(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ සහ වසන්ත චන්ද්‍රපාල)
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යාම නිසා ට්‍රැක්ටරයේ ගමන්ගත් සිසුන් 05 දෙනකු සමග ට්‍රැක්ටරයේ රියදුරු සහ සහයකයකු අතුරුදහන්වි ඇතිබව කාර්තිව් පොලිසිය පවසයි.
සමන්තුරේ අයි.එම්. නස්රිෆ්, එෆ්.එම්. නසීන්, එම්.ඒ.එම්. අෆ්කාන්, එෆ්.එම්. සහරාන්, එම්.ජේ.එම්. සදීර්, ඒ.එම්. යසීන් යන පිරිස අතුරුදන් අතර සිටින බව පොලිසිය කියයි.
පාසල් නිවාඩු ලබාදුන් බැවින් මෙම සිසුන් ට්‍රැක්ටර් ට්‍රේලරයේ නැගී නිවෙස් වෙත ගමන්කර ඇති බවත්, ට්‍රැක්ටරය කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ මීටර් 500 ක් පමණ ගමන් කරන අවස්ථාවේ ප.ව. 4.15 -5.00 ත් අතර කාලයේ දී, මාර්ගය හරහා ගලාබසිමින් තිබූ අඩි තුනහමාරක් - හතරක් පමණ වන ජල පහරට හසුවී ගසාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම සිසුන් අවුරුදු 12 – 16 වයස් සීමාවන්හි අයවලුන් බවත්, පොලිසිය සදහන් කරයි.
ට්‍රැක්ටරයේ ගමන්ගත් සිසුන් දෙදෙනකුගේ දිවි බේරී ඇති අතර, ඉතිරි පිරිස සොයා පොලිසිය, නාවික හමුදා සහ යුධහමුදා නිලධාරින් මෙහෙයුමක් ආරම්භකර ඇත.
ඉකුත් දින කීපයේ පැවැති අධික වර්ෂාවත සමග එම ප්‍රදේශය ගංවතුරට යටවූ අතර මාවඩිපල්ලි පාලම අසල වෙල මැදින් ගලා ගිය සැප පහට අසුව එම ටැක්ටරය ගසාගෙන ගොස් ඇතැයි ද පොලිසිය කියයි.
මනම්පිටියේ පවත්වාගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයක් අසල මීට සුළු වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වු මහාචාර්ය සිව සුබමනියම් රවින්ද්‍රනාත් මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ස
සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකයන් 1103 දෙනෙකු සේවයේ යොදවා තිබුණත් මෙම තනතුරු සඳහා පසුගිය වසරේ මාර්තු මාසය දක්වා විධිමත් අනුමැතියක් ලබාග
ශ්රී ලාංකික පවුලකට සිය ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් අවශ්‍ය බව ලෝක ආහාර වැඩසටහනේ න
එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.
අලුත් අවුරුදු උත්සව සමයේ කළ වැටලීම්වලදී නීති විරෝධීව මත්පැන් අළෙවි කළ සුරාබදු බලපත්‍ර හිමි මත්පැන් අළෙවිසැල් තුනකට මුද්‍රා තැබූ බවත් එම මත්පැන් අළෙව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
කමල් Tuesday, 26 November 2024 10:09 PM
නොතේරුම් වයසේ ඉන්න ළමයිත් එකතු කරගෙන අවදානම් වැඩ කරන්න යන්න එපා.. අම්මලා තාත්තලාට තමන්ගේ ළමයින්ට වඩා දෙයක් නෑ...!
nimal Wednesday, 27 November 2024 02:35 PM
ඔවුන් විශ්වාස කරන පරිදි දෙවියන්ගේ පැතුම