IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කිලෝ 17 ගෙඩිය ඉවත් කරයි

මුංගිරිය කහවත්තේ කසුන් මධුසංඛ තරුණයාගේ පිටේ තිබූ කිලෝ දාහතක ගෙඩිය (31) පැය අටක ශල්‍යකර්මයකින් පසු සාර්ථකව ඉවත් කළ බව කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධාන ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය දුලිප් පෙරේරා මහතා පවසයි.
ශල්‍ය කර්මයෙන් ඉවත් කළ ගෙඩියේ බර හේතුවෙන් කොඳු ඇට පෙළ ඇද වී ස්නායු පද්ධතියට හානි සිදුවීම හේතු කොටගෙන ජීවිතය පවා අහිමි වීමේ තත්ත්වයට පත්ව සිටි මෙම තරුණයා ශල්‍යකර්මයෙන් අනතුරුව ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රතිකාර ලබන බව වෛද්‍යවරු පවසති. මුංගිරිය කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු එම ප්‍රදේශයේම වෛද්‍යවරයෙකුගේ යොමු කිරීමෙන් කොළඹ ජාතික රෝහලේ සායනයට ආයේ මීට වසරකට කලිනි.

ශල්‍ය කර්මයේදී ලේ මිලි මීටර් තුන්දාස් දෙසියක් ඉවත් කැරි‚. ඉතාමත් අවදානම් සහගත මෙම ශල්‍යකර්මය මගින් ඉවත් කළ ගෙඩි විශේෂය ජාන මගින් ඇති වෙතියි වෛද්‍යවරු කියති.
කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය දුලිප් පෙරේරා මහතා මෙසේ පැවසුවේය.

‘මෙම තරුණයා මා වෙත පැමි‚යේ සායනය මාර්ගයෙන් ඔහු ජීවත් වන ප්‍රදේශයේ වෛද්‍යවරයකු ඔහු අපට යොමු කොට තිබුණ. ඒ මීට වසරකට ඉහතදී එදා අප කළ යුතු පරීඬණ සිදුකොට ඔහු ශල්‍යකර්මයට භාජනය කළා. ශල්‍යකර්මහයට භාජනය කරන අවස්ථාවේ අධික ලෙස රුධිරය වහනය වීමත් සිදුවූ නිසා රෝගියාගේ ජීවිතයට එය විශාල අවදානමක් වන හෙයින් ශල්‍යකර්මය අතරමග නවතා දමන්න සිදු වුණා. එදා කැපුම් තුවාල වලට නැවත මැහුම් දමා ගෙඩිය ඉවත් කිරීමෙන් ඔහුගේ ජීවිතය අහිමිවිය හැකි බව අප ඔහුගේ පියා දැනුවත් කලා. මීට වසරකට පෙර තරුණයා අපගේ වෛද්‍ය සායනයට යොමු වනවිට ගෙඩිය සාමාන්‍ය තත්ත්වයෙන් තිබුණා.‘

‘නමුත් ගෙඩිය ඉවත් කළ අවස්තාව වන විට එය වේගයෙන් වර්ධනය වී තිබුණා. මේ හේතුවෙන් තරුණයාගේ පියා මා හමුවීමට පැමිණ පැවසුවා තරුණයාගේ පිටෙහි ඇති ගෙඩිය අධිකව වර්ධනය වීම නිසා ඔහුට තනිවම වැසිකිළියට යාම හෝ අඩුම තරමේ පුටුවක වාඩි වී සිටීමට නොහැකි බව.‘

‘මේ ආකාරයෙන් සමාජයේ හාස්‍යයට ලක් වෙමින් ජීවිත් වෙනවාට වඩා ජීවිත අවදානම ගෙන හෝ ශල්‍යකර්මයට යොමු කිරීම දැඩි අවශ්‍යතාවක් බව ඔහු පැවසුවා.‘

‘ඒ අනුව නැවත ශල්‍යකර්මයකට භාජනය කිරීමට සැලසුම් කළා. මෙම ගෙඩි විශේෂය හඳුන්වන්නේ නියුරෝ ‘ෆයිප්රෝමා‘ ලෙස යි. මේ තරුණයාට විශාල කරදරයකුත් වෙලා තිබුණා ඔහුගේ කොඳු ඇටපෙළ ඇදවී තිබුණ තරුණයා ඇවිදිනවා නම් ඔහුගේ පියා ගෙඩිය ඔසවාගෙන පිටිපස්සෙන් ගමන් කළ යුතු තත්ත්වයක් තිබුණා.‘

