කැලණිය ආසනයේ දේශපාලන අපරාධවලට එරෙහිවන්නවුනට අසත්‍ය හා අභූත චෝදනා එල්ල වන බවත්, මේ සම්බන්ධයෙන් කැලණි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් බලධරයන් දැනුවත් කර ඇති බවත්, එසේ තිබියදීත් ප්‍රා සභා මන්ත්‍රී හසිත මඩවල මරා දැමීම අතිශය කම්පාවට හා සංවේගයට හේතුවක් බවත් කැලණිය ප්‍රාදේශීය සභාපති ප්‍රසන්න රණවීර මහතා ඇතුළු කැලණිය හා පෑලියගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 13 දෙනෙක් ජනධිපති තුමාට අද ලිපියක් බාර දුන්හ.
හසිත මඩවල මහතාගේ අවමගුල් ගෙදරදී බාර දුන් මේ ලිපියෙන් ඉල්ලා ඇත්තේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, ඔවුන්ගේ පවුල්වල උදවිය සහ පක්ෂ සාමාජිකයනට ආරක්ෂාව සපයන ලෙසයි.
කැලණිය ප්‍රාදේශීය සභාවේ ප්‍රසන්න රණවීර, නිශාන්ත දුමින්ද පෙරේරා, ශාන්ති කුමුදුනී, මෙල්රෝයි පෙරේරා, කේ එම් ලංකා විජිත කුමාර, ජයන්ත කබ්රාල්, සුනිල් සොයිසා, එච් ඩී සෝමවර්ධන, චතුර ධනුෂ්ක, ඔෂාන් නන්දසිරි සහ නදීක සම්පත් මන්ත්‍රීවරු ද පෑලියගොඩ නගර සභාවේ සරත් සිල්වා, කේ ඩී ආනන්ද සහ දර්ශන අඹවත්ත මන්ත්‍රීවරුන් ලිපියට අත්සන් තබා ඇත.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ඉල්ලීම 100% හරි (දී)
ඒ පිරිසගේ කතාව ඇත්ත
බුදුන් වැඩි පුදබිම දැන් විශාලා මහ නුවරක් වෙලා. නැවත වඩිනු මැන බුදුනි! (නි)
ඒ ඉල්ලීම සාධාරණද කියලා බලල සධාරනනම් ආරක්ෂාව දෙන්න (දී)
තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගත් අයෙකුට තමයි මේ දේ වෙලා තියෙන්නේ. (ස)
අයියෝ සල්ලි
අයියෝ මෙහෙමත් වැඩක්
මන්ත්‍රීලාත් ප්‍රසිද්ධියේ ආරක්ෂාව ඉල්ලන අපේ රටේ අපි වැනි අසරණයින් ගැන කුමන කතාද? (නි)
මේක බුදුන් වැඩිය ප්‍රදේශයක් නේද? (නි)
තමන්ගේ ආරක්ෂාව තමන්ටම සලසා ගන්නයි වෙලා තියෙන්නේ (ස)
පවු කරන හැමෝටම ළගදීම ඒවා පටිසන් දේවි. (නි)
දෙයියෝ සාක්කි
කැළණිය යනු බුදුන් වැඩි දේශය නේද?? (නි)
අපි මොකද වෙන්නේ කියලා බලන් ඉම්මු (දී)
මෙවන් දේ නොවේවා (දී)
අයියෝ සල්ලි
ආරක්ෂාව දෙන්න (දී)
ආරක්ෂා වෙන්න ඕනෑ කාගෙන්ද කියලා දන්නවනේ. (නි)
ඔවුන්ගේ ජිවිත අනතුරේ (දී)
අයියෝ සල්ලි
මිනිහෙක් ගිනිගෙන මැරෙනවා කියන්නේ මොන පවක්ද (දී)
මේ රට යන අත නම් මට ඒ හරි තේරෙන්නේ නැහැ (දී)
ඒ පිරිසගේ ඉල්ලීම හරි (දී)
මෙවන් විපත් නැවත නොවේවා (දී)
ඇත්ත...ඇත්ත... (දී)
අතිශය සාධාරණ හේතුවක් (දී)
ඒ කතාව ඇත්ත (දී)
අයියෝ මේ මොන අපරාධයක්ද (දී)