IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


කරාපිටියේ වෛද්‍යවරයා රිමාන්ඩ්

(ඩී.ජී.සුගතපාල)

කරාපිටිය රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයකුට සහ සේවිකාවකට පෙරේදා (17) සවස පහරදුන් බව කියන පිළිකා වාට්ටුව භාර විශේෂඥ වෙද්‍යවරයා 22 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා  නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් කරනු ලැබුවේ කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ ක්‍රිශාන්ත පෙරේරා නම් විශේෂඥ වෛද්‍යවරයාය.

ඉකුත් 16වනදින පවත්වන ලද වැඩ වර්ජනයට පිළිකා වාටුටවේ සේවකයන් එක් නොවන බව කියා සිටියත් ඔවුන් වැඩ වර්ජනයට එක්විිම සම්බන්ධයෙන් වෛද්‍යවරයා සහ සේවක පිරිස අතර ඇතිවු ආරවුලක් දුරදිග යාම හේතුවෙන් වෛද්‍යවරයා විසින් මෙම පහරදිම සිදුකර ඇතැයි අධිකරණයේදී කියැවිණි.

පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ පිළිකා වාට්ටුවේ සේවකයන් වර්ජනයට එක්විම වළැක්විමට පියවර ගන්නා ලෙස සැකකාර වෛද්‍යවරයා රෝහල් අධ්‍යක්ෂවරයාට පැමිණිලිකර තිබුණත් ඔවුන් වර්ජනයට එක්ව සිට ඇති බවය.

පසුදින සේවයට වාර්තා කිරිමට පැමිණි සේවකයන්ට අත්සන් කිරිමට ඉඩ නොදිම නිසා වෛද්‍යවරයා සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අතර බහින්බස් විමක් සිදුව ඇති අතර පසුව සේවකයන් රෝහල් අධ්‍යක්ෂවරයා හමුවිමට ගිය අවස්ථාවේ වෛද්‍යවරයාද ඒම ස්ථානයට පැමිණිමත් සමග යලිත් ආරවුලක් සිදුව ඇති බවත් පොලිසිය කියා සිටියේය.



අදහස් (17)

කරාපිටියේ වෛද්‍යවරයා රිමාන්ඩ්

Prabha Thursday, 18 January 2024 06:21 PM

හෙට ඉඳලා ඒ පැළැන්තියේ අය වර්ජනය පටන් ගනීවි...!

:       5       13

රංබොඩ Thursday, 18 January 2024 06:37 PM

ටිකක් කල්පනා කරලා බලන්න. සුළු සේවකයින්ට ගහපු එක හරි නෑ. නමුත් මේ වෛද්‍යවරයා නිකරුණේ රිමාන්ඩ් කරලා තියෙන කාලය තුළ රෝගීන්ට බෙහෙත් කරන්නේ සුළු සේවකයින්ද? මෙවැනි දේවල් සාකච්ඡා මාධ්‍යෙයන් විසඳීම වඩා සුදුසු දෙයක්...! 

:       20       47

SameeraThursday, 18 January 2024 07:57 PM

ඔබ කියන්නේ සුළු සේවකයින්ට මේ යකාගෙන් ගුටි කකා වැඩ කරන්න කියලාද? මතක තියාගන්න අපි ඉන්නේ වැඩවසම් යුගයේ නෙමෙයි. 2023 නේ... සුළු සේවකයින් අතින් පයින් මේ මනුස්සයාට ප්‍රතිචාර නොදැක්වීම ගැන සතුටු වන්න...

:       41       18

PrabaFriday, 19 January 2024 05:10 AM

ශල්‍යකර්ම කල් යන පිළිකා රෝගීන් අතර ඔබේ නෑයෙක් සිටීනම් ඔබ මේ ස්ථාවරයේම සිටිනවාද

:       1       5

ජසින්තFriday, 19 January 2024 12:07 PM

සමීර තමුසෙ මින් පස්සෙ දොස්තරලා හමුවෙලා ප්‍රතිකාර ගන්න එපා.ඔය තමුන්ගේ මහලොකු කම්කරුවන්ගෙන් ප්‍රතිකාර ගත්තම නුඹේ ඔලුගෙඩිය ඇතුලේ තියෙන අට අනූවක් රෝග හා ව්‍යාධීන් ඉතාමත් ඉක්මනින් සුවපත් වේවි

:       2       12

Prabha Thursday, 18 January 2024 09:26 PM

දොස්තර, බීලා ඉඳලා තියෙන්නේ...!

:       3       0

යෝගා Thursday, 18 January 2024 06:47 PM

නඩුව ඉවර වෙච්චි ගමන් මිනිහා වෙන රටක පදිංචියට යයි...!

:       5       36

Buddhika Thursday, 18 January 2024 09:36 PM

අපරාධ නඩුවක් වැටුණා කියන්නේ වෙනත් රටකට යන්න අමාරුයි. පොලිස් රිපෝට් එකේ අපරාධය ගැන සටහන් වෙනවා. ලන්කාවෙන් වෙනමම රටකට වීසා ඉල්ලුම් කරද්දී පොලිස් රිපෝට් අනිවාර්යයෙන්ම ඕනෑ...!

