සමන් පාලිත නානායක්කාර 

හල්දුම්මුල්ල සොරගුණේ උප තැපැල් කාර්යාලයක ලියුම් බෙදන්නකු බෙදීමට නියමිතව තිබූ තැපෑලේ ලිපි 2078 ක් නොබෙදා නිවසේ මෙට්ටයක් යට සඟවාගෙන සිටියදී   අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය පැවසීය .

අත්අඩංගුවට ගෙන ඇත්තේ හල්දුම්මුල්ල සොරගුණේ උප තැපැල් කාර්යාලයට අනුයුක්තව සේවය කරන තැපැල් සේවකයකු බවද පොලිසිය පැවසීය.

මෙම සේවකයාගේ නිවසේ කසිප්පු ඇති බවට හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක ඉඳුනිල් රත්නායක මහතාට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ගොස් පරීක්ෂා කිරීමේදී මෙට්ටය යට ගොඩ ගසා තිබූ ලියාපදිංචි ලිපි 12ක් සහ සාමාන්‍ය තැපෑලට අයත් ලිපි තොගය පොලීසිය සොයාගෙන තිබේ.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී වසර හයකට අධික කාලයක් තිස්සේ ලිපි බෙදීමක් සිදු නොකර ඒවා මෙට්ටය යට සැඟවූ බවට තොරතුරු අනාවැකිවරණය වී ඇති බවද පොලිසිය පැවසීය.