මුංගිරිය කහවත්තේ කසුන් මධුසංඛ තරුණයාගේ පිටේ තිබූ කිලෝ දාහතක ගෙඩිය (31) පැය අටක ශල්‍යකර්මයකින් පසු සාර්ථකව ඉවත් කළ බව කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධාන ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය දුලිප් පෙරේරා මහතා පවසයි.
ශල්‍ය කර්මයෙන් ඉවත් කළ ගෙඩියේ බර හේතුවෙන් කොඳු ඇට පෙළ ඇද වී ස්නායු පද්ධතියට හානි සිදුවීම හේතු කොටගෙන ජීවිතය පවා අහිමි වීමේ තත්ත්වයට පත්ව සිටි මෙම තරුණයා ශල්‍යකර්මයෙන් අනතුරුව ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රතිකාර ලබන බව වෛද්‍යවරු පවසති. මුංගිරිය කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු එම ප්‍රදේශයේම වෛද්‍යවරයෙකුගේ යොමු කිරීමෙන් කොළඹ ජාතික රෝහලේ සායනයට ආයේ මීට වසරකට කලිනි.
ශල්‍ය කර්මයේදී ලේ මිලි මීටර් තුන්දාස් දෙසියක් ඉවත් කැරි‚. ඉතාමත් අවදානම් සහගත මෙම ශල්‍යකර්මය මගින් ඉවත් කළ ගෙඩි විශේෂය ජාන මගින් ඇති වෙතියි වෛද්‍යවරු කියති.
කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය දුලිප් පෙරේරා මහතා මෙසේ පැවසුවේය.
‘මෙම තරුණයා මා වෙත පැමි‚යේ සායනය මාර්ගයෙන් ඔහු ජීවත් වන ප්‍රදේශයේ වෛද්‍යවරයකු ඔහු අපට යොමු කොට තිබුණ. ඒ මීට වසරකට ඉහතදී එදා අප කළ යුතු පරීඬණ සිදුකොට ඔහු ශල්‍යකර්මයට භාජනය කළා. ශල්‍යකර්මහයට භාජනය කරන අවස්ථාවේ අධික ලෙස රුධිරය වහනය වීමත් සිදුවූ නිසා රෝගියාගේ ජීවිතයට එය විශාල අවදානමක් වන හෙයින් ශල්‍යකර්මය අතරමග නවතා දමන්න සිදු වුණා. එදා කැපුම් තුවාල වලට නැවත මැහුම් දමා ගෙඩිය ඉවත් කිරීමෙන් ඔහුගේ ජීවිතය අහිමිවිය හැකි බව අප ඔහුගේ පියා දැනුවත් කලා. මීට වසරකට පෙර තරුණයා අපගේ වෛද්‍ය සායනයට යොමු වනවිට ගෙඩිය සාමාන්‍ය තත්ත්වයෙන් තිබුණා.‘
‘නමුත් ගෙඩිය ඉවත් කළ අවස්තාව වන විට එය වේගයෙන් වර්ධනය වී තිබුණා. මේ හේතුවෙන් තරුණයාගේ පියා මා හමුවීමට පැමිණ පැවසුවා තරුණයාගේ පිටෙහි ඇති ගෙඩිය අධිකව වර්ධනය වීම නිසා ඔහුට තනිවම වැසිකිළියට යාම හෝ අඩුම තරමේ පුටුවක වාඩි වී සිටීමට නොහැකි බව.‘
‘මේ ආකාරයෙන් සමාජයේ හාස්‍යයට ලක් වෙමින් ජීවිත් වෙනවාට වඩා ජීවිත අවදානම ගෙන හෝ ශල්‍යකර්මයට යොමු කිරීම දැඩි අවශ්‍යතාවක් බව ඔහු පැවසුවා.‘