‘අප ස්කෑන් පරීඬණ සිදු කරමින් ගෙඩිය ශරීරයට හානි පමුණුවා ඇති ආකාරය හඳුනා ගත්තා. අපට පෙනී ගියා මෙම ගෙඩිය කොඳු ඇට පෙළට හානි කොට ඇති ආකාරය නමුත් සුසුමුනාවට විශාල බලපෑමක් තවමත් නොවන නමුත් රුධිරවාහිනී රාශියක් ගෙඩියේ ඇති බව හඳුනා ගත්තා.‘

‘සියලූ පරීඬණවලින් අනතුරුව තරුණයාගේ පිටේ තිඛෙන ගෙඩිය පිට හම ප්‍රදේශයෙන් ඉවත් කරන්නට පියවර ගත්තා. මෙම ගෙඩි හට ගන්නේ ජාන විකෘතිතා හේතුවෙන් රුධිරවාහිනී කැපී නොයන ආකාරයෙන් රුධිර වාහිනී ගැට ගසමින් අප ශල්‍යකර්මය කළා.‘
‘ශල්‍යකර්මයේදී ලේ මිලි ලීටර් තුන්දාස් දෙසියක් පමණ රෝගියාගේ ගෙඩියත් සමග ඉවත් වුණා. රෝගියාට රුධිරය පයින්ට් හතරක් සහ රුධිර ප්ලස්මා අප ලබා දුන්නා ශල්‍යකර්මය සිදු කෙරෙන අවස්ථාවෙම ගෙඩිය ඉවත් කිරීම නිසා ඇති වූ කැපුම් තුවාල වැසීමට ඉවත් කළ ගෙඩියෙන් ලබාගත් හම කොටස් බද්ධ කළා.‘

‘මා සමග එක්ව සිටියා ප්ලාස්ටික් ශල්‍ය විශේෂඥ වෛද්‍ය තුෂාන් ඛෙනරගම ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය කපිල මෙන්ඩිස් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරින් දෙදෙනෙකු වන වෛද්‍ය රවින්ද්‍ර රාජපඬ ගයාන් සුරේන්ද්‍ර යන වෛද්‍යවරු එක්ව සිටියා.‘

‘ඒ වගේම මතක් කළ යුතුයි. නිර්වින්දන වෛද්‍ය විශේෂඥ පී. අලූත්ගේ මහතා මෙම ශල්‍ය කර්මයේදී නිර්වින්දන ක්‍රියාවලිය සිදු කරමි.‘

 



අදහස් (0)

කිලෝ 17 ගෙඩිය ඉවත් කරයි

දදෙමුනි ජගත් Friday, 02 August 2013 01:13 PM

දොස්තරවරුනට කොහොමත් දෙවියන්ග බෙල්ම තියෙනවා . මේවා හස්කම්වගේ වැඩ. ඔලිම්පික් පද්ක්කමකටත් වැඩිය වටිනාකමක් මේකට තියනවා.රජවෙදක්.ලෙඩට දෙයියෝම බැලුව .ලෙඩට ඉක්මන්සුවය.දොස්තරමහත්වරුන්ට දීර්ගෞස.බුදුසරණයි වේවා .

:       0       0

දිල්ෂාන් Friday, 02 August 2013 08:58 AM

ඉතාම සතුටුදායක ආරංචියක්..මල්ලියේ ඔබට ඉතාම ඉක්මනින් සුවය ලැබේවා! වෛද්‍ය තුමනි, ඔබට ගොඩාක් පින්! "මේ ආකාරයෙන් සමාජයේ හාස්‍යයට ලක් වෙමින් ජීවිත් වෙනවාට වඩා ජීවිත අවදානම ගෙන හෝ ශල්‍යකර්මයට යොමු කිරීම දැඩි අවශ්‍යතාවක් බව ඔහු පැවසුවා" මට මේ වාක්‍ය දැක්කාම යමක් ලියන්න හිතුනා. යම් කිසි කෙනෙකු රෝගයකින් පීඩා විඳින විට හෝ අසාමාන්‍ය කෙනෙකු දැක්කාම ඒ අයව හාස්‍යට ලක් කිරීම මොන තරම් පහත් ක්‍රියාවක්ද? අපි සමාජයක් විදියට පරිනත විය යුතු නොවේද? එම රෝගය නිසාම ඔවුන් විඳින මානසික පිඩාවට අමතරව ඔවුන් හාස්‍යට ලක් වේ නම් එය මොන තරම් අවාසනාවක්ද? සමාජයේ හැම දෙනාම එසේ නොවුනත් යම් කිසි කෙනෙකු එසේ කරන විට එයට විරුද්ධ වන්න. කරුණු පහදා දෙන්න. එවෙනි අයට කරනාවන්තව සලකන්න කියන්න. සමාජය ගොඩාක් වෙනස් වේවි. මම කුඩා කාලයේ මාගේ ඔලුව අනෙක් මා වයසේ අනෙක් අයට වඩා ලොකු නිසා බොහෝ දෙනා මට "ඔලුබක්කා" යනුවෙන් ආමන්ත්‍රණය කලා. මමත් මගේ මවත් ඒ නිසා ගොඩක් මානසිකව පීඩා වින්දා. නමුත් මම අද අධ්‍යාපනයෙන් යන්න පුළුවන් ඉහලම තැනක ඉන්නේ. මම මේක ලිව්වේ මම අද ඉන්න තැන ගෙන කියන්නවත් මට එහෙම කියපු අය ගැන තරහකිනුත් නෙමෙයි. මම ඒ මානසික පීඩාව ගැන හොඳින්ම දන්නා නිසා. ඒ දෙය අප සමාජයෙන් ඉවත් විය යුතු නිසා! (ස)

