(ඩබ්ලිව්.කේ. ප්‍රේමතිලකද සිල්වා සහ ඩී.ජී.සුගතපාල)
කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු හා රෝහල් සුළු සේවකයන් අතර ඇති වූ උණුසුම් තත්වයට හේතු වූ විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න යැයි ඉල්ලමින් රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් අද (17) සවස වැඩවර්ජනයක් ආරම්භ කළේය.
සෞඛ්‍ය සේවකයන් ඊයේ (16) පැවැත්වූ වැඩවර්ජනය හේතුවෙන් කුපිත වූ විශේෂඥ පිළිකා ශල්‍ය වෛද්‍යවරයා අද(17) පෙරවරුවේ රෝහල් කණිෂ්ඨ මණ්ඩලයේ සේවකයන්ට බැන වැදී ආරවුලක් ඇති කර ගැනීම සහ එක් සේවිකාවකට පහරදීම හේතුවෙන් වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට බලකරමින් මෙම වර්ජනය ආරම්භ කර තිබේ.
රෝහල් අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ රෝහල් අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂවරු සහ අනෙකුත් වෛද්‍යවරු එකතු වී උදෑසන ඇති වූ මෙම තත්වය සමථයකට පත්කළ බවයි. ඉන් පසු වෛද්‍යවරයා අධ්‍යක්ෂ කාර්යාලයේ රැඳී සිට පිටව ගොස් තිබිණි.
සවස නැවත විශේෂඥ වෛද්‍ය ක්‍රිෂන්ත පෙරේරා මහතා පිළිකා ඒකකයට පැමිණ ඇති අතර එම අවස්ථවේ දී හදිසි ප්‍රතිකාර ඒකකයේ සිට වාට්ටුවට රෝගියකු රැගෙන එමින් සිටි කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවිකාවක දුටු ඇය සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇයට පහර දී ඇතැයි රෝහල් සේවකයෝ කියති.
පහරකෑමට ලක්වූ එම සේවිකාව මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රථිකාර ඒකකයට ඇතුළත්ව ප්‍රතිකාර ලබයි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් සේවකයන් පිරිසක් කරාපිටිය ශික්ෂණ රෝහලේ පිහිටි රෝහල් පොලිසියට පැමිණිල්ල කිරීමට උත්සාහ ගෙන ඇතත් රෝහල් පොලිසිය එම පැමිණිල්ල සටහන් කරගෙන නැත. මේ නිසා රෝහලේ සේවක සේවිකාවන් පිරිසක් ගාල්ල මූලස්ථානෙ පොලිසියට වෙත පැමිණිල්ලක් ගොනුකිරීම සඳහා ගොස් තිබිණි.
වෛද්‍ය ක්‍රිෂන්ත පෙරේරා මහතා පවසන්නේ වැඩ වර්ජනය නිසා නොපැමිණි වාට්ටු කාර්ය මණ්ඩලය ෙ පිළිබඳ තමන් දැනුම්වත් නොකිරීම නිසා සැත්කම් ආදිය ප්‍රමාද වූ බවයි. මෙම හේතුව නිසා ගැටලුවක් ඇති වූ බව ද වෛද්‍යවරයා පවසයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම
එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කරාපිටියේ වෛද්‍යවරයෙක් හා සුළු සේවකයෝ ගැටෙති
බුද්ධික Thursday, 18 January 2024 09:33 AM
ආහාර ,නින්ද හා මෛතුනය මිනිසා ඇතුළු සියලු සතුන්ටම පොදු ධර්මතාවකි මෙයින් මිනිසා තිරිසනුන්ගෙන් වෙනස් වෙන්නේ එක් එක් අයගේ බුද්ධිය අනුවය නුවනැත්තෝ සිතත්වා
ලුම්බිණි Thursday, 18 January 2024 09:53 AM
තමන් දැනුම්වත් නොකිරීම සේවකයන්ට ගහන්න හේතුවක්ද? මෙයා විශේෂ අග්චානයෙක්
Lalith Thursday, 18 January 2024 11:21 AM
ලුම්බිණි කියන්නෙ රෝහල් ප්‍ප්‍රධානියා වෙන්නෙ සනීපාරක්ෂක කම්කරුවන්ද සාමාන්‍යයෙන් රජයේ සේවයේ පහල සේවකයින් උසස් නිළධාරින්ගේ නියමයන්ට කීකරු විය යුතුය එහෙම නොවුනොත් වාර්ෂිකව ලැබෙන වැටුප් වර්ධක වුනත් විලම්භනය කරන්න පුළුවන් ඒත් දොස්තරලා එහෙම කරන්නෙ නැහැ මොකද ඔවුන් මානසික හැගීමක් ඇතිව කටයුතු කරන්න පුළුවන් අය නිසා සමහරක් කෙනෙක් ටිකක් වෙනස් අයෙක් වෙන්න පුළුවන් ඇති )
JanithThursday, 18 January 2024 01:31 PM
අනේ Lalith මහත්තයෝල දොස්තරලට සේවකයෝ විලමිභනය කරන්න මේ ඉස්ලිරිතාලෙනම් බෑ. වාර්ෂිකව ලැබෙන වැටුප් වර්ධකට දොස්තරල අත්සන්කරන්න වුවමනත් නෑ. නොදන්න දේවල් කතා නොකර රෝහලක තියන pay scale දැනගෙන කථා කරන්න.
SrilakThursday, 18 January 2024 12:30 PM
උපදේශක අත්අඩංගුවට ගෙන ඇත. ඔබට සතුටුයිද දැන් ? පිළිකා රෝගීන්ගේ සැලසුම්ගත සැත්කම් ගැන කුමක් කිව හැකිද? මෙම උපදේශක පිළිකා වෛද්‍යවරයාගේ සේවය වෙනත් අයට ප්‍රතිස්ථාපනය කළ හැකිද? උපදේශකයෙකු ලෙස ඔහුට පිළිකා රෝගීන්ගේ සැත්කම් ප්‍රමාදයකින් තොරව කරගෙන යාමට අවශ්‍ය විය. නුපුහුණු සුළු සේවකයන්ට තම වර්ජනය දිගටම කරගෙන යාමට අවශ්‍ය වීම ගැටුමට හේතුව විය. ඔබ නිවැරදි තොරතුරු සොයාගෙන අදහස් දක්වන්න.
m.g.w.w.silva Thursday, 18 January 2024 12:52 PM
ඔය රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් පිටවෙන එවුන් ඔහොමම තමයි, කිසිම මනුස්සකමක් නෑ