IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කොරියා ගිය ලාංකිකයා පිහි පහරින් මරුට

දකුනු කොරියාවේ  ක්වාන්ඡු හසුන් ප්‍රදේශයේ  වැඩබිමක සේවය කළ  ශ්‍රී ලාංකිකයෙක් අමානුෂික  ලෙස මරා දමා ඇති බව වාර්ථා වෙයි.

මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ  පදිංචි  දහම් අමරසිංහ නමැති 32 හැවිරිදි තරුණයෙකි.

එකම වැඩ බිමේ සේවය කළ තවත් ශ්‍රී ලාංකික තරුණයෙකු විසින් ඔහු මිය යන තුරුම පිහි පාරවල් එල්ල කර ඇතැයි වාර්ථා වෙයි.

ඔහුගේ සිරුරේ  පිහි පාරවල් 10 පමණ දක්නට ඇතැයිද කියති.

මේ සම්බන්ධයෙන්  මතුගම ප්‍රදේශයේ තරුණයෙකු සැ්කපිට අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (0)

කොරියා ගිය ලාංකිකයා පිහි පහරින් මරුට

සමීර Tuesday, 06 May 2014 04:52 PM

හැබැයි බන්දුල පෙරේරාගේ අදහස් මේ පාර නම් හොදයි වගේ. පොඩ්ඩක් අනිත් ඒවටත් අදහස් දානකොට සාධාරණව දාන්නකෝ. මියගිය තරුණයට නිවන් සුව !!! නොදන්නා යාළුවන් ගානට ආශ්‍රය කල යුතුය. (ස)

:       0       0

අසිත Tuesday, 06 May 2014 09:34 AM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

අනුර Tuesday, 06 May 2014 09:34 AM

මේක දකුණට අදාල නැහැ. පවතින අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද. සාමාන්‍ය පෙළින් පසු ඔක්කොම පස්ස ගහනවා. හේතුව සීමාන්තික අධ්‍යාපන අවස්ථාව. සරසවි ගියේ නැත්නම් උසස් අධ්‍යෘපනය තහනම්. පිටරට ඉන්න බහුතර බොදුනු අය ආගම අදහන්නේ නැහැ. තණ්හාව රාගය මැඩපවත්වන්න බැරි වෙනවා, අන්තිමේදී මරාගන්නවා (නි)

:       0       0

කුසුම් Tuesday, 06 May 2014 04:54 PM

ලාංකික සමාජය එකිනෙකාට ගරු කරන යුගයක් කවදා උදා වෙයිද? ලංකාවේ හිටියත්, පිටරටක වාසය කලත් මේ තත්වයේ වෙනසක් නැහැ. එක අතකට, කරන වැඩවල හැටියට එහෙම ගරු කරන්න පුළුවන් තත්වයකුත් නැහැ. බොහෝවිට තව කෙකුගේ ගේ ක්‍රියාවන් නොරුස්සන ගතියක් තමයි බොහෝ දෙනාට තිබෙන්නේ. අන්‍ය ජාතිකයින් අතරේ වෙසෙන විදේශ ගත ලාංකිකයන් තම ජාතියේ අභිමානය හා සුහදත්වය ගැන මිට වඩා සැලකිල්ලක් දැක්විය යුතුයි. වර්තමානයේ ලාංකිකයින් නීති ගරුක ශිෂ්ට සම්පන්න ලාංකික පුරවැසියෙකු ලෙස ඉස්මතු වීම වෙනුවට ගණන්කාරයෙක් ලෙස සමාජය තුළ ඉස්මතු වීමට උත්සහ දරන ප්‍රවනතාවයක් බොහෝවිට දක්නට ලැබිබද කණගාටුවට කරුණක්. (ස)

:       0       0

එරංග Tuesday, 06 May 2014 08:48 AM

මෙතන කවුද කොරියාවේ ඉන්නේ? (නි)

:       0       0

රාජේෂ් Wednesday, 07 May 2014 06:17 AM

ඔබට නිවන් සුව පතමු! (නි)

:       0       0

සහන් Wednesday, 07 May 2014 06:29 AM

අර උතුරු කියලා අදහස් දාන මනුස්සයා ලංකාවේ පළාත් ගැන 5 වන ශ්‍රේණියේ පාඩම ඉගෙනගන්න. අද ඔයාට දකුණ, බස්නාහිර මාරු වෙලා. බලාගෙන, හෙට දිහාවට උතුර දකුණත් මාරු වේවි. (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 06 May 2014 09:48 AM

