රුපියල් ලක්ෂ පහලොවක් පමණ වටිනා විදේශීය මුදල් තොගයක් රැගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිනි කොරියානු ජාතිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක සහ රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි. ඔහු පසුගිය සිකුරාදා සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති බව රේගුව කියයි.
අත්අඩංගුවට ගනු ලැබූ විදේශ මුදල් ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් එකොලොස් දහස් හත්සීයකි.
සැකකරු ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 123 දරණ ගුවන්යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.
එහිදී සහකාර රේගු අධිකාරී අසංක ප‍්‍රියදර්ශක මහතාට ඇති වූ සැකයක් මත ඔහුගේ ඔහුගේ ගමන් මළු පරීක්ෂා කිරීමේදී මෙම මුදල් තොගය සොයාගෙන ඇත.
මේ පිළිබඳ රේගු පරීක්ෂනය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සුනිල් පේ‍්‍රමරත්න මහතා විසින් එම මුදල් රාජසන්තක කර කොරියානු ජාතිකයාට තරයේ අවවාද කර ඔහු මුදා හැරියේය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සුනිල් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂනය යටතේ රේගු අදිකාරී රංජිත් ද අල්විස් මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන අසංක ප‍්‍රියදර්ශන, ඩබ්ලිව්.එල්.ඞී.ආර් දි අල්විස්, ටී.ඒ.ඞී.පී පෙරේරා, එච්.ඒ.ඞී.ඞී දේවනාත්, ඞී.එම්.පී ප‍්‍රනාන්දු, ජී.කේ.එන් පෙරේරා, ආර්.සී.ඞී ගම්ලත්, ඒ. ඥානමොහාන් යන නිලධාරීන් විසින් සිදු කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරියන් මිනිස්සුන්ට ලක්ෂ පහලව ටොයිස් (දී)
මගේ දරුවන් සඳහා මිලදී ගත් රත්රන් ග්‍රෑම් 100 ක් ඇත. එය ලංකාවට ගෙන යාමෙදී ලංකා සහ කුවේට් රේගුවේ නීතිමය තත්වය දන් වන්නේ නම් ස්තූතිවන්ට වෙමි. සියලු බිල්පත් මම ළඟ තිබේ. මෙයට බදු අය කරයිද. . (ස)
විදේශීය මුදල් රටට ගෙන ඒමත් රටින් ගෙන යාමත් පිළිබද පැහැදිලි ප්‍රකාශ කාගේත් දැන ගැනීම පිණිස, රට රටවල ලංකා තානාපති කාර්යාල වෙබ් සයිට් වලින් හෝ වෙනයම් මාර්ගයකින් හෝ සංචාරකයන් දැනුවත් කල යුතුයි. සැබවින්ම සංචාරයේ යෙදන කිසිවකුගේ මුදල් රාජ සන්තක කරන්න පෙර ඔවුන්ව දැනුවත් කර තැබීම වටී.(නදී)
මෙම කොරියන් මිනිසා වරදක් කර නොමැති නම් ඔහුට පුළුවන් තමන්ගේ තානාපති කාර්යාලයට දැනුම් දීලා මෙය බේරුමක් කර ගන්න. එසේ නොකරන්නේ මොකක් හෝ හොරයක් නිසා. කවුද තමන්ගේ සල්ලි නිකන් දීල යන්නේ මේවගේ ලොකු මුදලක් ඩොලර් 11000ක් .(නදී)
මෙම කොරියන් මිනිසා වරදක් කර නොමැති නම් ඔහුට පුළුවන් තමන්ගේ තානාපති කාර්යාලයට දැනුම් දීලා මෙය බේරුමක් කර ගන්න.එසේ නොකරන්නේ මොකක් හෝ හොරයක් නිසා. කවුද තමන්ගේ සල්ලි නිකන් දීලා යන්නේ. අනික මේ වගේ ලොකු මුදලක් ඩොලර් 11000ක් . මොහු සොරෙකු විය හැකිය. (ස)
