කැලණිය සරසවියේ ශිෂ්‍ය නේවාසිකාගාරයකට අද අලුයම මැර ප්‍රහාරයක් එල්ල විය.
කැලණි සරසවියට කිලෝමීටර් එකහමාරක් පමණ ඈතින් පිහිටි කන්නන්ගර නේවාසිකාගාරයට කඩා වැදුණු මැරයන් සිසුන්ගේ යතුරුපැදි ඇතුළු දේපළවලට ද, ගොඩනැගිල්ලේ ජනලේ, දොරවල්,වීදුරුවලට ද පහරදී ඇත.
එහි ඡායාරූප ගැනීමට ගිය ඡායාරූප ශිල්පීනට එහි ඇතුළු වීමට සරසවි ආරක්ෂකයෝ අවසර නුදුන්හ.
සිසුනට තුවාල සිදුවූ බවක් දැනගන්නට නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍යා, රටේ නිතිය වල් වැදුනේ අද නෙමෙයි මිට ගොඩක් කාලෙකට ඉස්සර. හැබැයි තවම ඒක හරිගස්සන්න කාටවත් උවමනාවක් නැහැ මේ තියෙන විධායක ජනාධිපති ක්‍රමය වෙනස් වෙලා පාර්ලිමේන්තුවට වග කියන ජනාධිපති කෙනෙක් සහ මනාප බලුපොරයෙන් ඈත් උන කොට්ටාශයට වග කියන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් පත්කර ගත්තු දවසට හරියයි කියල හිතෙනවා. හැබැයි හැමෝම බොරුවට කැගැහුවට කවුරුත් එකට කැමති නැහැ මොකද එහෙම උනානම් අද ඔය පාර්ලිමේන්තුවේ බොරුවට දඟලන ගොඩක් උදවිය සහ පක්ෂ පාර්ලිමේන්තුවේ නැහැ. (අ)
විශ්ව විද්යාල පද්දතියම ඉවරයි ලංකාවේ ගොඩ ගන්න තියා හිතන්නවත් බැහැ (දී)
නවක වදය දුන්නාට පලිගැනීමක් ලෙස සිදු වුවක් ද විය හැකිය. මොකක් හෝ කෙනෙකුට සිදු වූ රිදවීමක් මේ පිටුපස ඇත.(අ)
අදහස් දැක්කම හිතෙන්නේ අපේ කොන්ඩේ බැදලද කියලා සිතනවා කියලා.බලන්න. නේවාසික හෝ නොවන සිසුන් හා පිටස්තරයන් අතර ගැටුම් සරසවි තියෙන ප්‍රදේශවල සාමාන්‍ය දෙයක්.මෙයාලා ඇතුලේ දාන සෙල්ලම් එළියේ දාන්න ගියාම ඉතින් කන්න වෙනවා පරක්කු වෙලා හරි.මේවා දේශපාලනයට සම්බන්ධ සිදුවීම් නෙමෙයි. (නි)
කැලණියේ ඔය වගේ වැඩක් කරන්නේ වෙන කවුද අරයා මිසක්. (නදී)
ඇ බෝල පුතේ අකුරු සාස්තරේ ඉගෙන ගන්ට වෙලාවක් ඇතෙයි.(නදී)
සුද්දන්ගේ ඉත්තෝ බල්ලන්ගේ මැක්කෝ සහ බලුකුක්කෝ ඉන්නේ කොහෙද කියල හොයාගන්න තිබුන නීල් රනාගේ ගම් පළාත දැන ගත්තනම්. හැබැයි දකුණේ බලුකුක්කෙක්වත් පෝරකේට දක්වන්න ටිකක් කල් යයි. ප්‍රස්නේ තියෙන්නේ දකුණේද උතුරේද කියන එක වැදගත් නැහැ. ලංකාවේ අධ්‍යාපන පද්දතියට වෙන්නේ මොකද්ද කියන එක. අන්න එකට විසදුමක් හොයන්න ජනතාව පෙළගස්සන එකයි විය යුත්තේ.(නදී)
මොකක්ද අර නීල් රනා .., දාල තියෙන දේ තේරුම !!! අනේ තේරුණ කෙනෙක් ඉන්නවද .., මෝඩකම නිකම්ම ඉස්මතු වෙලා !! (අ)
අද රටේ නීතියක් නැද්ද? (නදී)
රාමා හරි .....අපේ අය ඔහේ කියවනවා .මොලේ නැහැ ....''බඩ'' පමණි. (අ)
අශාන්, රට බල්ලට.බල්ලෝ පෙරට කියල කියන්න විතරයි අද අපිට ඉතිරි වෙලා තියෙන්නේ.(නදී)
බලමුකෝ හැබෑට .. හාමුදුරුවන්ගේ අනුශාසනාව අහලා සිසු දරුවෝ ඉවසීමෙන් කටයුතු කරන හැටි... (නදී)
බලමුකෝ හැබෑට .. හාමුදුරුවන්ගේ අනුශාසනාව අහලා සිසු දරුවෝ ඉවසීමෙන් කටයුතු කරන හැටි...
