IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


කැලණිය දාලා යන්නේ නැහැ

මම මොනවා හරි දේකට වැරදිකාරයෙක් කියලා පක්ෂය හෝ උසාවිය හෝ තිරණය කළොත් කැලණිය පමණක් නොවේ දේශපාලනයෙන් ද සමුගන්නවා. එහෙම නැතිව අහිකුණ්ටික චරිත රඟපාන දේශපාලනඥයන් වගේ තවත් කිසිම ආසනයකට යන්නේ නැහැ යැයි අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවැසීය. කැලණිය ශ්‍රී උප්පලවර්ණ විෂ්ණු දේවාල පිවිසුම් දොරටුවේ මකර තොරණට මුල්ගල් තැබීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා එසේ කීය. ඔහු මෙසේ ද කීය. මම හදාගත්ත දරුවා කාටවත් බාර දෙන්න මම ලෑස්ති නැහැ. විනය කඩකිරීමක්, අල්ලස් අරගෙන පක්ෂයට දෝහිවෙලා, මිනීමැරුවකට සම්බන්ධ වෙලා වගේ කාරණයකට මම වැරදිකාරයා කියලා පක්ෂය හෝ උසාවිය තිරණය කළොත් මම දේශපාලනයෙන් ඉවත් වෙනවා.



අදහස් (0)

කැලණිය දාලා යන්නේ නැහැ

සජී Sunday, 21 July 2013 07:47 AM

තමන් වැරදි යමක් කර ඇත්නම් ඒ සියල්ලටම තමන්ට කවදා හෝ උත්තර දෙන්න වේවි (නි)

:       0       0

ආනන්ද ආර් Sunday, 21 July 2013 08:10 AM

කැලණි තිස්ස රජතුමා තවම කැලණියේ ඉන්නවද? දුටුගැමුණු රජතුමා තවම අනුරාධපුරේ ඉන්නවාද? හිට්ලර් තවම ජර්මනියේ ඉන්නවාද? ඉඩි අමීන් තවම උගන්ඩාවේ ඉන්නවාද? සදාම් හුසේන් තවම ඉරාකේ ඉන්නවාද? කර්නල් ගඩාපි තවම ලිබියාවේ ඉන්නවාද? මට මේ මතක නැති නිසයි ඇහැව්වේ. (නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Sunday, 21 July 2013 08:39 AM

මර්වින් මහත්තයෝ ඔයාලා කවදාවත් වැරදිකාරයො නොවෙයි. වැරදිකාරයො වෙන්නෙත් නැහැ. මීහරක් අපි තමයි වැරදිකාරයෝ වෙන්නේ.(නදී)

:       0       0

අසේල Sunday, 21 July 2013 08:50 AM

ඉතින් ලංකාවේ අද සාදාරණයක් දකින්න ලැබෙනවද? (නදී)

:       0       0

තේෂාන් Sunday, 21 July 2013 09:01 AM

ඔව් ඉතින් කැලණිය දාලා ගියොත් මොකද වෙන්නේ කියලා දන්නවා ඇතිනේ? (නදී)

:       0       0

අකලන්ක Sunday, 21 July 2013 09:12 AM

අනේ බලන්නකෝ, මෙතන සමහර කට්ටිය කරලා තියෙන විහිලුවල හැටි? (නි)

:       0       0

පී.ඩී. විතානගේ Saturday, 20 July 2013 07:01 PM

මගේ දෙයියෝ කැලණිය විතරක් දල යන්න එපා , පින් සිද්ධ වෙයි (අ0

:       0       0

අරුණ ශාන්ත කුමාර Saturday, 20 July 2013 07:04 PM

පළ කළ හැකි ප්‍රතිචාර පමණක් එවන්න ස්තුතියි

:       0       0

සකලබුජන් Saturday, 20 July 2013 07:11 PM

එංගලන්තේ එන්ඩ්රු (අන්දරේ) යලි කැලණියේ ඉපදෙයි. පුවතක්. (දී)

:       0       0

නිශාන්ත Sunday, 21 July 2013 09:22 AM

මෙතුමාව ගම්පහ දිස්ත්‍රික්කයේම උප නායකයා කලොත් හොදයි. ගම්පහ අපි මොහු ගැන ආඩම්බරයි. (නි)

:       0       0

රනිල් Saturday, 20 July 2013 07:57 PM

පක්ෂය හෝ උසාවිය තීන්දු කරන්න ඕන නැහැ පොඩ්ඩක් හර්ධ සාක්ෂියට තට්ටු කරලා බලන්නකෝ .එතකොට පෙනේවි කරපු නොකරපු හැම දෙයක්ම? (දී)

:       0       0

සුනිල් Saturday, 20 July 2013 07:58 PM

කවුරැ කොහොම කිව්වත්. ඇමතිතුමා හොදයි. කැලනිය ප්‍ර.සභාපතියට වඩා (දී)

:       0       0

ඩබ්ලිව් මංගල Saturday, 20 July 2013 08:11 PM

කැලණියෙන් එකතුවෙන ඒවාට රහ වැටිලා වගේ .(අ)

