හලාවත ෂර්ලි කොරයා වලව්වේ අකුණු සන්නායකය හොරුන් විසින් ගලවා ගන්නා ලදැයි පොලිසිය කියයි.
සීගිරිය වලව්ව නමින් හැඳින්වුණු මෙම මන්දිරය හලාවත නගරයේ පිහිටියේය.
වසර 175 ක් තරම් පැරණි මෙම පැරණි මෙම වලව්ව හිටපු කතානායකවරයෙකු වු ෂර්ලි කොරයා මහතාගේ පරම්පරාවට අයිති වුවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ මෙහි තිබෙන තඔ වටිනාකමට ගලවනවා ඇති. (ස)
මහජන නියෝජිතයෝ ඕවා උස්සන්නේ විකුණන්න නෙමෙයි.ගෙවල් වල හයිකර ගන්න. එයාල කරන අපරාධ වලට වැහි නැති ඒවානේ එන්නේ... (ස)
එහෙනම් අකුනුසන්නායකයටත් හෙන ගහන්නට පටන්නරන් . (දී)
මම පුවත්පතක දුටුවා,මේ සම්බන්ධ ලිපියක්.ගොඩාක් පරණ අකුනු සන්නායක යොදාගෙන ගුවන්යානා නාශක මිසයිලවල ගමන් මාර්ගය වෙනස් කිරිමට හෑකි උපකරනයක් නිපදවීමට පරීක්ශන කරන බව. (ස)
මෙතරම් වටිනා දේපොලක්, මොකද මෙහෙම විනාශ වෙන්න ඇරලා බලාන ඉන්නේ ? ගිය හකුරට නාඩන්නේ- තියෙන හකුර රැකගන්නේ (නදී)
සමහර අය කියනවා නාසා එක හොද මිලක් ගෙවනවා කියලා. එහෙමනම් නාසා එකට විරුද්දව නඩු දාන්න ඕනා හොර බඩු මිල දී ගන්නවා කියලා.(නදී)
මහත්මා ගාන්ධි ලංකාවට පැමිණි අවස්ථාවේ මේ ගෙදර නතර වුණා. (ස)
දියමන්ති නෙවේ තියෙන්නේ ජයා. ඉරේඩියම් කියල විශේෂ ලෝහයක් වැඩි විතර මෙතන දාන්න බෑ. (ස)
මෙතන මේ තරම් වටිනවා නම් මුර කරුවෙක් දාලා අරක්ෂා කරන්න නිබුණනේ වේලාසන ඉඳලම. (ස)
අවුරුදු සියයක් පමණ පරණ වන විට අකුණු සන්නායකයේ ක්‍රියාකාරීත්වය නිසා එම ලෝහයේ ඉලෙක්ට්‍රොන එක්තරා රටාවකට ඇහිරී ක්‍රමාන්විත සහ ඒකාකාරී චුම්බක බලයක් ගෙන දෙනවා. මෙය මෙතරම් මිල අධික වන්නේ මෙසේ සිදුවීමට ගත වන කාලය නිසා මිසක් ලෝහයේ වටිනා කමට නොවේ. නාසා සහ ලෝකයේ ප්‍රධාන විශ්ව විද්‍යාල මේවාට විශාල සහ නොහිතන මිලක් ගෙවනවා. (ස)
සිසිර , මම දන්නා තරමට මේවා දියමන්ති වලින් තමයි හදලා තියෙන්නේ. ඒකයි වටිනාකම , මොනවා උනත් ආරක්ෂා කර ගත යුතු දේවල්. එක පැත්තකින් පැරණි පන්සල් දාගැබ් හාරනවා , කඩනවා බිඳිනවා , තව පැත්තකින් නිදන් ටික හාරනවා. ඒ මදිවට අතීත උරුමයත් විනාස කරනවා. අනේ මන්දා මේවා පසු පස්සේ ඉන්නේ මොක්කුද කියලා ? (නදී)
අකුණු සන්නායකත් එහෙනම් වල්ලපට්ට , කිඹුල් හුනෝ වගේ ජාවාරමක් උනා.(නදී)
වටිනා කම දැනගෙන කරපු දෙයක්. අනාගත පරපුරට අපේ ඉතිහාසය නැතිවෙනවා මේවගේ වැඩ නිසා.(දිල්)
කලින් දේශපාලකයන් රටේ දේපළ ප්‍රසිද්ධියේ කොල්ලකෙෑවා. දැන් අප්‍රසිද්ධියේ වටිනා දේ කොල්ලකනවා. මේ වගේ රටවල මේව කෞතුක වස්තූන් ලෙස බොහෝම ආඩම්බරයෙන් ආරක්ෂා කරනවා. අනේ රටකට ගිය කලක්! (නි)
අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු! (නි)
දන්න කෙනෙක් මට කියනවද මොකද මේවා මෙච්චර වටින්නෙ කියලා (නි)
මේකත් පටන්ගන්න ඇත්තේ පළාත් සභාවක කෙනෙක්.(නදී)
මම නම් හිතන්නේ කවුරු හෝ තමන් කරලා තියෙන අපරාධ නිසා ඔවුන්ට හෙන ගහන බව දැනගෙන ඒක වලක්වගන්න තමයි මේ අකුණු සන්නායකය හොරකම් කරලා තියෙන්නේ. (ස)
පරණ වලව්වල තියන අකුණු සන්නයකයකට සාමාන්‍යයෙන් රුපියල් කෝටි දෙකකින් එහා මුදලක් නියම වෙනවා. (ස)
පළාත් සභාවල ඉන්න හොර දෙටුවෝ තමයි මේවාට සම්බන්ධ වෙලා ඉන්නේ.(නදී)
ආරක්ෂා කලයුතු දේවල් තමයි අද හොයා හොයා විනාශ කරන්නේ. ඒකේ මොකක් හරි වටිනා කමක් තියෙන බව මේ හොරු දන්නවා. ඊට පස්සේ ආරක්ෂාවට ඉන්න උදවියගේත් සහයෝගයෙන් වැඩේ දෙනවා. ඊට පස්සේ කියනවා අන්න අහවල් තැන අහවල් දේ හොරු කඩලා කියලා. තව ටිකක් කල් යනකොට මේ රටේ ඉතුරු වෙන්නේ බිම විතරයි.මොනවද අද ආරක්ෂා වෙලා තියෙන්නේ අපේ අනාගත පරපුර උදෙසා? (නදී)
මේකත් මහජන නියෝජිතයකුගේ වැඩක්ද දන්නේ නැහැ. අනික මෙවැනි පෞරාණික ගොඩනැගිල්ලක් ආරක්ෂා කර ගත යුතු නේද? (ස)