අද (03) පස්වරු 5.30 සිට ඉදිරි පැය 12 දක්වා තද සුළං සහ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය කියයි.
දිවයින ආසන්නයේ වායුගෝලයේ කැළැඹීම නිසා බොහෝ පළාත්හි ද මුහුදු අවට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත්හි ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හි ද මිලිමීටර සියය දක්වා වැසි ඇති විය හැකි බවත් එම මධ්‍යස්ථානය කියයි.
සුළං වේගය පැයට කිලෝමීටර 70-80 දක්වා ඉහළ යාමට ඉඩ ඇති හෙයින් මුහුදු ප්‍රදේශ ඉතා රළු වීමට වැඩි හැකියාවක් පවතින හෙයින් පරෙස්සමෙන් මුහුදු යන්නැයි ද එම මධ්‍යස්ථානය ඉල්ලයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහස බලන් අනාවැකි කියන දෙපාර්තමේන්තුවක් අපිට තියන්නේ.. මීට වඩා හොදට අපේ සීයටත් අනාවැකි කියන්න පුළුවන්. මෙයාලට වඩා හොදට ලංකාව අවට ප්‍රදේශය ගැන අනාවැකි කියන වෙබ් අඩවි අන්තර්ජාලයේ තියනවා ඕනතරම් අන්තර් ජාලය මුළු ලංකාවේම ප්‍රචලිත වුනුදාට ඔය දෙපාර්තමේන්තුව වහලා දමන්න තියන්නේ.. (නදී)
කිසිවෙකුට කරදරයක් නොම වේවා! (නි)
මම දන්නා විදියට අපේ රටට කලට වෙලාවට වැසි වැටෙනවා (නි)
සජි - ඕකටත් බද්දක් ගෙනේවි .... කාලගුණ දෙපාර්තුමේන්තුව තියන සම්පත් වල හැටියට පුළුවන් විදියට තමයි අනාවැකි කියන්නේ. අන්තර්ජාලයේ තියෙන වෙබ් අඩවි හැම එකේම එකම නෙවි තියෙනේ. ඒවයෙත් වෙනස් කම් තියෙනවා. අනාවැකියක් කියන්නේ නැතුව වෙනවම කියනවා නෙවෙයි. එහෙම දැනුම් දෙන්න නම් සජීවී පැයෙන් පැය පුවත් වගේ සේවයක් අාරම්බ කරන්න වෙනවා. (ස)
හැමදාම කියන්නේ එකම අනාවැකිය අද තියන අව්ව දැක්කොත්. අනේ අපේ කාලගුණ කාරයෝ. (නදී)
අනේ ඊයේ රූපවාහිනී නාලිකාවක කාලගුනේ මහත්තයෙක් කිව්වා ඉදිරි පැය 12 ඉතා භයානක තත්වයක් එනවා කියා. එ්ත් අද හොදට පායලා, මේවට හිනා යනවා (නදී)
ලෝකේ සියලු දේම වෙනස්වෙන සුළුයි. (ස)
එ් වුනාට අද නම් වැස්ස නෑ. ඉරත් තදට පායලා. (නදී)
මම නම් කියන්නේ අයහපත් කාළගුණයෙන් කිසිවෙකුට හෝ කරදරයක් නොවෙන්න කියලයි (නි)