මෙයාලගේ පෙළපාලියෙන් පාරවල්වල හිර වෙලා රස්තියාදු වුනු මිනිස්සුනම් අනේ සාදු කියනවා ඇති. ඔය ගැහුවා මදි කියනවා ඇති.(නදී)
මේ වගේ දෙයක් සිදු උණු ගමන් හැමෝම කියන්නේ කැම්පස් සිසුන්ගේ වරද. ඒත් ඇත්තම දේ දන්නේ කැම්පස් එකේ ළමයි. මේ වගේ දේවල් මිට කලිනුත් උනා . මේ වගේ දේවල් වලින් කැම්පස් ළමයි වට්ටන්න බෑ. අපි මේ වගේ ගොන් වැඩ වලට සම්පුර්ණයෙන් විරුද්දයි.(නදී)
බැනපල්ලා ආණ්ඩුවටම බැනපල්ලා. යූ.එන්.පී කරපුව මතක නැහැ නේද ? අනේ අපොයි මෙහෙමත් මිනිසුන්.(නදී)
අනේ අයියලාට රිදුනද? එහෙනම් දැන් වත් හිතා ගත්තොත් හොදයි,ඔබලාගෙන් සමහරක් කරන වැරදි වලින් අනිත් අයටත් රිදෙන බව.(නදී)
මංජුල , අතුල, ඔබ හරි. හුඟ දෙනෙකුට අතීතය අමතක වෙලා.මේ දේවල් පටන්ගත්තේ කොයි කාලේද කියලා මතක් කරලා බලන්න. (නි)
රටේ සිසු දරුවො අධ්‍යාපනයේ නිදහස ඉල්ලුවා; රටෙන් හාගයක් භෝ ඇමතිකමක් ඉල්ලලුවද? මෙ විනාස කරන්නේ රටෙ අනාගතේ බව මොලේ ඇත්තන්ට නම් තේරෙනවා. (දී)
සිසුන් ඉන්න ඕන ආදර්ශවත් විදියට. මේ අය නිකන් ඉගෙනෙ ගෙන චන්ඩි කම් පෙන්නනවා. පෙළපාලි යනවා. මේ අයට ගහන්න නෙමේ තියෙන්නේ. කකුල් කඩන්න තියෙන්නේ.(නදී)
මේක හොද වැද්දෙකුගේ වැඩක් (දී)
ප්‍රහාරයට සරසවි ආරක්ෂකයෝ වගකිව යුතුය (නි)
නුසුදුස්සෝ නුසුදුසු දේ බාර ගත්තහම සිසුන්ට ලැබෙන්නේ මැර ප්‍රහාර මිසක් වෙන මොනවද? සිසුන්ට දෙයියන්ගේ පිහිටයි. (නි)
ඕකත් අපේ ජාත්‍යන්තර මනමාල මහත්තයාගේ වැඩක් ද දන්නේ නැහැ. (නි)
ඡායාරූප ගන්න මාධ්‍යවේදීන්ට ඉඩ නොදුන්නේ මොකද? මේ කුමන්ත්‍රණයට සම්බන්ධ අය සොයාගන්න තිබුනා මාධ්‍යවේදීන්ට අවස්ථාවක් දුන්නා නම් (නි)
අද තියෙන්නේ උගතුන්ට තැනක් නැති මැරයන්,දුෂිතයන් රජ කරන සමාජයක්. මේවට එරෙහිව සිවිල් සමාජය නැගී සිටිය යුතු කාලය ඇවිදින්.ගහන්ඩ ගහන්ඩ් ගුටි කන මිනිහත් මොඩයෙක්ලුනේ(දී)
නවක වාදයකට සම්බන්ද සිද්දියක් වත්ද ?(දී)
අපේ මනමාලය එදා යාපනේ යන්ඩ ඇති.(දී)
හෙලා දැකිය යුතු දෙයක්. මේ වගේ මැර වැඩ සාමාන්‍ය මිනිසුන්ට කරන්න අවශ්‍ය නැහැ. හිතා ගන්න පුළුවන් කාටද මෙහෙම දේවල් අවශ්‍ය කියල. (දී)
අසරණ අපේ දරුවෝ (දී)
මැරයින්ට යන්න අවසරයි (නි)
සුද්දන් ගේ ඉත්තන්.. බල්ලන් ගේ මැක්කන්.. දකුණේ බලු කුක්කන්.. පෝරකේට දක්කන්.. (දී)
සුද්දන් ගේ ඉත්තන්.. බල්ලන් ගේ මැක්කන්.. දකුණේ බලු කුක්කන්.. පෝරකේට දක්කන්.. (දී)
කව්රුත් අදහස් දල තියෙන විදියට ඇඟිල්ල දික් කරලා තියෙන්නේ ආණ්ඩුවට, මම ඉන්නේ කැලනියේ, නමුත් මේ වගේ වැඩ වෙනවා ඕන තරම් මේ පැත්තේ පෞද්ගලික ප්‍රශ්න නිසා ගැහැණු ළමයිනේ ප්‍රශ්න ගොඩක් තියෙනවා ගමේ අයත් එක්ක කැම්පස් එකේ පිරිමි ළමයි ගමේ ගැහැණු ළමයි එක්ක පැටලුනු අවස්ථා ගොඩක් තියෙනවා, සිද්දිය නොදැන අපිට කාටවත් ඇඟිල්ල දික් කරන්න බැහැ (දී)
කාටවත් අනතුරක් නැත්නම් හොදයි; එත් ඇයි චායාරුප ගන්ට නොදුන්නේ?(දී)
අනේ අම්ම රටට ගිය කල, එලිය වැටෙනකොට ඇහෙන්නෙම අපරාධයක් ගැනමයි.(දී)
රට විනාශයෙන් විනාශයටම පත් වෙලා අවසානයි.දැන් ඉතින් දුක් වෙලා වැඩක් නැහැ.දැන් දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නයි තියෙන්නේ. (නි)
අනේ අම්මපා! මිනීමරු ප්‍රභාකරන්ට රට ගියා නම් මීට වැඩිය ගොඩක් හොදයි. (නි)
ඕව නවත්තන්න නම් මේ අයගේ ඔලු තමයි හදන්න තියෙන්නේ.(නදී)