රුපියල් කෝටියක් පමණ වටිනා සුදු හඳුන් තෙල් සිලින්ඩර තුනක් මෙරට සිට ප්‍රංශයට යැවීමට සුදානම් කර තිබියදී කටුනායක භාන්ඩ අපනයන පර්යන්තයේ රේගු නිලධාරීන් විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
අත් අඩංගුවට ගනු ලැබු සුදු හඳුන් තෙල් වල බර කිලෝග්‍රෑම් 25 කි.
කුරුඳු තෙල් අපනයනට ලියකියවිලි සකස් කොට මෙය රේගුවට ඉදිරිපත් කොට තිබු බවත් කොළඹ ප්‍රදේශයේ දුත සේවාවක් හරහා මෙම සුදු හඳුන් තෙල් තොගය ප්‍රංශයට යැවීමට උත්සහ කර තිබු බවත් රේගුව කියයි.
එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 349 දරණ ගුවන් යානයෙන් ප්‍රංශයට යැවීමට සුදානම් කර තිබියදී ඊයේ මධ්‍යම රාත්‍රියේ මෙම සුදු හඳුන් තෙල් තොගය රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ වන ජීවී හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ පනතින් හා වන සංරක්ෂන පනතින් සුදු හඳුන් තෙල් අපනයනය කිරීම තහනම් කර ඇති බවයි.
මේ පිළිබඳ විමර්හන කටයුතු රේගු අදිකාරී එම්. ගුණරත්න, නියෝජ්‍ය රේගු අදිකාරි එස්.ආර් ඇරව්පොළ, සහකාර රේගු අධිකාරීවරුන් වන පී.ජී.ජී.එම්.කේ හේරත්, ජේ.එම්.එස්.පී ජයසිංහ යන නිලධාරීහු සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමගේ, ඔබට මගේ ප්‍රණාමය! රටක් පාලනය කරන්න රාජ්‍ය පරිපාලනය ගැන විශාල උගත්කමක් දැනුමක් අවශ්‍යයි. එහෙම නැතුව ඒ රට ආර්ථික වශයෙන් දියුණු කරන්න ස්වභාවික සම්පත් උපයෝගී කරගන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ. ඒකට සම්පුර්ණයෙන්ම වගකියන්න ඕනෑ රටේ ජනතාව. ඒකෙන් විඳවන්න වෙන්නේ අනාගත පරම්පරාවට (නි)
ජිවත් වෙන්න අමාරු නිසා මිනිස්සු මෙහෙම කරනවා කියල මළ ගෙවල් වල පාලු මකන කෙනෙක් කියන්නත් ඉඩ තියෙනවා. (ස)
කන්න ඕන ඕනෑම කබරගොයත් තලගොයා වෙනවලු . එහෙම වැඩක් මේකත් (අ)
කැසිනෝ වගාවට වඩා හොදයි හඳුන් වගාව.(නදී)
මේ දේවල් වල වටිනාකම තක්සේරු කරන්නේ කොහොමද? හැම එකම කෝටි ගණන් වලින් තමයි එන්නේ. හූනා කෝටි ගණනයි, වල්ලපට්ට කෝටි ගණනයි, කුරුළු කූඩු කෝටි ගණනයි වශයෙන් තක්සේරු කරනවා. ඉතින් මේ වටිනා දේවල් ව්‍යාප්ත කරලා රටට ආදායමක් ලබාගන්න කටයුතු කලොත් ලොකු සේවයක් වේවි. කෝටි ගණනින් ලක්ෂ ගණනක් කොමිෂන් ගත්තත් ටිකක් හරි රටට ඉතුරු වේවිනෙ.(නදී)
බොරු ඔයිල්.(නදී)
ඔව්වා ඉතින් කවුරුහරි විකුනගත්තම මොකද ? (නදී)
ඒවත් සෙල්ලම් තෙල්ද දන්නෙ නැහැ (නි)
අනේ මන්දා! (නි)
ගමගේ හරි. ඒ හින්දානෙ ලංකාව පිටරටට අත දික්කර උදවු ආධාර ඉල්ලන්නෙ (නි)
රටක මේවා වාණිජ වශයෙන් වගාකර රටට විදේශ විනිමය ගේනවා වෙනුවට මේවා තහනම් කර, ආර්ථිකය නඟාසිටවන්න නීතිමය වශයෙන් කැසිනෝ, ගණිකා වෘත්තිය රටට ගෙනෙන්නට දඟලනවා. (නි)
බොහෝ වටිනා සම්පත් පිට පාරෙන් මෙලෙස රටින් පිටවෙනවා වාගේම රට ඇතුලටත් එනවා. අහුවෙන්නේ කලාතුරකින්. (නදී)
දැන් ඔය තෙල් වලට මොනවා වෙයිද ? අල්ල ගන්න වල්ල පට්ට වලට මොකද වෙන්නේ. ඒවා රජයෙන් වත් රට යවල විදේශ විනිමය ගේන්න බැරිද ? කොරන්ටයින් එකෙන් අල්ල ගන්න ඕකිඩ් පැල වලට නම් ඒ මහත්තුරුන්ගේ ගෙවල් වලදී නෝනලා වතුර දානවා. (නදී)
පසුගිය කාලයක ආසියාවෙන් අල්ලපු ලොකුම කුඩු තොගයෙනුත් භාගයක් නියම කුඩු නෙවෙයි කියපු එකේ, මේක මොකද්ද ? (නදී)
වැරදි කරන නිසා නීති හදනවා. නීති වැඩිවෙනකොට ඒවායින් රිංගන්න ක්‍රම හොයාගන්නවා. එහෙම කලේ ඉස්සර. දැන් බොහොම දෙනෙක් කරන්නේ මැතිවරණයකදී ආණ්ඩුවේ දේශ පාලකයෙකුට උපරිම සහය දීල, එයාව සාක්කුවේ දාගන්න එකනේ. මේකත් එහෙම එකක් නොවෙයි කියල කියන්න පුළුවන් කාටද? (නදී)
අපේ අහිංසක කරුණාවන්ත ජනතාව අයුතු ලාභ සඳහා ගුණධර්ම වලින් ඇත්වීම ශෝකනියි. ඔවුන් යහපත් මාර්ගයට පැමිණේවා! සැමට සුභ වෙසක් මංගල්‍යක් වේවා...! (නදී)
කැසිනෝ ආශ්චර්යය ආවට පස්සේ මොකටද අපනයන ආශ්චර්යයක්? (නි)
ගමගේ, ඔබ හරි (නි)
ගමගේ,ඒකට තමයි ආශ්චර්යය කියන්නේ (නි)