‘ඒ අනුව නැවත ශල්‍යකර්මයකට භාජනය කිරීමට සැලසුම් කළා. මෙම ගෙඩි විශේෂය හඳුන්වන්නේ නියුරෝ ‘ෆයිප්රෝමා‘ ලෙස යි. මේ තරුණයාට විශාල කරදරයකුත් වෙලා තිබුණා ඔහුගේ කොඳු ඇටපෙළ ඇදවී තිබුණ තරුණයා ඇවිදිනවා නම් ඔහුගේ පියා ගෙඩිය ඔසවාගෙන පිටිපස්සෙන් ගමන් කළ යුතු තත්ත්වයක් තිබුණා.‘
‘අප ස්කෑන් පරීඬණ සිදු කරමින් ගෙඩිය ශරීරයට හානි පමුණුවා ඇති ආකාරය හඳුනා ගත්තා. අපට පෙනී ගියා මෙම ගෙඩිය කොඳු ඇට පෙළට හානි කොට ඇති ආකාරය නමුත් සුසුමුනාවට විශාල බලපෑමක් තවමත් නොවන නමුත් රුධිරවාහිනී රාශියක් ගෙඩියේ ඇති බව හඳුනා ගත්තා.‘
‘සියලූ පරීඬණවලින් අනතුරුව තරුණයාගේ පිටේ තිඛෙන ගෙඩිය පිට හම ප්‍රදේශයෙන් ඉවත් කරන්නට පියවර ගත්තා. මෙම ගෙඩි හට ගන්නේ ජාන විකෘතිතා හේතුවෙන් රුධිරවාහිනී කැපී නොයන ආකාරයෙන් රුධිර වාහිනී ගැට ගසමින් අප ශල්‍යකර්මය කළා.‘
‘ශල්‍යකර්මයේදී ලේ මිලි ලීටර් තුන්දාස් දෙසියක් පමණ රෝගියාගේ ගෙඩියත් සමග ඉවත් වුණා. රෝගියාට රුධිරය පයින්ට් හතරක් සහ රුධිර ප්ලස්මා අප ලබා දුන්නා ශල්‍යකර්මය සිදු කෙරෙන අවස්ථාවෙම ගෙඩිය ඉවත් කිරීම නිසා ඇති වූ කැපුම් තුවාල වැසීමට ඉවත් කළ ගෙඩියෙන් ලබාගත් හම කොටස් බද්ධ කළා.‘
‘මා සමග එක්ව සිටියා ප්ලාස්ටික් ශල්‍ය විශේෂඥ වෛද්‍ය තුෂාන් ඛෙනරගම ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය කපිල මෙන්ඩිස් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරින් දෙදෙනෙකු වන වෛද්‍ය රවින්ද්‍ර රාජපඬ ගයාන් සුරේන්ද්‍ර යන වෛද්‍යවරු එක්ව සිටියා.‘
‘ඒ වගේම මතක් කළ යුතුයි. නිර්වින්දන වෛද්‍ය විශේෂඥ පී. අලූත්ගේ මහතා මෙම ශල්‍ය කර්මයේදී නිර්වින්දන ක්‍රියාවලිය සිදු කරමි.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍යවරු කියන්නේ මෙහිපිට ඉන්නා දෙවිවරු. මේ දරුවා කොයිතරම් සැනසීමක්ද ලබන්න ඇත්තේ දැන්? දීර්ගායුෂ ලැබේවා දරුවන්ටත් වෛද්‍යවරු කාර්ය මණ්ඩලයටත්! බොහොම පින් (නි)
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මෙවැනි ප්‍රවුර්ති පිළිබඳව දක්වන ආකල්පය දැනගැනීමට කැමැත්තෙමි.බටහිර වෛද්‍ය ආචාර ධර්ම අනුව,වෛද්‍ය වරයකුගේ ප්‍රතිකාරයක් සම්බන්ධව පුවත් පත් වල මෙසේ පල කිරීම අනෙකුත් වෛද්‍ය වරුනට කරන අගතියකි; කරුණාකර මෙයට පෙර එවැනි නීති කටයුතු සොයා බලන්න .
