්ත බුද්ධාගමටයි නින්දා අපහාස කරන හැමෝටම කියන්නේ, ඔයාලගේ හිත දූෂණය කරගන්න එපා (නි)
බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවද මේ වගේ දේවල් කරන්න කියලා (නි)
චීවර දැමීමට ලංකාවේ ප්‍රමිතියක් සිදු කර යුතුව ඇත .සිවුරු දාගත් සියලු චිවරධාරියෝ සිල්වත් හිමියන් නොවන වගේම ඉඳහිට සිල්වත් චිවරධාරින් දැකිය හැක . සිවුරක් දැම්ම ලඟදි අහිංසක ගැහැනුන්ගේ කොණ්ඩ කපපු නලුවෙකුත් . මේවා සිදු නොවිය යුතු දේවල්ය කියා මගේ හැඟීම. (ස)
දුක හිතෙනවා.(නදී)
විමල්ලට කොහොමත් ඇත්ත තේරෙනවා අඩුයි (නි)
සග සසුනේ විවිධස්තර නියෝජනය කරමින් මිනිසත්කමටත් නොගැළපෙන ඇවතුම් පැවතුම් ඇති පිරිස් අඩුවක් නැහැ කවදත්. එනමුත් ගමත් පන්සලත් ඒකාබද්ධව සියවස් ගණනාවක් පැවැත ආ සම්ප්‍රදායන් නිසා යහපතක්ම විය. නෙලූ පලා විසිකොට ගෙයි ඇති මුව හමට තඩි බා ඇති පල කීම. (නි)
බුදුදහමේ ආශිර්වාද කරගැනීමක් නැත.පන්චේන්ද්‍රියන් පාලනය කරගැනීම, සිත සන්සුන්ව තබාගැනීම, ලද දෙයින් සතුටුවීම වගේ දේවල් තමා බෞද්ධයෙකුගේ තිබියයුතු ගුණධර්ම (නි)
ඕවා ගණන් ගන්න එපා (නි)
අර්ෂා, කරුණාකර සමන්ගේ පිළිතුර කියවන්න (නි)
හොරා නිවන් දැකලා වගේ කරුවලේ ඇති. එලියට ඇදලා අරන් මාල හැලෙන්න දෙන්න ඕනෑ. (නි)
අසේල ,මෙම ප්‍රවෘත්තිය හරියට කියවන්න. මෙම හොරා නම් කිහිපයකින් පෙනී සිටින බවත් මීට කලින් මාල හොරකම් කිහිපයක් කර ඇති බවත් තිබෙනවා.එයින් පැහැදිලි වන්නේ මොහු චීවරධාරියෙකු බවයි. සමහර උදවිය හොරකම් කිරීමටම චිවරය යොදාගන්නවා (නි)
දැන් ඉතින් කියාවි, චීවරයක් දාගත්තු හොර හාමුදුරු කෙනෙක් කියලා. මොනා හරි බලු වැඩක් කොරොත් එයා නිකන් මේ චීවරයක් දාගත්තු කෙනෙක් කියාවි. මරු මරු (ස)
මෙවැනි ක්‍රියා අපේ රටේ බෞද්ධ ශාසනයටත් කැළලක්.(නදී)
අසේල, ඔයා හරි. ගෞරවනිය ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් ඔය වගේ දේවල් කරන්නේ නැහැ.(නදී)
මේවගේ අන්ධ භක්තියෝ බලන්ගොඩ ඉන්න එක ගැන ලජ්ජා වෙන්න ඕනි. පත්තරවලින්, ටීවී චැනල් වලින් මොනතරම් මේ වගේ දේවල් ගැන මිනිස්සු දැනුවත් කලත් පාඩම් ඉගෙන නොගන්නේ ඒ මිනිස්සුන්ගෙම අවාසනාවට. අනිච්චේ දුඛ්ඛේ .... (ස)
කුරගල ලෙන අස්සේ සැග වුනාද දන්නේ නැහැ.(නදී)
මේවා අන්තර් ජාතික කුමන්ත්‍රණ.(නදී)
චී අපිට අන්‍යාගමිකයින්ට මුහුණ දෙන්නත් බෑ ලැජ්ජයි.... (ස)
කොහොමද අසිරිය, මේ බුදු හිමියන්ගෙ කේශ ධාතුයි කියන්නෙ කොහොමද? (ස)
ලුම්බිණි.. කාලෙකින් සාධාරණයක් කලා. (ස)
යකෝ ඒ පාර ස්වාමින් වහන්සේලාත් හොරකමට බැහැලද ? කෝ අර සේනාව නිදිද ? (ස)
මෙවැනි ක්‍රියා නැති කිරීමට එකම විකල්පය ශරීයා නීතිය ලංකාවට ගෙන ඒමයි.(නදී)
මෙන්න මේ ගොල්ලන්ගේ ආගම ධර්මය පේනවා නේ. අපේ කෙනෙක් කලොත් ලොකුවට වාද කරයි. හිමි නමක් මෙසේ කරයි නම් සිවිල් ජනයා ගැන කවර කතාද, කෝ අර වීර අද හැංගිලාද?(නදී)
දළදා මාලිගාවටත් රන් මාල පුජා කරන මිනිසුන් කොයි තරම් ඉන්නවද? මිනිසුන් මෙවැනි මෝඩකම් කරන්නේ තණ්හාවත් අන්ධ භක්තියත් නිසා. (ස)
අති ගෞරවණිය මහා සංඝයා වහන්ස, ශ්‍රී ලාංකික බෞද්ධයන්ට බෞද්ධ දර්ශණය දේශනා කොට ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ මෝහය දුරලනු මැනැවි!! (ස)
බුදුන් කලත් මෙවැනි අය හිටියා (නි)
මට නම් කියන්න තියෙන්නේ මෝඩ අන්ධ භක්තික බුදු දහම පිළිබඳ කිසිම දැනීමක් නැති පිරිසක් තමයි ඔය මාල දීලා තියෙනේ...... බුදු දහමේ තියනවද ආසිරි ගන්වන වැඩ????? (ස)