IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කාලෝගේ පෙත්සමට පොලිස්පතිගේ විරෝධතා

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතිවිරෝධී බව ප‍්‍රකාශ කර එම කොට්ඨාසය පිහිටවූ ගැසට් නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇල්ලේ ගුණවංශ හිමි සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ගොනු කළ රිට් පෙත්සම් දෙකක් සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම සඳහා ලබන පෙබරවාරි 25 වැනිදා තෙක් පොලිස්පතිවරයාට කල් දීමට අභියාචනාධිකරණය ඊයේ (11) තීන්දු කළේය.

සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ එච්.සී.ජේ. මඩවල මහත්මිය ඉදිරියෙහි මෙම පෙත්සම් කැඳවනු ලැබිණි.

ඇල්ලේ ගුණවංශ හිමි, මහාචාර්ය කාලෝ ෆොන්සේකා සහ රොහාන් වැලිවිට යන මහත්වරුන් ගොනු කළ මෙම පෙත්සම්හි වලඋත්තරකරු ලෙස පොලිස්පති නම් කරනු ලැබ සිටියි.

පසුගිය රජය සමයේ සිදුකළ වංචා දූෂණ පිළිබඳව විමර්ශණය කිරීම සඳහා ඉකුත් 2015 පෙබරවාරි 13 වැනිදා පොලිස්ලතිවරයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය යන නමින් වෙනම පොලිස් ඒකකයක් පිහිටවූ බවත්, ඒ සඳහා වන ගැසට් නිවේදනය 1901/20 දරණ අංකය යටතේ නිකුත් කර ඇතැයි පෙත්සමේ සඳහන්වේ.

පොලිස් ආඥා පනතකින් 55 වගන්තිය අනුව එම කොට්ඨාසය පිහිටවූ බව සඳහන්වේ.එහෙත් පොලිස් ආඥා පනතේ 55 වන වගන්තිය අනුව එවැනි ඒකකයක් පිහිටුවීමට පොලිස්පතිවරයාට එවැනි බලයක් නොමැති බව පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් පෙන්වා දේ.පොලිස් නිලධාරීන් සහ ඔවුන්ට අදාළ කාරණා සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වීම සඳහා වන බලය පමණක් 55 වැනි වගන්තිය මඟින් ලබා දී ඇති බවද ඔවූහු පවසති.

එසේම අගමැතිවරයා යටතේ ඇති කැබිනට් අනු කමිටුව එම පොලිස් ඒකකයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දෙනු ලබන නියෝග අනුව විමර්ශන සිදු කිරීම පවතින නීතියට සම්පූර්ණයෙන්ම පටහැනිව කටයුතු කිරීමක් බව පෙත්සම්කරුවන් කියා සිටී.

එබැවින් මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටුවමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස එම ගැසට් නිවේදනය ක‍්‍රියාත්මකවීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටී.



අදහස් (0)

කාලෝගේ පෙත්සමට පොලිස්පතිගේ විරෝධතා

කපිල Monday, 11 January 2016 02:32 PM

ගණන් ගන්න එපා අපේ කාලෝ සර්..මේක යහපාලන කාලෙනේ....(බ)

:       0       0

චන්න Monday, 11 January 2016 06:48 PM

ඔය කාගෙ කාගෙත් හැටි අපි දන්නවා (නි)

:       0       0

කෙනත් Wednesday, 13 January 2016 02:58 PM

ඕනෑම දෙයක දෙපැත්තක් තිබෙනවානේ (නි)

:       0       0

දුම්න්ද Monday, 11 January 2016 12:28 PM

නීතිය යහපාලනයට ඉහලින්ද (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 5080 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 3457 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 4236 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3588 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 823 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1548 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36221 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24147 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 520 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 225 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site