:       0       0

ප්‍රදීපා ඩුබායි Thursday, 01 August 2013 11:29 PM

ඉක්මන් සුවය ලැබේවා (දී)

:       0       0

අනුර Friday, 02 August 2013 09:11 AM

මෙවැනි වෛද්‍යවරු මිහිපිට දෙවිවරු වගේ. ඒ රෝගියාට ඉක්මන් සුවය ලැබේවා! (ස)

:       0       0

රන්ජීව Friday, 02 August 2013 01:39 PM

ලංකාවේ වෛද්‍යවරු සබැ දක්ෂයි. මේ තවත් එවැනි වික්‍රමයක්.වෛද්‍ය කණ්ඩායමට ගොඩක් පින්.කසුන්, ඔබට ඉක්මන් සුවය! (නි)

:       0       0

මිදිග Thursday, 01 August 2013 11:34 PM

මේවා මේ මුලුලොකෙටම කියන්න අවශ්‍ය දෙයක් නොවේ. මීට වැඩ තව බොහෝ දේවල් (සැත්කම්)දිස්ත්‍රික්ක රෝහල් වලත් කෙරෙනවා. (දී)

:       0       0

අරුණ Friday, 02 August 2013 01:45 PM

ශල්‍යකර්මය කරපු දොස්තර මහත්තුරු වගේම, එතුමන්ලා ගාවට මේ ළමයාව යවපු දොස්තර මහතාටද ඉතාමත් ස්තූතිවන්ත වෙනවා. එතුමා ඉතා හොඳ තීරණයක් අරගෙන තියෙන්නේ (නි)

:       0       0

බියංකා Friday, 02 August 2013 09:11 AM

මෙවැනි වෛද්‍යවරුන් අපේ රටට ලොකු වාසනාවක් !(ස)

:       0       0

ෂෙරිෆ් Thursday, 01 August 2013 11:42 PM

අපේ රටේ වෛද්‍යවරු හරිම දක්ෂයි, රෝගියාට ඉක්මන් සුවය පතමි. (දී)

:       0       0

ඡේතිය Friday, 02 August 2013 09:16 AM

මම නම් දන්න විදියට අපේ රටේ ඉන්න ගොඩාක් හොඳ කරුණාවන්ත වෛද්‍යවරු. වෛද්‍යවරයෙක්ගේ වටිනා කම දන්නෙ අසනීපයක් වුනාමයි. ගොඩාක් පින්. (ස)

:       0       0

sdwasantha Friday, 02 August 2013 09:18 AM

තව තවත් මෙවැනි රෝගීන්ගේ ජීවිත රැකගන්න සියථම වෛද්‍යය වරුන්ට ශක්තිය ධෛර්ය ලැබේවා....!! වෛද්‍ය කණ්ඩායමට ප්‍රණාමය......!! (ස)

:       0       0

පැතුම් මිහිරංග Thursday, 01 August 2013 11:46 PM

වෛද්‍ය කණ්ඩායමට ප්‍රණාමය!!! ඔබට ඉක්මන් සුවය ලැබේවා...!!!!! (දී)

:       0       0

වාස් Friday, 02 August 2013 09:24 AM

අවම පහසුකම් එක්ක මේ වගේ අවදානම් ශල්‍යකර්ම කරන්න ආත්ම විශ්වාසය තියන වෛද්‍යවරුන් අගය කළයුතුයි.(ස)