ඉතාමත් අනර්ග ක්‍රියාවක් ලෝකයේ දියුණු රටක හෝ ගෙඩි වර්ග ඉවත් කිරීමේ අවදානම ගන්නේ නැහැ. මෙය මා දන්නා තරමට ඉතා බැරෑරුම් ක්‍රියාවක්. මේක වරදුනනම් හෙට මේ වෛද්‍ය වරු උසාවි ගෙනියන්නෙම අපේ අයම තමයි. මේ තරුණයට මොන තරම් සතුටු ඇතිද දැන්.(නදී)
තාමත් දෙවිවරු වගේ ඩොක්ටර්ස්ලා ඉන්නාවා..ජාති ජාතිත් එවැනි අය බුදු වෙන්න ඕනේ... (ස)
අපේ සමහර වෛද්‍යවරුන් ඇත්තෙන්ම විශිෂ්ටයන්. (නදී)
හරිම සංවේදී කතාවක් ,මෙහෙමත් දෙවිවරු ලංකාවේ ඉන්නවද. ඇස්වලට කදුළු අවා.(ස)
වෛද්‍ය කණ්ඩායමට ගොඩක් පින්. කසුන්ට ඉක්මන් සුවය පතමි. (ස)
මිනිසුන් වෛද්‍ය වරුන් දෙවියන් ලෙස සලකන්නේ ඔබ වැනි වෛද්‍ය වරු නිසා ....මිනිසුන් දුකින් මිදවීමට ඔබ හට තව තවත් හැකියාව ලැබේවා. (ස)
මෙන්න තව හොඳ පුවතක්.
බුදුන් කල සිටි ජීවක වෙදදුරා සහ බුද්දාස රජ්ජුරුවෝ ගැන ඇසු කතා මතක් වෙනවා. (ස)
මේ දරුවා දිනපතා විඳදරාගත් කායික සහ මානසික පීඩාවෙන් නිදහස් කර ඔහුට නව ජීවන සුවයක් ලබාදෙමින් විශිෂ්ට සේවයක් කළ දක්ෂ වෛද්‍යවරුන් සැමටම මගේ ප්‍රණාමය. (නි)
දොස්තරවරුනට කොහොමත් දෙවියන්ග බෙල්ම තියෙනවා . මේවා හස්කම්වගේ වැඩ. ඔලිම්පික් පද්ක්කමකටත් වැඩිය වටිනාකමක් මේකට තියනවා.රජවෙදක්.ලෙඩට දෙයියෝම බැලුව .ලෙඩට ඉක්මන්සුවය.දොස්තරමහත්වරුන්ට දීර්ගෞස.බුදුසරණයි වේවා .
33 කෝටියක් නොපෙනෙනා දෙවිවරු ඉන්නා ලෝකයේ,මිහිමත අපට පිහිටවෙන සැබෑ දෙවිවරු ඔබය. මෙපිනෙන් ,ඔබ යන මග ජයම වේවා! (නි)
මේවා ඉතින් පෙර කරුම තමයි. වෛද්‍යවරු නම් දෙවිවරු. (ස)
ඔබලාට බෙහවින් පින්. (ස)
වෛද්‍යවරයෙකු වෙන්ට ලේබීමත්. ලෙඩුන්ට සුවය ලබා දීල අගොල්ලන්ට සහනයක් ලබාදෙන එක එඉටත් වඩා ලොකු පිනක්. වෛද්යවරුනි මෙවැනි ලෙඩුන් සුව කිරීමට අපි මනුෂ්‍යයින්ගේ සහ සියලු දෙවිවරුන්ගේ ෆිට ආශීර්වාදය ලැබේවා. (ස)
ඔබ තුමා දෙවි කෙනෙක්, මේ පින ඇති ඔබ තුමාට අහිංසක මිනුසුන් වෙනුවෙන් කරන සේවයට. මුළු මහත් ජාතියම ණය ගැතියි. (ස)
