පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දී වැලි ට්‍රැක්ටරයක් මුදා ගත් බව කියන කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ උප සභාපති පොලිස් අත් අඩංගුවෙන් මුදා ගැනීම සඳහා පසුගිය 8 වෙනිදා උද්ඝෝෂණය කළ 12 දෙනෙකු අද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය කියයි.
විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගන්නා ලස මෙම පිරිස පුත්තලම පොලිසියේ රඳවනු ලැබ සිටිති.
මොවුන් අතර එජාප, ජවිපෙ හා සන්දාන ආදාරකරුවෝද වෙති
පොලීසිය අසල උද්ඝෝෂණය කළ පිරිස අතර සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ද සිටියේය.
මෙම 12 දෙනා අතරට ඔහු අයිති නැති බව දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි ක්‍රියා වලට මහජන නියෝජිතයෙකු සහභාගි වීම බරපතල වැරැද්දක්. (නි)
ඔව් 13 අපට ටිකක් අපල හන්ද එකක් අයින් කරන්න ඇති
මොකද්ද මේ විහිළුව? වැදගතුන් තේරුම්ගත යුතුයි නේද ඔවුන් කරන කියන දේවල් ගැන? (නි)
ඕන කෙනෙකුට ඕන දෙයක් ඕන විදිහකට කර ගන්න ඔය පොලිසි ටික වහල දැම්ම නම්. (ස)
ඔය කියන ඇමතිලා බනිස් ගෙඩියක් කැවත් බිල දාන්නේ ගුවන්තොටුපල සමාගමට. දන්නෝ දනිති. තමන් බාරව ඉන්න අමාත්‍යංශයට බරක් වෙනවා හැරෙන්නට කරන කෙහෙල්මලක්වත් නැත. අහෝ ලංකා මාතාව....(ස)
පොලිසිය ගුටි කන්නේ දෙසපාලකයෝන්ගෙන් මිසක් සාමාන්‍ය මහජනයාගෙන් නෙවෙයි නමුත් නීතිය ක්‍රියාත්මක කරන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට විතරයි (දී).
මේ වගේ වැඩ නිසා තමයි ජනාධිපතිතුමා රටට කරපු හොඳ වැඩ වල නාමය ගිලිහි යන්නේ. මේ වගේ වැඩ වලට අනුබල දෙන එකෙක් දෙන්නෙක් එලවල දැම්ම නම් ඉන්න එවුන් ටික වත් හැදෙයි. (ස)
මොන පිස්සුද පොලිසියට දැන් කොහෙන්ද බලයක්, ඔක්කොම බලතල මෙවැනි දේශපාලකයොනේ අතට අරන් ඉන්නේ. (ස)
ඇමතිවරයා ආවෙ උද්ඝෝෂණය කරන්න නොවෙයි.උද්ඝෝෂණය කරන අයට සිසිල් බීම අරන් දෙන්න.ඉතින් ඒක වරදක්ද? එහෙම අයව අත් අඩංගුවට ගන්න බැහැනෙ. (ස)
ඉතින් අමාත්‍යවරයා උද්ඝෝෂණය කළ පිරිස අතර සිටියා නම් ඇයි ඔහුත් අත්අඩංගුවට ගන්නේ නැත්තේ? පොලිසිය මෙහෙම දේවල් එකක් දෙකක් කළා නම් දේශපාලකයන් පොලිසියට ඇඟිලි ගහන එක හුඟක් දුරට අඩු වෙයි. (නි)
නීතියේ සමානාත්මතාව නැතිතාක් ඒ රටේ සාධාරන නීතියක් නැති බවයි පෙනෙන්නේ. වර්තමානයේ ඇති මුලිකම ප්‍රශ්නය සාධාරන නීතියක් රටේ ක්‍රියාත්මක නොවීමයි. (නි)
මේ 12 දෙනා අතරට ඔහු අයිති නැත්තේ ආශ්චර්ය නිසා වෙන්න ඇති (නි)
මට නම් මේ දේවල් විශ්වාස කරන්න අමාරුයි. අර එක් කෙනෙකුට විතරක් වෙනම නීතියක්ද? හොඳයි බලමුකෝ (නි)
මේක වෙන්න ඇති ආශ්චර්යයට යන්න තිබෙන කිට්ටුම පාර. ඡන්දදායකයන්ගේ පොට්ට වූ දෑස් දැන්වත් පෑදේවා! කෙසේ වෙතත් මෙවනි ගඳ ගසන වැඩ ජනතාවට හෙළිකිරීම ගැන ලංකාදීප පුවත්පතට ස්තුතිය! (නි)
නීතිය කාටත් සමාන වියයුතුයි (නි)
මේක දැන් සාමාන්‍ය දෙයක් වෙලා. සමහර දේශපාලකයන් තමන්ගේ ගෝලයන්වත් අරගෙන ඇවිල්ලා කලබල කරලා බොරු මහජන මතයක් පෙන්නන්න හදනවා විතරක් නොවෙයි, නීතිය ක්‍රියාත්මක කරන්න දෙන්නේත් නැහැ (නි)
හැමදාමත් තෝරු ටික පැනගන්නවා.හාල්මැස්සන් අහුවෙනවා. මේක පුදුම ලෝකයක් ! ඉතින් කොහොමද රටක් හදන්නේ? (නි)
දේශපාලනයේ ආශ්චර්යය!! (නි)
ඔයාලත් පුදුම ප්‍රශ්නනේ අහන්නේ. පහුගිය දවස් ටිකේ සිදුවුණ සිදුවීම් ටිකක් මතක් කර ගන්නකො. (නි)
දොළොස් දෙනාට නම් හොඳම වැඩේ. අනෙක් උදවියටත් මේවා හොඳ පාඩම් (නි)
මේ දොළොස් දෙනා අතරට ඔහු අයිති නැත්තේ ඇයි? ඔහු මේ රටේ පුරවැසියෙක් නේද? (නි)
ඒ මොකද ඒ? කොහොමද එහෙම වුණේ? (නි)