:       0       0

බුවනෙක වර්නප්‍රිය Friday, 02 August 2013 02:00 PM

ඔබට දෙවි පිහිටයි! (නි)

:       0       0

වසන්ත් Friday, 02 August 2013 09:26 AM

සහය දුන් සැමට ලොකු පිනක්. ඉක්මන් සුවය ලැබේවා ! (ස)

:       0       0

අසෝක Friday, 02 August 2013 02:03 PM

අපේ ලංකාවේ ඉතාමත් දක්ෂ වෛද්‍යවරු ඉන්නවා. නොහොබිනා එක්කෙනෙක් දෙන්නෙක් නිසා දෙවිවරු වගේ මෙවන් වෛද්‍යවරුන් යටපත් වෙනවා. ඔබ සියලු දෙනාටම නිරෝගිමත් සුවබර අනාගතයක්! (නි)

:       0       0

අතුල මිලානෝ Friday, 02 August 2013 12:08 AM

වෛද්‍ය කණ්ඩායමට බොහොම පින්. මිදිග නමින් අදහස් දක්වපු කෙනා ගැන බොහොම කනගටුය් , ලංකාවේ වෛද්‍ය වරු ගැන ඉතාම ආඩම්බරඊ .මා වසර විස්සකට වඩා ඉතාලියේ වාසය කරමි .අපේ දොස්තරලගේ වැඩ දැකල අහපුවම මෙහෙ දොස්ටරලා පුදුම වෙනවා. ශ්‍රී ලංකාවාසී සියලු දෙනාටම දොස්තර මහතුනි ඔබගේ කරුණාව යොමුකරන්න. සෑමදෙනාම රටට අවශ්‍ය යුතුකම් නොපිරිහෙලා ඉටුකරන්න . රටට ජයස්රි. (ස)

:       0       0

අර්ජ්ය්න Saturday, 03 August 2013 07:59 PM

වැඩක් නැහැ සර් පිට රට එන්න ලංකාවට ඕක සතියයි අමතකවෙනවා බොන්න වතුර ටිකක් නැතිරටේ මොන මනුස්සකම්ද?

:       0       0

දයාවංශ දෙකුම්පිටිය Saturday, 03 August 2013 08:03 PM

එම සෑත්කම කරන කාලයේ හරියට කෑමක් බීමක් බීමක් නෑතුව,තමන්ගේ පව්ලේ ඈති පුද්ගලික් කාර්යබාරයන් පවා පසෙක තබා, ඔවුන් කරන කෑපවීම,ඉතා අනර්ගයි.ඉන්පසුව වුවද,ඈතිවන,හදිසි තත්වයන් වල්දී,එවනිම අවදානයක් යොමුකිරීම ගෑන,අප මෙම ජීවකයන්ට,අප ගව් රවය පුද කලයුතුය.

:       0       0

දමිත් Friday, 02 August 2013 09:42 AM

පින් වැඩ. මේ වෛද්‍යවරු දිරි ගන්වන්න හරි අගය කරන්න හරි මොනවා හරි කරනවා නං වටිනවා. (ස)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Friday, 02 August 2013 12:18 AM

තව තවත් මෙවැනි රෝගීන්ගේ ජීවිත රැකගන්න සියථම වෛද්‍යය වරැන්ට ශක්තිය දහිරිය ලැබේවා....!! වෛද්‍ය කණ්ඩායමට ප්‍රණාමය......!! (ස)

:       0       0

ක්‍රිෂාන් Friday, 02 August 2013 12:19 AM

මමත් ලගදී මහ පට ඇගිල්ලේ ඔපෙරතිඔන් එක්කක් කලා සැහෙන්න දුක් වින්දා මේ තරුණය විදින වේදනාව දැනෙනවා .ඔබට ඉක්මන් සුවය (ස)

:       0       0

සරත් Friday, 02 August 2013 09:46 AM

රෝගියාට ඉන්මන් සුවය ප්‍රර්ථනා කරමි. දායක වූ සියලුම දොස්තරමහත්වරුන් ඇතුළු සේවක පිරිසට මගේ ප්‍රණාමය. (ස)

:       0       0

චන්දි Friday, 02 August 2013 12:20 AM

අනේ කොච්චර ලොකු දෙයක්ද,,?වෛද්‍ය කණ්ඩායමට මගේ තුති කුසුම් මිටක් පුදන අතරම ..,! කසුන් මදුසංක පුතාට සියලු දෙවි පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා '' යනු මගේ පැතුමයි (ස)