මේ වගේම අපි බලන් ඉන්නවා බාසුරි දුවත් ,ඇයගේ මවත් පයින් නැගී සිටිනවා බලන්න මාගේ හදබැදි ලංකාදීපය ඉක්මනටම එය ඉටු කරයි කියා සිතනවා
අස වාසනාවන්ත පුවතක් උදෙන්ම දකින්න ලැබුනා. ඉක්මන් සුවය පතනවා. (ස)
අපේ රටේ වෛද්‍යවරු හරි දක්ෂයි! (ස)
ජීවකයාණෙනි ඔබට ගොඩක් පින්. අහිංසක අසරණ වූ රෝගීන් සුවපත් කිරීමට තව තවත් ධෛර්ය වාසනාව හිමි වේවා! (ස)
ජීවකයාණෙනි, ඔබට ගොඩක් පින්. අහිංසක අසරණ අය, රෝගීන් සුවපත් කිරීමට තව තවත් ධෛර්ය වාසනාව හිමි වේවා! (ස)
නැවතත් අදහසක් දමන්නා හිතුනා. කසුන් මල්ලී නිරෝගී සුවෙන්, දොස්තර මහතා ජයග්‍රාහී සැහැල්ලු සිනහවෙන්,දෙමාපියෝ ඇතුළු පව්ලේ අයත් නිම් නැති සැහැල්ලුවෙන්, මේක කියවපු අපත් අභිමානයෙන් ,කාටත් ජය.... (නි)
ඔබට ඉක්මන් සුවය පතමි. මෙම වෛද්‍ය කණ්ඩායමට හා ඔවුන්ගේ දෙමවුපියන්ට පින්සිදු වේවා!!! (නි)
අපේ දක්ෂ වෛද්‍යවරුනි, ඔබට ප්‍රණාමය හා පින්! (නි)
කොහොමද මේක පුද්ගලික රෝහලක කළා නම් ? (නි)
වෙදවරු දෙවිවරුය.මිහිපිට දෙවිවරු ඔබයි. ඉක්මන් සුව ලැබේවා! අපේ දක්ෂ වෛද්‍යවරුනි, ඔබට ප්‍රණාමය හා පින්! (නි)
එහෙම කියන්නන එපා.මේ මහත්වරු රට ගියොත් අපේ දුප්පත් අහිංසක අසරණ ලෙඩ්ඩු හොද කරන්නේ කවුද?පේනවනේ මේ පියා සහ පුතා විදලා තියෙන දුක. (නි)
එම සෑත්කම කරන කාලයේ හරියට කෑමක් බීමක් බීමක් නෑතුව,තමන්ගේ පව්ලේ ඈති පුද්ගලික් කාර්යබාරයන් පවා පසෙක තබා, ඔවුන් කරන කෑපවීම,ඉතා අනර්ගයි.ඉන්පසුව වුවද,ඈතිවන,හදිසි තත්වයන් වල්දී,එවනිම අවදානයක් යොමුකිරීම ගෑන,අප මෙම ජීවකයන්ට,අප ගව් රවය පුද කලයුතුය.
වැඩක් නැහැ සර් පිට රට එන්න ලංකාවට ඕක සතියයි අමතකවෙනවා බොන්න වතුර ටිකක් නැතිරටේ මොන මනුස්සකම්ද?
ගොඩක් හොද වඩක් ඔය මහත්තරු කරලා තියන්නේ සියලු දෙනාටම ජේසු තුමාගේ පිහියට ආරක්ෂාව ලැබේවා (දී)
මේ තරුණයට ඉක්මන් සුවය ලැබේවා, දෙවිවරු වන්වෛද්‍ය වරු නිදුක් නිරෝගී වේවා ...!