:       0       0

ඩබ්ලිව් මංගල Saturday, 20 July 2013 08:12 PM

මකර තොරණේ බහිරවයාට කාවද ගන්නේ (අ)

:       0       0

ටිකිරි Saturday, 20 July 2013 08:39 PM

ලංකාවේ විතරක් නෙමෙයි මම හිතන්නේ මුළු ලෝකෙම දන්නවා මෙතුමා කව්ද කියලා (නි)

:       0       0

ඩයස් Saturday, 20 July 2013 08:41 PM

ඔබ තුමාට මිනිස්සු මෙචර ආදරේ මොකද. ඕක දලයන්ද හිතුවත් අපි ඔබ තුමාව තිය ගන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි නෙමේ. මින්නිස්සු ඡන්දෙ දෙයිද දන්නේ නෑ. (අ)

:       0       0

සිල්වා Saturday, 20 July 2013 08:42 PM

හරක මරනවට මම සම්පුඋර්ණ විරුද්දි. ඉඳල හිටල හරක් මස් ටකක් කනවා (අ)

:       0       0

ටිකිරි බණ්ඩාර Saturday, 20 July 2013 08:44 PM

අසාධාරණයට ලියලම දීලා

:       0       0

අමිල කටුනායක Saturday, 20 July 2013 09:14 PM

මෙයා එක්සත් ජාතික පක්ෂයේ හිටියා නේද ඉස්සර දකුණේ සංවිධායක නේද, (අ)

:       0       0

අමිල කටුනායක Saturday, 20 July 2013 09:16 PM

මම හිතුවේ කන්න විතරයි කට අරින්නේ කියලා (දී)

:       0       0

අමිල කටුනායක Saturday, 20 July 2013 09:29 PM

බොහොම කාලෙකට පස්සෙයි නම දැක්කේ (දී)

:       0       0

සදුනි Saturday, 20 July 2013 09:46 PM

ආණ්ඩුවට ලැජ්ජාවකුත් නෑ.මෙයාට ලැජ්ජාවකුත් නෑ. (දී)

:       0       0

මිනිපෙ Saturday, 20 July 2013 09:49 PM

මෙතැනදී මර්වින් අන්කල් හරි.නිත්‍ය ඉදිරයේ වැරදිකරුවෙකු වෙන තුරු ඔබ අහිංසකය. (දී)

:       0       0

බණ්ඩා Sunday, 21 July 2013 12:44 PM

සත්‍ය දකින්න පුළුවන් මාධ්‍යය දැන් ලංකාවේ ඉතිරි වෙලා තියෙන්නේ බොහොම ටිකයි (දී)

:       0       0

ගිම්හානි Saturday, 20 July 2013 11:04 PM

මාරයා අපුදාට නම් කොහේ හිටියත් යන්නම වේවි .ඒක තමයි ස්වභාව ධර්මය කියන්නේ (අ)

:       0       0

රූපවති Saturday, 20 July 2013 11:04 PM

හිතේ තියන දේවල් ලීවොත් ,පත්තරේ පලකරන්න බැහැ, ඒ වගේ ම මගේ දෙගුරුන්ට අපහාස වෙනවා ...? (අ)

:       0       0

ජෙස්මි Saturday, 20 July 2013 11:51 PM

අනේ මගේ කට (අ)

:       0       0

සමන් Sunday, 21 July 2013 12:28 AM

උඩ ඉන්න දෙවියෝ බලාගෙන ඉන්නේ ලබන සැරේ ඡන්දෙ එනකල්. ඊට පස්සේ බලමුකෝ මොකද වෙන්නේ කියලා.(නදී)

:       0       0

කොස්තා Sunday, 21 July 2013 12:45 AM

මේ රටේ වැරදි කරපු නායකයෝ හිටියා, හොද වැඩ කරපු අයත් හිටියා. හොද වැඩ කරපු අයට උන දේත් නරක වැඩ කරපු අයට උන දේත් කව්රුත් දන්නවා.(නදී);

:       0       0

බමුණු Sunday, 21 July 2013 03:35 AM

මගෝඩියන්ට ඔබ සාදාරනයි ඒක මමත් කියනවා.(නදී)

:       0       0

ගමගේ බිරෑටි Saturday, 20 July 2013 04:24 PM

ඔබ වැරදිකාරයා කියලා පක්ෂය හෝ උසාවිය කවදාවත් තිරණය කරන්නේ නැති බව මට විශ්වාසයි (නි)

:       0       0

ජගත් වෙත්තසිංහ මෙල්බර්න් Saturday, 20 July 2013 04:59 PM

ඇයි කැළණිය දාලා යන්නේ නැත්තේ.(නදී)

:       0       0

රවී Saturday, 20 July 2013 05:01 PM

මොකක්ද අවූල ????? (දී)

:       0       0

රවී Saturday, 20 July 2013 05:05 PM

ඔබතුමා එහෙම කලාද??? මම හිතන්නේ නෑ, එහෙම කැත වැඩ, ජඩවැඩ, මැරවැඩ, කරන්න පුළුවන් කියල ........ (දී)

