රුපියල් පන්කෝටි තිස් හත් ලක්ෂයක් වටිනා රත්තරන් බිස්කට් 71 ක් සහ ස්වර්ණාභරණ තොගයක් ඝනක යන්ත්‍ර පෙට්ටි තුළ සගවාගෙන ඩුබායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරුවෝ 58 සහ 41 වියැති කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
මොවුහු ඩුබායි හා ශ්‍රී ලංකාව අතර නිතර නිතර යන එන බව මෙතෙක් කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගනු ලැබු රත්තරන් තොගයේ මුළු බර කිලෝග්‍රෑම් දහයයි ග්‍රෑම් හත්සිය පනහකි.
මින් රත්තරන් බිස්කටි 71 හි බර කිලෝග්‍රෑම් 7 ක් වු බවත් ස්වරණාභරණ අතර කර මාල, වළලු, බ්‍රේස්ලට්, මුදු තිබු බව රේගුව කියයි.
මෙම රත්තරන් තොගය ඩුබායි වලදී මිල දී ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
සැකකරුවෝ ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 226 දරණ ගුවන් යානයෙන් ඊයේ අළුයම ඩුබායි සිට මෙරටට පැමිණ වාහන අමතර කොටස් බවට රේගුවට ප්‍රකාශ කර ඉතා සුක්ෂම ලෙස ගුවන්තොටුපොළෙන් පිටවීමට උත්සහ දරා ඇත.
එම අවස්ථාවේ ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නියුතුව සිටි නියෝජ්‍ය රේගු අධිකාරී නිශාන්ත ජයසිංහ, හසන්ත ගුරුගේ සහ සහකාර රේගු අධිකාරී නුවන් අබේනායක යන නිලධාරීන්ට ඇති වු සැකයක් මත මොවුන් පරීක්ෂා කර ඇත.
එහිදි ඝණක යන්ත්‍ර පෙට්ටි තුළ ඉතා සුක්ෂම ලෙෂ සගවා තිබු මෙම රත්තරන් සොයාගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධිකාරී නිශාන්ත ජයසිංහ, හසන්ත ගුරුගේ සහ සහකාර රේගු අධිකාරී නුවන් අබේනායක ඇතුළු රේගු නිලධාරීහු සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ දක්ෂ රේගු නිලධාරින්ට බොහොම ස්තුතියි . මෙවැනි හොර වංචා අල්ලා දී රටට ලොකු සේවයක් කර ආදායමක් දීමට . රජයත් මෙම රෙගු නිළධාරින් දිරි ගැන්වීමට සහ ඔවුන්ගේ සේවය වෙනුවෙන් . මෙම ලබන ආදායමෙන් කොටසක් ඔවුන්ට පිදිය යුතුයි යනු හැඟිමයි (අ)
ඇයි මේ අයගේ නම් ගම් හෙළි කරන්න මේ තරම් බය. නමුත් පුංචි හොරකමක් කරපු සිංහල මිනිහෙකුගේ නම් නම ගම විතරක් නෙමේ තව වැඩිපුරත් එක්ක විස්තර දායි. පුදුම රටක් මේක. සමහර විට මාධ්‍ය බය ඇති. (ස)
රට ඇතුලට ගේන ඒවට ඇයි ව්‍යාපාර කියන්නේ ? (නදී)
අල්ලා ගන්න බඩු වලට මොනවද වෙන්නේ කියලා ජනතාවට දැනගන්න දුන්නා නම් හොඳයි නේද? (නදී)
එහෙන් එනකොටම මෙහාට පණිවිඩේ එනවා කියලා රට ගිහින් එන මිනිස්සු දන්නේ නැහැ. මේක ඩුබායි පමණක් නොවන බව සිත තබාගත්තොත් හොඳයි.(නදී)
ඝණකය = ඝණ චතුරශ්‍රයකි ගණකය = ගණන් සෑදීමට ගන්නා උපකරණයකි (නදී)
පුදුමාකාර නිධානයක්නේ මේක. (නි)
කාටහරි කියන්න පුලුවන්ද මෙතෙක් රේගුව මගින් අල්ලා රාජසන්තක වූ රත්තරන් ප්‍රමාණය හා ඒවා තියෙන තැන.(නදී)
ඇත්තටම මේ රත්තරන් වලට මොකද වෙන්නේ? (නදී)
ශාන්ති .මේ රත්රන් වලට මොකද දන්නවද වෙන්නේ, .රජයෙන් වෙන්දේසියේ දානවා. .ඒ සල්ලි වලින් රජයේ මැති අැමති ගොල්ලන්ගේ කාර්වලට පෙට්‍රල් ගහනවා. (ස)
මේ අය නිතර නිතර ආව ගියානම් මොවුන් කලින් පැමිණි වතාවල රේගු ඇස් වලට වැලි ගසා බඩුත් සමග පිට වෙලාද? මේ අසු වී ඇත්තේ ප්‍රථම වතාවටද? (ස)
ඩුබාය් වලින් මිලදී ගත්ත ඒවානම් ලංකාවට ගෙන්න බැරි ඇයි. නීත්‍යානුකූලව ලංකාවට ගුවන් මගින් ගෙන්න පුළුවන් රන් ප්‍රමාණය කොපමණද? ඊට වැඩියෙන් ගෙන්න නම් නීතියෙන් අවසර ගන්නේ කොහොමද? (ස)