:       0       1

ඉන්දික Thursday, 18 January 2024 06:51 PM

ඒ දොස්තරත් රට හැරගිය ලිස්ට් එකට ළඟදීම එකතුවේවි. ලංකාවේ ඉඳන් ප්‍රශ්න ඇති කරගන්නවාට වඩා එහෙම කරන එක හොඳයි කියලා හිතෙයි..!

:       6       35

චන්දන Thursday, 18 January 2024 09:24 PM

මෙයාගේ හැසිරීම අනුව වෙනත් රටක සේවය කරන්න බැහැ. මේ පළමු සිදුවීම නෙවෙයි. පසුගිය කාලෙක ගර්භණී වෛද්‍යවරියකටත් පහර දුන්නා කියලා කතාවක් තියෙනවා... සේවකයින්ට අඩන්තේට්ටම් කළ පළමු වතාව නෙවෙයි. මෙයාගේ ඉවසීම නැහැ...

:       0       1

naveen Friday, 19 January 2024 09:55 AM

තව අවුරුද්දකින් පෙන්ෂන් යන්න ඉන්නේ මේ ඩොක්ටර් .වයසක මිනිස්සුන්ව පිටරට ජොබ් වලට ගන්නේ නෑ ඕයි

:       5       4

අරවින්ද මොනරවිල Thursday, 18 January 2024 07:38 PM

හෙට ඉඳලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වර්ජනය පටන් ගනීද දන්නේ නැහැ...!

:       17       13

චින්තක Friday, 19 January 2024 10:23 AM

පිස්සො පිස්සු කෙලියට දොස්තරලා පිස්සු කෙලින්නෙ නැහැ කොහොම වුනත් රෝහල් සුලු සේවකයින් කියන්නෙ කිසිම සුදුසුකමක් නැති දේශපාලන හිතවත් කමට රැකියා අරගෙන ඉන්න පිරිසක් තමයි කොහොම වුනත් මේ දොස්තර මහතාට සාධාරණයක් වෙන්න ඕන එහෙම නොවුනොත් රටේ පිස්සො රජවෙලා රට විනාශ වේවි මෙතනදි දොස්තරලා වෙනුවෙන් ජනතාව ඉදිරිපත් වෙන්න ඕන

:       4       9

නන්දන Thursday, 18 January 2024 09:09 PM

මෙවැනි සුළු ආරවුල් එම ස්ථානයේ දී ම නිරාකරණය කරගත යුතුයි. රෝහල් පරිපාලනය ඉතා දුර්වලයි. සියලුම දෙනා ඉන්නේ රෝගීන්ගේ යහපතට.

:       0       7

චින්තක Friday, 19 January 2024 06:19 PM

ඒකතමයි වෙන්න ඕනෑ රජයේ සේවයේ යෙදෙන අයට ආයතන සංග්‍රහයේ රෙගුලාසි අනුව කටයුතු කරන්න නීති තියෙනවා. ඒත් කලකට පෙර කාළකණ්නියෙක් කියලා තිබුණා... ඒවා නීති නොවෙයි කියලා ආයතන සංග්‍රහය අනුව කටයුතු කරනකොට අධිකරණයට නඩු ගොඩගැසීම ඉතාමත් අඩුවෙනවා... ඒ සමග කියන්න ඕනෑ වර්තමානයේ ආයතන සංග්‍රහය අනුව විනයානුකූලව කටයුතු කරන්න දන්න අය ඉතාමත් අඩුයි කියලා කවුරු කොහොම කිව්වත් මෙහෙම නින්දිතම ක්‍රියාවන් වෙන්නේ දේශපාලුවෝ හිතවතුන්ට පත්වීම් දීම නිසා පත්වීම් ලබන එවුන් දේශපාලන හයිය මත සිටින නිසා කියලා සාමාන්‍යයෙන් පාසලක සනීපාරක්ෂක කම්කරුවන් පාසලට එන්නේ සාරි ඇඳගෙන ඉන්න බලන්නේ විදුහල්පති කාමරයේ විදුහල්පති මේසය ළගින්ම තමයි කාර්‍යාලයේ සනීපාරක්ෂක කම්කරුවන් ඉන්න බලන්නේ එහි ප්‍රධානියා වගේ... එනිසා නොපමාව දේශපාලුවන්ගේ නිර්දේශ මත කුමන තනතුරකටවත් කිසිවෙකුට පත්වීමක් නොදීමට නීතියක් සැකසීම කළයුතුයි

:       0       1

Lal Thursday, 18 January 2024 09:50 PM

කක්කුස්සි හෝදන අයට මොන වැඩි පඩිද?

:       0       0

Athula Friday, 19 January 2024 03:35 PM

බොහෝ අය මේවගේ දේවල් දකින්නෙ සාමාන්‍ය පුද්ගලික දේවල් ලෙස පමණයි.. බොහෝ ප්‍රතිචාර කියවන විට වැටහෙනවා.. හැබැයි මේ පේනවන්නේ අපේ සමාජය කොතරම් දුර‍ට පිරිහිලා තියෙනවාද කියන කැඩපත.. යහපත් රටක මෙහෙම වෙන්න බැහැ.. ඒවායි තේරුම් ගන්න ඕනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 4348 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 395 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1569 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3049 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 127 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 3005 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39010 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25548 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 313 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1060 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site