දින කිහිපයක සිට අතුරුදන්වී සිටි බව කියන කිලිනොච්චියේ ව්‍යාපාරිකයා යාපනය නගරයේ සිටියෙදී කිලිනොච්චිය පොලීසිය විසින් අද (17) දහවල් අත්අඩංගුවට ගෙන ඇත
ඔහු රුපියල් කෝටි දහයක පමණ ණය ගෙන ඇතැයි පැමිණිලි ලැබී ඇති බව කිලිනොච්චි පොලිසිය කියයි.
කිලිනොච්චිය නගරයේ බිස්කට් ඒජන්සිකරුවෙකු වන මෙම ව්‍යාපාරිකයා ඉකුත් 12 වනදා සිට අතුරුදන්ව බව ඔහුගේ බිරිය විසින් 13 වනදා කිලිනොච්චිය පොලීසියට පැමිණිලි කැරිණි.
මෙම ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමත් සමග ඔහුට මුදල් දුන් පිරිස් බොහෝ දෙනෙකු කිලිනොච්චිය පොලිසියට පැමිණෙමින් සිටිති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතනදී කියන්න තියෙන්නේ වැඩි පොලියක් අරගන්න ණය දෙන අය ආපහු ලබාගන්න පුළුවන් කෙනෙකුටයි ණය දෙන්න ඕන. ඔහොම වුණාම තම තමන් පාඩුව විඳ ගන්න වෙනවමයි.(අ)
ඒ මනුස්සයා දැන් කියාවි එයත් අගමැතිතුමා සහ ජනාධිපතිතුමා වගේ සවාරියක් ගියා කියලා. තහනම් නැහැනේ එහෙම යන්න. (නි)
පුදුමයි මහා ඇමතිලා සහ කොටි හුරතල් කරන දේශද්‍රෝහියෝ මෙම සිදුවීම හමුදාවේ හෝ පොලිසියේ ගිණුමට බැරකරපු නැති එක (නි)