
(රෝෂන් තුෂාර)
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70 අල්ලසක් පිරිනැමුවේ යැයි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ක්‍රිෂ් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකා ගීතාංජලී ජානකී ද සොයිසා සිරිවර්ධන ලබන 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය.
නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්‍රාන්ස්වක් චතුරශ්‍රය නමැති භූමිය krrish transworks colombo (pvt) ltd සමාගම වෙත කඩිනමින් ලබා ගැනීමට සහ සමාගම වෙත අවශ්‍ය අනුමැතින් කඩිනමින් ලබා ගැනීමට සහාය ලබා දීම වෙනුවෙන් එකී සමාගම විසින් අවස්ථා තුනකදී රුපියල් මිලියන 70 ක මුදලක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සැකකරුට අල්ලස් වශයෙන් පිරිනැමීම සම්බන්ධයෙන් සැකකාරිය අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලස් විතරද පිරිනමල තියෙන්නේ.
තාත්තලගෙ පුතාලගේ සිරියහන් ගිනිගනී.
ඔන්න නෝමල්ගෙ රටට වැඩ කරන විදිය
ඔය වගේම අර නිමල් පෙරේරා කියන පුද්ගලයාත් කිව්වා එයා බස් සමාගමෙන් ගත් මුදලින් ලක්ෂ කෝටි ගණනක අල්ලසක් නාමල්ට දුන්නා කියලා. ඒ කීමට තමයි නාමල් දැන් රිමාන්ඩ් ඉන්නේ. ජානකීව ගත්තානම් අල්ලස් දුන්නා කියලා, ඇයි නිමල් පෙරේරා ලංකාවට ඇවිත් ඔය කතාව කිව්ව වෙලේ අත් අඩංගුවට නොගෙන ආපහු සිඩ්නි යන්න ඉඩ දුන්නේ. ඒ මදිවට එයා බස් සමාගමෙන් ඔහු අල්ලස් ගත්තු බවට ඔප්පු වෙලා තියෙන්නේ. හැඳි දෙකක්.
@ සුද්දා, නිමල් හිටියනම් තවත් කපිල චන්ද්‍රසේන කෙනෙක් වෙනවා. එහෙම වෙන්න එච්චර කැමැත්තක් නැතුව ඇති. චමුදිත සමරවික්‍රම එක්ක අර කජ්ජා මහතා ඒ වගේම දෙයක් කිව්වා.