:       0       0

ශ්‍රියානි Sunday, 04 August 2013 08:05 PM

වෙදවරු දෙවිවරුය.මිහිපිට දෙවිවරු ඔබයි. ඉක්මන් සුව ලැබේවා! අපේ දක්ෂ වෛද්‍යවරුනි, ඔබට ප්‍රණාමය හා පින්! (නි)

:       0       0

පී.එස්.කැටවල Friday, 02 August 2013 12:31 AM

ඔබට ජාතියෙ ප්‍රණාමය (ස)

:       0       0

නුවන් Friday, 02 August 2013 09:53 AM

වෛද්‍ය කණ්ඩායමට ප්‍රණාමය ! ඔබට ඉක්මන් සුවය ලැබේවා...! (ස)

:       0       0

මනෝ Friday, 02 August 2013 09:53 AM

ජීවකයාණෙනි, ඔබට ගොඩක් පින්. අහිංසක අසරණ අය, රෝගීන් සුවපත් කිරීමට තව තවත් ධෛර්ය වාසනාව හිමි වේවා! (ස)

:       0       0

මනෝ Friday, 02 August 2013 09:56 AM

ජීවකයාණෙනි ඔබට ගොඩක් පින්. අහිංසක අසරණ වූ රෝගීන් සුවපත් කිරීමට තව තවත් ධෛර්ය වාසනාව හිමි වේවා! (ස)

:       0       0

රොෂාන් සංජීව Friday, 02 August 2013 12:49 AM

මේවා තම නියම වැඩ. අපේ දක්ෂ වෛද්‍යවරුනි, ඔබට ප්‍රණාමය හා පින්! (නි)

:       0       0

ෆයිසර් Friday, 02 August 2013 10:00 AM

අපේ රටේ වෛද්‍යවරු හරි දක්ෂයි! (ස)

:       0       0

අනුර Friday, 02 August 2013 10:02 AM

අස වාසනාවන්ත පුවතක් උදෙන්ම දකින්න ලැබුනා. ඉක්මන් සුවය පතනවා. (ස)

:       0       0

ක්‍රිෂාන්ත Friday, 02 August 2013 01:00 AM

ඔබට ඉක්මන් සුව. (නි)

:       0       0

චාමි Friday, 02 August 2013 02:54 PM

මා විශ්වාස කරන්නේ මිහිපිට වසන දෙවියන් අපේ දොස්තර මහත්වරුයි. (නි)

:       0       0

චන්දි Friday, 02 August 2013 10:15 AM

මේ වගේම අපි බලන් ඉන්නවා බාසුරි දුවත් ,ඇයගේ මවත් පයින් නැගී සිටිනවා බලන්න මාගේ හදබැදි ලංකාදීපය ඉක්මනටම එය ඉටු කරයි කියා සිතනවා

:       0       0

මංජුල Friday, 02 August 2013 10:20 AM

ඔබ තුමා දෙවි කෙනෙක්, මේ පින ඇති ඔබ තුමාට අහිංසක මිනුසුන් වෙනුවෙන් කරන සේවයට. මුළු මහත් ජාතියම ණය ගැතියි. (ස)

:       0       0

නිශාර්ඩ් Preena Friday, 02 August 2013 10:24 AM

වෛද්‍යවරයෙකු වෙන්ට ලේබීමත්. ලෙඩුන්ට සුවය ලබා දීල අගොල්ලන්ට සහනයක් ලබාදෙන එක එඉටත් වඩා ලොකු පිනක්. වෛද්යවරුනි මෙවැනි ලෙඩුන් සුව කිරීමට අපි මනුෂ්‍යයින්ගේ සහ සියලු දෙවිවරුන්ගේ ෆිට ආශීර්වාදය ලැබේවා. (ස)

:       0       0

දමයන්ති Friday, 02 August 2013 01:24 AM

වෛද්‍යවරු ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටම ස්තූතියි (නි)

:       0       0

දෙව්තිසා Friday, 02 August 2013 01:26 AM

වෛද්‍යවරු දේවත්වයෙන් පිදිය යුතුය (නි)

:       0       0

චන්දන Friday, 02 August 2013 10:29 AM

ඔබලාට බෙහවින් පින්. (ස)

:       0       0

සෝමා Friday, 02 August 2013 01:30 AM

හැකිනම් මේ දොස්තරලාගේ දුරකථන අංක හෝ ඊ-මේල් අපිට දෙන්න (නි)

