IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කැලණි සිසුහු මහ වැස්සේ ඔරුගොඩවත්තේ

කැලණිය විශ්ව විද්‍යාලයයේ සිසු පාගමන මීට ටික වේලාවකට පෙර ඔරුගොඩවත්ත හන්දියට ළඟා විය. සිසුහු දෙදෙහසක් පමණ ඊට එක්ව සිටිති.

බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහතා ඇතුළු පොලිසියේ සියයක් එකසිය පනහක් පමණ කැලණි පාලම මතට එනතුරු සිසුන් සමග පැමිණි අතර පාලම මතදී සියලු පොලිස් නිලධාරීහූ නතර වූහ. සිසුහු දිගම පාගමනේ ගියහ.

කැලණි පාලම පසු කර ටික දුරක් යද්දී මහ වැස්සක් ඇද හැලුණු අතර සිසුහු තෙමෙමින් පෙළපාගියේ යති.

එක් මං තීරුවක භාගයක් පමණක් ගෙන සිසුන් පාගමනින් යන නිසා වාහන ගමණා ගමනයට වැඩි බාධාවක් නැත.



අදහස් (0)

කැලණි සිසුහු මහ වැස්සේ ඔරුගොඩවත්තේ

ලුම්බිණි Tuesday, 17 September 2013 03:21 PM

ඔබ සැමගේ සටනට ජය! (අ)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 17 September 2013 03:21 PM

400ක් තරුණ වයසේ කොල්ලෝ ඉන්න බෝඩිමකට හතර පස් දෙනෙක් ඇවිත් ගහල ගිහින්..කාටවත් තුවාලයක් කරලත් නැතුලු..පරණ පුටු ටිකක් කඩල එක තැනකට දාල පොටෝ ගහල තිබුන..එක තමය අලාබෙ ..පාරටබහින්න හේතු හදා ගන්න කරපු වැඩක් මිසක් පිටස්තරයෝ කල දෙයක් නෙමෙය් ඕක..ලනුවකුත් අතට දීල අලුත් කොල්ලෝ ටික දක්කනවා පාරට දල..අනේ අපේ කැම්පස් වලට ගිය කල.(අ)

:       0       0

ෂානක Tuesday, 17 September 2013 03:28 PM

නවතින්න එපා.මිනිස්සු අවදියෙන් ඉන්නවා හරි කියල දෙනෙන්න දෙන්න. (අ)

:       0       0

විජේරත්න Wednesday, 18 September 2013 10:42 AM

සිරිපාල හිතාගෙන ඉන්නවා ඇත්තේ මේ කොල්ලෝ ටික පොතේම ඉන්න කියො........ තේරුම් ගන්න ඕනෑම මනුස්සයෙක්ට තියනවා නිදහසක් ඒ නිදහස නැතුව කොහොමද මේ කොල්ලෝ ඉගෙන ගන්නේ...........ලංකාවේ කැම්පස් වල පඹයෝ හිටියා නම් සිරිපාලට තිබුණා ඔය අදහස ඉටු කරගන්න............ (ස)

:       0       0

ක්.ද සිරිපාල Wednesday, 18 September 2013 10:47 AM

ඉස්සර අනාගතේට වැඩිය දැන් ටිකක් හොදයි. (නි)

:       0       0

විජේරත්න Tuesday, 17 September 2013 10:18 PM

සිරිපාල කැම්පස් ගියේ නැත්තේ හොඳ වෙලාවට. (නදී)

:       0       0

තිලක් - ඩුබායි Wednesday, 18 September 2013 12:02 PM

බන්දුල පෙරේරා කියන්නේ දුප්පත් අසරණ මිනිසුන් සමඟ බද්ධ වෛරයෙන් පසු වෙන මානසික ලෙඩෙක්.උපතින්ම මොලේ අමාරුවක් තියෙන මානසික ලෙඩෙක්.මේ මනුස්සයා ඇත්ත බොරුව කරලා, අසාධාරණය සාධාරණීය කරනවට සහ සපත්තු ලෙව කනවට මාසේ අන්තිමට හොඳ වැටුපක් ලැබෙනවා.ඒ විතරක් නෙමෙයි සති අන්තයේ ඩවුන් සවුත්වල හොඳ හොටෙල් එකකින් කන්න බොන්නත් ලැබෙනවා.ඔය ඔක්කොම ලැබෙන්නේ මහජන මුලින්ම නිසා ප්‍රශ්නයක් නැහැ.ඔයිට වඩා හොඳ නැද්ද කොලයක් එළලා මහා පාරේ හිඟා කෑවා නම්.ලැජ්ජාවක් කියලා දෙයක් ඇත්තේම නැද්ද. (ස)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Wednesday, 18 September 2013 12:24 AM

