මහින්ද රාජපක්‍ෂ රජය සමයේ දකුණු කොරියාවේ සෝල් ග්රෑන්ඩ් පාර්ක් සත්ත්ව උද්‍යානයට පරිත්‍යාග කළ සුගලා සහ ගජබා යන අලි යුවළගේ පැටවාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රදානත්වයෙන් “කොරි ලංකා“ යනුවෙන් නම තබා ඇත.
මේ දිනවල දකුණු කොරියාවේ සංචාරයක නිරතව සිටින මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම එම සත්වෝද්‍යානයේ සංචාරයක නිරත වූ අතර එහිදී මෙම නම් තැබීම සිදුකෙරිණි.
ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, ලොහාන් රත්වත්ත, පියල් නිශාන්ත, මහින්දානන්ද අලූත්ගමගේ, මහාචාර්ය ජී.එල් පීරිස් යන මහත්වරුන් ද එරට වැසියන් මෙන්ම එහි පදිංචි ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා අපිට මහත් ආඩම්බරයක් (නි)
ලංකාවත් තව පොඩ්ඩෙන් කොරියාවක් වෙන්න තිබුනා. (නි)
අලින්ට නම් තියන්න ගිය වෙලේ, ඒ වියදම් කරපු මුදල් දෙන්න තිබුනේ පිරිසිදු වතුර බිඳක් ඉල්ලලා අඬන මිනිසුන්ට. දැන්වත් ඒ වගේ තැන් වලට ගියොත් නැවත රට දිනාගන්න පුළුවන් වෙයි (නි)
අපේ රතු අලි පැටියා මට මතක්වුණා (නි)
මම නම් ඒ නමට එච්චර කැමති නැහැ (නි)
මේකටද මෙතුමා එහෙ ගියේ? (නි)
අපේ අය මේ නම කියනකොට වෙනස් කරලා කියන්න ඉඩ තියන නිසා හොඳ නැද්ද නම නීත්‍යානුකූලව වෙනස් කරගත්තොත් දැන්මම. කොරියාවේ ඉන්න නිසා "ගජලංකා" කියලා දැම්මොත් හොඳ නැද්ද? (නි)
බණ්ඩාර මහත්තයගේ අලි නම නියමයි (නි)
එතුමා දැන් තමයි විවේකීව ඉන්නේ (නි)
මට නම් ඒ නමේ වැරැද්දක් පෙනෙන්නෙ නැහැ (නි)
මහින්ද මහත්තයාට මුළු කොරියාවම ආචාර සමාචාර දක්වා පිළිගැනීම අතිවිශිෂ්ටයි (නි)
මහින්ද යනු සුන්දර අදහස් ඇති මිනිසෙකි (නි)
නමත් හොඳයි. වැඩෙත් හොඳයි. ලංකාවේ මිනිසුන්ට වඩා කළගුණ දන්නා කොරියන් ජාතිකයන්ට අපේ ස්තුතිය! (නි)
කවුරු මොනවා කිවුවත් මහින්ද මුළු ලංකාවෙන්ම අංක එක! (නි)
අනේ මන්දා! වෙන නමක් තිබුනෙම නැද්ද කියලා (නි)
ලංකාවේ කොළ, රතු අලි පැටවුන්ටත් නම් දාමුද? (නි)
මහින්ද විශ්‍රාම යවන්නට කලින් මැතිවරණ 29 පැරදිලා සිටින අය විශ්‍රාම යවන්නකො. අවුරුදු 84 වෙලත් විපක්ෂ නායකයා ඔවුන්ගේ ජාතියට සේවය කරනවා. සිංහල අය ජාතියට සේවය කරන මහින්ද විශ්‍රාම යවන්න හදනවා. අනේ අපේ සිංහලකම! (නි)
වෙන නමක් දැම්මා නම් ඉවරනේ. (නි)
ඩීමන් මේ නම ඔබතුමාට හොද නැද්ද.කොරි ඩීමන් කියල.ඔබට සතුටුද දැන් (බ)
