කැලණිය විශ්ව විද්‍යාලයයේ සිසු පාගමන මීට ටික වේලාවකට පෙර ඔරුගොඩවත්ත හන්දියට ළඟා විය. සිසුහු දෙදෙහසක් පමණ ඊට එක්ව සිටිති.
බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහතා ඇතුළු පොලිසියේ සියයක් එකසිය පනහක් පමණ කැලණි පාලම මතට එනතුරු සිසුන් සමග පැමිණි අතර පාලම මතදී සියලු පොලිස් නිලධාරීහූ නතර වූහ. සිසුහු දිගම පාගමනේ ගියහ.
කැලණි පාලම පසු කර ටික දුරක් යද්දී මහ වැස්සක් ඇද හැලුණු අතර සිසුහු තෙමෙමින් පෙළපාගියේ යති.
එක් මං තීරුවක භාගයක් පමණක් ගෙන සිසුන් පාගමනින් යන නිසා වාහන ගමණා ගමනයට වැඩි බාධාවක් නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිපාල කැම්පස් ගියේ නැත්තේ හොඳ වෙලාවට. (නදී)
මම නම් හිතන්නේ හොඳ බුද්ධිමත් පාලනයක් ලංකාවේ හැදෙන්න නම් ශිෂයෝ එකතු වෙලා ගන්න තීරණ වලට ඉඩක් ලැබුනොත් නැත්නම් ලංකාවට දෙයියන්ගේම පිහිටයි. (ස)
බන්දුල පෙරේරා කියන්නේ දුප්පත් අසරණ මිනිසුන් සමඟ බද්ධ වෛරයෙන් පසු වෙන මානසික ලෙඩෙක්.උපතින්ම මොලේ අමාරුවක් තියෙන මානසික ලෙඩෙක්.මේ මනුස්සයා ඇත්ත බොරුව කරලා, අසාධාරණය සාධාරණීය කරනවට සහ සපත්තු ලෙව කනවට මාසේ අන්තිමට හොඳ වැටුපක් ලැබෙනවා.ඒ විතරක් නෙමෙයි සති අන්තයේ ඩවුන් සවුත්වල හොඳ හොටෙල් එකකින් කන්න බොන්නත් ලැබෙනවා.ඔය ඔක්කොම ලැබෙන්නේ මහජන මුලින්ම නිසා ප්‍රශ්නයක් නැහැ.ඔයිට වඩා හොඳ නැද්ද කොලයක් එළලා මහා පාරේ හිඟා කෑවා නම්.ලැජ්ජාවක් කියලා දෙයක් ඇත්තේම නැද්ද. (ස)
ඉස්සර අනාගතේට වැඩිය දැන් ටිකක් හොදයි. (නි)
සිරිපාල හිතාගෙන ඉන්නවා ඇත්තේ මේ කොල්ලෝ ටික පොතේම ඉන්න කියො........ තේරුම් ගන්න ඕනෑම මනුස්සයෙක්ට තියනවා නිදහසක් ඒ නිදහස නැතුව කොහොමද මේ කොල්ලෝ ඉගෙන ගන්නේ...........ලංකාවේ කැම්පස් වල පඹයෝ හිටියා නම් සිරිපාලට තිබුණා ඔය අදහස ඉටු කරගන්න............ (ස)
උපාලිලා මොනවද ඉතින් දන්නේ? අන්තරේ කියන්නේ ශිෂ්‍යන්ගේ එකමුතුවක්නේ. ඔයාලා හිතාගෙන ඉන්නේ ලංකාවේ දේශපාලනය කරන්න ඕනෑ කොහොම අය කියලද? කවදාහරි ලංකාව හැදෙන්න නම් ලංකාව මේ උගත්තු ටික පාලනය කරන්න ඕනෑ (නි)
සිරිපාලලා ඉතින් මහා පළවෙනියෙන් යන්නේ පොල් කඩන්නනේ. ඔය කැම්පස් යන අය ගිහින් කරන වැඩ පේන්නම තියෙන්නේ ......... (ස)
රටේ අනාගතය මහපාරේ ,රට ගැන කවර කතාද? (නි)
බන්දුල පෙරේරා, ඔබතුමා පාසල් යන වයසේ ඉන්නා විට ඔබට ඉහලින් ඒ කාලයේ විශ්ව විද්‍යාල සිසුන් ගෙන ගිය අරගලය නිසා ඔබතුමාට නිදහස් අධ්‍යාපනය ප්‍රශ්නයක් නැතුව කරගන්න ලැබුණා. මේ දරුවෝ සද්දයක් නොදැම්මා නම් දේශපාලන රැල මොන නාඩගමක් නටයිද? දෙයියෝ තමා දන්නේ .. (නි)
ඇත්තටම අද රටේ උසස් අධ්‍යාපනය ලබන සිසුන්ට ගොඩක් ප්‍රශ්න තියෙනවා. (නි)
ඇයි ඉතින් පොලිසියටත් දිගටම යන්නනේ තිබුනේ.(නදී)
නවතින්න එපා.මිනිස්සු අවදියෙන් ඉන්නවා හරි කියල දෙනෙන්න දෙන්න. (අ)
400ක් තරුණ වයසේ කොල්ලෝ ඉන්න බෝඩිමකට හතර පස් දෙනෙක් ඇවිත් ගහල ගිහින්..කාටවත් තුවාලයක් කරලත් නැතුලු..පරණ පුටු ටිකක් කඩල එක තැනකට දාල පොටෝ ගහල තිබුන..එක තමය අලාබෙ ..පාරටබහින්න හේතු හදා ගන්න කරපු වැඩක් මිසක් පිටස්තරයෝ කල දෙයක් නෙමෙය් ඕක..ලනුවකුත් අතට දීල අලුත් කොල්ලෝ ටික දක්කනවා පාරට දල..අනේ අපේ කැම්පස් වලට ගිය කල.(අ)
ඔබ සැමගේ සටනට ජය! (අ)
අද ජල ප්‍රහාරය ස්වාභාවිකවම ලැබිල ....බොරු වැඩ ...නිකන් ඉගෙන ගන්න තියෙන කාලය කනවා. අපරාදේ අහිංසක දෙමව්පියෝ .(අ)
දරුවනේ, මොනවා කළත් වැඩක් නැහැ. අපේ අය ඇස් කන් තියෙන ජාතියේ අය නොවේ. අඩු ගානෙ මොළයවත් නැහැ (නි)
ගමනේ තේරුමක් තිබුනත් නැතත් මාර්ගය අවහිර නොකර යනවා නම් මේ ළමයින්ට මිනිස්සුන්ගෙන් අඩු ගණනේ දොස් අහන අහන එකවත් නවතියි. අන්තරෙන් මොළ හේදෙන්න නොදී වැස්සෙන් හේදෙන්න අරින්න. ඒකෙන් හානියක් නැහැ. (නි)
ජය වේවා අපේ තරුණ පරපුරට (නි)