IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


‘‘කොරෝනා පාලනයට පොදු ප්‍රතිපත්ති මාලාවක් සකසන්න‘‘

(අංජුල මහික වීරරත්න)

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා පොදු ප්‍රතිපත්ති මාලාවක් සහිත කෙටුම්පතක් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මූලිකවී ඉතා⁣ ඉක්මනින් සැකසිය යුතුව ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කැබිනට් මණ්ඩලය මූලික වී සකසන මෙම කෙටුම්පත සඳහා ආණ්ඩුවේ නොවන පක්ෂ නායකයන් සමඟ හා පාර්ලිමේන්තුවේ විපක්ෂය සමඟ සාකච්ඡා කොට ඔවුන් ගේ අදහස් යෝජනාද ගත යුතු බව කී රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයේ සියළු පක්ෂ ඊට යෝජනා ලබාදී වසංගතයෙන් ජනතාව ගලවා ගැනීම සඳහා උදව් කළ යුතුව ඇතැයි ද සඳහන් කරයි.

වෛද්‍ය ක්ෂේත්‍රය,ව්‍යාපාරිකයන්, විද්වතුන් සමඟත් මේ ගැන සාකච්ඡා කොට මාසයක් වැනි කාලයක් තුළ සියලු දෙනාට එකඟ වූ කෙටුම්පතක් රටට දිය යුතු බවත් වසංගත පාලනයට අවශ්‍ය නීති ද මේ යටතේ සම්මත කරගත හැකි වනු ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

වසංගතය පාලනය කරමින් රටත් ආර්ථිකයත් පවත්වා ගැනීමට අවශ්‍ය නීති ඇතුළත් කෙටුම්පතක් සකසන ලෙස කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින අතර ශ්‍රී ලංකා මාතාව බේරා ගැනීමට හැකියාව ඇත්තේ සියලු දෙනා එක්ව පොදු ප්‍රතිපත්තියක් සකස් කළහොත් පමණක් බව ද හිටපු අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.

 



අදහස් (15)

‘‘කොරෝනා පාලනයට පොදු ප්‍රතිපත්ති මාලාවක් සකසන්න‘‘

kapila Sunday, 30 May 2021 01:50 PM

රජයට සහාය දෙන්න ඉක්මණින් පාර්ලිමේන්තු එන්න. ඔබතුමා කවදත් රාජපක්ෂලාට සපෝට්නේ.

:       19       28

NMSunday, 30 May 2021 04:15 PM

කොරෝනා වෛරසය සඳහා ලබාදෙන්නා වූ එන්නත් පිළිබඳව මේ දිනවල රට තුළ ආන්දෝලනාත්මක තත්වයක් මතුව ඇත. ජනතාව ඉතාම අසරණ තත්වයකට පත්ව ඇත. රජයේ දේශපාලකයන් සහ විපක්ෂයේ දේශපාලකයන් කිසිදු දැනුමක් හෝ අවබෝධයක් නොමැතිව ජනතාවට එන්නත් පිළිබඳව සහ වෙනස් වර්ගයේ එන්නත් ජනතාවට ලබාදීම පිළිබඳව මාධ්‍ය මගින් විවිධාකාර වූ අර්ථකතන සහ අනවශ්‍ය ප්‍රකාශ ලබාදෙමින් තිබේ. හුදෙක් මෙය කරනු ලබන්නේ දේශපාලන වාසි ලබාගැනීම සදහාම මිස ජනතවගේ සෞඛ්‍ය හෝ එන්නත් පිළිබඳව වැටහීමකින් නොවේ. රජයේ තෝරාගත් වෛද්‍ය ඇමතිවරුන් සහ තෝරාගත් වෛද්‍ය ක්ෂේත්‍රයේ එන්නත් සහ වෛරස පිළිබඳ අවබෝධයක් තිබෙන්නා වූ පිරිස් හැරුණුවිට වෙනත් කිසිඳු දේශපාලකයකු වෛරසය පිළිබඳව හෝ එන්නත් හෝ එන්නත් කරණය පිළිබඳව ජනතාවට කරුණු කීම කෝ ප්‍රකාශ ලබාදීම දැන්වත් නවතා දමන්න.

:       1       0

chandima Sunday, 30 May 2021 02:50 PM

කැලේට වෙලා කෑ ගහන්නේ... ඉන්නකෝ පාර්ලිමේන්තුවට... ඇවිත් යෝජනාවක් ඉදිරිපත් කරන්න..

:       7       22

RaveendraMonday, 31 May 2021 04:07 AM

ඇයි මමත් මොනා හරි කියවනවට ඔහෙලා ඉරිසියයි නේද ? දන්නැද්ද මම තමයි ආසියාවේ ඉන්න හොදම හොද "මන්ද"පමා බුද්ධිකය.හැබැයි මම ඒ දණ්ඩ තියෙන පාරවල් වල යන්නේ නැහැ හොදේ.

:       4       9

nm Sunday, 30 May 2021 03:18 PM

කොරෝනා වෛරසයට ප්‍රතිකාර කිරීම සඳහා ෆයිසර් ආයතනය මගින් නිවසේදීම ලබාගත හැකි නව පෙති වර්ගය මේ වනවිට පරීක්ෂණ අවධියේ ඉතම සාර්ථක ප්‍රතිඵල ලබා දෙන බවත් වසර අවසානයේදී ජනතාවට ලබා ගත හැකි බවත් ප්‍රකාශ කර තිබේ..

:       41       7

Sri Lanka Sunday, 30 May 2021 04:02 PM

ඕකට කෙටුම්පත් මොකටද? අපේ දේශීය වෙද මහත්වරු මුලදීම කිව්වා කරන්න ඕනෑ දේ..