දරුවාගේ කර්මය සහ දොස්තර මහතාගේ විශ්වකර්මය... (නි)
වෛද්‍ය කණ්ඩායමට ප්‍රණාමය ! ඔබට ඉක්මන් සුවය ලැබේවා...! (ස)
දිල්ෂාන් , ලොව ඉපදෙන අපි කව්රුත් අංග සම්පුර්ණ නැහැ. ඔබ වැනි අයගේ සිත් අහිංසකයි. ඒ නිසා කවදාවත් වරදින්නේ නැහැ.කසුන්ට නිරෝගී සුව.දොස්තර මහතුන්ට ප්‍රණාමය! (නි)
මිදිග, මෝඩකම තිබුනට පෙන්වන්න එපා. දොස්තර මහත්වරුනි, ඔබට පමණක් නොව ඔබ හැදු වැඩු දෙමව්පියන්ටත් තිසරණ සරණ පතමි. රෝගියාට ඉක්මන් සුව ලැබේවා! (නි)
මිදිග වගේ අයව, අනේ මන්දා කොහොම හදන්නද කියලා (නි)
මල්ලියාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර දොස්තර මහත්වරුන්ටත් මගේ හද පිරි ප්‍රණාමය ! (නි)
මා විශ්වාස කරන්නේ මිහිපිට වසන දෙවියන් අපේ දොස්තර මහත්වරුයි. (නි)
අපේ ලංකාවේ ඉතාමත් දක්ෂ වෛද්‍යවරු ඉන්නවා. නොහොබිනා එක්කෙනෙක් දෙන්නෙක් නිසා දෙවිවරු වගේ මෙවන් වෛද්‍යවරුන් යටපත් වෙනවා. ඔබ සියලු දෙනාටම නිරෝගිමත් සුවබර අනාගතයක්! (නි)
ඔබට දෙවි පිහිටයි! (නි)
ශල්‍යකර්මය කරපු දොස්තර මහත්තුරු වගේම, එතුමන්ලා ගාවට මේ ළමයාව යවපු දොස්තර මහතාටද ඉතාමත් ස්තූතිවන්ත වෙනවා. එතුමා ඉතා හොඳ තීරණයක් අරගෙන තියෙන්නේ (නි)
ලංකාවේ වෛද්‍යවරු සබැ දක්ෂයි. මේ තවත් එවැනි වික්‍රමයක්.වෛද්‍ය කණ්ඩායමට ගොඩක් පින්.කසුන්, ඔබට ඉක්මන් සුවය! (නි)
වෛද්‍යවරු ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටම ස්තූතියි (නි)
මිහිපිට දෙවිවරු ඔබයි (නි)
මිදිග, ඔබ නම් මොන විදිහේ කෙනෙක්ද කියා හිතාගන්න බැහැ. වෛද්‍යවරයට මගේ උපහාරය! කසුන්ට ඉක්මන් සුව ! (නි)
මෙවැනි පුවත් කියවන විට, පාඨක සිත් වල ඇතිවන්නේ අමිල සුමිහිරි සතුටක්. එම සතුට තමයි ආශිර්වාදයක් වී, මෙවැනි උතුම් වෛද්‍යවරුන්ටත්, අත හිත දුන් කාර්ය මණ්ඩල සාමාජිකයන්ටත් සෙත්වේවා! උතුම් පූජනීය වෛද්‍ය වෘත්තීයට නිගා දෙන අයුරින් කටයුතු කරන අතලොස්සක් වූ වෛද්‍යවරුන් මෙය තේරුම් ගනිත්වා.. (නි)
මිදිග කියන කෙනා දාලා තියෙන්නේ බොහොම මෝඩ කතාව. මේක බොහොම විශ්මිත ශල්‍යකර්මයක්. අපේ රටේ දේවල් අගය කරන්න ඕනෑ.මේ දොස්තරලා නොව මෙයාලට කියන්නේ මිහිපිට ඉන්න දෙවිවරු කියලා.මිදිග වගේ අය ඉන්නකම් මේ රට හදන්න බැහැ (නි)
දොස්තරලා සියල්ලටම ලක්වැසි සියලු දෙනාගේම ආදරය ! (නි)
දොස්තර මහතාට පින්සිදුවේවා! ඒ රෝගියාට ඉක්මන් සුවය ලැබේවා! (නි)