අද කාලයේ කිසිම සංචාරයකු විශාල මුදල් ප්‍රමාණයක් මෙසේ අරගෙන යන්නේ නැහැ. හේතුව ආරක්ෂාව සහ රටින් රටට තිබෙන නීති රීති නිසා . බොහෝ විට ඩොලර් 3000 කට අඩු ප්‍රමානයක් මෙසේ අරගෙන යා හැක ප්‍රස්නයක් නොමැතිව. රටින් රටට ගෙන යා හැකි සග රැගෙන ඒමට හැකි මුදල් ප්‍රමාණය වෙනස්ය. ඕනේ නම් සංචාරක මුදල් පත් ( ට්‍රැවල චෙක් ) ප්‍රස්නයක් නැතිව ගෙන යා හැක. මෙලෙස මුදල් රටින් ගෙන යන්නන් බොහෝ විට හොර වෙළදාම කරන කොටසකි. ලංකාවට මෙහෙම මුදල් රැගෙන සංචාරකයන් එන්නේ නැත. මොවුන් වංචා කාරයන් විය හැක.(නදී)
බොහෝ දෙනෙකු ලංකාවේ සංචාරක නීති නොදන්නා වගේ.රටකට එන විට ක්‍රෙඩිට් කාඩ් පතක් නෙවේ නම් . මුදල් වලින් ගෙන ඒමට හැක්කේ ඇමරිකානු ඩොලර් 15,000ක උපරිමයකි . නමුත් මෙය ඇතුල් වීමේදී රේගුවට ප්‍රකාශ කල යුතුය . එවිට ඔහු නැවත යනවිට එම මුදල හෝ එයට අඩු මුදලක් කිසිම ප්‍රශ්නයක් නොමැතිව රැගෙන අපාසු යාහැක . එසේ නොමැතිව කෙනෙකු රටින් විශාල මුදලක් රැගෙන යන්නේ නම් එය නීති විරෝධී දෙයකි . දඩයක් ගසා මුදල් රාජ සන්තක කිරීමට රේගුවට බලය තිබේ . (ස)
මම දකින විදියට මේ කොරියානු ජාතිකයා වරදක් කරලා ඇති.සමහර විට ඔහු ලංකාවට එනකොට මේ තරම් මුදලක් ගෙන එන්න නැතුව ඇති.එහෙමත් නැත්නම් රේගුව ලංකාවට ගෙන එන මුදල් ප්‍රමාණය දැනුම් නොදෙන්න ඇති.ප්‍රශ්නය ඇති වෙන්නේ එතනදී.සංචාරයකු රට ඇතුලට ගෙන නොආපු මුදල් රටින් පිට වෙනකොට ගෙනි යන්නේ කොහොමද කියන එක. අනිත් කාරණය දිල්ෂානි කිව්වට අපිට ඕන විදියට රටකින් සුට්කේස් ගණන් මුදල් රටකින් පිට කරන්න බැහැ. ඒ ඒ රටවලට අයත් නීති පද්තියට යටත්වයි රටකින් මුදල් පිට කර හැක්කේ. ඕස්ට්‍රේලියාවේ නීතියට අනුව එක මගියෙකුට ඩොලර් 10,000/= උපරිමයකට යටත් වේ.ඊට වැඩි වන්නේ නම් ඒ මුදල ඔහු රේගුවට දැනුම් දිය යුතුයි. රේගුවට ඒ බව දැනුම් දුන් පසු ඇති වෙන තත්වය මා දන්නේ නැත . මොකද මම එකවර එවැනි මුදලක් රටින් පිටකර නැත.නාලක අහලා තිබුණා කාඩ් එකේ තිබුනට අවුලක් නැද්ද කියලා.මම දන්නා විදියට නම් එකේ අවුලක් නැත .මුදල් {කොළ} ගෙන යාම තම ප්‍රශ්නය.අපි අපහු කොරියන් සංචාරකයාගේ ප්‍රශ්නයට යමු.මා දකිනා විදියට මොහු රටින් පිට කිරීමට ගිය මුදල් ගෙන රේගුවට දැනුම් නොදීම තමයි ප්‍රශ්නය. විදේශිකයෙකුට ලංකාවෙන් එක වරකට ගෙන යා හැකි උපරිම මුදල කොතෙක් ද කියා මා දන්නේ නැත.මගේ දැනුමේ හැටියටයි මේ පිලිබදව කතා කලේ. මා වැරදි නම් නිවැරදි කරන්න.එය නිහතමානිව පිලිගනිමි. (ස)