බන්දුල පෙරේරා, ඔබතුමා පාසල් යන වයසේ ඉන්නා විට ඔබට ඉහලින් ඒ කාලයේ විශ්ව විද්‍යාල සිසුන් ගෙන ගිය අරගලය නිසා ඔබතුමාට නිදහස් අධ්‍යාපනය ප්‍රශ්නයක් නැතුව කරගන්න ලැබුණා. මේ දරුවෝ සද්දයක් නොදැම්මා නම් දේශපාලන රැල මොන නාඩගමක් නටයිද? දෙයියෝ තමා දන්නේ .. (නි)

:       0       0

සත්‍යා Wednesday, 18 September 2013 12:39 AM

රටේ අනාගතය මහපාරේ ,රට ගැන කවර කතාද? (නි)

:       0       0

ටෙඩී Tuesday, 17 September 2013 12:58 PM

ඇත්තටම අද රටේ උසස් අධ්‍යාපනය ලබන සිසුන්ට ගොඩක් ප්‍රශ්න තියෙනවා. (නි)

:       0       0

සිල්වා Tuesday, 17 September 2013 01:31 PM

ජය වේවා අපේ තරුණ පරපුරට (නි)

:       0       0

ගමගේ Tuesday, 17 September 2013 06:10 PM

ඇයි ඉතින් පොලිසියටත් දිගටම යන්නනේ තිබුනේ.(නදී)

:       0       0

උපාලි Tuesday, 17 September 2013 01:42 PM

ගමනේ තේරුමක් තිබුනත් නැතත් මාර්ගය අවහිර නොකර යනවා නම් මේ ළමයින්ට මිනිස්සුන්ගෙන් අඩු ගණනේ දොස් අහන අහන එකවත් නවතියි. අන්තරෙන් මොළ හේදෙන්න නොදී වැස්සෙන් හේදෙන්න අරින්න. ඒකෙන් හානියක් නැහැ. (නි)

:       0       0

ක්.ද සිරිපාල Wednesday, 18 September 2013 09:33 AM

සිරිපාලලා ඉතින් මහා පළවෙනියෙන් යන්නේ පොල් කඩන්නනේ. ඔය කැම්පස් යන අය ගිහින් කරන වැඩ පේන්නම තියෙන්නේ ......... (ස)

:       0       0

මදුසංක Wednesday, 18 September 2013 03:37 PM

මම නම් හිතන්නේ හොඳ බුද්ධිමත් පාලනයක් ලංකාවේ හැදෙන්න නම් ශිෂයෝ එකතු වෙලා ගන්න තීරණ වලට ඉඩක් ලැබුනොත් නැත්නම් ලංකාවට දෙයියන්ගේම පිහිටයි. (ස)

:       0       0

අජිත් Tuesday, 17 September 2013 02:59 PM

දරුවනේ, මොනවා කළත් වැඩක් නැහැ. අපේ අය ඇස් කන් තියෙන ජාතියේ අය නොවේ. අඩු ගානෙ මොළයවත් නැහැ (නි)

:       0       0

රත්නසිරි Wednesday, 18 September 2013 10:02 AM

උපාලිලා මොනවද ඉතින් දන්නේ? අන්තරේ කියන්නේ ශිෂ්‍යන්ගේ එකමුතුවක්නේ. ඔයාලා හිතාගෙන ඉන්නේ ලංකාවේ දේශපාලනය කරන්න ඕනෑ කොහොම අය කියලද? කවදාහරි ලංකාව හැදෙන්න නම් ලංකාව මේ උගත්තු ටික පාලනය කරන්න ඕනෑ (නි)

:       0       0

සිරිපාල Tuesday, 17 September 2013 03:08 PM

අද ජල ප්‍රහාරය ස්වාභාවිකවම ලැබිල ....බොරු වැඩ ...නිකන් ඉගෙන ගන්න තියෙන කාලය කනවා. අපරාදේ අහිංසක දෙමව්පියෝ .(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 828 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5151 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3019 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 267 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1408 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1517 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28237 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23579 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 127 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 405 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 189 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site