තබ්බෝව වැවේ වාරි ක්ෂේත්‍ර සහකාර වරයකුට පහරදුන්නැයි සැකපිට කරුවලගස් වැව ප්‍රාදේශීය සභාවේ සභාපති නීල් වීරසිංහ මින් මද වේලාවකට කලින් කරුවලගස් වැව පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. පහරකෑ බව කියන සුපුන් දිසානායක මහතා රෝහල්ගත කරනු ලැබ සිටියි. සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මෝඩයෝ වැඩි උනාම පත්කර ගන්නෙත් මොඩයෝම තමයි. මේක අපේ රටේ නරක කාලයක්ද කොහෙද. රුපියල් 50 ට 100 ට ඡන්දෙ දෙන මිනිස්සු ඉන්න රටක් මේක. නැත්තම් කොහොමද හොර තක්කඩි මිනි මරුවෝ පාර්ලිමේන්තුවේ ඉන්නේ. අනේ අපේ රටට ගිය කලක්.(නදී)
අපේ රටේ තියෙන අඩුපාඩුව තමා අධ්‍යාපනයක් නැති අයට ඡන්දෙට නාම යෝජනා ලබා දීම. අඩුම තරමේ පිළිගත් උපාදියක්වත් තියෙනවනම් විතරක් ඡන්දෙ ඉල්ලන්න අවස්ථාව ලබා දෙන්න. සල්ලි වලට මැර බලේට ඡන්දෙ ඉල්ලන්න දෙන්න එපා.(නදී)
වගකිවයුත්තන් වහාම මැදිහත් වී අදාල පුද්ගලයා සභාපතිකමින් ඉවත් කළ යුතුයි (නි)
මටනම් හිතෙන්නේ අපේ රටේ මිනිස්සුන්ට ඔහොම වෙලා මදි, තව ගහන්න ඕනේ මොකද ඔය වගේ අයට ඡන්දෙ දෙනවට. මිනිස්සු විසින්ම තමාගේ වල තමන්ම කපා ගන්නවා. මම ඔය මනුස්සයව දන්නවා ඉස්සර ඉදලම. මගේ නම් කිසිම මනාපයක් නැහැ. මේක පල වෙනි වතාව නෙවෙයි. මිට කලිනුත් ඔය මනුස්සයා ඔය වගේ වැඩ කරලා තියෙනවා.(නදී)
රටේම සභාපතිලා ටික අල්ලලා එකම සැරේ දඩුවමක් දුන්නොත් නරකද?(නදී)
එලියට දාපු දවසට, මිනිස්සු මේ මෙයාව කර තියාගෙන ගම වටේ යයි. ඊලග ඡන්දෙන් වැඩිම මනාපෙන් නැවතත් සභාපති කරාවි.(නදී)
අපි බලමු ශ්‍රී-ලංකා නිදහස් පක්ෂය ගන්න තීරණය මොකක්ද කියලා. (ස)
කම්මැලි නිලධාරීන්ව ගහල හරි හදා ගන්න නේ මේ උත්සාහය. පුදුම තරහක් නේ තියෙන්නේ මෙතුමන් ලත් එක්ක. (ස)
මැරයන්ට මහජන නියෝජිතයන් වෙන්න ඉඩ දීම නිසා තමයි මේක වෙලා තියෙන්නේ. (නදී)
මෙයාලට මේ පාරත් ඡන්දෙ දෙමු.(ස)
ලබන පාරත් වෙඩි මනාපයෙන් පත්කර යවමු. (ස)
මේ ප්‍රාදේශීය සභාවේ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ පිස්සුද, උගත් මිනිස්සුනට තැනක් නැහැ මෝඩයෝ රජ වෙලා.(නදී)
ජනපති තුමනි මේ ඔබේ අවදානය පිනිසයි ..එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ මේ රජය පෙරලන්න උත්සහ ගන්නේ නැත. මේ රටේ පාළාත් පාලන අයතනවල ඉන්න ඔබතුමාට පක්ෂ සභාපතිවරු ඔබතුමා පැරදවිමේ කුමන්ත්‍රනයක යෙදේ සභාපතිවරු ජනතාවට එපා වන්නේ යම්සේද ඔබද එපා වේ. රටපුරා මේ කුමන්ත්‍රන්ය අරඹා ඇත.(නදී)
ඔය ඉන්නේ අපේක්ෂකයෝ.... (නි)
පළාත් සභාත් එපා, පලා බබ්බුත් එපා, 13 ත් එපා. පරණ ක්‍රමේ අපේ පුංචි ලංකාවට හොදයි. රටත් රැකෙයි අපිත් රැකෙයි. (නි)
ශා! අපරාදේ ගැහුවේ, ගහක බැන්දා නම් ඉවරයිනේ. එතකොට දඬුවම් නැහැනේ (නි)
රජයෙ සේවයේ හෝ පෞද්ගලික අංශයේ පහලම ශ්‍රේණියක රැකියාවකට ඉල්ලුම් කිරිමට හෝ යාමකට චරිත සහතිකයකක් අවශ්‍යයි. එහෙත් ශාපලත් මනාප ඡන්ද ක්‍රමය යටතේ දේශපාලකයෙකු වීමට අවශ්‍ය මැරකම සහ මුදල් පමණි. ඉතින් මේ රටේ සාමකාමී ව රැකියාව කරන රජයේ සේවකයනි, දේශපාලකයන්ට අවැසි විදිහට රැකියාව කරන්න. නැත්නම් ගුටිකන්න හෝ දඬුවම් විදින්න. (නි)
මුදල් මත රැදෙන දේශපාලකයන් මනුෂ්‍යත්වය නොදනී. මුදල සහ බලය මත ඕනෑම වැඩක් කරනු ලබයි. (නි)