ඕනෑම ප්‍රමාණයක විදේශ මුදල් රට තුලට ගෙන යාමට සහ රටින් පිටතට ගෙන යාමට පුළුවන්. නමුත් එම මුදල ශ්‍රී ලංකාවේදී නම් ඩොලර් 10,000 වැඩි නම් ප්‍රකාශ කල යුතුයි , ජර්මනියේ නම් යුරෝ 10,000 , නීතියට අනුව එම මුදල් රාජ සන්තක කලහැක. නමුත් මානුෂික පැත්තෙන් බලන කොට ඩොලර් 11,000 කියනේ සාමාන්‍යයෙන් සංචාරකයකු ගෙන යන පොකෙට් මනී. (ස)
මේ අදහස් දාන සමහර අය අපේ හෝ වෙන රටක හෝ ගුවන් තොටුපලක් හරහා ගිහින් නැතුව ඇති. ඕන තරමක් සල්ලි ගෙනියන්න පුළුවන්. නමුත් රේගුවට ලිඛිතව ප්‍රකාශ කල යුතුයි. එච්චරයි. ලංකාවේ මගේ හිතේ ඇමෙරිකන් ඩොලර් 10,000 ට වැඩි නම් ප්‍රකාශ කල යුතුයි. ඔන්න ඔය නීතිය කැඩුවොත් තමයි ඔවුන්ව අත්අඩංගුවට අරන් මුදල් රාජ සන්තක කරන්නේ. (ස)
බණ්ඩාර ,කොහොමද ගෙනියන්නේ .ලක්ෂ පහලොවක් කෝරියන් කාරයන්ට ලොකු මුදලක් නොවයෙයි . සමහර වීට මුදල් ඔහුගේ වෙන්න බැරිද (දී)
පිටරැටියකුට පිටරට මුදල් ලංකාවෙන් ගෙන යාමට බැරි ඇයි ? (ස)
අතේ ගෙනාවොත් විතරද අල්ලන්නේ.කාඩ් එකේ තිබුනට අවුලක් නැද්ද . (දී)
මම පිට රට ඉඳල එනකොට ඔයිට වඩා මුදලක් ගෙනාපු නිසා මම කියන්නේ.එහෙනම් ඒ සල්ලි ඒ රටේ ඓර්පොර්ට් එකේදී ගත්තනම් මට දෙවියන්ගේම පිහිට තමා.නමුත් ඒ රටවල් දන්නවා ඒවා අපි දුක් මහන්සියෙන් උපයාපු මුදල් බව.මෙහෙම යනකොට සංචාරක කුරුල්ලෙක් වත් ඔය පැත්තෙන් පියාබන එකක් නැහැ. (දී)
අඩේ අප්ප ඔව්. බණ්ඩාර වගේ පස්සෙන් අරන් යන්න තමා ඕනේ (දී)
දිල්ෂානි ඔබ හරි මම ඉන්නේ දෝහා කටාර් වල ලංකාවේ මේ නීති විහිළුවක් තවත් මිනිහෙක් අපේ රටට එයිද අනික ඔය මුදල ලොකු මුදලක්ද විදෙසිකයකුට හැරෙන්නත් මදි (මෙහෙ සල්ලි වලින් රියල් 41,600) මේ රටවල් වල ඔය විකාර නැහැ ඔනිතරම් සල්ලි ආබරණ ගෙනියන්න පුලුවන් තමාගේම නම් නීති තියෙනවා අවශ්‍ය දෙයට හොර බොරු දුසන මිනීමැරුම් ජාවාරම් මත්ද්‍රවිය කොහෙත්ම බැහැ නිතිය කටත් පොදුයි මේ දේවල් වෙනස් වෙන්න ඕනි (දී)
දන්නා දෙයක් කියන්න. මොන රටෙත් ඔහොම සල්ලි බෑග් වල අරන් යන්න බෑ. නිකන් මෝඩකම පෙන්නන්නේ නැතුව ඉන්න. (ස)
කරුණ කරලා කවුරුහරී කීයන්න මොකක්ද ක්‍රමවේදය කීයල > (දී)
මේ සල්ලි සංචාරකයා ගෙනාපු සල්ලි නොවේ නම් එතන ප්‍රශ්නයක් තිබෙනවා. ඒත් මේවා එම පුද්ගලයාගේ නම්? විදේශිකයන්ගේ අතේ තිබෙන සල්ලි මේ විදියට මංකොල්ල කන්න ගියොත් නම් අපට දෙවියන්ගේම පිහිටයි. (දී)
ලංකාවේ මේ නිතිය හදලා තියෙන්නේ කවුද
සල්ලි බෑග්වල දාලා හංගාගෙන යන්න බෑ. රට තුලට එනවිට සහ රටින් පිටවන විට මුදල් රැගෙන යාමේ ක්‍රමවේදයක් තියෙනවා. (දී)
ඒ මුදල් ඔහුගේම මුදල් නම් ඔහුට එය ගෙන යාමට බැරිද?සංචාරකයෙකුට 11 ලක්ෂයක් කියන්නේ ලොකු දෙයක් නෙවේ.ඔහුට ඉන්දියාවේ සංචාරය කිරීමට තිබු මුදල් විය හැකි නොවේද?ඔහුට හෝටලේක ඉන්න, කන්න, බොන්න, වෑන් එකක් හයර් එකට අරන් ටජ් මහල් බලන්න යන්න, ඉන්දියාවේ කොච්චර තැන් තියෙනවද බලන්න.අනෙක් එක කොරියාව දුප්පත් රටක් නෙවේ.අනේ මන්දා. (ස)