අපේ මිනිස්සු රටේ සමගිය සාමය ගැන මහා ඉහලින් කතා කරනවා. නමුත් එකිනෙකා අතර සමගිය සමාදානය ගිලිහිලා ගිහින්. ඕක කොරියාවේ ඉතාලියේ විතරක් නෙමෙයි ලෝකේ හැම අස්සක් මුල්ලක් නෑරම තියෙන ප්‍රස්නයක්.(නදී)

:       0       0

සුරේන් Wednesday, 07 May 2014 06:53 AM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

සුජානි Tuesday, 06 May 2014 05:41 PM

නුගත්කම තමා සියල්ලටම මුල. (නි)

:       0       0

කරූ Tuesday, 06 May 2014 09:24 AM

අනිවාර්යයෙන් මේකට මුල ගෑණු කෙනෙක් වෙන්නැත‍ි. (ස)

:       0       0

පිටිගල Tuesday, 06 May 2014 05:57 PM

අනුර ජයමහ හිතා ඉන්න පිටිගල නෙමෙයි මම. අනික උදිත් කොරියාවේ ඉන්නේ මෝඩයෝ කියලා මම කිව්වේ නැහැ.මම කිව්වේ මිනී මරාගන්න අපේ මෝඩයෝ ගැන. තොප්පිය ඔයාලා දෙන්නටත් හරි වගෙයි මට පෙනෙන්නේ. දාගන්න! දාගන්න!! (නි)

:       0       0

පහන්දී Tuesday, 06 May 2014 09:35 AM

ඉසුරන්දිගේ කතාව ඇත්ත.., මේ රටවල ඉන්නව විවිධ රටවල් වල අය. නමුත් අපේ ලංකාවේ අය වගේ ගහ මරා ගන්නේ නැහැ කිසිම රටක අය. මතුගම දකුණේ නෙවෙයි, දකුණේ අයම විතරක් ද වැරදි කරන්නේ. ගොඩක් හිත හොඳ, දකුණේ අයගේලු. (ස)

:       0       0

නිමන්ත Tuesday, 06 May 2014 10:30 AM

මාරි දකුණට අදාළ නොවන දෙයකට දකුණට දොස් කියපු පළමු වෙනි අවස්ථාවත් මෙය නෙමෙයි. ඕක තමයි රටේ හැටි. (ස)

:       0       0

ශානුක Tuesday, 06 May 2014 06:34 PM

පිටිගල, මම සීයට සීයක් එකඟයි ඔබේ අදහසට. (නි)

:       0       0

ලලිත් ප්‍රී Tuesday, 06 May 2014 10:41 AM

බන්දුල පෙරේරා, දන්න දෙයක් කතා කරන්න. (ස)

:       0       0

උපුල් Tuesday, 06 May 2014 09:56 AM

අපේ මිනිස්සුන්ට චන්ඩි උණ සහ මෝඩකම එන්නේ පරම්පරාවෙන්ද? (ස)

:       0       0

අනුර ජයමහ Tuesday, 06 May 2014 11:13 AM

පිටිගල කවුද කියල කවුරුත් දන්නවා. (ස)

:       0       0

නන්දසිරි Tuesday, 06 May 2014 10:36 AM

කොරියාවට ආවම ගොඩක් අයට තමන් ලංකාවෙ හිටපු විදිය අමතක වෙනවා.මෝඩකම ඉහටත් උඩින්. (ස)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 06 May 2014 11:37 AM

ලලිත් මහත්තයා දන්නා දේ කියන්නකෝ.අපි නොදන්නවා වෙන්න ඇති.ඔයා දන්නා දේ දැනගන්න අපිත් ආසයි. (නි)

:       0       0

රත්නායක... Tuesday, 06 May 2014 11:43 AM

සමහර මිනිස්සු රට ආපුවහම ඒ අයට ගෙදර දොර අම්ම තාත්ත තමන්ගේ රට ගැන අමතක වෙනවා. ඊට පස්සේ නැති ප්‍රශ්න දාගන්නවා. (දී)

:       0       0

නන්දසිරි Tuesday, 06 May 2014 10:57 AM

කොරියාවට ආවම ගොඩක් අයට මතක නැහැ මොකටද ආවෙ කියල. එකට බීල ගහ ගන්නවා. මෝඩ මිනිස්සු. (ස)

:       0       0

දමිත් Tuesday, 06 May 2014 11:56 AM

මී හරක් කොහේ ගියත් ඇණ ගන්නවනෙ. (ස)

:       0       0

පිටිගල Tuesday, 06 May 2014 08:32 PM

ශානුක, තේරුම් ගත්තට ස්තුතියි ඔබට! (නි)