:       0       0

නිස්සංක Friday, 02 August 2013 03:12 PM

මල්ලියාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර දොස්තර මහත්වරුන්ටත් මගේ හද පිරි ප්‍රණාමය ! (නි)

:       0       0

දිල්ශානි Friday, 02 August 2013 01:35 AM

වෙදවරු දෙවිවරුය. (නි)

:       0       0

ගයන් Friday, 02 August 2013 01:55 AM

ඉක්මන් සුව ලැබේවා! (නි)

:       0       0

ප්‍රියා Tuesday, 06 August 2013 02:01 PM

අපේ දක්ෂ වෛද්‍යවරුනි, ඔබට ප්‍රණාමය හා පින්! (නි)

:       0       0

රූපවතී Friday, 02 August 2013 01:56 AM

දොස්තර මහතාට පින්සිදුවේවා! ඒ රෝගියාට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

ආරච්චිගේ Friday, 02 August 2013 03:39 PM

මිදිග වගේ අයව, අනේ මන්දා කොහොම හදන්නද කියලා (නි)

:       0       0

දිල්ශානි Sunday, 04 August 2013 12:59 AM

එහෙම කියන්නන එපා.මේ මහත්වරු රට ගියොත් අපේ දුප්පත් අහිංසක අසරණ ලෙඩ්ඩු හොද කරන්නේ කවුද?පේනවනේ මේ පියා සහ පුතා විදලා තියෙන දුක. (නි)

:       0       0

විජයබා Saturday, 03 August 2013 12:49 PM

දරුවාගේ කර්මය සහ දොස්තර මහතාගේ විශ්වකර්මය... (නි)

:       0       0

නලීන් Friday, 02 August 2013 02:28 AM

දොස්තරලා සියල්ලටම ලක්වැසි සියලු දෙනාගේම ආදරය ! (නි)

:       0       0

ජගත් Friday, 02 August 2013 11:13 AM

මේවා ඉතින් පෙර කරුම තමයි. වෛද්‍යවරු නම් දෙවිවරු. (ස)

:       0       0

පියල් අබුධබි සිට Friday, 02 August 2013 03:13 AM

මිදිග කියන කෙනා දාලා තියෙන්නේ බොහොම මෝඩ කතාව. මේක බොහොම විශ්මිත ශල්‍යකර්මයක්. අපේ රටේ දේවල් අගය කරන්න ඕනෑ.මේ දොස්තරලා නොව මෙයාලට කියන්නේ මිහිපිට ඉන්න දෙවිවරු කියලා.මිදිග වගේ අය ඉන්නකම් මේ රට හදන්න බැහැ (නි)

:       0       0

නන්ද Friday, 02 August 2013 03:27 AM

මෙවැනි පුවත් කියවන විට, පාඨක සිත් වල ඇතිවන්නේ අමිල සුමිහිරි සතුටක්. එම සතුට තමයි ආශිර්වාදයක් වී, මෙවැනි උතුම් වෛද්‍යවරුන්ටත්, අත හිත දුන් කාර්ය මණ්ඩල සාමාජිකයන්ටත් සෙත්වේවා! උතුම් පූජනීය වෛද්‍ය වෘත්තීයට නිගා දෙන අයුරින් කටයුතු කරන අතලොස්සක් වූ වෛද්‍යවරුන් මෙය තේරුම් ගනිත්වා.. (නි)

:       0       0

අචිනි Saturday, 03 August 2013 01:19 PM

මේ තරුණයට ඉක්මන් සුවය ලැබේවා, දෙවිවරු වන්වෛද්‍ය වරු නිදුක් නිරෝගී වේවා ...!

:       0       0

ශශීමාල් Wednesday, 07 August 2013 09:41 AM

ඔබට ඉක්මන් සුවය පතමි. මෙම වෛද්‍ය කණ්ඩායමට හා ඔවුන්ගේ දෙමවුපියන්ට පින්සිදු වේවා!!! (නි)

:       0       0

බණ්ඩාර Friday, 02 August 2013 11:35 AM

33 කෝටියක් නොපෙනෙනා දෙවිවරු ඉන්නා ලෝකයේ,මිහිමත අපට පිහිටවෙන සැබෑ දෙවිවරු ඔබය. මෙපිනෙන් ,ඔබ යන මග ජයම වේවා! (නි)

:       0       0

මිනිපෙ Tuesday, 06 August 2013 04:25 AM

කොහොමද මේක පුද්ගලික රෝහලක කළා නම් ? (නි)

