කොළඹ-මහනුවර පාරේ කිරිල්ලවල සහ ඇල්දෙනිය අතර සිදුවූ කන්ටේනර් අනතුරෙන් කිසිවකුටත් හානියක් නොවූ බව පොලීසිය කියයි.
කන්ටේනර් දෙකක් මුහුණට මහුණලා ගැටී මේ අනතුර සිදුවී ඇත.
අනතුරෙන් විදුලි කණු කිහිපයකට හානි සිදූ වී ඇති අතර පොල් ගසක් ද පාර හරහා පෙරැළී තබේ.
කන්ටේනර් දෙකේ රියදුරන් දෙදෙනා අනතුර සිදුවෙද්දී එළියට පැණ ඇතැයි කියති.
කඩවත හා ගම්පහ පොලීසිවල නිලධරයෝ රථවාහන තදබදය අවම කිරීමට කටයුතු කරමින් සිටිති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පාලු පාරක ඉරවත් කැපුවා නම් බලාගන්න තිබුණා. (නි)
ලොකු වාහන හපුනහම ඔහොම තමයි (දී)
සුජිත්, පාරේ තියෙන බ්රේක් සළකුණු වලින් වගේම වාහනේට වෙලා තියෙන අලාභහානියේ තරමින් ඒක ගිය වේගය හොයාගන්න පුලුවන්. (නි)
සුජිත්, මෝඩ කතා කියන්නේ ඔයානේ. ඔහොම වාහන දෙකක් පොඩි වෙන්න කොහොම වේගයක් තියෙන්න ඕනෑද? (නි)
ඕනෑම වෙලාවක මාර්ග නීති කඩකරලා අහුවෙන්නේ අහිංසක වාහන. ඉරි කපලා, ඕවර් ටේක් කරලා අහුවෙන්නේ අහිංසක වාහන. පාරේ යන මොන්ටෙරෝ, බෙන්ලි, ප්‍රාඩෝ කවදාවත් අහුවන්නේ නැහැ. කොන්ද පන නැති පොලිස් නිලධාරීන් ඉන්නකල් මේවා සුලු දේවල්. අලුතෙන්ම අවුට් වුණු පොලිස් කොල්ලෝ (පොඩ්ඩෝ) සෙට් එකක් පාරට දැම්මා නම් මේ සේරම හරි. (නි)
අපරාදේ (දී)
කන්ටේනර් රියදුරන්ට බනින එක වැරදි මේ අය කරන්නේ ලොකු සේවයක්. ත්‍රී වීල් එලවනවා වගේ කන්ටේනර් එලවන්න බෑ. වාහනය ලොකු නිසා පාර අයිතිකරගෙන යනවා කියන එක වැරදි නේද. (දී)
අයියෝ සල්ලි (දී)
අයියෝ සල්ලි
ක්නටේනර් වලට වෙනමම පාරක් හදන්න වෙයි වගේ. (නි)
වටේ ඉන්න කට්ටියට වාසියි (දී)
මොනතරම් ආපරධයක්ද (දී)
පොඩි වාහන වල යන කොට පරිස්සමින් යන්න ඕනෑ. නැත්නම් අපරාදේ කරදර විඳින්න වෙනවා. (නි)
මිනිස්සු අමාරුවේ වැටුන වෙලාවට පිස්සු කියනවා (දී)
අපේ රටේ කන්ටේනර් රියදුරන් හැම වෙලාවෙම බලන්නේ මහපාර අයිතිකරගෙන යන්න.. (නු)
ෆෝටෝ වලින් කොහොමද වේගය කියන්නේ? අපේ රටේ ඉන්නේ මෝඩයෝ. දන්නෙ නැතුව කතා කරන්න එපා පුබුදු. (නි)
අනවසරයෙන් පොල් ගස් කැපුවට ගහන දඩයත් ගහන්න ඕනෑ වගේ. (නි)
තරහක් පිරිමහන්න වාහන දෙක හප්පා ගත්තවද්ද? (නි)
මුලින් එක කන්ටේනරය, දැන් කන්ටේනර් 2ක් වෙලා. (නි)
මේ කන්ටේනර් එළවන කට්ටිය හරියට ත්‍රී වීලර් එළවනවා වගේනේ පාරේ යන්නේ. ඇත්ත වශයෙන්ම මෙම මාර්ග අනතුරු අවම කිරීමට දැඩි නීති හදුන්වා දිය යුතුයි. එසේම අධ්‍යාත්මිකව රියදුරන්ට පුහුණුවක් ලබා දිය යුතුයි. (නි)
බාල කොන්‍ක්‍රීට් කණූනේ මේවා. (නි)
ඕක හරියන්නේ නෑ. (ස)
කන්ටේනර් රියදුරන්ට නෙම නීති හදන්න ඕන. (ත)
සද්දේ කොහොමට තියෙන්න ඇද්ද? (නි)
පොලිස් මහත්තුරු මේ ගැන හොයලා බැලුවා නම් කාට කාටත් හොදයි නේද? (නි)
මහා අපරාධයක් (දී)
ුන්තිම පොටෝ බැලුවානම් ආගිය වේගය හිතාගන්න පුළුවං.. මෙයාලා තමයි අනිත් මග මරුවෝ පෞද්ගලික බස් ඇරුනාම(නු)