:       0       0

සරත් කුමාර Friday, 09 May 2014 04:58 PM

දැන් බලන්න මේ සිද්ධිය ගැන උපදෙස් දෙන්න ආපු ඔයාලා රණ්ඩු වෙන විදිය.ඉතින් තවත් කතා මොනවටද.??.යම් යම් සිද්ධි වුණාට මෙහෙ ජීවත්වන ගොඩක් කොල්ලෝ ඔයාලට හිතා ගන්නවත් බැරි තරම් සහෝදරත්වයෙන්. අපේ රටින් අපි අරන් ආපුව ඒ විදියටම රැකගෙන රටට ආඩම්භරයක් වන විදියට ජීවත් වෙනවා. හැමෝම ගැනම එක විදියට හිතන්න එපා. තම තමන්ගේ මුල් අත්තිවාරම අනුව තමා හැම දෙයක්ම සිදුවෙන්නේ ...සිදුකරන්නේ. (ස)

:       0       0

නිලන්ති Tuesday, 06 May 2014 12:22 PM

දැන් ඉතින් කාටවත් දොස් කියල වැඩක් නෑ. වෙන්න ඕන දේ වෙලා ඉවරයි. ඔහුට නිවන් සුව ලැබේවා. (ස)

:       0       0

පිටිගල Tuesday, 06 May 2014 06:23 AM

කොරියාවත් ඉතාලියේ වගේම තමයි. භාෂාව ඉගෙනගත්තට පිටරටක ජීවත් වෙන්න ඕනෑ විදිහ ඉගෙනගෙන නැහැ. අඩු අධ්‍යාපනය සහ මෝඩකම මූලික හේතුවයි. (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 06 May 2014 06:25 AM

මේ විදියේ හැසිරීම් වලින් වගේම සේවා ගිව්සුම් කඩකිරීම, වසර පහෙන් පසු තවත් අයෙකුට තිබෙන අවස්ථාවත් නැතිකර රටත් අපහසුතාවයට පත් කරමින් ආත්මාර්ථකාමීව අනවසරයෙන් රැඳී සිටීම වගේ සිදුවීම් නිසා මම හිතන්නේ ඉදිරි කාලයේදී කොරියාවේ රැකියා අවස්ථා වල දැනට අපේ රටට ලැබෙන කෝටාව ඉතා ඉක්මනින් අඩු වේවි හෝ අහිමි වේවි. (නි)

:       0       0

ජානකී Tuesday, 06 May 2014 07:26 AM

ලංකාවේ මරණ දඩුවම් නැතිවුණාට කොරියාවේ විදුලි පුටුව තිබෙනවා. (නි)

:       0       0

තුෂාරිකා Tuesday, 06 May 2014 01:20 PM

මොහුට නිවන් සුව පතමි. (ස)

:       0       0

ලසන්ත Tuesday, 06 May 2014 07:39 AM

පව් දෙයියනේ! (නි)

:       0       0

කසුනි Tuesday, 06 May 2014 01:36 PM

ඇයි අපේ මිනිස්සුන්ට ගහ මරා ගන්නෙ නැතිව ඉන්න බැරි. අනේ මන්දා. (ස)

:       0       0

අයිරාංගනී Tuesday, 06 May 2014 08:07 AM

කොහේ ගියත් මරාගන්නෙ අපේ අය (නි)

:       0       0

උතුරු Tuesday, 06 May 2014 07:28 AM

දෙන්නම දකුණෙනේ? (නි)

:       0       0

අශෝක Tuesday, 06 May 2014 03:31 PM

අකල් මරණයක් වෙයි කියලා හිනේකින් වත් හිතුවද (දී)

:       0       0

මාරි Tuesday, 06 May 2014 07:34 AM

මතුගම කොහෙද දකුණේ ? (නදී)

:       0       0

දීපාල් Tuesday, 06 May 2014 07:35 AM

දෙන්න පුළුවන් උපරිම දඩුවම් මේවට දෙන්න ඕනෑ. (නි)

:       0       0

කුමාර් Tuesday, 06 May 2014 04:01 PM

ලංකාවේ ධාර්මිෂ්ටකම ලෝකෙටම පෙන්වන්න හදනවා වගෙයි. (ස)

:       0       0

උදිත් Tuesday, 06 May 2014 08:25 AM

පිටිගල, එක්කෙනෙක් දෙන්නෙක් වැරදී කළාට කොරියාවෙ හැමෝම මෝඩයෝ නෙවේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1549 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 2047 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 472 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3115 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2513 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1843 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34730 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24022 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site