:       0       0

විරාජ් කාලිංග Friday, 02 August 2013 11:38 AM

වෛද්‍යවරු කියන්නේ මෙහිපිට ඉන්නා දෙවිවරු. මේ දරුවා කොයිතරම් සැනසීමක්ද ලබන්න ඇත්තේ දැන්? දීර්ගායුෂ ලැබේවා දරුවන්ටත් වෛද්‍යවරු කාර්ය මණ්ඩලයටත්! බොහොම පින් (නි)

:       0       0

කුමාර Friday, 02 August 2013 04:15 PM

මිදිග, මෝඩකම තිබුනට පෙන්වන්න එපා. දොස්තර මහත්වරුනි, ඔබට පමණක් නොව ඔබ හැදු වැඩු දෙමව්පියන්ටත් තිසරණ සරණ පතමි. රෝගියාට ඉක්මන් සුව ලැබේවා! (නි)

:       0       0

ඉන්දු Friday, 02 August 2013 04:41 AM

මිදිග, ඔබ නම් මොන විදිහේ කෙනෙක්ද කියා හිතාගන්න බැහැ. වෛද්‍යවරයට මගේ උපහාරය! කසුන්ට ඉක්මන් සුව ! (නි)

:       0       0

ජයී තිසර Friday, 02 August 2013 11:44 AM

මේ දරුවා දිනපතා විඳදරාගත් කායික සහ මානසික පීඩාවෙන් නිදහස් කර ඔහුට නව ජීවන සුවයක් ලබාදෙමින් විශිෂ්ට සේවයක් කළ දක්ෂ වෛද්‍යවරුන් සැමටම මගේ ප්‍රණාමය. (නි)

:       0       0

විජේබා Friday, 02 August 2013 11:50 AM

බුදුන් කල සිටි ජීවක වෙදදුරා සහ බුද්දාස රජ්ජුරුවෝ ගැන ඇසු කතා මතක් වෙනවා. (ස)

:       0       0

කමල් Friday, 02 August 2013 04:57 AM

මිහිපිට දෙවිවරු ඔබයි (නි)

:       0       0

රොෂාන් සංජීව Saturday, 03 August 2013 02:26 AM

නැවතත් අදහසක් දමන්නා හිතුනා. කසුන් මල්ලී නිරෝගී සුවෙන්, දොස්තර මහතා ජයග්‍රාහී සැහැල්ලු සිනහවෙන්,දෙමාපියෝ ඇතුළු පව්ලේ අයත් නිම් නැති සැහැල්ලුවෙන්, මේක කියවපු අපත් අභිමානයෙන් ,කාටත් ජය.... (නි)

:       0       0

රජුන් Friday, 02 August 2013 05:10 AM

මෙන්න මිනිසුනේ පින්කම්. මෙවැනි මිනිසුන් හින්දයි ලොව එලිය වෙන්නේ! (දී)

:       0       0

සෑම් Friday, 02 August 2013 06:00 AM

කරලා තියන වැඩේ හොඳයි. දොස්තර මහතුන්ට ස්තුතියි. නමුත් ලෙඩාගේ පියාට වැඩි ගෞරවයක් ලැබෙන්න ඕනෑ. මෙම පියා දොස්තර මහතාව පෙළඹුවේ නැත්නම් දොස්තර මහත්තයා මේක නොකර ඉන්න හදලා තියන්නේ. ඒක ඔහුගේ කතාවෙන්ම පේනවා. (නි)

:       0       0

පෙරේරා Friday, 02 August 2013 12:02 PM

මෙන්න තව හොඳ පුවතක්.

:       0       0

දම් Friday, 02 August 2013 06:16 AM

මෙන්න දෙවිවරු. (නි)

:       0       0

සංජීව Friday, 02 August 2013 12:03 PM

මිනිසුන් වෛද්‍ය වරුන් දෙවියන් ලෙස සලකන්නේ ඔබ වැනි වෛද්‍ය වරු නිසා ....මිනිසුන් දුකින් මිදවීමට ඔබ හට තව තවත් හැකියාව ලැබේවා. (ස)

:       0       0

නීල් Friday, 02 August 2013 12:04 PM

වෛද්‍ය කණ්ඩායමට ගොඩක් පින්. කසුන්ට ඉක්මන් සුවය පතමි. (ස)

:       0       0

පිටබැද්දර ජයා Friday, 02 August 2013 06:36 AM

චන්දි කරුණාබර අම්මා, ඔයා වගේම මමත් වෛද්‍යවරුන්ට පින් දෙන ගමන් දරුවට ඉක්මන් සුව පතනවා (නි)