ලංකාවෙ කවුරුවත් මේ නම ගැන කරදර වෙන්න වුවමනා නැහැ. කොරියාවේ ජනතාව ඒ ගැන බලා ගනීවි. නමුත් මෙයින් පෙන්නුම් කරන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමාට ජාත්‍යන්තරය තුළ තිබෙන පිලිගැනීමයි. එතුමාගේ පාලන කාලය තුල ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව කොන්වී තිබුනා යැයි කියන්නට උත්සාහ කරන අසත්‍ය මතවාදය මෙවැනි සිදුවීම් වලින් බොරු වෙනවා. (බ)
මේ විකාර නම් දාන්නේ නැතුව වෙන සුදුසු නමක් දැම්මා නම් කොච්චර හොඳද? (නි)
අන්තිමට මේ පොලිස් වාහන වගයක් එන්නේ එෆ් සී අයි ඩී එකෙන් පේන්න නෙමේ නේද? (බ)
නම තව පොඩි වුනානම් ගොඩක් ලස්සනයි.(හේ)
වෙන නමක් තමයි දාන්න වෙන්නේ (හේ)
කොහොම ඉන්න තිබුණ මනුස්සයෙක්ද මේ.(හේ)
සතුන්ට නමක් දාන කොට මහත්තයෝ තනි නමක් දන්න...මම හිතන විදියට සුදුසුම නම ලංකො .(හේ)
අන්න නියම ජොබ් එක අලින්ට නම් දම දම ඉන්න අපිට වද වෙන්නේ නැතුව.(රේ)
පුදුම නමක් නේ දීල තියෙන්නේ. කියවනකොට පරිස්සමෙන්.(හේ)
බණ්ඩාර , ඊට වැඩ හොඳ නැද්ද "කෝලං" කියලා දැම්මා නම්......(හේ)
ඒ නම හොදයි.(හේ)
ඔහොමත් නම් දානවද?(හේ)
කට්ටියට දැන් රිදෙනවා ඇති නේද.අනේ පව් (රේ)
කොහොමහරි නැවත බලයට එනවා කියන සුවරුපයක් තමයි පෙන්වන්නේ. තවමත් ජනතාව පුන්නක්කු, තණකොළ කන්නේ නම් එය ඉටුවෙනු ඇත. මේ දක්වා බලයේ සිටි සහ සිටින කව්රුත් ජනතාව රවටා ගෙන තමන්ගේ පැවැත්ම ගෙනයාම හැර කිසිවක් අපි නොදකින්නෙමු.(රේ)
මහින්ද රාජපක්ෂ කොරියාවට ගියේ මේ වගේ අලි වැඩක් කරන්න වගෙයි එහෙනම් ? අතේ මිට මොලොවාගෙන ඉන්නේ මොකක්ද? (ත)
කොරියන් භාෂාවේ කොම්බු , ඇලපිලි , පාපිලි නැති හින්දා හොඳයි තිබ්බා නම් හරිම ජංජාලයක් වෙනවා (හේ)
මේ දාලා තියෙන නම හොදයි.(හේ)
මම නම් අලියෝ සහ අනිත් සතුන් පිටරට යවන එකට කැමතිම නැහැ. අපේ රටේ උපන් සතුන්ට අයිතියක් තිබෙනවා මේ රටේම ඉන්න.(හේ)
වෙන නමක් දාන්න තිබ්බේ.(හේ)
නම හොදයි ඒත් දිග වැඩියි.(හේ)
ඕක නෙමෙයි කරන්න තිබුනේ. අවබෝධයක් නැති මිනිසුන් කොරියාවට නෙමෙයි කොහේ ගියත් වැඩක් නැහැ (නි)
මේ නම අලියෙකුට ගැළපෙන්නේ නැති බව මගේ අදහසයි (නි)
අනේ පව් අලි පැටියා. වෙන නමක් දාන්නයි තිබුනේ (නි)
මහත්තයෝ, මේ අසරණ සතාට දාන්න මෙච්චර පහසු, කෙටි නම් තියෙද්දී මොකද මෙතරම් සංකීර්ණ නමක් දැම්මේ? (නි)
අගය කරන දේ අගයන්නත්, විවේචනය කරන දේ විවේචනය කරන්නත් තාර්කික පදනමක් නැත්නම් ඒවා ගැන කතාකර තේරුමක් නැත (නි)