ඉක්මන් සුව ලැබේවා! (නි)
වෙදවරු දෙවිවරුය. (නි)
හැකිනම් මේ දොස්තරලාගේ දුරකථන අංක හෝ ඊ-මේල් අපිට දෙන්න (නි)
වෛද්‍යවරු දේවත්වයෙන් පිදිය යුතුය (නි)
මෙන්න මිනිසුනේ පින්කම්. මෙවැනි මිනිසුන් හින්දයි ලොව එලිය වෙන්නේ! (දී)
ඔබට ඉක්මන් සුව. (නි)
මේවා තම නියම වැඩ. අපේ දක්ෂ වෛද්‍යවරුනි, ඔබට ප්‍රණාමය හා පින්! (නි)
ඔබට ජාතියෙ ප්‍රණාමය (ස)
අනේ කොච්චර ලොකු දෙයක්ද,,?වෛද්‍ය කණ්ඩායමට මගේ තුති කුසුම් මිටක් පුදන අතරම ..,! කසුන් මදුසංක පුතාට සියලු දෙවි පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා '' යනු මගේ පැතුමයි (ස)
මමත් ලගදී මහ පට ඇගිල්ලේ ඔපෙරතිඔන් එක්කක් කලා සැහෙන්න දුක් වින්දා මේ තරුණය විදින වේදනාව දැනෙනවා .ඔබට ඉක්මන් සුවය (ස)
තව තවත් මෙවැනි රෝගීන්ගේ ජීවිත රැකගන්න සියථම වෛද්‍යය වරැන්ට ශක්තිය දහිරිය ලැබේවා....!! වෛද්‍ය කණ්ඩායමට ප්‍රණාමය......!! (ස)
වෛද්‍ය කණ්ඩායමට බොහොම පින්. මිදිග නමින් අදහස් දක්වපු කෙනා ගැන බොහොම කනගටුය් , ලංකාවේ වෛද්‍ය වරු ගැන ඉතාම ආඩම්බරඊ .මා වසර විස්සකට වඩා ඉතාලියේ වාසය කරමි .අපේ දොස්තරලගේ වැඩ දැකල අහපුවම මෙහෙ දොස්ටරලා පුදුම වෙනවා. ශ්‍රී ලංකාවාසී සියලු දෙනාටම දොස්තර මහතුනි ඔබගේ කරුණාව යොමුකරන්න. සෑමදෙනාම රටට අවශ්‍ය යුතුකම් නොපිරිහෙලා ඉටුකරන්න . රටට ජයස්රි. (ස)
වෛද්‍ය කණ්ඩායමට ප්‍රණාමය!!! ඔබට ඉක්මන් සුවය ලැබේවා...!!!!! (දී)
අපේ රටේ වෛද්‍යවරු හරිම දක්ෂයි, රෝගියාට ඉක්මන් සුවය පතමි. (දී)
මේවා මේ මුලුලොකෙටම කියන්න අවශ්‍ය දෙයක් නොවේ. මීට වැඩ තව බොහෝ දේවල් (සැත්කම්)දිස්ත්‍රික්ක රෝහල් වලත් කෙරෙනවා. (දී)
සහය දුන් සැමටම ලොකුම පිනක් (නි)
රෝගියාට ඉන්මන් සුවය ප්‍රර්ථනා කරමි. දායක වූ සියලුම දොස්තරමහත්වරුන් ඇතුළු සේවක පිරිසට මගේ ප්‍රණාමය. (ස)
පින් වැඩ. මේ වෛද්‍යවරු දිරි ගන්වන්න හරි අගය කරන්න හරි මොනවා හරි කරනවා නං වටිනවා. (ස)
සහය දුන් සැමට ලොකු පිනක්. ඉක්මන් සුවය ලැබේවා ! (ස)
අවම පහසුකම් එක්ක මේ වගේ අවදානම් ශල්‍යකර්ම කරන්න ආත්ම විශ්වාසය තියන වෛද්‍යවරුන් අගය කළයුතුයි.(ස)
තව තවත් මෙවැනි රෝගීන්ගේ ජීවිත රැකගන්න සියථම වෛද්‍යය වරුන්ට ශක්තිය ධෛර්ය ලැබේවා....!! වෛද්‍ය කණ්ඩායමට ප්‍රණාමය......!! (ස)
මම නම් දන්න විදියට අපේ රටේ ඉන්න ගොඩාක් හොඳ කරුණාවන්ත වෛද්‍යවරු. වෛද්‍යවරයෙක්ගේ වටිනා කම දන්නෙ අසනීපයක් වුනාමයි. ගොඩාක් පින්. (ස)