:       0       0

චමින්ද රාජගුරු Saturday, 20 July 2013 05:09 PM

අරින්න එපා මර්වින් (දී)

:       0       0

ලුම්බිණි Sunday, 21 July 2013 05:52 AM

මුළු රටම විරුද්ධ උනත් එක් කෙනෙක් ඉන්නවා ඔබට විරුද්ධ නැති. ඒ නිසා ඔබට මොකුත් වෙන්නෙත් නැහැ කැලණිය දාල යන්න වෙන්නෙත් නැහැ. (නදී)

:       0       0

හේරත් Saturday, 20 July 2013 05:26 PM

"අහිකුන්ඨික චරිත රඟපාන දේශපාලඥයින් "ඔහොම කියන්නේ කැඩපත ඉස්සරහ හිටගෙනද .'? (දී)

:       0       0

චන්දි Saturday, 20 July 2013 05:31 PM

අනේ අපොයි සංසාරේ හැටි , හිතාගෙන ඉන්නේ දාල නොයන්නැයි හැමදාම අල්ලාගෙන ඉන්න පුළුවන් කියල ,අනිත්‍ය ගැන අවබෝදයක් නැති හැටි , ලාභ සත්කාර කිර්ති ප්‍රසංසා මාරයාගේ උගුල බව නොදන්නාකම , තමාගේ විනාශය දැක දැකත් කාමයේම ඇලෙන සත්වයා, ගිනිදල්ලට ආශාකරන පළගැටිය වගෙයි ,උදේ ඉදන් රෑ වෙනතුරු ධම්ය ශ්‍රවනය කරන සැමට ධර්මය අවබෝධවෙවා , සියලු දෙනාටම තෙරුවන් සරණයි (අ)

:       0       0

නිරෝෂන් Saturday, 20 July 2013 05:32 PM

මට නම් යම් දෙයක් හැගෙනවා. හැබැයි හැමදාම හැමදේම හැමෝම ඉවසන්නෙ නැහැ හොදේ (නි)

:       0       0

ගැමුණු Saturday, 20 July 2013 05:36 PM

දැන් ඔබතුමා කොහෙන්ද කැලණියට ආවේ? කැලණියේ නෑදෑකම මොකක්ද? මේ දන්නේ නැති හින්දයි අහන්නේ. ඔබතුමා ජඩ වැඩ කලේ නැහැ,කප්පම් ගත්තේ නැහැ, මිනි මැරුවේ නැහැ කියල මහජනයා දන්නවා. ඉතින් වැරදිකාරයෙක් වෙන්නේ කොහොමද? එහෙම වෙන්න බෑනේ? (නි)

:       0       0

සරත් Saturday, 20 July 2013 05:47 PM

මම නම් මෙතුමගේ කතා එච්චර ගණන් ගන්නෙ නැහැ (නි)

:       0       0

අකලංක Sunday, 21 July 2013 06:59 AM

ඔබතුමාව අපේ පක්ෂයට ගොඩක් වටිනවා. ඔබ කොහෙවත් යන්න එපා. අති ගරු ජනාධිපතිතුමා ඔබ ගැන දන්නවා. එතුමාගේ ආශිර්වාදයත් ගොඨාභය මැතිදුන්ගේ ආරක්ෂාවත් ඔබට නිරතුරුව ලැබෙනවා. ඒ ශක්තියෙන් තව තවත් ඉදිරියටම යන්න.(නි)

:       0       0

සපරමාදු Saturday, 20 July 2013 05:56 PM

හිට්ලර් වුනත් හිතාගෙන හිටියෙ එයා හැමදාම රජ කියලයි කියලා මම අහලා තියෙනවා. ඒත් අන්තිමට මොකද වුනේ? අනේ මන්දා ඉතින් අපි දන්නෙ නැහැ ඕවා (නි)

:       0       0

මොහමඩ් Saturday, 20 July 2013 05:59 PM

ඔබතුමා සාධාරණයි කියලා අපි කො‍හොමත් දන්නවා (නි)

:       0       0

රෝහණ Sunday, 21 July 2013 07:16 AM

ඇත්ත. ඔබතුමා වගේ අය තවත් කොහෙද ඉන්නේ? ලෝකෙටම එකයි. (නි)

:       0       0

ගාමා Saturday, 20 July 2013 06:00 PM

ඔව්. අපි දන්නවා කොහොමත් ඒක (නි)

:       0       0

ජූඩ් Sunday, 21 July 2013 07:31 AM

අමිල, කන්න විතරයි මෙයා කට අරින්නේ. ඒක හරි කතා කරන්නේ වෙන කටකින්.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 20 July 2013 06:15 PM

හොරු , කප්පම් ගන්න අයයි, මින්ස්සු ගස් බඳින අයයි , මෙකි නොකී හැම කෙනාම ඉල්ලන දේ දැන් කප් රුකක් තියෙනවනේ ඉතින් කාට බයවෙන්නද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2334 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1529 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2315 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 556 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3213 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37179 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24489 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site