:       0       0

ෆ්‍රී Friday, 02 August 2013 06:43 AM

චිරාත් කාලයක් වැජඹේවා ඔබතුමන්ලා. (නි)

:       0       0

සංජු Friday, 02 August 2013 06:49 AM

වෙදවරු දෙවිවරුය.මිහිපිට දෙවිවරු ඔබයි. ඉක්මන් සුව ලැබේවා! (නි)

:       0       0

අසේල ද සිල්වා Friday, 02 August 2013 12:17 PM

හරිම සංවේදී කතාවක් ,මෙහෙමත් දෙවිවරු ලංකාවේ ඉන්නවද. ඇස්වලට කදුළු අවා.(ස)

:       0       0

මලිති Friday, 02 August 2013 05:21 PM

දිල්ෂාන් , ලොව ඉපදෙන අපි කව්රුත් අංග සම්පුර්ණ නැහැ. ඔබ වැනි අයගේ සිත් අහිංසකයි. ඒ නිසා කවදාවත් වරදින්නේ නැහැ.කසුන්ට නිරෝගී සුව.දොස්තර මහතුන්ට ප්‍රණාමය! (නි)

:       0       0

සුජීව එදිරිසිංහ Friday, 02 August 2013 07:04 AM

ඔබතුමා නම් දෙවියෙක් (නි)

:       0       0

කපිල Friday, 02 August 2013 12:26 PM

අපේ සමහර වෛද්‍යවරුන් ඇත්තෙන්ම විශිෂ්ටයන්. (නදී)

:       0       0

චින්තක Friday, 02 August 2013 07:22 AM

දෙවියන් වැනි වූ වෛදවරු කණ්ඩායමක් (නි)

:       0       0

බිනර Friday, 02 August 2013 07:25 AM

මෙන්න දෙවිවරු. දීර්ගායුෂ ලැබේවා! (නි)

:       0       0

අල්කොන් Saturday, 03 August 2013 03:51 PM

ගොඩක් හොද වඩක් ඔය මහත්තරු කරලා තියන්නේ සියලු දෙනාටම ජේසු තුමාගේ පිහියට ආරක්ෂාව ලැබේවා (දී)

:       0       0

නිරංජල ගමගේ Friday, 02 August 2013 12:42 PM

තාමත් දෙවිවරු වගේ ඩොක්ටර්ස්ලා ඉන්නාවා..ජාති ජාතිත් එවැනි අය බුදු වෙන්න ඕනේ... (ස)

:       0       0

සමන්ත Friday, 02 August 2013 12:50 PM

ඉතාමත් අනර්ග ක්‍රියාවක් ලෝකයේ දියුණු රටක හෝ ගෙඩි වර්ග ඉවත් කිරීමේ අවදානම ගන්නේ නැහැ. මෙය මා දන්නා තරමට ඉතා බැරෑරුම් ක්‍රියාවක්. මේක වරදුනනම් හෙට මේ වෛද්‍ය වරු උසාවි ගෙනියන්නෙම අපේ අයම තමයි. මේ තරුණයට මොන තරම් සතුටු ඇතිද දැන්.(නදී)

:       0       0

ඉස්මෛල් හුසේන් Friday, 02 August 2013 08:19 AM

මේ ආකාරයේ වටිනා දොස්තරවරු අපේ රටේ ඇත. ඒ අතර වැඩ වර්ජනය කරන දොස්තරවරුද අපේ රටේ ඇත.(ස)

:       0       0

චන්ද්‍ර වීරසින්ගෙහෙ Friday, 02 August 2013 01:02 PM

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මෙවැනි ප්‍රවුර්ති පිළිබඳව දක්වන ආකල්පය දැනගැනීමට කැමැත්තෙමි.බටහිර වෛද්‍ය ආචාර ධර්ම අනුව,වෛද්‍ය වරයකුගේ ප්‍රතිකාරයක් සම්බන්ධව පුවත් පත් වල මෙසේ පල කිරීම අනෙකුත් වෛද්‍ය වරුනට කරන අගතියකි; කරුණාකර මෙයට පෙර එවැනි නීති කටයුතු සොයා බලන්න .

:       0       0

විජේසිංහ Friday, 02 August 2013 08:40 AM

සහය දුන් සැමටම ලොකුම පිනක් (නි)

:       0       0

අවිශ්ක Friday, 02 August 2013 08:41 AM

අපේ රටේ වෛද්‍යවරු හරි දක්ෂයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 489 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1229 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 252 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 493 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 389 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 643 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36783 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24303 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site