IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘කලාකරුවන්ට ගිය කලක්‘

සමහර කලාකරුවන් මුදල් ඉපැයීම් අරමුණු කරගෙන ජනතාව මුලාකරන බව එක්සත් කලා සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා   ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෙහෙයුම් කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක දී කීවේය.

“අද කලාකරුවන් කොටස් දෙකකට බෙදී අවසන්. සමහර කලාකරුවන් වරප්‍රසාද අරමුණු කරගෙන මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ප්‍රචාරක දැන්වීම් සඳහා පෙනී සිටිමින් ජනතාව රවටනවා. රාජපක්‍ෂ පාලනය  ටෙලි නාට්‍යයක් විකාශය කිරීමේ අවස්ථාව අහිමි කළා.  ටෙලි නාට්‍යයක් විකාශය කිරීම සඳහා රුපියල් 50,000 ක්   ලබාදිය යුතුයි.

කලාසංසදය මගින් මේ පිළිබද ජනාධිපතිවරයාට ලිඛිතව වාර්තාවක් ඉදිරිපත් කලත් ඒ පිළිබද සලකා බැලීමට ඔහු කටයුතු කළේ නෑ. මේ නිසා සමහර නිෂ්පාදකවරුන්ට තම ටෙලිනාට්‍ය විකාශය කරගැනීමට සදහා ඇතැම් ඇමතිවරුන්ටත් කොමිස් වෙන් කරීමට සිදු වෙලා. කලා ක්ෂෙත්‍රයේ ශිල්පීන් ඇගයීම සදහා ජනාධිපති සම්මාන උළෙල වසර හතකින් පවත්වා නැහැ. ‘



අදහස් (0)

‘කලාකරුවන්ට ගිය කලක්‘

ශිරෝමි- පිළියන්දල Monday, 05 January 2015 07:04 AM

මෙයාට රඟපෑමත් බෑ දේශපාලනයත් බෑ. දන්නේ අනුන්නට මඩ ගහන්නයි .(හේ)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Sunday, 04 January 2015 05:52 PM

එතකොට ඔබතුමා මොකද්ද ඔය කරන්නේ? අනේ! යන්න නිකන් අපිව රවට්ටන්නේ නැතුව (නි)

:       0       0

මහේෂිකා Sunday, 04 January 2015 07:49 PM

සමහරුන්ට නම් හැඳිමිටක තරම්වත් දුරට හිතන්න බැහැ. මෛත්‍රී ට නළු නිළි සහයක් ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

අමා Sunday, 04 January 2015 08:18 PM

ඒ වුණාට කාන්තා පක්ෂයේ කෙනෙක් මේ වෙනුවෙන් හරිම කැත වැඩක් කළා. අපි ඒක මාධ්‍ය මඟින් දැක්කා. ඩොලර් වලට එහෙම කරන්න එපා (නි)

:       0       0

කසුන් Sunday, 04 January 2015 09:08 AM

රංජන් කියන්නෙත් ටිකක් දක්ෂයෙක් තමයි. ඒ උනාට ආන්ඩුව ඔක්කොම හොඳ කලාකරුවන්ට සපෝට් කරනවා. ඒකට ඉරිසියාවෙ ඉන්න බැරුව කියන කතානෙ ඕවා. දැන් ඔය කලාකාරුවොම මෙයිත්‍රීට සපෝට් කලා නම් රන්ජන් එ් ගොල්ලන්ගෙ හොඳ කියයි. (නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 04 January 2015 09:19 AM

මෙවැනි හේතුන් නිසා තමයි අද කලාකරුවෝ හැල්ලුවට ලක්වෙලා තියෙන්නේ. කලා කරුවා දේශපාලන ඉත්තෙක් නොවිය යුත්තේ කිව්වේ මේ නිසයි. (ර)

:       0       0

සන්වන්නි Sunday, 04 January 2015 10:16 AM

කලාකරුවන් කියන්නේ අතපය විසිකරන්න පුළුවන් අය නොවෙයි. ජනතාවගේ හදවතට ස්වර හා මෘදු භාෂාවන් හරහා ඇමතිය හැකි සුන්දර මිනිසුන්. තවත් කෙනෙකුගේ මෙහෙයවීමෙන් අතපය විසිකර ජනප්‍රිය වන නළුවන් නොව සිය රංගන විලාශයෙන් නිහඬව හදවත් ඇමතිය හැකි සුන්දර මිනිසුන් තමා නියම කලාකරුවන්. (ර)

:       0       0

ලසන්ත Sunday, 04 January 2015 10:58 AM

කලකරුවො හරි..මේ කලාකරුවො තමන්ගෙ දක්ෂතා වලින් ඉදිරියට යන අය..ඒ ගොල්ලන්ට කඩේ යන්න ඕන වෙන්නෙ නැ..මහින්දගෙ වැරදි තිබුණත් මේ වෙලාවේ මහින්ද දිනන්න ඕන සහ නැත්තන් රට ආපහු අගාධයට යන බව දැන් ගොඩක් අයට හිතිල තියෙනවා (දිල්)

:       0       0

උක්කුන් පුතා Sunday, 04 January 2015 11:20 AM

මෙතුමාට දේශපාලනය කරන්න හොඳා අනිත් කලා කරුවාට හොඳ නැහැ. එ්කාධිපති අදහස්. (නදී)

:       0       0

නිමල් ජයසිංහ Monday, 05 January 2015 02:29 AM

කලාකාරයෝ කියන්නේ බොරු කාරයෝ කියලත් සමහරු කියනවා. (නදී)

:       0       0

නිමල් ජයසිංහ Monday, 05 January 2015 02:31 AM

කලාකාරයෝ කියන්නේ බොරුවෙන් ජීවත්වෙන කට්ටියක් ද ? (නදී)

:       0       0

මාලි Monday, 05 January 2015 03:36 AM

මම නම් හිතන්නෙ මේ ගායකයො කියන අය ලෝකයේ නැතිවුණා නම් අපිට බස්වල කනක් ඇහිලා ගමනක් යන්න පුලුවන් (නි)

:       0       0

බුද්ධික Sunday, 04 January 2015 12:47 PM

මාතර සුනිල් , මෙයා තමා නියම කලාකරුවා (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1005 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 4099 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1280 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 744 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 1071 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 715 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38695 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 962 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site