:       26       8

NM Sunday, 30 May 2021 04:16 PM

මෙම ප්‍රදේශය දේශපාලකයන් අවබෝධයකින් තොරව ලබාදෙන්නා වූ ප්‍රකාශ නිසා රටේ ජනතාව දේශපාලකයින්ගේ ප්‍රකාශ පිළිගැනීමත් නිසා සහ කිසිදු සාමූහික ක්‍රමවේදයන් නොමැති නිසා COVID වෛරසය සඳහා ලබාදෙන්නා වූ එන්නත් සහ කුමන එන්නත් ලබාදෙන්නේද? දෙවන එන්නත කුමක් විය යුතුද පවා වගවීමක් හෝ වගකීමකින් තොරව රටට ලබාදෙන්නා වූ පරස්පරවිරෝධී අදහස් නිසා ජනතාව මේ වනවිට දැඩි පිඩනයකින් පසුවන බව කිව යුතුවේ. කොරෝනා පාලනයට පොදු ප්‍රතිපත්ති මාලාවක් සැකසීම පිළිබඳව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය අගය කරමු.

:       0       2

athula Monday, 31 May 2021 02:32 AM

මාරයි, මෙයා නටාගන්න බැරිවුණාට නටන හැටි කියලා දෙන්න දන්න පඬිරුවනක්. අමුඩෙත් ගලවලා ගෙදර යැව්වාම ටික කලක් හැංගිලා ඉඳලා හෙමීට අත් දෙකෙන් විලි වහගෙන එළියට එන්න දන්නවනේ.. රටටම වාසනාවක් අප්පා..

:       4       36

kamal Monday, 31 May 2021 03:01 AM

අනේ ෆයිසර් ආයතනය, අපේ දේශපාලනය පිස්සන්ට ගහන්න එන්නතක් හදා දෙන්න.

:       19       5

Bandara Monday, 31 May 2021 03:54 AM

මෙතුමාගේ අදහස් වල ඇති වැදගත් කරුණු පිළිබඳ අවධානය යොමුකරනවා වෙනුවට ගතානුගතික විවේචන ඉදිරිපත් කිරීමෙන් පෙනෙන්නේ අප සමාජයේ ඇති නොදියුණු බවයි. විවේචනය සිදුවිය යුත්තේ අදාල කරුණු වල සත්‍ය අසත්‍යතාව පිළිබඳවය. බෝහෝ දියුණු රටවල් මෙම සාම්ප්‍රදායික නොදියුණු දේශපාලන සංස්කෘතියෙන් මිදී වඩාත් නිවහල් දියුණු දේශපාලන සංස්කෘතියක් ඇතිව ඉදිරියට යයි. අපගේ අඩුපාඩුව ඇත්තේ ඕනෑම දෙයක් හුදු රසාස්වාදයක්, පුද්ගලික වමනාවක් හෝ වෛරයක් මත විවේචනය කරනවා මිස කරුණු පිළිබඳව අවබෝධයකින් නොවේ. මීට හේතුව විය හැක්කේ තොරතුරු වලට ලඟාවීමට ඇති නොහැකියාව හා වුවමනාවක් නොනොමැතිකමයි.

:       35       8

රට වැසියා Monday, 31 May 2021 04:18 AM

ඔබලාට බලය තිබුන වෙලාවේ රටේ අනාගතය ගැන හිතලා පොදු ප්‍රතිපත්ත හැදුවා නම් රට අද මේ තත්වයට පත් වෙන්නෙ නැ, තමනුත් තමන්ගේ පක්ෂයත් හෙදිලා ගියා. ලැබුන එක ආසයනයටවත් පාර්ලිමෙන්තුවට කවුරුත් පත් කරගන්න බැ - පොදු පොදු ප්‍රතිපත්ති හදන්න කථා කරනවා! - අනේ හැබැටම...!

:       3       49

Sunil Milano Monday, 31 May 2021 06:16 AM

අවුරුදු 05ක් රට කාලා... දැන් තමයි මතක් වෙලා තියෙන්නේ ප්‍රතිපත්ති හදන්න.

:       1       1

Rata Perata Monday, 31 May 2021 06:23 AM

බලය තිබුණු වෙලාවේ තීරණ ගත්තේ නැහැ. දැන් ඔස්තාර් වගේ කියවනවා. ඒ කාලෙම මිග්, සොහොන්, සුනාමි සල්ලි, දෙනියායේ ගෙවල්, ටකරම් සල්ලි වගේ අපේ සල්ලි හොරකම් කරපු අපතයින්ට නිසි දඬුවම් දුන්නා නම්, අද රටට වන හානිය නවත්තගන්න තිබුණා. චීනෙන් රට බේරගන්න තිබුණා. ඒක නිසා ඔබත් මේ ව්‍යවසනයේ කොටස් කාරයෙක්..

:       5       3

kamal Monday, 31 May 2021 07:24 AM

අපි බලේ දුන්නා... මොනවද කළේ? දැන් බැරි වැඩ පණ්ඩිතකම් කියවනවා.

:       1       1

Sunil Milano Monday, 31 May 2021 07:31 AM

මේ රට පෙරට... ඇයි අමතක... පාර්ලිමේන්තුවේ චිට් එක අරගෙන දුවලා ලක්ෂ 20ක් ගත්ත කෙනා ගැන... මහ දවල් බැංකු කොල්ලකාපු එක ගැන කෝටි 32 වෙඩි නොවදින කාර් 02 තව කෙතරම් දේවල් තියෙනවද? මෙයාට මතක ටකරම් කෑලි ටික විතරයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 508 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 803 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 1925 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 2692 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 580 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 464 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 40 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 436 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1364 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site