රුපියල් ලක්ෂ තුනහමාරක් පමණ වටිනාකමින් යුතු කේරල ගංජා තොගයක් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට රැගෙන ඒමට උත්සහ කළ ශ‍්‍රී ලාංකිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පොලිස් මත් ද්‍රව්‍ය කාර්‍යංශ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු කොළඹ ප‍්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බව පොලීසිය කියයි.
අත් අඩංගුවට ගනු ලැබූ කේරල ගංජා තොගයේ බර කිලෝග‍්‍රෑම් දෙකයි ග‍්‍රෑම් තුන්සීයකි.
සැකකරු මෙම ගංජා තොගය හිස් කිරිපිටි පැකට්, හිස් සබන් පෙට්ටි සහ රසකැවිලි ටින් තුළ සගවා ඉතා සූක්ෂම ලෙස මෙරටට රැගෙන විත් තිබූ බව පොලිස් මත් ද්‍රව්‍ය කාර්‍යංශය කියයි.
ඔහු ඊයේ අළුයම ජෙට් ගුවන්සේවයට අයත් 9ඩබ්ලිව්-252 දරන ගුවන්යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණ ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය ඔස්සේ පැමිණ ගුවන්තොටුපොළෙන් පිටවීමට උත්සහ කරද්දී ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මේ පිලිබඳ විමර්ශන කටුයතු පොලිස් මත් ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීහු සිදු කරති.
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර 10 හිරේ අරින්න,මලයාසියාවේ, චිනේ එහෙමනම් වෙඩි තියල මරනවා (දී)
කිලලෝ දෙකක් ,.... එයාට බොන්න වෙන්න ඇති......(දී)
අප රටේ රේගු න්ලධාරින්ට සහ මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නිලධාරීන්ට, අප රට වෙනුවෙන් කරනු ලබන මෙහෙවර වෙනුවෙන්, අපගේ ගෞරවනීය ප්‍රණාමය හිමි වේ. (දී)
අය්යෝ සල්ලි (දී)
මම බැලුවා මොකද මේ අපේ පොඩි එකා කිරි බිවට පස්සේ අයිනක් අල්ලලා අහස දිහා බලාගෙන හිනාවෙන්නේ මොකද කියලා.(දී)
ශ්රී ලංකා රේගුවට අපගේ ප්‍රණාමය! පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට උසස්වීම් සහ වරප්‍රසාද වැඩිකර ඔවුන්ගේ සේවය වඩාත් කාර්යක්ෂම කළ යුතුයි.වැරදිකරුවන්ට ඇප ලබාදීමෙන් වැළකීමට නීති අංශය නව නීති රෙගුලාසි සකස් කළ යුතුවා සේම වැරදිකරුවන්ට උපරිම දඩුවම් දේශපාලනයකින් තොරව ලබාදීමට කටයුතු කළයුතුයි (නි)
නරකද ඕවා විනාශ කරන්න ගිනිකුරක්වත් වියදම් නොකර පරණ ප්ලාස්ටික් භාජනයකට කොහෙන් හරි වතුර අරන් ඕවා ටික ඔක්කොම දාලා මේවා ගෙනාපු ව්‍යාපාරික මහත්තයටම එකපාර බොන්න කිවුවා නම් ... (නි)
මිනිපෙ, මාත් මේ කල්පනා කලේ ඔය අල්ලගත්තු කොළ ටිකක් දාලා තේ හදල ඒකට අර ඩී සී ඩී තියෙන කිරිපිටිත් දාල කිරි තේ එකක් බොන්න තිබුනා නම් ෂෝක් නේද කියලා.(නදී)
කුඩු සහ ගංජා වල මිළ ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමේ. (නි)
ඔන්න ඕවයීන් පැල ටිකක් ගෙනත් බෙදල දුන්න නම් හරි... වවන්නෝ දිනන්නෝ(අ)
වර්තමානයේ කේරල ගංජා,කුඩු රත්තරන් ගුදමාර්ගයේ ගහගෙන එන ප්‍රමාණය අනුව මෙහෙත් දැන් මෙක්සිකෝව වගේ වෙලානේ (දී)
අපේ රට දැන් කොලොම්බියාවට වඩා අන්තයිනේ (දී)
දින පතාම මැණික් රත්‍රන් මුදල් අපේ රෙටන් වංචනික දෙස් විදෙස් සොරු කණ්ඩායමක් දිගටම කරෙගන යති. ඔවුහු නැවත එන්ෙන් සමාජය පරිහානියට දායක වන නීති විරෝධී මත් ද්‍රවිය සමගයදෙස් විදෙස් මේ ජාවරමි කරැවන්ට දැඩි දඩුවමි දිය යුතයි. ෙමි පාපතරයන්ට ෙහාදක් ෙවන්න එපා. (දී)
අපේ මේ සුන්දර රට විනාශ වෙන්න පෙර මේ වෙනුවෙන් පියවර ගන්න ඕනෑ.මේ රට කොලොම්බියාවක් වෙන්න ඉඩ නොදී මේ වගේ රටක් ජාතියක් විනාශ කරන අයට අපේ රජයෙන් දඩුවම් දීම දැන්වත් ආරම්භ කිරීමට සුදුසු කාලයයි. නැත්නම් අපිට මේ පුවත් බලලා හූල්ලන්න වෙන්නේ (නි)