මෙවැනි වෛද්‍යවරුන් අපේ රටට ලොකු වාසනාවක් !(ස)
මෙවැනි වෛද්‍යවරු මිහිපිට දෙවිවරු වගේ. ඒ රෝගියාට ඉක්මන් සුවය ලැබේවා! (ස)
ඉතාම සතුටුදායක ආරංචියක්..මල්ලියේ ඔබට ඉතාම ඉක්මනින් සුවය ලැබේවා! වෛද්‍ය තුමනි, ඔබට ගොඩාක් පින්! "මේ ආකාරයෙන් සමාජයේ හාස්‍යයට ලක් වෙමින් ජීවිත් වෙනවාට වඩා ජීවිත අවදානම ගෙන හෝ ශල්‍යකර්මයට යොමු කිරීම දැඩි අවශ්‍යතාවක් බව ඔහු පැවසුවා" මට මේ වාක්‍ය දැක්කාම යමක් ලියන්න හිතුනා. යම් කිසි කෙනෙකු රෝගයකින් පීඩා විඳින විට හෝ අසාමාන්‍ය කෙනෙකු දැක්කාම ඒ අයව හාස්‍යට ලක් කිරීම මොන තරම් පහත් ක්‍රියාවක්ද? අපි සමාජයක් විදියට පරිනත විය යුතු නොවේද? එම රෝගය නිසාම ඔවුන් විඳින මානසික පිඩාවට අමතරව ඔවුන් හාස්‍යට ලක් වේ නම් එය මොන තරම් අවාසනාවක්ද? සමාජයේ හැම දෙනාම එසේ නොවුනත් යම් කිසි කෙනෙකු එසේ කරන විට එයට විරුද්ධ වන්න. කරුණු පහදා දෙන්න. එවෙනි අයට කරනාවන්තව සලකන්න කියන්න. සමාජය ගොඩාක් වෙනස් වේවි. මම කුඩා කාලයේ මාගේ ඔලුව අනෙක් මා වයසේ අනෙක් අයට වඩා ලොකු නිසා බොහෝ දෙනා මට "ඔලුබක්කා" යනුවෙන් ආමන්ත්‍රණය කලා. මමත් මගේ මවත් ඒ නිසා ගොඩක් මානසිකව පීඩා වින්දා. නමුත් මම අද අධ්‍යාපනයෙන් යන්න පුළුවන් ඉහලම තැනක ඉන්නේ. මම මේක ලිව්වේ මම අද ඉන්න තැන ගෙන කියන්නවත් මට එහෙම කියපු අය ගැන තරහකිනුත් නෙමෙයි. මම ඒ මානසික පීඩාව ගැන හොඳින්ම දන්නා නිසා. ඒ දෙය අප සමාජයෙන් ඉවත් විය යුතු නිසා! (ස)
අපේ රටේ වෛද්‍යවරු හරි දක්ෂයි! (නි)
ඉක්මන් සුවය ලැබේවා (දී)
මේ ආකාරයේ වටිනා දොස්තරවරු අපේ රටේ ඇත. ඒ අතර වැඩ වර්ජනය කරන දොස්තරවරුද අපේ රටේ ඇත.(ස)
මෙන්න දෙවිවරු. දීර්ගායුෂ ලැබේවා! (නි)
දෙවියන් වැනි වූ වෛදවරු කණ්ඩායමක් (නි)
ඔබතුමා නම් දෙවියෙක් (නි)
වෙදවරු දෙවිවරුය.මිහිපිට දෙවිවරු ඔබයි. ඉක්මන් සුව ලැබේවා! (නි)
චිරාත් කාලයක් වැජඹේවා ඔබතුමන්ලා. (නි)
චන්දි කරුණාබර අම්මා, ඔයා වගේම මමත් වෛද්‍යවරුන්ට පින් දෙන ගමන් දරුවට ඉක්මන් සුව පතනවා (නි)
මෙන්න දෙවිවරු. (නි)
කරලා තියන වැඩේ හොඳයි. දොස්තර මහතුන්ට ස්තුතියි. නමුත් ලෙඩාගේ පියාට වැඩි ගෞරවයක් ලැබෙන්න ඕනෑ. මෙම පියා දොස්තර මහතාව පෙළඹුවේ නැත්නම් දොස්තර මහත්තයා මේක නොකර ඉන්න හදලා තියන්නේ. ඒක ඔහුගේ කතාවෙන්ම පේනවා. (නි)